Categories
Blog Article

Your little boy’s shift from squeaky to deep! – Parents, here’s what your teen needs to know

පුතා දැන් ලොකු ළමයෙක්

Shares

අපේ කොල්ලා දැන් ලොකුයි නේ, ඉතින් දැන් ඉස්සර වගේ නෙමෙයි. කවුරු හරි ආවම කාමරේට රිංග ගන්නවා…”

දැන් ඉස්සර වගේ නෙමෙයි, කර ඳඬු උස් මහත් උනාම මුන්ට අම්මා තාත්තවත් මතක නැහැ. එකට එක කියනවා..”

ඉහත සඳහන්ව ඇත්තේ තම පුතණුවන් පිළිබඳව මවු-පිය අදහස් කිහිපයකි. ලංකාව තුළ ගැහැනු දරුවෙකුගේ වැඩිවියට පැමිණීම පිළිබඳ විශේෂයෙන් කතා කළත් පිරිමි දරුවන්ගේ වැඩිවියට පැමිණීම පිළිබඳව කතා කරන්නේ ඉතාමත් අල්ප වශයෙන් ය.

එයට හේතුව වන්නේ ලාංකික සමාජය තුළ පිරිමි දරුවා යනු ගැහැනු දරුවන් මෙන් එතරම් විශේෂ සැලකිල්ලක් දැක්වීමට අවශ්‍යය පුද්ගලයන් පිරිසක් නොවන බවට ඇති මතයයි. එසේනම්,

පිරිමි දරුවෙකු වැඩිවියට පත් වීම යනු කුමක්ද?

පිරිමි දරුවෙකුගේ ශරීරය සහ මනස හෝමෝන වෙනස්කම්වලට ලක් වීම වැඩිවියට පැමිණීමේ අර්ථයයි. එනම්,

  • වෘෂණ කෝෂ සක්‍රීය වීම
  • ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශ්‍රාවය වීම
  • හැසිරීම වෙනස් වීම සහ ශරීර වර්ධනයයි

ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව එහි අර්ථය නම්, ළමා කාලයත් වැඩිහිටි අවධියටත් අතරමැදි අවස්ථාවට එළඹීමයි.

සාමාන්‍යයයෙන් පිරිමි දරුවන් වයස අවුරුදු 9 ත් 14 ත් අතර කාලයේ දී වැඩිවියට පත් වෙයි.පිරිමි දරුවන්ගේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ක්‍රියා කිරීම ආරම්භ වීම එයට හේතුවයි.

සරලවම දරුවා පිය පදවිය ලැබීමට සූදානම් කිරීමේ ශාරීරික, මානසික සැකසීම මෙමගින් සිදු වෙයි.

පිරිමි දරුවෙකු වැඩිවියට පැමිණි බවට ඇති ශාරීරික ලක්ෂණ මොනවාද ?
  • ශරීරය උසින් සහ බරින් වැඩි වීම
  • මුහුණේ කුරුලෑ ඇති වීමට පටන් ගැනීම
  • කිහිලි, ලිංගේන්ද්‍රය සහ පපුවේ රෝම මෙන් ම මුහුණේ රැවුල ඇති වීම
  • ශුක්ර මෝචනය ආරම්භ වීම
  • ලිංගික අවයව විශාල වීම
  • ස්වරාලය ඉදිරියට නෙරා ඒම
  • කටහඬ ගොරෝසු වීම
  • උරහිස පළල් වීම සහ මස්පිඬු වර්ධනය
 පිරිමි දරුවෙකු වැඩිවියට පත් වීමත් සමග ඔහුගේ සිතුවිලි සහ හැසිරීමේ වෙනස්කම් මොනවාද ?
  • විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ෂණය වීම
  • යහළුවන් සමග මිත්‍රකම් වැඩි වීම
  • දෙමාපියන්ගේ අදහස්වලට වඩා මිතුරන්ගේ අදහස් පිළිගැනීම
  • කුතුහලය
  • තනිව සිටීමට ඇති කැමැත්ත
  • තනි තීරණ ගැනීම
  • දෙමාපියන් නුරුස්සන බව
  • අවධානම් ක්‍රියාවලට යොමු වීමට ඇති කැමැත්ත
  • වගකීම් ගැනීමට ඇති සූදානම

 

යොවුන් පිරිමි දරුවන්ගේ “තෙත් සිහින” යනු මොනවාද ?

