ගර්භණී සමයේ මතු වන දියවැඩියාව

මවක් වීමේ සිහිනය ඉටු කර ගැනීම බොහෝ කාන්තාවන්ගේ බලාපොරොත්තුවකි.මාස නවයක කාලයක් තම කුස තුළ වැඩෙන දරුවා ආරක්ෂා කර ගැනීමට මවුවරු වෙහෙසෙති.එහෙත් දරුවෙකු කුසට පැමිණීමත් සමඟ කාන්තාවකගේ ශරීරයේ සිදු වන හෝමෝන වෙනස් වීම් හේතු කරගෙන නොයෙකුත් ලෙඩ රෝග මතු වීමට ඉඩකඩ පවතියි. ඒ අතර සුලභ තත්වයක් වශයෙන් ගර්භණී සමයේ දී මතු වන දියවැඩියාව හැඳින්විය හැකිය.
එසේනම් ගර්භණී සමයේ දියවැඩියාව යනු කුමක්ද?
යම් කාන්තාවක් ගර්භණී වූ විට රුධිර ගත සීනි මට්ටම, ග්ලූකෝස් මට්ටම ඉහල යාම නිසා මෙම තත්වය ඇති වෙයි.
දියවැඩියාව ඇති වීමත් සමඟ මවක් තුළ හිසරදය, තෙහෙට්ටුව, අඳුරු පෙනුමක් මතු වීම, හයිපර්ග්ලිසීමියා ( අධි රුධිර සීනි තත්වය) දැකිය හැකි වෙයි.
යම් කාන්තාවක් ගර්භණී වීමත් සමඟ දියවැඩියාව තත්වයට මුහුණ දීමට බලපාන හේතු මොනවාද?
- ගර්භණී සමයේ සිරුරේ බර අසීමිතව වැඩි වීම
- මෙයට පෙර සිට දියවැඩියාවෙන් පෙළෙන මවක් වීම
- පවුලේ මව, පියා දියවැඩියාවෙන් පෙළෙන අය වීම නිසා මතු වන ජාන ගත තත්වයන්
- නිවුන් දරුවන් අපේක්ෂාවෙන් සිටින මවක් වීම
- නිතර ගබ්සා වීම් සිදු වන මවක් වීම
- හේතු රහිතව මළ දරු උපත් සිදු වීම
- මවගේ වයස අවුරුදු 35 වැඩි වීම
- දරුවන් සිටින මවක් නම් ඇය නැවත ගර්භණී වීමෙන් අනතුරුව බර කිලෝ 4 ට වඩා වැඩි වීම හේතුවෙන් දියවැඩියා අවධානමට ලක් වෙයි
එසේනම් මෙම දියවැඩියා තත්වයට මුහුණ පාන මවක් තුළ ඇති විය හැකි සංකූලතා මොනවාද?
- ගර්භණී සමයේ වකුගඩු සහ මුත්‍රා මාර්ගය ආශ්‍රිත ආසාදනයන් මතු වීම
- අධි රුධිර පීඩනය ඇති වීම
- වැදමහ ආශ්‍රිත ගැටළු සහ සංකූලතා මතු වීම
- ගර්භණී සමය තුළ රුධිර වහනයන් සිදු වීම
- ප්‍රසූතියෙන් පසු කාලසීමාවේ දී ඇති වන රුධිර ආසාදනයන්
- නහරවල ලේ කැටි ගැසීම(Thrombosis)
මෙම දියවැඩියාව තත්වය වැළඳුන විට ඇතැම් අවස්ථාවන්වල දී අලුත උපන් දරුවාගේ රුධිර ගත සීනි ප්‍රමාණය ඉහල යා හැකිය.

