
මොකක්ද මේ COVID - 19 බූස්ටර් මාත්‍රාවක් කියන්නේ??
As Sri Lanka rolls out its COVID19 booster program, we break down the answers to your most pressing questions. Firstly, what is a booster? A
ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් වසංගතය මැඩ පැවැත්වීම සඳහා දියත් කර ඇති බූස්ටර් මාත්‍රා වැඩසටහන පිළිබඳව ඔබට ඇති වන ගැටළු වෙනුවෙන් පිළිතුරු ලබා දීමට අපි බැඳී සිටින්නෙමු.
බූස්ටර් කිරීමක් යනු, මුල් මාත්‍රාවන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම වෙනුවෙන් අතිරේකව ලබා දෙන මාත්‍රාව හඳුන්වන නමකි.මුල් මාත්‍රාවන් මගින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ලබා දුන් ආරක්ෂාව තව දුරටත් පවත්වා ගැනීම මෙහි එකම අරමුණයි.
එංගලන්තයේ මහජන සෞඛ්‍යය පිළිබඳව සිදු කරන ලද පර්යේෂණයක් මගින් ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දෙකක් සහ ෆයිසර් මාත්‍රා දෙකක් ලබා ගත් අය සඳහා එන්නත්වල තිබූ කාර්යක්ෂමතාවය වෙනස් වන ආකාරය පිළිබඳව අදහස් දක්වා ඇත.
දෙවැනි මාත්‍රාවෙන් සති විස්සකට පමණ පසු,
පසුගිය වකවානුවල ඩෙල්ටා ප්‍රභේදය විසින් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ඇති කළ සංහාරය දුටුවෙමු. අප පලමුවෙන් සිදු කළ යුත්තේ මෙම වෛරසයන් බිහි වීම වලක්වාලීමයි. නමුත් වෛරසය සමාජය තුළ පැතිරීමට පටන් ගත් පසු එය මැඩ පවත්වා ගැනීමට එන්නත් කිරීම විශාල කාර්යය භාරයක් ඉටු කරයි.මෙම ෆයිසර් සහ මොඩර්නා මෙන් ම mRNA එන්නත් ඩෙල්ටා සහ ඇල්ෆා ප්‍රභේදයන්ට එරෙහිව විශාල මෙහෙයක් ඉටු කර ඇත.
අගෝස්තු මාසයේ දී එන්නත් සම්බන්ධයෙන් එංගලන්තයේ සිදු කළ අධ්‍යයනයක සඳහන් වුණේ, ෆයිසර් එන්නත් මාත්‍රා දෙකකින් ලැබෙන ආරක්ෂාව ඇල්ෆා වෛරසයට ප්‍රභේදයට එරෙහිව 94% ක් සහ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව 88% ක් දක්වා පහත වැටෙන බවයි.
එම අධ්‍යයනයේම සඳහන් පරිදි ඇල්ෆා ප්‍රභේදයට එරෙහිව ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දෙකකින් ලබා දෙන ආරක්ෂාව 74.5% සිට 67% දක්වා පහත වැටෙන බවයි.
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා බූස්ටර් කිරීම සිදු වන්නේ දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් මාස 6 කට පසුවයි
මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් සෞඛ්‍යය අමාත්‍යාංශය කෝවිඩ් බූස්ටර් මාත්‍රා වැඩසටහන දියත් කරමින් සිටියි
ශ්‍රී ලංකාව තුළ බූස්ටර් මාත්‍රාවන් ලෙස ෆයිසර් , BioNTech, mRNA යන වර්ගයන්ගෙන් මිලිග්රැම් 30 බැගින් ලබා දෙයි.මෙම එන්නත් මිශ්‍ර කර ලබා දීමේ ක්‍රමය මෙයට පෙර ඉබෝලා වෛරසය පැතිරුණු කාලවලදී ද සිදු කර ඇත.
පිළිතුර – ඔවු
තව දුරටත් පැවසුවහොත්,
2021 මැයි මාසයේ දී එක්සත් රාජධානියේ දි සහභාගී වන්නන් 830 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ මිශ්‍ර එන්නත් ලබා දීමේ පර්යේෂණයට අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත් පසු ෆයිසර් මාත්‍රාව ලබා ගත් අය තුළ තෙහෙට්ටුව, හිසරදය, මාංශපේශි වේදනාව වැනි තත්වයන් පෙන්නුම් කළ ද මෙම අතුරු ආබාධ වැනි තත්වයන් පැවතියේ පැය 48 ක් වැනි කාලයක් පමණකි. එම පර්යේෂණය දී රෝහල්ගත වීම් හෝ අහිතකර ප්‍රතිඵල නිසා රෝහල්ගත වීම් කිසිවක් වාර්තා වී නොමැත.
mRNA එන්නත් සයිනොෆාම් සමග මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශිත අධ්‍යයනයක් නොමැත. කෙසේවෙතත් ජූනි මාසයේ දී ෆයිසර් සමග සයිනොෆාම් මාත්‍රා දෙකක් ලෙස වැඩි කිරීමට පටන් ගත්තේය.
නැහැ, එක්සත් රාජධානිය, ඇමරිකාව, කැනඩාව, ඊශ්‍රායලය වැනි ප්‍රධාන රටවල වෙනත් එන්නත් ලබා ගත් අය සඳහා ෆයිසර් සහ මොඩර්නා බූස්ටර් මාත්‍රා ලෙස අනුමත කර ඇත.
2021 මැයි මාසයේ දී ස්පාඤ්ඤයේ පුද්ගලයන් 663 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ මිශ්‍ර එන්නත් අත්හදා බැලීමට අනුව වාර්තා කළේ
ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දෙකක් ලබා ගැනීමෙන් සති 8 කට පසුව ශරීරයේ ක්‍රියාත්මක වූ ප්‍රතිශක්තිකරණයට වඩා ඇස්ට්‍රාසෙනිකා පලවෙනි මාත්‍රාව ලබා ගැනීමෙන් සති 8 කට පසුව ෆයිසර් බූස්ටර් මාත්‍රාවක් ලබා ගත් අය තුළ ඉහල ප්‍රතිශක්තිකරණ මට්ටමක් පැවතුණි.එසේම ඇස්ට්‍රාසෙනිකා එන්නත් මගින් ශරීරයට ලබා දෙන ආරක්ෂාව බූස්ටර් මාත්‍රා මගින් වැඩි දියුණු කරන අතර එය ශරීරයේ ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කිරීමට දිගු කාලයක් පවතියි.
කෙසේ වෙතත්, වෛරසය සඳහා ලබා දෙන එන්නත්කරණයෙන් පසුව mRNA එන්නතක් ලබා දීමෙන් වෛරසය ශරීරය තුළ ප්‍රතික්‍රියා කිරීමේ දී ශරීරයේ ක්‍රියාකාරීත්වය මදකින් වැඩි කරයි. මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට හේතු වෙයි.
වසංගතය අවසන් කර ගැනීම වෙනුවෙන් අපට විශාල කාර්යය භාරයක් පැවරී ඇත. අපගේ හැසිරීම අනුව වසංගතයේ නව ප්‍රභේද බිහි වීම සිදු වෙයි. වෛරසයක පැතිරීම වැඩි වන විට නව ප්‍රභේද නිර්මාණය වීම සිදු වන අතර මෙම තත්වය වලක්වා ගැනීමට නම් අප විසින් නිවැරදි ආකාරයෙන් COVID – 19 මාර්ගෝපදේශ අනුව ක්‍රියා කිරීම වැදගත් වෙයි. එවිට බූස්ටර් මාත්‍රා අවශ්‍යය නොවෙයි.එසේම එන්නත් කිරීම මගින් පුද්ගල ජීවිත ආරක්ෂාකාරී වන අතර එන්නත් කළ පුද්ගලයන්ට එන්නත් නොකළ පුද්ගලයන්ට මෙන් පහසුවෙන් වෛරසය වැළදෙන්නේ නැත. එබැවින් එන්නත් ලබා ගන්නා පුද්ගලයන් ප්‍රමාණය වැඩි වන තරමට පැතිරීම අඩු වන අතර ඉක්මණින් අපට මෙම වසංගතය අවසන් කළ හැකිය.ඔබට මෙම බූස්ටර් මාත්‍රාවන් පිළිබඳ තවත් ගැටළු පවතිනවා ද? ඔබට පවතින රෝග, භාවිත කරන ඖෂධ සම්බන්ධයෙන් මෙම බූස්ටර් එන්නතෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැටළු පවතී නම් oDoc ඇප් එක මගින් අපගේ වෛද්‍යවරයෙකු සමග කතා කරන්න.
ODoc ඔබ සමග නිරන්තරයෙන්
Sources
As Sri Lanka rolls out its COVID19 booster program, we break down the answers to your most pressing questions. Firstly, what is a booster? A
Back to School – A Battle Between Education and COVID-19 Students are finally returning to school. But as parents, many are worried about COVID-19 safety.
Children, COVID19 and Multisystem Inflammatory Syndrome – The What’s What Parents around the world, including Sri Lanka, have been concerned about Multisystem Inflammatory Syndrome or
නවතම සෞඛ්‍යය උපදෙස් එසැණින් ඔබ වෙත ලබා ගන්න