
All you need to know about Gestational Diabetes
Did you know that gestational diabetes mellitus, also known as GMD, is one of the most common medical complications of pregnancy? What is GMD? Why
දරුවෙකු බිහි කිරීමට සැලසුමක් කියූ විට යමෙක්ට මුවගට සිනහවක් පැමිණිය හැකි ය. මන්ද දරුවෙකු බිහි කිරීම කොහේ හෝ රෝහලක සිදු වීම පමණක් ප්‍රමාණවත් යැයි අප දරණ මතය හේතුවෙන් ය. නමුත් නව ජීවියෙකු ලෝකයට බිහි කිරීම යන කාරණාවේ දී මව සහ දරුවා යන දෙදෙනාම සමාන වැදගත්කමින් යුක්ත ය. නවීන ලෝකය තුළ දරුවෙකු බිහි කිරීම සම්බන්ධයෙන් ඉතා විශාල වෙනස්කම් රාශියක් පහසුව පිණිස යෙදී ඇති අතර දරුවෙකු බිහි කිරීම සම්බන්ධයෙන් මවගේ අදහස් ද නූතනය වන විට වඩා වැදගත් කොට සලකයි.
සරලවම උපත් සැලසුමක් කියන්නේ දරු ප්‍රසූතිය සිදු විය යුතු ආකාරය මෙන් ම දරු ප්‍රසූතියෙන් පසුව සිදු වන සිදුවීම් පිළිබඳව ඔබේ කැමැත්ත මත සදන දළ වාර්තාවකි.
ගර්භණී සමයේ හෝ දරු ප්‍රසූතියේදී හෝ දරුවා බිහි වූ පසුව සිදු විය හැකි අනපේක්ෂිත සිදුවීම් වලක්වා ගැනීම සඳහා උපත් සැලසුමක් වැදගත් වෙයි. එසේම,
යනාදී හේතු මත පදනම්වයි.
දැක්විය හැකිය.
යනාදී තත්වයන් තුළ සිටින කාන්තාවන්ට උපත් සැලසුමක් බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි
ප්‍රසූතිය අවස්ථාවේදී
දරුවා බිහි වූ පසුව,
දැක්විය හැකිය.
මෙම සියලු දේවල් ඔබ විසින් කලින්ම වෛද්‍යයවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, වෛද්‍යය උපදේශ මත සකසා ගත යුතු සැලසුම් වෙයි. මන්ද,
ගර්භණී කාන්තාවකගේ ශරීරය නිරන්තර සංකූලතාවන්ට ලක් වන බැවින් මේ සියලු දේවල් ඔබ පූර්ව සූදානම් කිරීමේදී වෛද්‍යය උපදෙස් මත සිදු කිරීම අත්‍යාවශ්‍යය බව නැවත වරක් සඳහන් කරන්නේ එබැවින් ය.
උපත් සැලසුම් සකසා ගැනීම පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා දීමට මෙතැන් සිට දරු උපත් ක්‍රම පිළිබඳව කතා කරමු.
ඔබ ඔබේ දරුවා ස්වභාවිකව ප්‍රසූත කිරීමට අදහස් කරනවා නම් මෙම උපත් සැලසුම් මගින් ප්‍රසූතියේ දී ඇති වන වේදනාව සමග සාර්ථකව කටයුතු කිරීමට වඩා හොඳින් හැකිවනු ඇත.
දරුවා බිහි කිරීමට මෙය පූර්ව සූදානමක් වන අතර තමන්ගේ වෛද්‍යයවරයා සමග කතා කිරීම මගින් හුස්ම ගැනීම, ශරීරය ලිහිල් කිරීම වැනි ව්‍යායාම පුහුණුවීම් පවා සිදු විය හැකිය.
බොහෝ අවස්ථාවන්වල ප්‍රසූතිය දී දී අමතර වෙහෙසක් දැරීමට සිදු වීම හේතුවෙන් අධි රුධිර පීඩනය වැනි රෝග පවතින මවුවරු අවධානම් තත්වයට ලක් වෙයි. එවිට සිසේරියන් සැත්කම් මගින් දරුවන් බිහි කිරීම බොහෝ විට සිදු කරන අතර නියමිත වෛද්‍යය නිර්දේශය මත ක්‍රියාත්මක විය යුතු ය
මෙම ගෑස් සහ වාතය වේදනාව ඉවත් කිරීමට භාවිත කරන ක්‍රමයකි.එනම් ප්‍රසූතියේ දී ඇති වන වේදනාව දරා ගත හැකි මට්ටමකට පත් කරයි. නමුත් එයට අවශ්‍යය උපකරණ පහසුකම් රෝහලේ තිබිය යුතුය.
වේදනාව සමනය කිරීමට පෙතිඩීන් නම් ඖෂධයක් ඔබගේ කලවා සහ තට්ටම් ප්‍රදේශයට එන්නත් කිරීම සිදු කරයි. එන්නත් කිරීමෙන් පසු ක්‍රියා කිරීමට විනාඩි 20 ක් පමණ කාලයක් ගත වෙයි.
මෙය අතේ නහරයක් සමග සම්බන්ධව ක්‍රියා කරයි. එහි ක්‍රියාවලිය වේගවත් වන අතර මිනිත්තු කිහිපයකින් ක්‍රියා විරහිත වන ආකාරයට පවතියි. එය දරුවා ඉපදෙනතුරු ඔබට භාවිත කළ හැකිය.
එපිඩුරල් යනු දේශීය නිර්වින්දන වර්ගයකි. එය උපත් ඇලේ සිට මොළය දක්වා වේදනාව පැතිරෙන ස්නායු සාමාන්‍යය කිරීම සිදු කරයි. නමුත් බොහෝ අවස්ථාවන්වල දී එපිඩුරල් මගින් පූර්ණ සහනයක් ලබා දෙයි. එමගින් ඔබේ දරු ප්‍රසූතියේ දී ඇතිවන වේදනාව සමනය කිරීමට උපකාර කරයි.
මෙම ඖෂධය නිර්වින්දන වෛද්‍යවරයෙකු හරහා ලබා ගත යුතු අතර ප්‍රමාණවත් පහසුකම් තිබීම ද අනිවාර්යය වෙයි. එබැවින් එපිඩුරල් සම්බන්ධයෙන් වෛද්‍යයවරයාගේ අදහස් විමසා බැලිය යුතුය
මෙම ජල තටාක මගින් ප්‍රසූතියේ දී ශරීරය ලිහිල් කිරීම පහසු කරයි. නමුත් ඔබට එයට සුදුසු ආකාරයේ උපත් තටාකයක් තිබිය යුතුය. එසේම ජලය ද සුවපහසු උෂ්ණත්වයක පැවතිය යුතු ය. එබැවින් ජල තටාක තුළ සිදු කරන උපත් අනුමත වෛද්‍යය නිර්දේශයන් මත සිදු කළ යුතු ය.
මෙය විද්‍යුත් ස්නායු උත්තේජන ක්‍රමයකි. ඒ සදහා ඔබ ප්‍රසූතිය සඳහා තෝරා ගන්නා ස්ථානයේ TENS යන්ත්‍රයක් තිබිය යුතුම ය. එසේම එය නිවැරදි වෛද්‍යය උපදෙස් අනුව ක්‍රියාත්මක කළ යුතු ය.
ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැති වුවත් කටු චිකිත්සාව, ඇරෝමා තෙරපි, සම්බාහන ක්‍රම භාවිත කරයි. නමුත් එහි සත්‍යයබව 100% ක් තහවුරු කිරීම අපහසුය.
ඔබ ඔබගේ උපත් සැලසුම් සඳහා ඉහත ක්‍රම අනුගමනය කිරීමට බලාපොරොත්තු වනවා නම් නියමිත ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග සාකච්ඡා කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු ය. මෙම සියලු ප්‍රසූත ක්‍රම භාවිත වන්නේ එක් එක් මවුවරුන්ගේ ශරීර සෞඛ්‍යයන්ගේ නිරෝගී භාවය මත පදනම්වයි.
ඔබ ඔබගේ උපත් සැලසුම් සඳහා ඉහත ක්‍රම අනුගමනය කිරීමට බලාපොරොත්තු වනවා නම් නියමිත ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග සාකච්ඡා කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු ය. මෙම සියලු ප්‍රසූත ක්‍රම භාවිත වන්නේ එක් එක් මවුවරුන්ගේ ශරීර සෞඛ්‍යයන්ගේ නිරෝගී භාවය මත පදනම්වයි.
එසේම ඔබට හෝ ඔබේ ඉපදීමට සිටින දරුවාට සංකූලතා මතු වුවහොත් හෝ පහසුකම්වල ගැටලු මතු වූයේ නම් අවස්ථානුකූලව ඔබේ උපත් සැලසුම වෙනස් කරගැනීමට තරම් ඔබ නම්‍යශීලී විය යුතු ය.
එබැවින් ඔබගේ උපත් සැලසුම් සහ ඒ ආශ්‍රිත සියලුම ගැටලු සඳහා oDoc ඇප් එක හරහා පැය විසිහතර පුරා ලෝකයේ ඕනෑම තැනක සිට ප්රසව සහ නාරි වෛද්‍යයවරයෙකු සමග කතා කරන්න.
Souces
Did you know that gestational diabetes mellitus, also known as GMD, is one of the most common medical complications of pregnancy? What is GMD? Why
Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing
When you think of exercise, you might think focusing on muscle groups such as the abs, legs, back and arms. While all those areas are
නවතම සෞඛ්‍යය උපදෙස් එසැණින් ඔබ වෙත ලබා ගන්න