 තෙත් සිහින යනු, ශුක්‍ර මෝච්නය වන ආකාරයේ ලිංගිකත්වය මත පදනම් සිහින දැකීමයි. මෙය දරුවාගේ වරදක් නොවේ.එය අතිශය ස්වභාවික කාරණාවකි.

මෙවන් අවස්ථාවන්වල සිය දරුවාට අමතර ඇඳ ඇතිරිලි ලබා දීම මෙන් ම ශාරීරික පිරිසිදු භාවය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වෙයි.

වැඩිවියට පත් වූ පිරිමි දරුවෙකුට අවශ්‍යය පෝෂණ අවශ්‍යයතා මොනවාද ?
  • නැවුම් එළවලු සහ පළතුරු ආහාරයට ලබා දීම
  • තත්තුමය ආහාර වැඩිපුර කෑම වේලට එකතු කර ගැනීම ( ආහාර දිරවීමට මෙන් ම මල පහ පිට වීමට උපකාර කරයි)
  • මස්පිඬු වර්ධනයට අවශ්‍යය ප්‍රෝටීන් බහුල ආහාර ප්‍රමාණවත් අයුරින් ආහාරයට එකතු කර ගැනීම ( මස්, මාලු, කිරි, බිත්තර, ධාන්‍යය වර්ග)
  • අස්ථි වර්ධනයට අවශ්‍යය කැල්සියම් සහ විටමින් බහුල ආහාර ලබා දීම
  • ප්‍රමාණවත් අයුරින් ව්‍යායාම සහ ක්‍රීඩාවල නිරත වීම
  • දිනකට අවශ්‍යය පැය 9 ත් 12 ත් අතර නින්දක් ලබා ගැනීම
  • ප්‍රමාණවත් අයුරින් ජලය පානය කිරීම
  • දරුවන්ට ප්‍රෝටීන් සහ විටමින් ලබා දීමේ දී නියමිත වෛද්‍යය උපදෙස් මත ලබා දිය යුතු අතර හිතුමතයට විටමින් වර්ග ලබා දීමන් අතුරු ආබාධ මතු විය හැකිය.
යෞවනත්වයට පත්ව ඇති දරුවන් සිටින දෙමාපියන්ගේ යුතුකම් මොනවාද ?
  • හෝමෝන වෙනස්කම් හේතුවෙන් දරුවාගේ දහඩිය දැමීම සහ දුර්ගන්ධයන් මතු විය හැකිය

එවන් අවස්ථාවක දී,

  1. සුදුසු ඩියෝඩ්‍රන් වර්ගයක් ලබා දීම
  2. සිරුර පිරිසිදු කර ගැනීමට අවශ්‍යය පිරිසිදුකාරක ලබා දීම
  3. දිනපතා යට ඇඳුම් සහ ටී – ශර්ට් මාරු කරන බව සොයා බැලීම
  4. කපු හෝ වෙනත් ස්වභාවික කෙඳි අඩංගු යට ඇඳුම් ලබා දීම සිදු කළ හැකිය
  • දරුවාගේ ශුක්‍රාණු නිපදවීමේ හැකියාව හේතුවෙන් ලිංගික ආශාවන් කෙරෙහි ඇල්මක් දක්වයි. එවන් අවස්ථාවලදී තම දරුවා සමච්චලයට ලක් කිරීමෙන් වලකින්න
  • දරුවාගේ ආහාර මෙන් ම සනීපාරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන්න
රුවාට අවශ්‍යය කරන පුද්ගලිකත්වය ( Privacy ) ලබා දෙන්න
පිරිමි දරුවෙකු වැඩිවියට පැමිණීම ප්‍රමාද විය හැකි ද? ඒ ඇයි?

 ඔවු. පිරිමි දරුවෙකු වැඩිවියට පත් වීම ප්‍රමාද විය හැකිය. ඒ සඳහා ප්‍රධාන හේතු තුනක් පවතියි. එනම්,

  • පවුලේ ජානමය බලපෑම
  • පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝන ශ්‍රාවය කිරීම ප්‍රමාද වීම
  • වෘෂණ කෝෂවල පවතින ගැටලුකාරී තත්වයන්

මෙවන් අවස්ථාවක් ඔබ ඔබේ දරුවා පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු අවස්ථාවක් වන අතර ඔබට එවන් වෙනසක් දැනුණ වහාම නියමිත ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු වෙත දරුවා යොමු කළ යුතු ය.

