Categories
Blog Article

ජීවිතයේ අහිමිවීම් නිසා ඔබත් වේදනාවෙන් ද?

ජීවිතයේ අහිමිවීම් නිසා ඔබත් වේදනාවෙන් ද?

Shares
  • ‘මට අදටත් අදහන්න අමාරුයි මගේ මහත්තයට තවත් ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණයි කියලා….’
  • ‘දරුවා නැති කරගන්න මන් හිතුවේ නැහැ. ඒත් ගෙදරට මූණ දෙන්නේ කොහොමද කියලා හිතනකොට මට එහෙම කරන්න වුණා…’
  • ‘මගේ ඉඩ කඩම් දේපල සේරම විනාස වෙලා ගියා. දැන් මට කාගේ පිළිසරණක් ද?…’
  •  අම්මයි තාත්තයි මල්ලි එක්ක තරහෙන් හිටියේ විභාගේ ෆේල් උනා කියලා. මල්ලී ඒ නිසා වෙන්න ඇති මේ දේ කරගත්තේ…’
  •  ‘මට පිළිකාවක් තියනවයි කියලා දැනගත්තේ ඒක තුන් වෙනි අවස්ථාව වෙද්දි. මට ඉතුරු වෙලා තියන්නේ තව ටික කාලයයි…’

ඉහත ආකාරයේ වදන් අපි බෙහෝ සේ අසා ඇත්තෙමු. අප අපගේ ජීවිත තුළ නිරන්තරයෙන් සදාකාලික බව සොයයි. නමුත් ජීවිතයේ කිසිඳු අවස්ථාවක සදාකාලිකව පවතින දුකක්, සතුටක් හෝ ප්‍රේමයක් ඇත්තේ නැත. එය ලෝක ස්වභාවයයි. අපට දුකක් ඇති වන්නේ අපට හිමි වෙන්නට තිබුණ හෝ හිමි වූ යමක් අහිමි වීමෙන් ය. අපි එය දරා ගන්නට මගක් සොයමු.

එසේනම් සරලවම අප දුකට වේදනාවට පත් වීමට බලපාන පොදු හේතු කාරණා මොනවාද ?
  • සමීපතමයෙකුගේ මරණය
  • දැඩිව ආස කරන යම් පුද්ගලයෙකු හෝ ද්‍රව්‍යයමය දෙයක් අහිමි වීම
  • ජීවිතයේ ඉවරයක් නැති කරදර සහ දුක් කම්කටොළු
  • තමන්ගේ ආත්ම විශ්වාසය බිඳී යාම
  • විභාග ගැටළු
  • රැකියාව අහිමි වීම
  • පරාජය වීම
  • පවුල් ආරවුල් යනාදී දේවල් වේ.

මෙම තත්වයන් උත්සන්න වීමෙන් යමෙකුට කාංසාව, විශාදය වැනි තත්වයන් කරා ගමන් කළ හැකි ය. එසේම මුල් අවධියේදී ම නිසි ප්‍රතිකර්ම කරා නොයාමෙන් විශාදය තත්වය උත්සන්න වී උග්‍ර විශාදමය තත්වයක් කරා ගමන් කිරීමට ඉඩ පවතියි.

යම් අයෙකු දුකින් සිටින බවට හඳුනා ගත හැකි ලක්ෂණ මොනවාද?
  • යම් දෙයකට අවධානය යොමු කිරීමට පවතින අපහසුව
  • නිරතුරුව ඇඟට පණ නැති ස්වභාවයක් දැනීම
  • නින්ද නොයාම, නින්දත් නොනින්දත් අතර යම් යම් ඡායාවන් පෙනීම හෝ අධික නින්ද
  • නිතරම ඍණාත්මක අදහස් මතු වීම
  • තමන්ගෙන් කාටත් පලක් නොමැති බව මෙන් ම තමන් අතින් වරදක් සිදු වූ බව නිතර සිතීම
  • කිසි කෙනෙක් නොරුස්සන ස්වභාවයක් පෙන්නුම් කිරීම
  • ආහාර රුචිය අඩු වීම
  • අධිකව මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතයට යොමු වීම
  • එදිනෙදා වැඩ කටයුතු කිරීමට උනන්දුවක් නොමැති වීම
  • හිසේ කැක්කුම, බඩේ අජීරණමය ස්වභාවයන් මතු වීම
  • ලිංගික කටයුතුවලට ඇති අකමැත්ත
  • අධිකව මුත්රා පිට වීම
  • නිතර මරණය පිළිබඳ කතා කිරීම
  • සියදිවි නසා ගැනීමට සිතුවිලි මතු වීම හෝ සියදිවි නසා ගැනීම

අප දුකින් සහ ආතතියෙන් පෙළෙන විට අපගේ ශරීරය ඇතුළතින් කෝටිසෝල් ( Cortisol), ඇඩ්‍රිනලීන් ( Adrenaline ), නොරැඩ්‍රිනලීන් ( Noradrenaline) වැනි ආතතිමය හෝර්මෝන වැඩියෙන් ශ්‍රාවය කරයි. එය රුධිරයට එකතු වීමෙන් ශරීරය පුරා ගමන් කරයි.