එසේම ඉපදෙන්නට සිටින දරුවාට ආමාශගත රෝග, වලිප්පුව සෑදීමේ ප්‍රවනතාවන් මතු වෙයි.
නමුත් මවට දියවැඩියාව වැළඳී ඇති සියලු දරුවන් රෝගීන් බවට පත් වන්නේ නැත. නියමිත සායන සහ වෛද්‍යය උපදෙස් මත ක්‍රියා කිරීමෙන් මෙම තත්වය සමනය කර ගත හැකිය.
හුදෙක්ම මෙම තත්වය ප්‍රසූතියෙන් අනතුරුව පහව යයි. නමුත් ගර්භණී භාවයට පත් වූ පසු ඔබ නිවැරදි වෛද්‍යය උපදෙස් මත කෑම පාලනය, ව්‍යායාම සිදු කරන්නේ නම් අවධානම් තත්වයන්ට ගමන් කිරීම වලක්වා ගත හැකිය.
ගර්භණී වීමෙන් සති 12 කට පසුව PPBS රුධිර පරීක්ෂණයක් සිදු කර ගැනීමෙන් හෝ සති 24 – 28 ත් අතර ග්ලූකෝස් ටොලරන්ට් ටෙස්ට් ( OGTT) එකක් කර ගැනීමෙන් කල් තියා දියවැඩියා තත්වයන් පිළිබඳ දැනුවත් විය හැකිය.
මන්ද පලමු මාස තුන තුළ රුධිරයේ සීනි මට්ටම ඉහල යාම නිසා ගැබ් ගෙළ විෂමතා මතු විය හැකි බැවින් ය. තව ද නීරෝගී මවකට වඩා දියවැඩියාවෙන් පෙළෙන මවකට මළදරු උපත් සිදු වීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක පවතියි.
ඒ අනුව දියවැඩියාවෙන් පෙළෙන මවකට,
- දරු ප්‍රසූතියේ දී අධික බර සහිත දරු උපත් සිදු වීම
- දින සම්පූර්ණව තිබියදී හේතු රහිත මළදරු උපත් සිදු වීමේ හැකියාව
- පෙර කිවූ අයුරින් ගබ්සා වීමේ අවධානම
- සාමාන්‍යය ප්‍රමාණයට වඩා විශාල හිසක් සහිත දරුවන් බිහි වීම
- කායික අසාමාන්‍යයතා සහිත දරුවන් බිහි වීම
- දරු ප්‍රසූතියේ දී උපත් නාලය තුළ දරුවා සිර වීම නිසා දරුවාට හුස්ම ගැනීමේ අසීරුතා මතු වීම සිදු වෙයි
මෙවන් තත්වයන්ගෙන් මිදීමට නම් ගර්භණී මවක් විසින් හොඳ සෞඛ්‍යය පුරුදු අනුගමනය කළ යුතු ය. එනම්,
- නිවැරදි ආහාර රටාවන්
ක්ෂණික ආහාර, පිටි කෑම, අධික සීනි මිශ්‍ර ආහාර, කැවිලි වර්ග මෙන් ම සමබර නොවන ආහාර රටාවන්ගෙන් වැළකී සිටිය යුතු ය.
- නිති පතා (වෛද්‍යය උපදෙස් මත) සැහැල්ලු ව්‍යායාම සිදු කළ යුතු ය
- නියමිත රුධිර පරීක්ෂාවන් (වෛද්‍යය උපදෙස් මත) සිදු කරන්න
- නියමිත සායනවලට නිරන්තරයෙන් සහභාගි වන්න
- ආහාර හිතුමතයට ගැනීමෙන් වලකින්න
- නියමිත වෛද්‍යය උපදෙස් මත පමණක් විටමින් වර්ග ලබා ගැනීමට කටයුතු කරන්න
දරුවෙකු බිහි වීමට සිටින කාල සීමාව කාන්තාවකට ඉතාමත් තීරණාත්මක වෙයි. එබැවින් ඔබගේ ආහාර රටාවන්, ව්‍යායාම කිරීම් නිරන්තරයෙන් වෛද්‍යය සහ සායනවලින් ලබා දෙන උපදෙස් මත සිදු කළ යුතු ය. නමුත් යම් අවස්ථාවක දී ඔබට ආහාර සම්බන්ධයෙන් පෝෂණවේදී විශේෂඥවරයෙකු හෝ ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සම්බන්ධ කරගැනීමට කඩිනම් අවශ්‍යයතාවයක් මතු වුව හොත් oDoc ඇප් එක හරහා පහසුවෙන් ඉටු කර ගත හැකිය. ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ජංගම දුරකථනය හරහා සාමාන්‍යය වෛද්‍යයවරයෙකුගේ සිට විශේෂඥ වෛද්‍යයවරයෙකු හා සම්බන්ධ වන්න.දැන්ම oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න.
ආශ්‍රිත කියවීම්
- ගර්භණී සමයට සීමා වූ දියවැඩියා තත්වය – Gestational Diabetes Mellitus ( GDM), 2014 Nov 12,Dr.H Vithana,askmydoctor.lk
- ගර්භණී සමයේ දියවැඩියාව ( Gestational Diabetes Mellitus ) Vog Dr.Dr.Chaminda Mathota, 2016 May 10,vog.lk
- දියවැඩියාව සහ ගර්භණී භාවය : සෞඛ්‍යය සම්පන්න වීමට උපදෙස්, 2007 Sep 18, Heder M Ross.
- ගර්භණී සමයේ දියවැඩියාව ගැන අම්මලා නොදන්නා කරුණු, Nadeesha Lakmini, theasianparent.
- ගර්භණී සමයේ දියවැඩියාව, පාලනය කිරීමට ඉඟි, 2014, එලිසබෙත් වැනලී,com
- දියවැඩියාව මවු කුසේ සිටින දරුවාටත් බලපාන හැටි,2014 Aug 3, BBC සිංහල
Similar Articles...

All you need to know about Gestational Diabetes
Did you know that gestational diabetes mellitus, also known as GMD, is one of the most common medical complications of pregnancy? What is GMD? Why

Endometriosis
Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

What is the pelvic floor and why is it so important?
When you think of exercise, you might think focusing on muscle groups such as the abs, legs, back and arms. While all those areas are