oDoc

ඔබ වෙනුවෙන් oDoc

ඔබට වෛද්‍යවරයකු සමග එක් වෛද්‍ය හමුවක් පමණක් ලබාගැනීමට අවශ්‍ය ද? ඔබට වෛද්‍යවරයකු හමුවීමට අවශ්‍ය දිනය හා වෙලාව තෝරාගෙන oDoc හරහා මිනිත්තු කිහිපයක් ඇතුලත වෛද්‍ය හමුවක් වෙන්කරවා ගන්න. ඔබේ වෛද්‍ය හමුවට පෙර ඊට අදාළ සටහන් සහ ඡායාරූප වෛද්‍යවරයා වෙත යවා ඔබේ නිවස තුල සුව පහසුවෙන් හිඳිමින් ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාගන්න.

oDoc පවුල

oDoc ග්‍රාහක පැකේජයක් භාවිතා කර ඔබට සහ ඔබේ පවුලේ අයට හොඳින්ම ගැළපෙන සෞඛ්යය සැලැස්මක් තෝරාගෙන අසීමිත ලෙස වෛද්‍යවරුන් සමග සම්බන්ධ වන්න.

oPharma

ඔබට අවශ්‍ය ඖෂධ සොයාගැනීම සඳහා ඔබ කොපමණ ඔසුසැල් ප්‍රමාණයකට යනවාද? ඔබට නිතරම ඔබේ ඖෂධ නැවත පිරවීමට අවශ්‍ය ද? ඔබ ඔසුසැල් වෙත යන ගමන් වාර ගණන අඩු කිරීමට අපට ඉඩ දෙන්න. අප ඔබේ ඖෂධ සහ අනෙකුත් සෞඛ්‍යය නිශ්පාදන ඔබේ නිවසටම ගෙනැවිත් බාර දෙන්නෙමු!

oLabs

ඔබේ රසායනාගාර පරීක්ෂණ සිදුකිරීම සඳහා රෝහලක් වෙත පැමිණීමට හැකියාවක් නැතිද? රෝහල තුලදී ඔබ අනෙකුත් රෝගීන් වෙත නිරාවරණය වේ යැයි බියෙන් පසුවනවාද? ඔබේ නිවස තුල සුව පහසුවෙන් ඉන්නා අතරතුර oLabs හරහා අඩු මිලකට ඔබේ පරීක්ෂාවන් සිදු කරගන්න. අපගේ කණ්ඩායම පැය 2 ක් ඇතුලත ඔබ වෙත පැමිණ පරීක්ෂා කිරීම සඳහා ඔබේ නියැදි ලබා ගනු ඇත.

කොවිඩ්-19 සඳහා තක්සේරුවක් ගැනීමේ මෙවලම

ඔබට උණ හෙම්බිරිස්සාව වැනි රෝග ලක්ෂණ තිබේද? එය කොවිඩ්-19 විය හැකිදැයි සැකයක් ඇත්ද?
රෝහලක් වෙත යෑමට ප්‍රථම ඒ ගැන ස්වයං තක්සේරුවක් සිදුකරන්න.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ මාර්ගෝපදේශයන්‍ට අනුව කෘතිම බුද්ධි වැඩසටහනක් මගින් මෙහෙයවෙන කොවිඩ්-19 තක්සේරු කිරීමේ මෙවලම භාෂා 6 කින් ඇත. මෙම මෙවලමට කොවිඩ්-19 හි ප්‍රධාන රෝග ලක්ෂණ ගැන පමණක් නොව ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් හඳුනාගෙන ඇති අනෙකුත් රෝග ලක්ෂණ හා අනතුරු පිළිබඳවද අවධානය යොමු කරමින් සෑම අවස්ථාවක් ගැනම සළකා බලා නිරවද්‍ය නිර්දේශ ලබාදිය හැකිය.

si_LKසිංහල