අපගේ ජීවිත තුළ සිදු වන අහිමි වීම්වලින් ඇතිවන දුක දරා ගන්නේ කෙසේද?
  • පලමුවෙන් ම තමන් තමාට අවංක වන්න. නිරතුරුව නිවැරදි දෙය තෝරා ගන්න. ප්රායෝගිකව සිතන්න
  • සතුටින් ඇවිදින්න, ව්‍යායාම කරන්න
  • තමන් ප්රිය කරන ක්රීඩාවක නිරත වන්න
  • සංගීතය රසවිඳින්න
  • හොඳ පොත් පත් කියවන්න
  • මනස සැහැල්ලු කරන සිතුවම් පොත් මිල දී ගෙන තනිව එම රූප පාට කිරීමට උත්සාහා කරන්න
  • ශ්වසන ව්‍යායාම සහ යෝගාවල නිරත වන්න ( නියමිත උපදේශකයෙකුගේ යටතේ)
  • ඔබ තුළ පවතින හැකියාවන් සහ වටිනාකම් අවබෝධ කර ගන්න
  • ඔබ ඔබගේ ජීවිතය තුළ සිදු කරන තෝරා ගැනීම් සහ ආශාවන් පිළිබඳ ප්‍රවේසම් වන්න
  • ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රවේසම් වන්න
  • ඔබ පිළිබඳ නිතර ධනාත්මක සිතුවිලි ඇති කර ගන්න
  • ඔබට විසඳාගත් නොහැකි ගැටළු පිළිබඳව වැඩිහිටියෙකුගෙන් හෝ ප්‍රවීණ පුද්ගලයෙකුගෙන් අසන්න
  • නිරතුරුව සමාව දෙන්න
  • තමා අතින් සිදු වූ වැරදිවලට සමාව ගන්න
  • නිරතුරුව අවංකව කටයුතු කරන්න
  • ත්‍යාගශීලී මිනිසෙකු වන්න

නමුත් අපගේ ජීවිතවලට පැමිණෙන ගැටළු එක හා සමාන නොවේ. එබැවින් ඔබට ඇති වන මානසික පීඩනයෙන් නිදහස් වීමට විශේෂඥ වෛද්‍යයවරයෙකුගේ සහය අවශ්‍යය විය හැකිය.

නමුත් ඔබ ප්‍රායෝගිකව වෛද්‍යයවරයෙකු සිටින ස්ථානයට යාමට අකමැති ද?
එසේනම් නිවසේ සිට ඔබට ඕනෑම වේලාවක මනෝ වෛද්‍යය විශේෂඥවරයෙකු සම්බන්ධ කර ගන්න. අදම oDoc ප් එක ඩවුන්ලෝඩ් කර ගන්න.

 ආශ්‍රිත කියවීම්

  • ශෝකයේ ලක්ෂණ හඳුනා ගන්න, 2022,NSP-IE.org.
  • ඔබ තුළ සිටින ඔබව හඳුනා ගන්නේ කෙසේද?, සුවැති දිවිය, සැප්තැම්බර් 22,2016, www.suwasewana.com
  • සරල ලෙස ජීවත් වන්නේ කෙසේද?, සුවැති දිවිය, අප්‍රේල් 15,2016, www.suwasewana.com
  • ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමට ක්‍රම 10ක්, සුවැති දිවිය, අගෝස්තු 16,2016, www.suwasewana.com
  • මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?, සුවැති දිවිය, මැයි 12,2016, www.suwasewana.com
  • ඔබටත් විශාදයේ රෝග ලක්ෂණ තිබෙනවාද?, සුවැති දිවිය, ජනවාරි 14,2017, www.suwasewana.com
  • ජීවිතේ සමහර අයට හමු වන ගොඩාක් දෙනෙක්ට මඟ හැරෙන වටිනාම දේ, ඔක්තෝබර් 27, 2017, හැඩකාරී, www.hadakari.com
  • ශෝකයේ ලක්ෂණ හඳුනා ගන්න, 2022,NSP-IE.org
  • විශාදය ගැන මේ කරුණු දැන සිටියා ද? අප්‍රේල් 9, 2017, BBC සිංහල, www.bbc.com
Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

මොළ ගෙඩියට ගිණි දෙන බඩවැල්

මොළ ගෙඩියට ගිණි දෙන බඩවැල්

Shares

අපගේ ශරීරය එකට එකක් සම්බන්ධව ක්‍රියා කරන එකම දම්වැලක පුරුක් වැනිය. සමස්ත ශරීරයේම ක්‍රියාවලිය ස්නායු පද්ධතිය මත තීරණය වන්නේ එහි ප්‍රතිථලයක් ලෙස ය. ඒ අනුව අපගේ මොළය බඩවැල් සමඟින් සමීපව ක්‍රියා කරයි. එබැවින් එයට මිනිසාගේ දෙවන මොළයට හා සමාන වටිනාකමක් හිමි වෙයි.

