Categories
Blog Article

මොළ ගෙඩියට ගිණි දෙන බඩවැල්

මොළ ගෙඩියට ගිණි දෙන බඩවැල්

Shares

අපගේ ශරීරය එකට එකක් සම්බන්ධව ක්‍රියා කරන එකම දම්වැලක පුරුක් වැනිය. සමස්ත ශරීරයේම ක්‍රියාවලිය ස්නායු පද්ධතිය මත තීරණය වන්නේ එහි ප්‍රතිථලයක් ලෙස ය. ඒ අනුව අපගේ මොළය බඩවැල් සමඟින් සමීපව ක්‍රියා කරයි. එබැවින් එයට මිනිසාගේ දෙවන මොළයට හා සමාන වටිනාකමක් හිමි වෙයි.

මෙය ආමාශයත් බඩවැලුත් සම්බන්ධ  කර ගනිමින් ක්‍රියා කරයි. එසේම ආමාශය පදනම් කරගත් ස්නායු පද්ධතියක් මගින් පාලනය කරයි. මෙම ස්නායු පද්ධතියේ ප්‍රමාණය මෙන් ම ක්‍රියාකාරීත්වය තරමක් විශාල වන අතර එහි සුශුම්නාවේ තරම් නියුරෝන සෛල ප්‍රමාණයක් අඩංගුව පවති යි. එය ආන්ත්‍රික ස්නායු පද්ධතිය ලෙස හඳුන්වයි. එය ආහාර ජීර්ණ පද්ධතියට ආවේණික වූ ස්නායු පද්ධතියකි.

මෙම ස්නායු පද්තියෙන් ඉටු වන කාර්යයක් පවතී ද? ඒ මොනවාද?

ඔවු. මෙම ආන්ත්‍රික ස්නායු පද්ධතිය ශරීරයේ අත්‍යවශ්‍ය කාර්යයන් රැසක් ඉටු කරයි

  • අපගේ ආහාර ජීර්ණ වීමේ ක්රියාවලිය පහසු කිරීම
  • ආහාර අවශෝෂණය කර ගැනීමට සහය දැක්වීම.
  • බඩවැල් ආශ්රිත රුධිර ප්‍රවාහනය කිරීම
  • බොහෝ අවස්ථාවන්වල දී අපගේ ශරීරයට අහිතකර සිතුවිලි සහ හැඟීම් සඳහා සංවේදී වෙයි
  • ශරීරයට හිතකර අයන කොටස් ශරීරය පුරා ප්‍රවාහනය කිරීමට සහය දැක්වීම
  • ආමාශයේ අභ්‍යන්තර ශ්‍රාවයන් සහ රුධිරය ප්‍රවාහනය කිරීමට සහය දක්වයි
  • මලපහ කිරීම පහසු කරවයි
  • සිතුවිලිවලට ප්‍රතික්‍රියා දැක්වීම
  • බඩවැල් ආශ්‍රිත බැක්ටීරියාවන්ගේ තුලිත භාවය ආරක්ෂා කිරීම
  • අපගේ මනසේ ක්‍රියාකාරිත්වයට සහ නින්දට ප්‍රධාන ලෙස අවශ්‍යය වන ‘සෙරොටොනින්’ නම් ශ්‍රාවය නිපදවීම.

 

සෙරොටොනීන් 80% ත් 90% ත් අතර නිශ්පාදනය වන්නේ ශරීරයේ ආමාශ අන්ත්රය තුළ යි. එය සුවදායක නින්දට මෙන් ම මනසේ සැහැල්ලුවට ඍජුවම බලපායි. එය බඩවැල් සහ මොළය අතර පවතින කිට්ටු සබඳතාවය අවබෝධ කර ගැනීමට කඳිම නිදසුනකි.

 මානව ශරීරයේ පවතින සුන්දරත්වය මෙය යි. ඔබට උගුරට හොරා බෙහෙත් බීමට නොහැකි වන්නා සේ ම ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන්ට රහසේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වේදනාව, පාළුව සැඟවිය නොහැකිය.