 යොවුන් පිරිමි දරුවෙකු සිටින දෙමාපියන් ඔවුන් සමග කටයුතු කළ යුත්තේ කෙසේද?
  • සුළු වරදටත් දරුවාට බැන වැදීමෙන් වලකින්න.
  • වරදක් පෙන්වා දෙන විට එම වරද පමණක් වැරදි වන අතර දරුවා වැරදි නොවන බව ඔවුන්ට දැනෙන්නට හරින්න
  • දරුවා කුතුහලයෙන් අසන ප්‍රශ්නවලට ඉවසීමෙන් උත්තර දෙන්න ( පැහිච්චකම, පණ්ඩිතකම වැනි වචන භාවිත කරමින් අවමානයට ලක් නොකරන්න)
  • දරුවා පිළිබඳ දෙමාපියන්ගේ පිළිගැනීම සහ ගෞරවය දරුවාට දැනෙන්නට සලස්වන්න
  • අලුත් දේවල් ඉගෙනීමට උදවු කරන්න
  • යහලු යෙහෙළියන් සමග කාලය ගත කිරීමට ඉඩ හරින්න
  • දරුවාගේ ආත්ම ගෞරවය නිරන්තරයෙන් ආරක්ෂා කරන්න
  • දරුවාට අණ කිරීම් සිදු කරන පාලකයෙකු නොවී මිත්‍රයෙකු වන්න
  • දරුවාට සවන් දෙන්න
  • දරුවාගේ නිර්මාණශීලීභාවයට ඉඩ දෙන්න
  • සැම විටම කුඩා දෙය වුව ද අගය කරන්න
  • දරුවාට ඳඬුවමක් ලබා දීමට පෙර ඔබගේ කෝපය පාලනය කර ගන්න
  • දරුවාගේ අඩුපාඩුකම් පිට මිනිසුන් ඉදිරියේ විවේචනය කිරීමෙන් වලකින්න
  • ඔවුන් මානසික ගැටලුවකට මුහුණ දී සිටින බව හැඟේ නම් සුදුසු මනෝ වෛද්‍යයවරයෙකු වෙත යොමු කරන්න
  • දරුවාගේ විශ්වාසය දිනා ගන්න

 දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතා සියුම් අයුරින් සිදු කළ යුතු ය. ඔබගේ දරුවාගේ පුද්ගලිකත්වය සහ රහස්‍යය භාවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම නිවසේ සිට වුව ද කළ හැකි බව ඔබ දන්නවා ද? oDoc ඇප් එක මගින් නිවසේ සිට පැය 24 පුරා වෛද්‍යයවරුන්ගේ සහය ලබා ගන්න. ඔබගේ කාලය, ශ්‍රමය ඉතිරි කර ගන්න.

ආශ්‍රිත කියවීම්

  • Nutrition and pubertal development, Ashray Soliman – Vineerzo De Sanctis – Rania Elalaily, Indian Journal of Endocrinology and Metabolism
  • Puberty, John Hopkins All Children Hospital, www.hopkinsallchildrenhospital.org
  • Adolescent health, WHO, www.who.int
  • The stages of Puberty in Boys, 23 May 2020, Barbara poncelet
  • වැඩිවියට පැමිණියොත් ඔබේ පුතාට උදවු කරන්නේ කෙසේද? , ජෙනිෆර් ඕ ඩොනෙල්, drafare.com
  • මල්වරය පමා වුණොත් පිරිමි ළමයින්ටත් අතුරු ආබාධ, 31 මාර්තු 2018, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමුදු නිමාලි සෙනෙවිරත්න, සිළුමිණ
  • ගුරු හඳින් යොවුන් සිතට, 2011, පවුල් සෞඛ්‍යය කාර්යංශය, සෞඛ්‍යය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, health.gov.lk
Shares
Categories
Blog Article Women's Health

The Second Trimester

The Second Trimester

Shares

They say there is no better feeling than the movement of life inside of you and that is the most magical thing about the second trimester of pregnancy. You can feel the life inside you. 

By the second trimester, you probably are more used to all the changes you have been experiencing the last 12 weeks. So let’s have a look at what’s in store for the next 13 weeks of your pregnancy. 

If you haven’t read our blog on the First Trimester yet, we’d suggest you start there and then hop back to this. 

When does the second trimester of pregnancy start?

The second trimester of pregnancy starts at the beginning of week 13 and goes up all the way till the end of week 26. 

