රජයේ දත්ත වාර්තා අනුව ජනවාරි මාසය වන විට ( 01/01/2022) වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7702 කි.එසේම,
මෙම ලිපිය ලියන අවස්ථාව වන විට දෛනිකව වාර්තා වී ඇති ඔමික්‍රෝන් රෝගීන් සංඛ්‍යාව 1331 ක් වන අතර එම දිනය තුළ( 06/02/2022) 23 දෙනෙකු මිය ගොස් තිබුණි.
සරලවම ඩෙංගු සහ කොරෝනා යනු කුමක්ද?
ඩෙංගු යනු,
මදුරු විශේෂයක් හරහා බෝ වන වෛරසයකි. එය පුද්ගලයෙකුට තම ජීවිත කාලය තුළ කිහිප වතාවක් ආසාදනය විය හැකිය.
කොරෝනා ( COVID – 19) යනු,
SARS – COV – 02 නම් කිරීටක වෛරසයක් මගින් බෝ වන ශ්වසන රෝගයකි. එම වෛරසය පුද්ගලයෙකුගේ ශරීරයේ පවතින ආකාරය පිළිබඳව නිශ්චිත නැත.
ඩෙංගු සහ කොරෝනා පැතිරෙන ආකාර මොනවාද ?