මෙය ආමාශයත් බඩවැලුත් සම්බන්ධ  කර ගනිමින් ක්‍රියා කරයි. එසේම ආමාශය පදනම් කරගත් ස්නායු පද්ධතියක් මගින් පාලනය කරයි. මෙම ස්නායු පද්ධතියේ ප්‍රමාණය මෙන් ම ක්‍රියාකාරීත්වය තරමක් විශාල වන අතර එහි සුශුම්නාවේ තරම් නියුරෝන සෛල ප්‍රමාණයක් අඩංගුව පවති යි. එය ආන්ත්‍රික ස්නායු පද්ධතිය ලෙස හඳුන්වයි. එය ආහාර ජීර්ණ පද්ධතියට ආවේණික වූ ස්නායු පද්ධතියකි.

මෙම ස්නායු පද්තියෙන් ඉටු වන කාර්යයක් පවතී ද? ඒ මොනවාද?

ඔවු. මෙම ආන්ත්‍රික ස්නායු පද්ධතිය ශරීරයේ අත්‍යවශ්‍ය කාර්යයන් රැසක් ඉටු කරයි

  • අපගේ ආහාර ජීර්ණ වීමේ ක්රියාවලිය පහසු කිරීම
  • ආහාර අවශෝෂණය කර ගැනීමට සහය දැක්වීම.
  • බඩවැල් ආශ්රිත රුධිර ප්‍රවාහනය කිරීම
  • බොහෝ අවස්ථාවන්වල දී අපගේ ශරීරයට අහිතකර සිතුවිලි සහ හැඟීම් සඳහා සංවේදී වෙයි
  • ශරීරයට හිතකර අයන කොටස් ශරීරය පුරා ප්‍රවාහනය කිරීමට සහය දැක්වීම
  • ආමාශයේ අභ්‍යන්තර ශ්‍රාවයන් සහ රුධිරය ප්‍රවාහනය කිරීමට සහය දක්වයි
  • මලපහ කිරීම පහසු කරවයි
  • සිතුවිලිවලට ප්‍රතික්‍රියා දැක්වීම
  • බඩවැල් ආශ්‍රිත බැක්ටීරියාවන්ගේ තුලිත භාවය ආරක්ෂා කිරීම
  • අපගේ මනසේ ක්‍රියාකාරිත්වයට සහ නින්දට ප්‍රධාන ලෙස අවශ්‍යය වන ‘සෙරොටොනින්’ නම් ශ්‍රාවය නිපදවීම.

 

සෙරොටොනීන් 80% ත් 90% ත් අතර නිශ්පාදනය වන්නේ ශරීරයේ ආමාශ අන්ත්රය තුළ යි. එය සුවදායක නින්දට මෙන් ම මනසේ සැහැල්ලුවට ඍජුවම බලපායි. එය බඩවැල් සහ මොළය අතර පවතින කිට්ටු සබඳතාවය අවබෝධ කර ගැනීමට කඳිම නිදසුනකි.

 මානව ශරීරයේ පවතින සුන්දරත්වය මෙය යි. ඔබට උගුරට හොරා බෙහෙත් බීමට නොහැකි වන්නා සේ ම ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන්ට රහසේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වේදනාව, පාළුව සැඟවිය නොහැකිය.

මෙම ආන්ත්‍රික ස්නායු පද්ධතිය රෝගී විය හැකි ද? ඒ කුමන අවස්ථාවන්වල දී ද?

  • ප්ධාන වශයෙන් මිනිසුන්ට නිශේධාත්මක හැඟීම් ඇති වීම.
  • ඔටිසම් රෝගියෙකු බවට පත් වීම ( ආමාශය ආශ්‍රිත ගැටළු බොහොමයක් ඇති පුද්ගලයන්ට මෙම තත්වය ඇති වෙයි)
  • බඩවැල් ආශ්‍රිත බැක්ටීරියා මිය යාම ( මෙම බඩවැල් ආශ්‍රිත බැක්ටීරියා බොහෝ ප්‍රමාණයක් අසමතුලිත වීම හේතුවෙන් ඔබව මානසිකව රෝගී කළ හැකිය).
  • නින්ද නොයාම මෙන් ම නින්ද ආශ්රිත ගැටළු මතු වීම
  • මානසික ආතතිය ඇති වීම.

ප්රධාන වශයෙන් ඔබ ආහාර ශරීරයට ඇතුළත් කර ගන්නේ සතුටු සිතින් ද?

 බඩවැල් මෙන් ම ආමාශය ආශ්‍රිතව ක්ශුද්‍ර ජීවීන් ට්‍රිලියන සියයක් පමණ වාසය කරයි.මෙම ක්ශුද්‍ර ජීවීන් ප්‍රමාණය ඉක්මවා විනාශ වීම හේතුවෙන් ඔබේ බඩවැල් හානි විය හැකිය. එසේම පටකවල කුඩා සිදුරු මතු වී ආහාර ජීර්ණ පද්ධතිය හරහා තරල කාන්දුවීම් සිදු විය හැකිය. එම විශ ශ්‍රාවයන් මොළය දක්වා ගමන් කරයි.