So, what changes happen to the body during the second trimester?

Breast tenderness reduces, nausea begins to cease, and adjustment to estrogen and progesterone levels occurs. Other changes that happen to your body are: 

  1. Increase in appetite as your baby starts to grow 
  2. Aches in your lower abdomen may occur as your uterus expands to make space for the abby. This puts pressure on the surrounding muscle and ligaments, causing cramps and pains. A warm bath, relaxation exercises, changing your body’s position, or pressing a hot water bottle wrapped in a towel to your lower belly can help ease the pain. 
  3. Increase in weight due to the increase in appetite
  4. The increase in weight can also cause backaches 
  5. Bleeding gums due to changes in hormone levels sending more blood to your gums, making them more sensitive and increasing the likeliness of bleeding. 
  6. Some women may experience tightening in their uterus walls for a minute or two (also known as Braxton-Hicks contractions). This is very normal and isn’t a sign of natural labour. 
  7. Further enlargement of breasts occurs as the mammary glands prep for lactation. 
  8. Congestion occurs as the mucus membranes lining your nose swells, leading to a stuffy nose. Your nose may tend to bleed more easily too.
  9. Some women may experience dizziness as the growing uterus presses against the blood vessels, reducing blood reaching your brain. 
  10. Unwanted hair growth
  11. Headaches 
  12. Increased Progesterone levels cause heartburn as it relaxes the muscle responsible for keeping acids in your stomach.
  13. Varicose veins may occur as extra blood flows through them and the growing uterus exerts additional pressure. 

Sounds a bit scary doesn’t it? But do not worry, it’s a few weeks of hardship for a lifetime of happiness. As soon as you see your little one’s face, all the hardship will be forgotten in seconds. 

It is important to note that these symptoms may or may not be experienced by all women, and the severity, occurrence and duration of these changes can change from woman to woman. 

 So, what changes does the baby go through?

It is said that the second trimester of pregnancy marks a changing point not only for the mother but for the baby too. This is when the fetus grows into a baby. All organs and systems are fully formed by the second trimester. During the second trimester, your baby will grow from around 7.5cm and weigh 30 grams in the 13th week to approximately 23cm and 820 grams by the end of the second trimester. Their heart moves 100 pints of blood a day. During the second trimester, the fetus begins to move and starts kicking. The mother can feel this, and it is known as quickening and trust me, this feeling is unmatchable. 

The baby grows eyelashes and eyebrows during the second trimester and it’s eyes and ears are formed so your baby can hear your voice when you speak. It is encouraged you speak to them to give them company. Their tiny fingers and toes separate and grow nails too. Development of reflexes such as swallowing and sucking also occurs. The baby starts reacting to external stimuli and starts interacting with the outside world while being inside

A fetus born at 24 weeks may survive in a neonatal intensive care unit.

If you experience any of the following, please seek medical help urgently.

  • Severe abdominal pain or cramping
  • Bleeding
  • Severe dizziness
  • Rapid weight gain (more than 6.5 pounds per month) or too little weight gain (less than 10 pounds at 20 weeks into the pregnancy)
  • Jaundice
  • A lot of sweating

These are signs that something could be wrong with your pregnancy. You should speak to your VOG doctor as soon as possible if you are experiencing any of the symptoms mentioned above.  

The second trimester of pregnancy is the best time to start building your birth plan. To know more about how to create your birth plan, click here. You can also consult a VOG doctor at any time and from the comfort and safety of your home via the oDoc app.

Source 

  1. Watson, S. (2010, February 4). Second Trimester of Pregnancy. WebMD. Retrieved January 11, 2022, from https://www.webmd.com/baby/guide/second-trimester-of-pregnancy#7
  2. The Second Trimester. (n.d.). Johns Hopkins Medicine. Retrieved January 11, 2022, from https://www.hopkinsmedicine.org/health/wellness-and-prevention/the-second-trimester
  3. Second trimester. (n.d.). Pregnancy Birth and Baby. Retrieved January 11, 2022, from https://www.pregnancybirthbaby.org.au/second-trimester
  4. Mayo Clinic. (2020, February 27). 2nd trimester pregnancy: What to expect. Retrieved January 11, 2022, from https://www.mayoclinic.org/healthy-lifestyle/pregnancy-week-by-week/in-depth/pregnancy/art-20047732?reDate=11012022
Shares

Similar Articles...