මෙම ආන්ත්‍රික ස්නායු පද්ධතිය රෝගී විය හැකි ද? ඒ කුමන අවස්ථාවන්වල දී ද?

  • ප්ධාන වශයෙන් මිනිසුන්ට නිශේධාත්මක හැඟීම් ඇති වීම.
  • ඔටිසම් රෝගියෙකු බවට පත් වීම ( ආමාශය ආශ්‍රිත ගැටළු බොහොමයක් ඇති පුද්ගලයන්ට මෙම තත්වය ඇති වෙයි)
  • බඩවැල් ආශ්‍රිත බැක්ටීරියා මිය යාම ( මෙම බඩවැල් ආශ්‍රිත බැක්ටීරියා බොහෝ ප්‍රමාණයක් අසමතුලිත වීම හේතුවෙන් ඔබව මානසිකව රෝගී කළ හැකිය).
  • නින්ද නොයාම මෙන් ම නින්ද ආශ්රිත ගැටළු මතු වීම
  • මානසික ආතතිය ඇති වීම.

ප්රධාන වශයෙන් ඔබ ආහාර ශරීරයට ඇතුළත් කර ගන්නේ සතුටු සිතින් ද?

 බඩවැල් මෙන් ම ආමාශය ආශ්‍රිතව ක්ශුද්‍ර ජීවීන් ට්‍රිලියන සියයක් පමණ වාසය කරයි.මෙම ක්ශුද්‍ර ජීවීන් ප්‍රමාණය ඉක්මවා විනාශ වීම හේතුවෙන් ඔබේ බඩවැල් හානි විය හැකිය. එසේම පටකවල කුඩා සිදුරු මතු වී ආහාර ජීර්ණ පද්ධතිය හරහා තරල කාන්දුවීම් සිදු විය හැකිය. එම විශ ශ්‍රාවයන් මොළය දක්වා ගමන් කරයි.

එබැවින් ශරීරයේ බඩවැල් මොළයට විශාල බලපෑමක් ඇති කරයි.

බඩවැල් දුර්වල වීමේ ලක්ෂණ කල් තියා හඳුනා ගන්නේ කෙසේද?

  • පාචනය
  • වණ ලේ ගැලීම
  • බඩේ වේදනාව
  • බර අඩුවීම
  • රක්තහීනතාවය
  • ඇස් දැවිල්ල
  • ආතරයිටිස්
  • පිළිකා තුවාල
  • සමේ කැක්කුම
  • බඩ ඉදිමීම
  • සන්ධි වේදනාව
  • උදර වේදනාව
  • මොළයේ ඉදිමීම
  • ශරීරයේ පවතින ඇසිඩ් ගතිය ( සැර )
  • කෝපාවිෂ්ඨ බඩවැල් සින්ඩ්‍රෝමය ( IBS – Irritable Bowel Syndrome )

කෝපාවිෂ්ඨ බඩවැල් සින්ඩ්‍රෝමය කුමන ආකාර ද?

 එය කාංසාවත් මානසික අවපීඩණයත් සමග ඍජුව සම්බන්ධ වූ තත්වය කි. මෙම රෝගී තත්වය පවතින පුද්ගලයන්ට බඩවැල් හරහා මොළයට එන සංවේදනාවන් පාලනය කිරීමට හැකියාවක් නොපවතියි. එහි ප්‍රතිථලයක් ලෙස

  • බඩවැල්වල පිහිටීම වෙනස් වීම
  • බඩවැල් ඉදිමීම සිදු වෙයි
  • මන්දපෝෂණය මතු වීම
  • ෆිටුලස් නැමති බඩවැල් බිත්ති හරහා විහිදෙන වණවීම්
  • ආහාර ජීර්ණ පද්ධතියේ සිදුරු මතු වීම
  • බඩවැල් කැඩීම සහ බඩවැල් අවහිරතා

එසේනම්  අප ප්‍රතික්ෂේප කළ යුතු ආහාර රටාවන් මොනවාද ?