එබැවින් ශරීරයේ බඩවැල් මොළයට විශාල බලපෑමක් ඇති කරයි.

බඩවැල් දුර්වල වීමේ ලක්ෂණ කල් තියා හඳුනා ගන්නේ කෙසේද?

  • පාචනය
  • වණ ලේ ගැලීම
  • බඩේ වේදනාව
  • බර අඩුවීම
  • රක්තහීනතාවය
  • ඇස් දැවිල්ල
  • ආතරයිටිස්
  • පිළිකා තුවාල
  • සමේ කැක්කුම
  • බඩ ඉදිමීම
  • සන්ධි වේදනාව
  • උදර වේදනාව
  • මොළයේ ඉදිමීම
  • ශරීරයේ පවතින ඇසිඩ් ගතිය ( සැර )
  • කෝපාවිෂ්ඨ බඩවැල් සින්ඩ්‍රෝමය ( IBS – Irritable Bowel Syndrome )

කෝපාවිෂ්ඨ බඩවැල් සින්ඩ්‍රෝමය කුමන ආකාර ද?

 එය කාංසාවත් මානසික අවපීඩණයත් සමග ඍජුව සම්බන්ධ වූ තත්වය කි. මෙම රෝගී තත්වය පවතින පුද්ගලයන්ට බඩවැල් හරහා මොළයට එන සංවේදනාවන් පාලනය කිරීමට හැකියාවක් නොපවතියි. එහි ප්‍රතිථලයක් ලෙස

  • බඩවැල්වල පිහිටීම වෙනස් වීම
  • බඩවැල් ඉදිමීම සිදු වෙයි
  • මන්දපෝෂණය මතු වීම
  • ෆිටුලස් නැමති බඩවැල් බිත්ති හරහා විහිදෙන වණවීම්
  • ආහාර ජීර්ණ පද්ධතියේ සිදුරු මතු වීම
  • බඩවැල් කැඩීම සහ බඩවැල් අවහිරතා

එසේනම්  අප ප්‍රතික්ෂේප කළ යුතු ආහාර රටාවන් මොනවාද ?

  • ෆෲටොක්ස් අධික ඉරිගු සිරප් ( HCFS)
  • එළවළු සහ් බීජ තෙල්සූරියකාන්ත, කුංකුම, කැනෝලා, තල, සෝයා බෝංචි, ඉරිඟු, කහ ඇට
  • නයිට්රේට්, BHA සහ BHT වැනි කල් තබා ගන්නා ද්‍රව්‍යය.
  • කෘතිම ආහාර වර්ණක ( රතු 40, කහ 5)
  • කෘතිම රසකාරක

බඩවැල් සඳහා ගුණ දායක ආහාර මොනවාද?

  • නැවුම් එළවළු, පළතුරු සහ බෙරි ඇට
  • කොළ වර්ග
  • සින්ක්, යකඩ අඩංගු ආහාර
  • මේද මාළු
  • තේ – ප්‍රති ඔක්සිකාරකයක් මෙන් ම මොළයට හිත කරයි
  • අඳුරු චොක්ලට් – 70% කොකෝවා වැඩි බව විශාල ප්‍රති ඔක්සිකාරකයකි.
  • ඔමේගා ත්‍රී අඩංගු මස් අම්ල ( බිම් හණ ඇ, චියා බීජ, සැමන්, වෝල්නට්)
  • ප්‍රෝටීන් සහ කොලජන් ( මස් කටු සුප්)
  • ප්‍රෝබයෝටෙක් – ( යෝගට්, ගෝවා, කොම්බුචා, කිම්චි වැනි පැසුණු ආහාර)
  • ප්‍රීබයෝටෙක් – ඇපල්, අලි ගැට පේර, කෙසෙල්, සුදුළුෑණු, ඇස්පගරස්, වම්බටු, ඕට්ස්, රනිල කුලයට අයත් බෝග

 

නමුත් ඔබ ප්‍රීබයෝටෙක් සහ ප්‍රෝබයෝටෙක් ආහාර ලබා ගන්නා විට පෝෂණ විශේෂඥ වෛද්‍යයවරයෙකුගෙන් විමසා බැලීම වටියි.

 නමුත් මෙබඳු ආහාර ගැනීමට තරම් ඔබ වත්කමක් නොදරන අයෙක් නම් ඒ පිළිබඳ කණගාටු නොවන්න

  • වියලි බෝංචි
  • රනිල කුලයට අයත් බෝග/ පරිප්පු
  • බිත්තර
  • සුදුළුෑණු, ළුෑණු, බතල, ගෝවා, කෙසෙල්, ඕට්ස්, තේ

මේ සඳහා සුදුසු වේ.