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

New Year Resolutions You Can Actually Keep

අලුත් අවුරුද්දේ අපි ඇත්තටම අලුත් උනා ද?

Shares

අපේ ජීවිතය අසාර්ථක වීමට ප්‍රධානතම හේතුව වන්නේ අප විසින්ම පවත්වාගෙන යන වැරැදි පුරුදු සහ ඇබ්බැහිකම් ය. ශරීරය පවත්වා ගැනීමට නිවැරදි ආහාර රටාවක් පිළිපැදීමට නොහැකි වීම නිසා අද වන විට බොහෝ තරුණ පිරිස් විවිධ රෝගයන්ට ගොදුරු වීම දැකිය හැකිය. එයට හේතුව වන්නේ අපගේ සිංහල සමාජය තුළ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන වැරදි, සිරිත් සහ අර්ථකථනයි.එනම්,

  • විවාහයෙන් අනතුරුව ශරීර සෞඛ්‍යය පිළිබඳව සිතීම අනිවාර්ය නොවේ.
  • කෙට්ටු සිරුරක් ඇති කෙනෙක්ට ආහාර පාලනයක් හෝ ව්‍යායාම අවශ්‍යය නොවේ
  • දරුවන් සිටින දෙමාපියන් සිය ශරීරය පිළිබඳ සිතීම අනවශ්‍යයයි
  • අධික කම්මැලිකම
  • කෘතිම ආහාර සඳහා පවතින අධික කෑදරකම ( Foodie සංස්කෘතිය )
  • ව්‍යායාම කිරීම විලාසිතාවක් ලෙස දැකීම

නමුත් ශරීරය පිළිබඳ සැලකිලිමත් වීම ශරීරයේ හැඩය පවත්වාගෙන යන අයට පමණක්ම නොව ලෙඩරෝගවලින් ආරක්ෂා වීම සඳහා එක ලෙස වැදගත් වෙයි.

එබැවින් නව වසරේ ඔබේ සෞඛ්‍යය පුරුදු නිවැරදිව පවත්වා ගැනීමට oDoc අපි විසින් ඔබ වෙනුවෙන් අවුරුදු ත්‍යාගයක් ලෙස මෙම ලිපිය නිර්මාණය කළෙමු.

  •  සීනි බහුල ආහාරපාන රටාවන්ගෙන් ඈත් වෙමු

 බොහෝ රසායනික පානයන් එනම් පැණි බීම, මත්පැන් වර්ග, අධික සීනී ප්‍රමාණයක් අඩංගු කැවිලි වර්ග, කේක් යනාදී දෑ නව වසර තුළ ඔබ වැඩිපුර ලබා ගන්නට ඇත. ඔබ සීනි රහිත කෘතිම  ආහාර සහ බීම වර්ග ගන්නෙක් නම් ඒ මගින් ද ඔබට අතුරු ආබාධ අනූ දෙකකට ආසන්න ප්‍රමාණයක් ඇති විය හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එනම්

  • හිසරදය
  • කාංසාව
  • ශරීරයේ බර ඉහල යාම
  • විශාදය
  • ස්නායු ආබාධයන් වැනි රෝග

පසු කාලීනව ඇති විය හැකිය. එසේම අසීමිත ලෙස පළතුරු වර්ග ප්‍රධාන ආහාරවේල් ලෙස හිතුමතේට   ශරීරයට ලබා ගැනීම් මගින් ද ඔබ දියවැඩියාව තත්වයට පසුකාලීනව ගොදුරු විය හැකිය. එබැවින් ඔබ නිරතුරුව ඔබගේ ආහාර රටාවන් කළමනාකරණය කිරීම් නිවැරදි උපදෙස් මත සිදු කළ යුතු වෙයි.

  • ප්‍රමාණවත් නින්දක් ලබා ගනිමු

බොහෝ පුද්ගලයන් රාත්‍රී නින්දට පෙර හෝ නින්ද යන අතරතුරත් ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක භාවිත කිරීමට පෙළඹෙයි. නමුත් රාත්‍රියේ නින්දට ‍යන අතරතුර ඔබගේ ජංගම දුරකථනය මගින් ලැබෙන ආලෝකය ඔබගේ ස්නායු පද්ධතියට බලපෑම් කරන බව ඔබ දැන සිටියා ද? එබැවින් රාත්‍රී නින්දට පැයකට පමණ පෙර ඔබගේ සියලු ඔන්ලයින් කටයුතු නවතා ශරීරයට විවේකයක් ලබා දිය යුතු ය. එසේම පැය අටකවත් නින්දක් ලබා ගත යුතු අතර රාත්‍රී නින්දට පෙර කැෆේන් අඩංගු ආහාර ලබා නොගැනීමට කටයුතු කරන්න.

