
මොකක්ද මේ COVID - 19 බූස්ටර් මාත්‍රාවක් කියන්නේ??
As Sri Lanka rolls out its COVID19 booster program, we break down the answers to your most pressing questions. Firstly, what is a booster? A
අපගේ ශරීරය එකට එකක් සම්බන්ධව ක්‍රියා කරන එකම දම්වැලක පුරුක් වැනිය. සමස්ත ශරීරයේම ක්‍රියාවලිය ස්නායු පද්ධතිය මත තීරණය වන්නේ එහි ප්‍රතිථලයක් ලෙස ය. ඒ අනුව අපගේ මොළය බඩවැල් සමඟින් සමීපව ක්‍රියා කරයි. එබැවින් එයට මිනිසාගේ දෙවන මොළයට හා සමාන වටිනාකමක් හිමි වෙයි.
මෙය ආමාශයත් බඩවැලුත් සම්බන්ධ කර ගනිමින් ක්‍රියා කරයි. එසේම ආමාශය පදනම් කරගත් ස්නායු පද්ධතියක් මගින් පාලනය කරයි. මෙම ස්නායු පද්ධතියේ ප්‍රමාණය මෙන් ම ක්‍රියාකාරීත්වය තරමක් විශාල වන අතර එහි සුශුම්නාවේ තරම් නියුරෝන සෛල ප්‍රමාණයක් අඩංගුව පවති යි. එය ආන්ත්‍රික ස්නායු පද්ධතිය ලෙස හඳුන්වයි. එය ආහාර ජීර්ණ පද්ධතියට ආවේණික වූ ස්නායු පද්ධතියකි.
මෙම ස්නායු පද්ධතියෙන් ඉටු වන කාර්යයක් පවතී ද? ඒ මොනවාද?
ඔවු. මෙම ආන්ත්‍රික ස්නායු පද්ධතිය ශරීරයේ අත්‍යවශ්‍ය කාර්යයන් රැසක් ඉටු කරයි
සෙරොටොනීන් 80% ත් 90% ත් අතර නිශ්පාදනය වන්නේ ශරීරයේ ආමාශ අන්ත්රය තුළ යි. එය සුවදායක නින්දට මෙන් ම මනසේ සැහැල්ලුවට ඍජුවම බලපායි. එය බඩවැල් සහ මොළය අතර පවතින කිට්ටු සබඳතාවය අවබෝධ කර ගැනීමට කඳිම නිදසුනකි.
මානව ශරීරයේ පවතින සුන්දරත්වය මෙය යි. ඔබට උගුරට හොරා බෙහෙත් බීමට නොහැකි වන්නා සේ ම ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන්ට රහසේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වේදනාව, පාළුව සැඟවිය නොහැකිය.
මෙම ආන්ත්‍රික ස්නායු පද්ධතිය රෝගී විය හැකි ද? ඒ කුමන අවස්ථාවන්වල දී ද?
ප්රධාන වශයෙන් ඔබ ආහාර ශරීරයට ඇතුළත් කර ගන්නේ සතුටු සිතින් ද?
බඩවැල් මෙන් ම ආමාශය ආශ්‍රිතව ක්ශුද්‍ර ජීවීන් ට්‍රිලියන සියයක් පමණ වාසය කරයි.මෙම ක්ශුද්‍ර ජීවීන් ප්‍රමාණය ඉක්මවා විනාශ වීම හේතුවෙන් ඔබේ බඩවැල් හානි විය හැකිය. එසේම පටකවල කුඩා සිදුරු මතු වී ආහාර ජීර්ණ පද්ධතිය හරහා තරල කාන්දුවීම් සිදු විය හැකිය. එම විශ ශ්‍රාවයන් මොළය දක්වා ගමන් කරයි.
එබැවින් ශරීරයේ බඩවැල් මොළයට විශාල බලපෑමක් ඇති කරයි.
බඩවැල් දුර්වල වීමේ ලක්ෂණ කල් තියා හඳුනා ගන්නේ කෙසේද?
කෝපාවිෂ්ඨ බඩවැල් සින්ඩ්‍රෝමය කුමන ආකාර ද?
එය කාංසාවත් මානසික අවපීඩණයත් සමග ඍජුව සම්බන්ධ වූ තත්වය කි. මෙම රෝගී තත්වය පවතින පුද්ගලයන්ට බඩවැල් හරහා මොළයට එන සංවේදනාවන් පාලනය කිරීමට හැකියාවක් නොපවතියි. එහි ප්‍රතිථලයක් ලෙස
එසේනම් අප ප්‍රතික්ෂේප කළ යුතු ආහාර රටාවන් මොනවාද ?
බඩවැල් සඳහා ගුණ දායක ආහාර මොනවාද?
නමුත් ඔබ ප්‍රීබයෝටෙක් සහ ප්‍රෝබයෝටෙක් ආහාර ලබා ගන්නා විට පෝෂණ විශේෂඥ වෛද්‍යයවරයෙකුගෙන් විමසා බැලීම වටියි.
නමුත් මෙබඳු ආහාර ගැනීමට තරම් ඔබ වත්කමක් නොදරන අයෙක් නම් ඒ පිළිබඳ කණගාටු නොවන්න
මේ සඳහා සුදුසු වේ.
සමස්තයක් වශයෙන් ගත් විට අපගේ උදරයත් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාවත් අප සලකන්නේ ගැස්ට්‍රයිටීස්වල අතුරු ප්‍රතිථලයක් ලෙස ය. ඔබ හෝ ඔබගේ ආදරණීයයන්ට පවතින බොහෝ මානසික රෝගවලට හේතු වන්නේ ඔවුන්ගේ කායික රෝගී භාවය විය හැකිය.
එබැවින් ඔබේ රෝගවලට විසඳුම් සොයන වෛද්‍යයවරයා ඔබ නොවන බවත් ඔබට වැළදෙන සියලු ලෙඩ රෝග සමාන නොවන බවත් වටහා ගන්න. ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක oDoc ඇප් එක හරහා ආමාශ ආන්ත්‍රික විශේෂඥ වෛද්‍යයවරයෙකුට කතා කරන්න.
දැන්ම oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න
ආශ්‍රිත කියවීම්
As Sri Lanka rolls out its COVID19 booster program, we break down the answers to your most pressing questions. Firstly, what is a booster? A
Did you know that gestational diabetes mellitus, also known as GMD, is one of the most common medical complications of pregnancy? What is GMD? Why
With the cost of living rising rapidly by the day, the currency devaluing, and the country falling into economic decline, it is no surprise that
නවතම සෞඛ්‍යය උපදෙස් එසැණින් ඔබ වෙත ලබා ගන්න