සමස්තයක් වශයෙන් ගත් විට අපගේ උදරයත් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාවත් අප සලකන්නේ ගැස්ට්‍රයිටීස්වල අතුරු ප්‍රතිථලයක් ලෙස ය. ඔබ හෝ ඔබගේ ආදරණීයයන්ට පවතින බොහෝ මානසික රෝගවලට හේතු වන්නේ ඔවුන්ගේ කායික රෝගී භාවය විය හැකිය.

එබැවින් ඔබේ රෝගවලට විසඳුම් සොයන වෛද්‍යයවරයා ඔබ නොවන බවත් ඔබට වැළදෙන සියලු ලෙඩ රෝග සමාන නොවන බවත් වටහා ගන්න. ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක oDoc ඇප් එක හරහා ආමාශ ආන්ත්‍රික විශේෂඥ වෛද්‍යයවරයෙකුට කතා කරන්න.

දැන්ම oDoc ප් එක ඩවුන්ලෝඩ් කර ගන්න

 ආශ්‍රිත කියවීම්

  • කුපිතවන බඩවැල් සින්ඩ්‍රෝමය – IBS – රෝග ලක්ෂණ, ඉහළ කාංසාව මානසික අවපීඩනය සමග සම්බන්ධ වෙයි, healthconsultation.org
  • බඩවැල් සෞඛ්යය සහ ඔබේ මනෝභාවය, නොවැම්බර් 16, 2021, COVID Support VT, covidsupportvt.org
  • Why Gut Health = Your Health, Whole Health Nutrition
  • ආන්ත්‍රික ස්නායු පද්ධතිය සහ එහි භෞතවේදය, nsp-ie.org
Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

ඩෙංගුත් එක්ක කොරෝනා

ඩෙංගුත් එක්ක කොරෝනා

Shares

රජයේ දත්ත වාර්තා අනුව ජනවාරි මාසය වන විට ( 01/01/2022) වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7702 කි.එසේම,

මෙම ලිපිය ලියන අවස්ථාව වන විට දෛනිකව වාර්තා වී ඇති ඔමික්‍රෝන් රෝගීන් සංඛ්‍යාව 1331 ක් වන අතර එම දිනය තුළ( 06/02/2022) 23 දෙනෙකු මිය ගොස් තිබුණි.

සරලවම ඩෙංගු සහ කොරෝනා යනු කුමක්ද?
ඩෙංගු යනු, 

මදුරු විශේෂයක් හරහා බෝ වන වෛරසයකි. එය පුද්ගලයෙකුට තම ජීවිත කාලය තුළ කිහිප වතාවක් ආසාදනය විය හැකිය.

කොරෝනා ( COVID – 19) යනු,

 SARS – COV – 02 නම් කිරීටක වෛරසයක් මගින් බෝ වන ශ්වසන රෝගයකි. එම වෛරසය පුද්ගලයෙකුගේ ශරීරයේ පවතින ආකාරය පිළිබඳව නිශ්චිත නැත.

ඩෙංගු සහ කොරෝනා පැතිරෙන ආකාර මොනවාද ?
ඩෙංගු සහ කෝවිඩ් ( ඔමික්‍රෝන් ) රෝග ලක්ෂණ මොනවාද ?
 ඩෙංගු

පොදුවේ ගත් කල, ඩෙංගු රෝගයේ පොදු රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ වන්නේ දෙවන දවසේ සිට හත් වන දවස දක්වා වේ.

  • උණ හෝ හිසරදය
  • ඇස් යට වේදනාව
  • අස්ථි හා මාංශපේශිවල වේදනාව
  • ශරීරයේ මතු වන පලු වර්ග ( ශරීරයේ විහිදෙන රත් පැහැති ලප )
  • සුළු ලේ ගැලීම් තත්වයන්
  • සුදු රුධිරාණු අවම වීම
  • මළ බද්ධය
  • පාචනය
  • ආහාර මාර්ගය ආශ්‍රිත ‍රෝග
කෝවිඩ්

වෛරසය වැළඳීමෙන් දින 2 සිට දින14 දක්වා කාලය තුළ මෘදු රෝග ලක්ෂණවල සිට දරුණු රෝග ලක්ෂණ දක්වා වර්ධනය වෙයි. එම රෝග ලක්ෂණ ලෙස

  • උණ හෝ තෙහෙට්ටුව
  • කැස්ස
  • හුස්ම හිර වීම හෝ හුස්ම ගැනීමේ අපහසුතා
  • මාංශපේශිවල හෝ මුළු ශරීරයේම පවතින වේදනාව
  • හිසරදය
  • රස සහ සුවඳ නොදැනීම
  • උගුර වණ වීම
  • නාසය සිර වීම හෝ නාසයෙන් සොටු දියර ගැලීම
  • ඔක්කාරය හෝ වමනය
  • පාචනය
 ඩෙංගු සහ කොරෝනාවල පොදු ලක්ෂණ මොනවාද ?
  • උණ
  • තද හිසරදය
  • කැස්ස
  • සෙම්ප්‍රතිශ්‍යාව
  • උගුරේ ආසාදන
  • පාචනය
  • තෙහෙට්ටුව
  • නාසය සිර වන ගතිය හෝ දියර ගැලීම

මෙවන් ලක්ෂණ පවතින අවස්ථාවක ඔබ පලමුව වෛද්‍යයවරයෙකු සමග රෝග ලක්ෂණ පිළිබඳව සහ රෝගයේ ස්වභාවයන් පිළිබඳව කල් තියා සාකච්ඡා කළ යුතු ය.

ඩෙංගු සහ කොරෝනා ( ඔමික්‍රෝන් ) අවධානම් ලක්ෂණ මොනවාද ?

 බොහෝ අවස්ථාවන්වල ඩෙංගු රෝගයේ අවධානම් ලක්ෂණ මතු වන්නේ උණ පහව ගොස් පැය 24 ත් පැය 48 ත් අතර කාලය තුළ දී ය. එම අවස්ථාවක,

  • බඩේ අමාරුව
  • වමනය ( දිනකට තුන් වරක් හෝ ඊට වඩා)
  • නාසයෙන් හෝ විදුරුමස්වලින් රුධිරය පිට වීම
  • වමනය කිරීමේදී හෝ මළ පහ කිරීමේ දී රුධිරය පිට වීම
  • ඒත් සමගම එන මහන්සිය, අවිවේකී බව සහ නොරුස්නා බව
කෝවිඩ් ( ඔමික්‍රෝන් ) රෝගයේ මතු වන හදිසි තත්වයන්
  • හුස්ම ගැනීමේ අපහසුතා
  • පපුවේ තද බව හෝ වේදනාව
  • අවධිව සිටීමට හෝ ශරීරය එක ආකාරයකට තබාගෙන සිටීමට පවතින අපහසුතා
  • සම, නියමල, තොල් සුදුමැලි හෝ අළු පැහැයක් ගැනීම
මෙවන් කෝවිඩ් සම්බන්ධ හදිසි තත්වයක දී රෝහල් පහසුකම් නොමැතිව වුව ද oDoc හෝම් කෙයා සේවාව ඔබ වෙනුවෙන් පැය 24 පුරාවටම විවෘතව පවති යි.
ඩෙංගු සහ කොරෝනාවලින් වැළකීම සඳහා උචිත ආහාර වර්ග
ඩෙංගු
  • ගස්ලබු කොළ යුශ
  • පළතුරු යුශ
  • බත් කැඳ
  • දෙළුම්
  • පොල් වතුර
  • කහ
  • දොඩම්
  • මහදුරු
 රතු සහ දුඹුරු පැහැයට හුරු බීම සහ ආහාර වර්ග ගැනීමෙන් වලකින්න.
මෙයට අමතරව ඔබගේ ශරීරයේ බර අනුව අවශ්‍යය පෝෂණ වර්ග පිළිබඳව විශේෂයෙන් දැනගැනීමට oDoc  හරහා දැන්ම පෝෂණවේදී විශේෂඥ වෛද්‍යයවරයෙකුට කතා කරන්න.
කොරෝනා
  • පළතුරු සහ එළවළු වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගන්න
  • ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න
  • මත්පැන් සහ මත්ද්‍රව්‍යයවලින් ඈත් වන්න
  • කල් තබා ගන්නා රසකාරක අඩංගු ආහාර ගැනීමෙන් වලකින්න.
  • කොත්තමල්ලි සහ පස්පංගුව අවශ්‍යය ප්‍රමාණයන්ගෙන් ශරීරයට ගන්න.

වසංගත රෝගී තත්වයන් කෙසේ පැමිණියත් oDoc සේවාවට ඔබ සිටින ඕනෑම ස්ථානයක සිට සම්බන්ධ විය හැකිය. රෝග විශේෂ 500 කට වැඩි ප්‍රමාණයක විශේෂඥ වෛද්‍යයවරුන්ගේ සහය නිවසේ සිට ඉතා පහසුවෙන් ලබා ගන්න. කොරෝනා වැළඳුණ පුද්ගලයන් වෙනුවෙන්ම පවතින oDoc හෝම් කෙයා සේවාව සහනදායී මිල ගණන් යටතේ ලබා ගත හැකිය.

 ආශ්‍රිත කියවීම්

  • Is it Dengue or is It COVID -19?,Centers for Disease Control and Prevention.www.cdc.gov
  • How to differentiate between a dengue and COVID- 19 fever? What out for these symptoms. TimesofIndia.com, 01,October, 2021
  • National Dengue Control Unit, www.dengue health.gov.lk
  • COVID-19: Live situational Analysis Dashboard of Sri Lanka, Health Promotion Bureau, hpb.health.gov.lk
  • The top five Omicron symptoms to be aware of, Gavi, The Vaccine Alliance, 18, January 2022, Pooja Joi.
  • Food for Dengue – What to eat and what to avoid, PharmEay
  • Advice for Dengue patients who are on home based care temporary, වසංගත රෝග මර්දන ඒකකය, www.epid.gov.lk
  • Healthy at home : Healthy diet, World Health Organisation.
Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

What is the pelvic floor and why is it so important?