  • අපේ පවුලේ අය සහ යහලු මිත්‍රාදීන් සමග වැඩියෙන් කතා කරමු

 කොරෝනා සමයේදී අපි විශාල ලෙස ජංගම දුරකථන, පරිගණකවල සිර වුණෙමු. එයට පෙර සිට වුව ද අප පවත්වන්නා වූ ආදර සබඳතා හේතුවෙන් අප සියලු දේවල් ජංගම දුරකථනයකට සීමා කළෙමු. නමුත් සියලු දෙය වෙනස් වුවත් මේ ලෝකයේ සදාකාලික පැවැත්ම රඳා පවතින්නේ අන්තර් පුද්ගල සබඳතා මතයි ( Inter relationships ) අම්මා-තාත්තා, සහෝදර-සහෝදරියන් මිතුර-මිතුරියන්, සැමියා-බිරිඳ සමගින් ගෙවන කාලය ඔබව කායික සහ මානසිකව සුවපත් කරයි.

අතීතයේ ජනයා විශාල වශයෙන් සාමූහිකව බැඳී සිටි අතර ඔවුන්ට කිසිම දිනෙක විශාදය, කාංසාව වැනි මානසික ගැටලු නොවීය. එසේම ඔවුන්ගේ ගතිගුණ සහ ආකල්ප අතින් බොහෝ පොහොසත් මිනිසුන් විය.

  • සුදුසු ව්‍යායාම සහ සමබර ආහාර රටාවකට හුරු වෙමු

 බොහෝ පුද්ගලයන් තමන්ට දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය වැනි රෝග වැළඳීමෙන් අනතුරුව ව්‍යායාම සහ කෑම පාලනය කිරීම නවත්වයි. නමුත් ඉහත රෝගී තත්වයක් පවතින පුද්ගලයෙකුට වුවත් නියමිත වෛද්‍යය උපදෙස් මත සිදු කළ යුතු ව්‍යායාම පවතියි.එසේම තමන්ගේ ශරීරය කෙට්ටු කිරීමට හෝ මහත් කිරීමට තමන්ගේ ප්‍රධාන ආහාර රටාවන් හිතුමතයට වෙනස් කිරීම විවිධ රෝග තත්වයන් මතු කළ හැකිය. එවන් අවස්ථාවක ඉතාමත් පහසුවෙන් තම ජංගම දුරකථනයෙන් oDoc ඇප් එක හරහා වෛද්‍යය උපදෙස් ලබා ගැනීමට ඔබට පහසුකම් පවතියි.

  • පරිගණක සහ ජංගම දුරකථන ඉදිරියේ ගත කරන කාලය සීමා කරමු

 නූතන මවු වරුන් තම දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ජංගම දුරකථන ලබා දීමට කටයුතු කරයි. බොහෝ විට වීඩියෝ ක්‍රීඩාවලට දරුවා හුරු කරවන අතර ඇතැම් ක්‍රීඩා මගින් දරුවාගේ මොළය පමණක් නොව සිතුවිලි ද වෙනස් කරවයි.

මෑතක දී එක තරුණ මවක් සිය අවුරුදු 6 දරුවා වීඩියෝ ක්‍රීඩා කරන ආකාරය පිළිබඳ පැවසූයේ,

“බලන්න අද කාලේ දරුවන්ගේ දක්ෂකම. එයාම තනියෙන් වීඩියෝ ගේම් ඩවුන්ලෝඩ් කරගෙන හරි දක්ෂ විදියට සෙල්ලම් කරනවා” යනුවෙනුයි.

 නමුත් මොබයිල් ඩෝපමීන් ( Mobile Dopamine ) මගින් ඔබේ දරුවා මානසික ඇබ්බැහි කරුවෙක් කර විනාශ කිරීමක් සිදු කරයි. එහි විපාකය වැටහෙන විට ඔබ බොහෝ ප්‍රමාද වී සිටිය හැකිය. එබැවින් හැකිතාක් දරුවන්ව ජංගම දුරකථනවලින් ඈත් කරන්න.

එසේම එය කුඩා දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා බලපෑම් කරයි.

