All About REM Sleep and Why it’s Important for your Health If you are waking up with vivid dreams that you hardly recall, it’s a good sign. Now, f...
* Home Care with oDoc is not to be used in case of an emergency.
විෂබීජ වලට නිරාවරණය වීමට ඇති අවධානම මගහරින්න. ඔබේ නිවසේම සිට
ඔබේ පරීක්ෂණාගාර පරීක්ෂාවන් සිදුකර ගැනීම සඳහා රෝහලක් වෙත යෑමට තරම් වත් නොහැකි වන තරමටම .. අපේ පරීක්ෂාගාර කණ්ඩායම් හරහා, ඔබේ රුධිර පරීක්ෂාවන්, ඔබේ නිවසේදීම සිදුකරගන්න.
දැන් ඖෂධ ලබාගැනීම සඳහා ඔසුහලක් වෙත යෑමට අවශ්‍ය නැහැ. පැය දෙකක් ඇතුලත ඔබේ ඖෂධ ඔබ ළඟටම ගෙන්වාගත හැකියි!
All About REM Sleep and Why it’s Important for your Health If you are waking up with vivid dreams that you hardly recall, it’s a good sign. Now, f...
Cancer is a complex disease that results from multiple interactions between genes and the environment. It is regarded as one of the current leading ca...
වෛද්‍යවරයකු විසින් මාව මුහුණට මුහුණ හමුවී පරීක්ෂා කිරීමකින් තොරව මගේ රෝග නිර්ණය කරන්නේ කෙසේද?
මෙය, ඔබ මින් පෙර වෛද්‍යවරයකු මුහුණට මුහුණ හමුවී වෛද්‍ය උපදෙස් ලබාගත් ආකාරයට අතිශයින්ම සමානය! ඔබේ වෛද්‍ය ඉතිහාසය සහ ඔබේ රෝග ලක්ෂණ පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීම, ඔබව ශාරීරික පරීක්ෂාවකට ලක් කිරීම තරම්ම වැදගත් වේ. ඇමෙරිකානු වෛද්‍ය සංගමයට අනුව, රෝග නිර්ණය කිරීමේ හා වෛද්‍ය උපදෙස් ලබාදීමේ අවස්ථා වලින් 75% ක්ම අන්තර්ජාලය ඔස්සේ මාර්ගගතව / (ඔන්ලයින්) සිදුකළ හැකි අතර, අපගේ වෛද්‍යවරුන් හට එසේ මාර්ගගතව / (ඔන්ලයින්) රෝග නිර්ණය කිරීමට සහ වෛද්‍ය උපදෙස් ලබාදීම සඳහා මනා පුහුණුවක්ද ඇත.
ශ්‍රී ලංකා රජය විසින් අපව, කොවිඩ්-19 වලට මූලික ප්‍රතිචාර දැක්වීමේ අංශය ලෙස අනුමත කොට ස්ථාපනය කරන ලදි.
පාරිභෝගික අදහස්
මම oDoc හරහා අක්ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු චැනල් කර ඔහුට මගේ ඇසේ ඇති වී තිබූ අසනීප තත්වය පිළිබඳව පැවසුවා. ඔහු මට ඒ සඳහා ගතයුතු බෙහෙත් මෙන්ම, මගේ ඇස බැන්ඩේජ් කරන විදියත් කිව්වා. මගේ ඇස ඉක්මණින්ම සනීප උනා. oDoc හරහා ලැබුණු සේවාව ගැන මං ඉතා තෘප්තිමත්
අශාන්ති ද අල්මේදා - oDoc සමූහයේ සාමාජික
මම ඔන්ලයින් හරහා වෛද්‍යවරයකු හමුවීම ගැන කුකුසකින් හිටපු කෙනෙක්. කොහොමද එහෙම වෛද්‍යවරයකු මාව මුහුණට මුහුණ මුණ නොගැසී මගේ රෝගය නිර්ණය කරන්නේ. හැබැයි oDoc හරහා සිදුකළ පළමු වෛද්‍ය හමුවෙන්ම මගේ සැක සංකා ඔක්කොම නැති උනා. ඒ වෛද්‍යවරුන් හරිම මිත්‍රශීලීයි. ඔවුන් හොඳින් වෙලාව අරං මගේ රෝගය නිවැරැදිව නිර්ණය කරා.
වින්යා රාජෙන්ද්‍ර - oDoc සමූහයේ සාමාජික
මට විනාඩි 5 ක් ඇතුලත වෛද්‍යවරයකු වෙන්කරවා ගෙන, ඔහු සමග කතා කරන්නත් පුලුවන් උනා. ඇප් එක උනත් භාවිතයට හරිම පහසුයි. නියමිත වෙලාවටම මට කතා කරපු වෛද්‍යවරයා මට බෙහෙත් වට්ටෝරුවක් පවා දුන්නා. මං oDoc හරහාම පැය දෙකක් ඇතුලත ඖෂධ ගෙදරටම ගෙන්වා ගත්තා.
තිලංග ජයලත් - oDoc සමූහයේ සාමාජික
දවසක් මගේ දුවට බඩේ අමාරුවක් හැදුණා. ඉතින් මං ඒකට ප්‍රතිකාර ගන්න oDoc හරහා වෛද්‍යවරයකු හමුවුණා. ඒ වෛද්‍යවරයා හරිම කරුණාවන්තයි. ඔහු මගේ දුවට ඉතා හොඳින් ඇගේ අසනීප තත්වය ගැන විස්තර කරලා දුන්නා. මට ලැබුණු සේවාව ගැන මම තෘප්තිමත්
අංජන ඒකනායක - oDoc සමූහයේ සාමාජික
තයිරොයිඩ් ග්‍රන්ථියේ තිබුණු වේදනාවක් නිසා මං හරිම කණස්සල්ලෙන් හිටියේ. ඉතින් මං oDoc හරහා on demand GP ව සම්බන්ධ කරගත්තා. ඔහු මට පරීක්ෂණ කිහිපයක් නිර්දේශ කරා. මං ඒ ටික කරලා වාර්තා යළි ඔහුටම යැව්වා. ඉන්පසු ඔහු මට ඒ සඳහා ඖෂධ නිර්දේශ කරා. මං ඒ ඖෂධ ඇප් එක හරහාම නිවසටම ගෙන්වා ගත්තා. මගේ රෝගයට අවශ්‍ය මූලික උපදෙස් ලබාගන්න පුලුවන් උනේ oDoc නිසයි, ස්තුතියි oDoc!
නිමාශා උමයංගි
මම මුලින්ම වීඩියෝ තාක්ෂණය හරහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම දිහා බැලුවේ හරිම දෙගිඩියාවකින්. නමුත් මම oDoc හරහා සම්බන්ධ වුණු ළමාරෝග විශේෂඥ වෛද්‍යවරයා, මගේ දරුවන්ට වැළඳී තිබුණු උණ රෝගයෙන් ඔවුන්ව සනීප කරගන්න විශාල වශයෙන් උදව් වුණා.
සුහාරා කරීම් - oDoc සමූහයේ සාමාජික