ලිංගික ජීවිතය ආරක්ෂා කරන "මාංශපේශිය"

Shares

අප සියලු දෙනාටම පවුලක් ලෙස එකට ජීවත් වීමට නිවසක් පවතිනවා සේම ශරීරයේ උදරයෙන් පහළ කොටසට සෙවන දෙන්නට නිවසක් පවතියි. එය පහත රූපයේ ආකාරය ගන්නා නිවසකි. විද්‍යාව තුළ එම නිවසශ්‍රෝණිය” ලෙස හඳුන්වයි.

මෙම නිවස තුළ පවුලක් ලෙස,

මුත්‍රාශය, මුත්‍රා මාර්ගය සහ එහි සුශුම්නාව, ගුද මාර්ගය, ප්‍රජනක අභ්‍යන්තර අවයව ( ගර්භාෂය, ඩිම්බකෝෂ, නාල, කාන්තාවන්ගේ යෝනි මාර්ගය, පිරිමින්ගේ නම් පුරස්ථි ග්‍රන්ථිය පවතියි.

මෙම නිවසත් නිවසේ ජීවත් වන සාමාජික පිරිසත් අපගේ ශරීරය පවත්වා ගැනීමට එක ලෙස වැදගත් වෙයි.

ඕනෑම නිවසක් ශක්තිමත් වන්නේ එහි අත්තිවාරම ( Foundation ) අනුවය. එබැවින් මෙම ශ්‍රෝණිය නම් නිවසේ ජීවත් වන නිවැසියන්ට ශක්තිය සපයන්නේ පහත රූපයේ කොළ පාටින් සලකුණු කර ඇති මාංශපේශියයි. මේවා වෛද්‍යය විද්‍යාව තුළ ශ්‍රෝණි මාංශපේශි නොහොත් පැල්වික් පේශි ( Pelvic Floor ) ලෙස හඳුන්වයි

එසේනම් මෙම මාංශපේශියේ කාර්යය කුමක්ද?
  • ඔසප් චක්‍රය පහසු කිරීම
  • ගර්භණී කාලයේ දී කළලය ආරක්ෂා කිරීම
  • දරු ප්‍රසූතියේ දී ඇති වන ගැටළු වැලැක්වීම
  • ශ්‍රෝණිය ආශ්‍රිතව ඇති වන ගැටළු අවම කරයි.
  • රුධිර සංසරණය සාමාන්‍යය තත්වයට පත් කිරීමට උපකාරී වෙයි.
  • ස්වභාවික තෙතමනය වැඩි කරයි
  • ලිංගික සංසර්ගය පහසු කරයි
  • ලිංගික අවයවවල ක්‍රියාකාරීත්වය මැනවින් සිදු කරයි.
  • මුත්‍රා කිරීමේ දී ඇති වන දැවිල්ල තත්වයන් මෙන් ම මුත්‍රා පිට නොවීම පාලනය කරයි.
  • මළපහ වීම පහසු කරයි
මෙම ශ්‍රෝණි මාංශපේශියෙන් ශ්‍රෝණිය ඇතුළේ ඇති අවයවවලට වෙන සේවාව කුමක්ද?
  • මුත්‍රාශය ( අපගේ ශරීරයේ මුත්‍රා රඳවා ඇති මල්ල) රඳවා සිටීම
  • කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය ශරීරයේ රඳවා ගැනීම
  • පිරිමින්ගේ ප්‍රජනක පද්ධතියට සම්බන්ධ අවයවය ( පුරස්ථි ග්රන්ථිය) දරා සිටීම
  • ශරීරයේ ඇතුළත රසායන ද්‍රව්‍යයන් මුත්‍රාශය, බඩවැල් සහ ගර්භාෂය තුළට ගෙන යාමට උපකාර කිරීම
  • ගුද මාර්ගය ( සිරුරේ මළ අපද්‍රව්යය ගබඩා කරන මහ බඩවැලේ කෙළවරේ ඇති ප්රදේශය) ආරක්ෂා කිරීම
  • අපට කැස්ස ඇති වන අවස්ථාවක හෝ බර වස්තු ඔසවන අවස්ථාවක අපගේ ශරීරය ඇතුළේ ඇතිවන පීඩනය අවම කිරීම පහසු කරයි.
  • මළපහ කරන විට දී තැටඹීමක් සිදු කරන අවස්ථාවන්වල ශරීරයේ ඇතුළත අවයවවලට ආරක්ෂාව ලබා දීම
 මේ “ශ්‍රෝණි මාංශපේශිය” වෙනස් වීමට හෝ අඩපණ වීම විය හැකිද? ඒ ඇයි?