  •  මානසික සුවය වෙනුවෙන් කාලය වෙන් කරවා ගමු

සියලු මානසික ගැටලුවලට ප්‍රධානතම හේතුව වන්නේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, සැකයයි. මෙම ඍණාත්මක දේවල් ශරීරයට විශ ලෙස ක්‍රියා කරන අතර පසු කාලීනව අපව රෝගීන් බවට පත් කරයි. එබැවින් නිරතුරුව භාවනා ක්‍රම මෙන්ම ධනාත්මක සිතුවිලි ඇති පුද්ගලයන් ඇසුරු කිරීමට යොමු වන්න. එසේම ඔබ යෝගා ව්‍යායාමවලට යොමු වනවා නම් නිවැරදි ලෙස ගුරුවරයෙකු යටතේ සිදු කළ යුතු වන අතර අන්තර්ජාලයේ පවතින යෝගා ව්‍යායාම හිතුමතේට සිදු කිරීමෙන් වලකින්න.

එසේම නිරන්තරයෙන් ඉක්මණින් සමාව දෙන නම්‍යශීලී පුද්ගලයෙකු වන්න. සියලු පුද්ගලයන්ට කරුණාවන්ත වීම මගින් ඔබගේ මනස සුවපත් කරයි.

  • ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමු

 ශරීරයට අවශ්‍යය කරන නියමිත ජල පරිමාව ලෙස වැඩුණු පිරිමියෙකු දිනකට ජලය ලීටර් 3.7 ක් ද වැඩුණු ගැහැණු කෙනෙකු දිනකට ලීටර් 2.5 ක් ද ශරීරයට ගත යුතු ය. ශරීරයට දිනකට ලැබිය යුතු ජල ප්‍රමාණය මගින් ඔබේ සම සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය පහසු කරවයි.

  • අපි අපගේ දන්ත සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වෙමු

 බොහෝ පුද්ගලයන්ට පවතින ගැටලුවක් ලෙස දත් මැදීමෙන් අනතුරුව මුඛයේ ඇතිවන දුර්ගන්ධය තත්වය දැකිය හැකිය. එවන් විට ඇතැම් අය චුයින්ගම් වැනි දේවල් දුර්ගන්ධයෙන් අවම කිරීමට භාවිත කරයි. නමුත් එමගින් ඔබගේ දත් සහ දත් මුල් තව තවත් රෝගී වෙයි. බොහෝ මුඛයන්හි ඇති වන දුර්ගන්ධයන්ට හේතුව වන්නේ දත් මුල් දිය වීමයි.

වෛද්‍යය උපදෙස් නොමැතිව ජනප්‍රිය දන්තාලේප සහ මුඛ සේදුම් ( Mouth Wash) භාවිත කිරීම හේතුවෙන් ඔබ නොසිතූ අයුරින් ගැටලු මතු විය හැකිය.

එබැවින් ඔබ මාස හයකට වරක්වත් දන්ත වෛද්‍යයවරයෙකු ලවා ඔබගේ දත් පරීක්ෂා කර ගැනීම අනිවාර්යය වෙයි. මෙවන් අවස්ථාවක ඔබට ඇතිවන ඕනෑම ගැටලුවකට දවසේ ඕනෑම වේලාවක oDoc මගින් දන්ත වෛද්‍යය සහය ලබා ගත හැකිය.

අලුත් අවුරුද්දේ අපේ කාලය ශ්‍රමය ඉතිරි කර ගමු,  අලුත් අවුරුද්ද අර්ථවත් ලෙස ගත කරමු

රෝගයක් ඇති වීම හෝ රෝග සම්බන්ධයෙන් නිශ්චිත වේලවක් නැත. එබැවින් ඔබට පැය 24 තුළ ඕනෑම වේලාවක දී  වෛද්‍යයවරයෙකු සමග කතා කිරීමේ අගනා පහසුකම oDoc ඇප් එක මගින් ලබා ගත හැකිය.

ආශ්‍රිත කියවීම්

  • How to tell if you could be addicted to your phone, Thimothy J. Legg.Phd, Healthline, www.healthline.com
  • Sugar – free foods can be dangerous, Anand Holla, Nov 15,2017, timesofindia.com
  • Top tips for healthy living, Nothambria Healthcare, www.nothambria.nhs.uk
  • Beginner’s Guide to Healthy Eating, Healthline, 2021
  • 5 Tips for Healthy Skin, Mayo Clinic, 2019
Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog