මෙම නිවස තුළ පවුලක් ලෙස,
මුත්‍රාශය, මුත්‍රා මාර්ගය සහ එහි සුශුම්නාව, ගුද මාර්ගය, ප්‍රජනක අභ්‍යන්තර අවයව ( ගර්භාෂය, ඩිම්බකෝෂ, නාල, කාන්තාවන්ගේ යෝනි මාර්ගය, පිරිමින්ගේ නම් පුරස්ථි ග්‍රන්ථිය පවතියි.
මෙම නිවසත් නිවසේ ජීවත් වන සාමාජික පිරිසත් අපගේ ශරීරය පවත්වා ගැනීමට එක ලෙස වැදගත් වෙයි.
ඕනෑම නිවසක් ශක්තිමත් වන්නේ එහි අත්තිවාරම ( Foundation ) අනුවය. එබැවින් මෙම ශ්‍රෝණිය නම් නිවසේ ජීවත් වන නිවැසියන්ට ශක්තිය සපයන්නේ පහත රූපයේ කොළ පාටින් සලකුණු කර ඇති මාංශපේශියයි. මේවා වෛද්‍යය විද්‍යාව තුළ ශ්‍රෝණි මාංශපේශි නොහොත් පැල්වික් පේශි ( Pelvic Floor ) ලෙස හඳුන්වයි