ඔවු. එසේ විය හැකිය. එයට හේතු ලෙස,

  • ශ්‍රෝණි ප්‍රදේශයට ( අවයව දරා සිටිනා නිවස – 1 රූපය ) කම්පන සහගත තුවාල සිදු වීම
  • මෝටර් රථ අනතුරුවලින් තුනටියෙන් පහල තුවාල වීම
  • ගැබ් ගැනීම
  • නිතර මළ බද්ධය ඇතිවීම
  • ශ්‍රෝණි සැත්කම්
  • ශරීරයේ බර අසාමාන්‍යය ලෙස වැඩි වීම
  • වැඩිහිටි වයසට පැමිණීම
ඒ කියන්නේ ගර්භණී භාවයට පත් වීම ශ්‍රෝණි පේශිය අක්‍රීය වෙන්න හේතුවක් වෙනවා ද?

ඔවු. නමුත් එය පොදු හේතුවකි. බොහෝ විට කාන්තාවන්ට ඔවුන්ගේ දරු ප්‍රසූතියෙන් අනතුරුව ශ්‍රෝණි පේශියේ ක්‍රියාවලිය අඩපණ වෙයි. එයට හේතුව වන්නේ කාන්තාවක් ගර්භණී වූ පසු ඇගේ තුනටියෙන් පහල ප්‍රදේශය සහ පටක ඉතාමත් වෙහෙසකට පත් වීමයි. එසේම ස්වභාවික දරු උපත්වල දී මෙම තත්වය මතු වෙයි.

නමුත් මෙවන් තත්වයන් 100% සියලු දෙනාටම එක ලෙස බලනොපාන අතර ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග කතා කිරීම මගින් මෙම තත්වයන්ට විද්‍යාත්මකව විසඳුම් ලබා ගත හැකිය.

ශ්‍රෝණි පේශිය ශක්තිමත් කිරීමට කෙගල් ව්‍යායාම (Kegel Excercises) සහ යෝගා ව්‍යායාම පවති යි. නමුත් ඒ සියලු ව්‍යායාම විධිමත් පුහුණුකරුවෙකු සමග සිදු කළ යුතු ය.

ශ්‍රෝණි පේශිය ශක්තිමත් කරන ආහාරපාන වර්ග මොනවාද ?
  • හැකි පමණ පිරිසිදු ජලය පානය කරන්න
  • අඩු ආම්ලික පළතුරු සහ එළවළු, අර්තාපල්, බෝංචි වැනි ආහාර මගින් මාංශපේශි සහ ස්නායු ක්‍රියාකාරීත්වය වැඩි කරයි
  • ඔමේගා ත්‍රී මේදය අඩංගු ආහාර, මාළු තෙල් මගින් මුත්‍රාශයේ ඇති වන දැවිල්ල අඩු කරයි
  • කැෆේන් අඩංගු නොවන ආහාර ගන්න
  • විටමින් ඩී අඩංගු ආහාර වැඩිපුර ගන්න ( විටමින් ඩී අඩු වීම මුත්‍රාශයේ ක්‍රියාවලියට බලපෑම් කරයි)
ශ්‍රෝණි පේශියට හානි කළ හැකි ආහාර රටාවන් මොනවාද ?
  • ඇසිඩ් අධික පලතුරු සහ එළවළු
  • අධික සැර ආහාර ( ඉඟුරු, අබ )
  • කෘතිම වර්ණක සහ රසකාරක අඩංගු ආහාර
  • ඇල්කොහොල් අඩංගු බීම වර්ග
  • මත්ද්‍රව්‍යයන්
  • වැරදි ආකාරයේ ව්‍යායාම ඉරියවු සහ වැරදි ලෙස සිදු කරන කෙගල් සහ යෝගා ව්‍යායාම

 තමන්ගේ ශරීරයේ බාහිර ස්වරූපය රඳා පවතින්නේ ශරීරයේ අභ්‍යන්තර නිරෝගීබව මතයි. මෙවන් අවස්ථාවක ඔබට ඇති වන සියලුම ගැටලු වෙනුවෙන් oDoc සේවාව පැ 24 පුරා විවෘතව ඇත. ඉතින්,  ලෝකයේ ඕනෑම තැනක සිට ඔබට ඇතිවන සියලුම ගැටළු නිරාකරණය කර ගැනීමට oDoc ප් එකෙන් ප්රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග කතා කරන්න

 ආශ්‍රිත කියවීම්

  1. Pelvic Floor Dysfunction & Your diet Pro touch – Physical Treatment, com
  2. Pelvic Floor Anatomy, The Pelvic Floor – overview and Function,www.physio- pedia.com
  3. The Pelvic Floor, Sophie Fidoe, March 21-2021,teachmeanatomy.info
  4. Pelvic Floor Dysfunction,Cleveland Clinic, my.clevelandclinic.org
  5. දරු ප්‍රසූතියෙන් පසු ලිහිල් වූ යෝනි මාර්ගය නැවත ශක්තිමත් කරන ව්‍යායාම, සඳුනි රණසිංහ, සැප්තැම්බර් 8 – 2021,smartlady.lk
  6. ශ්‍රෝණි මහලේ මාංශපේශි ශක්තිමත් කිරීම සඳහා අභ්‍යාස – සෞඛ්‍යය හා පවුලේ සහජීවනය පිළිබඳ සහතිකයක්,com
Shares

Similar Articles...

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog