සරලවම එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය යනු කුමක්ද?
අපගේ ගර්භාෂයේ ඇති පටක මාස් පතා බිඳ වැටීම හේතුවෙන් ඔසප් චක්‍රය සිදු වන බව අප කවුරුත් දන්නා විද්‍යාත්මක සත්‍යයකි. එම බිඳවැටීමට ලක් වන පටක යෝනි මාර්ගය හරහා පිටව යයි.
එහෙත් ගර්භාෂය ඇතුළත බිත්තියේ පවතින පටක සිරුරේ වෙනත් ස්ථානයන් හි හටගත්තොත්?
එවිට එම පටක බිඳ වැටෙන විට ඒවා රුධිරය හරහා පිටව යෑමට මාර්ගයක් නොමැති වුව හොත් එම පටක මිශ්ර රුධිරය අපව රෝගී තත්වයට පත් කරයි. අපි එය එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය ලෙස හඳුන්වමු.
බොහෝ විට එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය ඩිම්බකෝෂ, පැලෝපීය නාල,ගර්භාෂයෙන් පිටත පෘෂඨයේ බඩවැල්, උදර කුහරය තුළ ඇති වෙනත් අවයව තුළ හට ගනියි. එසේම ඉතා කලාතුරකින් උදර කුහරයෙන් පිටත එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය මතු විය හැකි ය
ශෝචනීය තත්වය නම් කාන්තාවන්ට සිය ජීවිත කාලය පුරාවටම මෙම රෝගී තත්වය පැවතිය හැකි වීම යි.එනම් ඊස්ට්‍රජන් හෝමෝනය ශරීරයේ නිපදවීමේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය උත්සන්න වෙන අතර ඔසප් චක්‍රය නැවතී ඇති අයෙකු තුළ මෙම තත්වය නොපවතින බව වෛද්‍යය අදහස යි.