  • ෆෲටොක්ස් අධික ඉරිගු සිරප් ( HCFS)
  • එළවළු සහ් බීජ තෙල්සූරියකාන්ත, කුංකුම, කැනෝලා, තල, සෝයා බෝංචි, ඉරිඟු, කහ ඇට
  • නයිට්රේට්, BHA සහ BHT වැනි කල් තබා ගන්නා ද්‍රව්‍යය.
  • කෘතිම ආහාර වර්ණක ( රතු 40, කහ 5)
  • කෘතිම රසකාරක

බඩවැල් සඳහා ගුණ දායක ආහාර මොනවාද?

  • නැවුම් එළවළු, පළතුරු සහ බෙරි ඇට
  • කොළ වර්ග
  • සින්ක්, යකඩ අඩංගු ආහාර
  • මේද මාළු
  • තේ – ප්‍රති ඔක්සිකාරකයක් මෙන් ම මොළයට හිත කරයි
  • අඳුරු චොක්ලට් – 70% කොකෝවා වැඩි බව විශාල ප්‍රති ඔක්සිකාරකයකි.
  • ඔමේගා ත්‍රී අඩංගු මස් අම්ල ( බිම් හණ ඇ, චියා බීජ, සැමන්, වෝල්නට්)
  • ප්‍රෝටීන් සහ කොලජන් ( මස් කටු සුප්)
  • ප්‍රෝබයෝටෙක් – ( යෝගට්, ගෝවා, කොම්බුචා, කිම්චි වැනි පැසුණු ආහාර)
  • ප්‍රීබයෝටෙක් – ඇපල්, අලි ගැට පේර, කෙසෙල්, සුදුළුෑණු, ඇස්පගරස්, වම්බටු, ඕට්ස්, රනිල කුලයට අයත් බෝග

 

නමුත් ඔබ ප්‍රීබයෝටෙක් සහ ප්‍රෝබයෝටෙක් ආහාර ලබා ගන්නා විට පෝෂණ විශේෂඥ වෛද්‍යයවරයෙකුගෙන් විමසා බැලීම වටියි.

 නමුත් මෙබඳු ආහාර ගැනීමට තරම් ඔබ වත්කමක් නොදරන අයෙක් නම් ඒ පිළිබඳ කණගාටු නොවන්න

  • වියලි බෝංචි
  • රනිල කුලයට අයත් බෝග/ පරිප්පු
  • බිත්තර
  • සුදුළුෑණු, ළුෑණු, බතල, ගෝවා, කෙසෙල්, ඕට්ස්, තේ

මේ සඳහා සුදුසු වේ.

සමස්තයක් වශයෙන් ගත් විට අපගේ උදරයත් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාවත් අප සලකන්නේ ගැස්ට්‍රයිටීස්වල අතුරු ප්‍රතිථලයක් ලෙස ය. ඔබ හෝ ඔබගේ ආදරණීයයන්ට පවතින බොහෝ මානසික රෝගවලට හේතු වන්නේ ඔවුන්ගේ කායික රෝගී භාවය විය හැකිය.

එබැවින් ඔබේ රෝගවලට විසඳුම් සොයන වෛද්‍යයවරයා ඔබ නොවන බවත් ඔබට වැළදෙන සියලු ලෙඩ රෝග සමාන නොවන බවත් වටහා ගන්න. ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක oDoc ඇප් එක හරහා ආමාශ ආන්ත්‍රික විශේෂඥ වෛද්‍යයවරයෙකුට කතා කරන්න.

දැන්ම oDoc ප් එක ඩවුන්ලෝඩ් කර ගන්න

 ආශ්‍රිත කියවීම්

  • කුපිතවන බඩවැල් සින්ඩ්‍රෝමය – IBS – රෝග ලක්ෂණ, ඉහළ කාංසාව මානසික අවපීඩනය සමග සම්බන්ධ වෙයි, healthconsultation.org
  • බඩවැල් සෞඛ්යය සහ ඔබේ මනෝභාවය, නොවැම්බර් 16, 2021, COVID Support VT, covidsupportvt.org
  • Why Gut Health = Your Health, Whole Health Nutrition
  • ආන්ත්‍රික ස්නායු පද්ධතිය සහ එහි භෞතවේදය, nsp-ie.org
Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog