ඉහත ආකාරයේ වදන් අපි බෙහෝ සේ අසා ඇත්තෙමු. අප අපගේ ජීවිත තුළ නිරන්තරයෙන් සදාකාලික බව සොයයි. නමුත් ජීවිතයේ කිසිඳු අවස්ථාවක සදාකාලිකව පවතින දුකක්, සතුටක් හෝ ප්‍රේමයක් ඇත්තේ නැත. එය ලෝක ස්වභාවයයි. අපට දුකක් ඇති වන්නේ අපට හිමි වෙන්නට තිබුණ හෝ හිමි වූ යමක් අහිමි වීමෙන් ය. අපි එය දරා ගන්නට මගක් සොයමු.
එසේනම් සරලවම අප දුකට වේදනාවට පත් වීමට බලපාන පොදු හේතු කාරණා මොනවාද ?
- සමීපතමයෙකුගේ මරණය
- දැඩිව ආස කරන යම් පුද්ගලයෙකු හෝ ද්‍රව්‍යයමය දෙයක් අහිමි වීම
- ජීවිතයේ ඉවරයක් නැති කරදර සහ දුක් කම්කටොළු
- තමන්ගේ ආත්ම විශ්වාසය බිඳී යාම
- විභාග ගැටළු
- රැකියාව අහිමි වීම
- පරාජය වීම
- පවුල් ආරවුල් යනාදී දේවල් වේ.
මෙම තත්වයන් උත්සන්න වීමෙන් යමෙකුට කාංසාව, විශාදය වැනි තත්වයන් කරා ගමන් කළ හැකි ය. එසේම මුල් අවධියේදී ම නිසි ප්‍රතිකර්ම කරා නොයාමෙන් විශාදය තත්වය උත්සන්න වී උග්‍ර විශාදමය තත්වයක් කරා ගමන් කිරීමට ඉඩ පවතියි.