Categories
Blog Article Women's Health

All you need to know about Gestational Diabetes

ගර්භණී සමයේ මතු වන දියවැඩියාව

Shares

 මවක් වීමේ සිහිනය ඉටු කර ගැනීම බොහෝ කාන්තාවන්ගේ බලාපොරොත්තුවකි.මාස නවයක කාලයක් තම කුස තුළ වැඩෙන දරුවා ආරක්ෂා කර ගැනීමට මවුවරු වෙහෙසෙති.එහෙත් දරුවෙකු කුසට පැමිණීමත් සමඟ කාන්තාවකගේ ශරීරයේ සිදු වන හෝමෝන වෙනස් වීම් හේතු කරගෙන නොයෙකුත් ලෙඩ රෝග මතු වීමට ඉඩකඩ පවතියි. ඒ අතර සුලභ තත්වයක් වශයෙන් ගර්භණී සමයේ දී මතු වන දියවැඩියාව හැඳින්විය හැකිය.

එසේනම් ගර්භණී සමයේ දියවැඩියාව යනු කුමක්ද?

 යම් කාන්තාවක් ගර්භණී වූ විට රුධිර ගත සීනි මට්ටම, ග්ලූකෝස් මට්ටම ඉහල යාම නිසා මෙම තත්වය ඇති වෙයි.

දියවැඩියාව ඇති වීමත් සමඟ මවක් තුළ හිසරදය, තෙහෙට්ටුව, අඳුරු පෙනුමක් මතු වීම, හයිපර්ග්ලිසීමියා ( අධි රුධිර සීනි තත්වය) දැකිය හැකි වෙයි.

 

යම් කාන්තාවක් ගර්භණී වීමත් සමඟ දියවැඩියාව තත්වයට මුහුණ දීමට බලපාන හේතු මොනවාද?

  • ගර්භණී සමයේ සිරුරේ බර අසීමිතව වැඩි වීම
  • මෙයට පෙර සිට දියවැඩියාවෙන් පෙළෙන මවක් වීම
  • පවුලේ මව, පියා දියවැඩියාවෙන් පෙළෙන අය වීම නිසා මතු වන ජාන ගත තත්වයන්
  • නිවුන් දරුවන් අපේක්ෂාවෙන් සිටින මවක් වීම
  • නිතර ගබ්සා වීම් සිදු වන මවක් වීම
  • හේතු රහිතව මළ දරු උපත් සිදු වීම
  • මවගේ වයස අවුරුදු 35 වැඩි වීම
  • දරුවන් සිටින මවක් නම් ඇය නැවත ගර්භණී වීමෙන් අනතුරුව බර කිලෝ 4 ට වඩා වැඩි වීම හේතුවෙන් දියවැඩියා අවධානමට ලක් වෙයි

එසේනම් මෙම දියවැඩියා තත්වයට මුහුණ පාන මවක් තුළ ඇති විය හැකි සංකූලතා මොනවාද?

  • ගර්භණී සමයේ වකුගඩු සහ මුත්‍රා මාර්ගය ආශ්‍රිත ආසාදනයන් මතු වීම
  • අධි රුධිර පීඩනය ඇති වීම
  • වැදමහ ආශ්‍රිත ගැටළු සහ සංකූලතා මතු වීම
  • ගර්භණී සමය තුළ රුධිර වහනයන් සිදු වීම
  • ප්‍රසූතියෙන් පසු කාලසීමාවේ දී ඇති වන රුධිර ආසාදනයන්
  • නහරවල ලේ කැටි ගැසීම(Thrombosis)

                                         මෙම දියවැඩියාව තත්වය වැළඳුන විට ඇතැම් අවස්ථාවන්වල දී අලුත උපන් දරුවාගේ රුධිර ගත සීනි ප්‍රමාණය ඉහල යා හැකිය.

 

එසේම ඉපදෙන්නට සිටින දරුවාට ආමාශගත රෝග, වලිප්පුව සෑදීමේ ප්‍රවනතාවන් මතු වෙයි.

 නමුත් මවට දියවැඩියාව වැළඳී ඇති සියලු දරුවන් රෝගීන් බවට පත් වන්නේ නැත. නියමිත සායන සහ වෛද්‍යය උපදෙස්  මත ක්‍රියා කිරීමෙන් මෙම තත්වය සමනය කර ගත හැකිය.

හුදෙක්ම මෙම තත්වය ප්‍රසූතියෙන් අනතුරුව පහව යයි. නමුත් ගර්භණී භාවයට පත් වූ පසු ඔබ නිවැරදි වෛද්‍යය උපදෙස් මත කෑම පාලනය, ව්‍යායාම සිදු කරන්නේ නම් අවධානම් තත්වයන්ට ගමන් කිරීම වලක්වා ගත හැකිය.

ගර්භණී වීමෙන් සති 12 කට පසුව PPBS රුධිර පරීක්ෂණයක් සිදු කර ගැනීමෙන් හෝ සති 24 – 28 ත් අතර ග්ලූකෝස් ටොලරන්ට් ටෙස්ට් ( OGTT) එකක් කර ගැනීමෙන් කල් තියා දියවැඩියා තත්වයන් පිළිබඳ දැනුවත් විය හැකිය.

මන්ද පලමු මාස තුන තුළ රුධිරයේ සීනි මට්ටම ඉහල යාම නිසා ගැබ් ගෙළ විෂමතා මතු විය හැකි බැවින් ය. තව ද නීරෝගී මවකට වඩා දියවැඩියාවෙන් පෙළෙන මවකට මළදරු උපත් සිදු වීමේ හැකියාව ඉතා ඉහල මට්ටමක පවතියි.

ඒ අනුව දියවැඩියාවෙන් පෙළෙන මවකට,

  • දරු ප්‍රසූතියේ දී අධික බර සහිත දරු උපත් සිදු වීම
  • දින සම්පූර්ණව තිබියදී හේතු රහිත මළදරු උපත් සිදු වීමේ හැකියාව
  • පෙර කිවූ අයුරින් ගබ්සා වීමේ අවධානම
  • සාමාන්‍යය ප්‍රමාණයට වඩා විශාල හිසක් සහිත දරුවන් බිහි වීම
  • කායික අසාමාන්‍යයතා සහිත දරුවන් බිහි වීම
  • දරු ප්‍රසූතියේ දී උපත් නාලය තුළ දරුවා සිර වීම නිසා දරුවාට හුස්ම ගැනීමේ අසීරුතා මතු වීම සිදු වෙයි

මෙවන් තත්වයන්ගෙන් මිදීමට නම් ගර්භණී මවක් විසින් හොඳ සෞඛ්‍යය පුරුදු අනුගමනය කළ යුතු ය. එනම්,

  • නිවැරදි ආහාර රටාවන්

ක්ෂණික ආහාර, පිටි කෑම, අධික සීනි මිශ්‍ර ආහාර, කැවිලි වර්ග මෙන් ම සමබර නොවන ආහාර රටාවන්ගෙන් වැළකී සිටිය යුතු ය.

  • නිති පතා (වෛද්‍යය උපදෙස් මත) සැහැල්ලු ව්‍යායාම සිදු කළ යුතු ය
  • නියමිත රුධිර පරීක්ෂාවන් (වෛද්‍යය උපදෙස් මත) සිදු කරන්න
  • නියමිත සායනවලට නිරන්තරයෙන් සහභාගි වන්න
  • ආහාර හිතුමතයට ගැනීමෙන් වලකින්න
  • නියමිත වෛද්‍යය උපදෙස් මත පමණක් විටමින් වර්ග ලබා ගැනීමට කටයුතු කරන්න

දරුවෙකු බිහි වීමට සිටින කාල සීමාව කාන්තාවකට ඉතාමත් තීරණාත්මක වෙයි. එබැවින් ඔබගේ ආහාර රටාවන්, ව්‍යායාම කිරීම් නිරන්තරයෙන් වෛද්‍යය  සහ සායනවලින් ලබා දෙන උපදෙස් මත සිදු කළ යුතු ය. නමුත් යම් අවස්ථාවක දී ඔබට ආහාර සම්බන්ධයෙන් පෝෂණවේදී විශේෂඥවරයෙකු හෝ ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සම්බන්ධ කරගැනීමට කඩිනම් අවශ්‍යයතාවයක් මතු වුව හොත් oDoc ඇප් එක හරහා පහසුවෙන් ඉටු කර ගත හැකිය. ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ජංගම දුරකථනය හරහා සාමාන්‍යය වෛද්‍යයවරයෙකුගේ සිට විශේෂඥ වෛද්‍යයවරයෙකු හා සම්බන්ධ වන්න.දැන්ම oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න.

ආශ්‍රිත කියවීම්

  1. ගර්භණී සමයට සීමා වූ දියවැඩියා තත්වය – Gestational Diabetes Mellitus ( GDM), 2014 Nov 12,Dr.H Vithana,askmydoctor.lk
  2. ගර්භණී සමයේ දියවැඩියාව ( Gestational Diabetes Mellitus ) Vog Dr.Dr.Chaminda Mathota, 2016 May 10,vog.lk
  3. දියවැඩියාව සහ ගර්භණී භාවය : සෞඛ්‍යය සම්පන්න වීමට උපදෙස්, 2007 Sep 18, Heder M Ross.
  4. ගර්භණී සමයේ දියවැඩියාව ගැන අම්මලා නොදන්නා කරුණු, Nadeesha Lakmini, theasianparent.
  5. ගර්භණී සමයේ දියවැඩියාව, පාලනය කිරීමට ඉඟි, 2014, එලිසබෙත් වැනලී,com
  6. දියවැඩියාව මවු කුසේ සිටින දරුවාටත් බලපාන හැටි,2014 Aug 3, BBC සිංහල
Shares

Similar Articles...

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

Back to School – A Battle Between Education and COVID-19

Back to School - A Battle Between Education and COVID-19

Students are finally returning to school. But as parents, many are worried about COVID-19 safety. But while preparing to return to school, it is also essential to think about the other ways to keep your children safe and build an environment inclusive of everyone. 

Here are a few tips to help protect your children from this virus.

covid safety children school

If you have any questions regarding your child’s health or would like some medical advice you can consult a paediatrician or a general physician from the comfort of your home via the oDoc app. Click here to download oDoc now.

References:

  1. What Do Students Need This Back-to-School Season?, Raliance (2021)
  2. Be Back-to-School Ready, Weill Cornell Medicine (2021)

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

දරුවෙකු බිහි කිරීමෙන් අනතුරුව ඇතිවන මානසික සංකූලතා

දරුවෙකු බිහි කිරීමෙන් අනතුරුව ඇතිවන මානසික සංකූලතා

Shares

ඔබගේ ජීවිතය තුළ ඇතිවන මානසික ගැටළු පිළිබඳ නිශ්චිත ස්වරූපයක් නැත. ආසියානු සමාජයේ විවාහ ජීවිතය තුළ බොහෝ වගකීම් ප්‍රමාණයක් කර දරන්නේ ගැහැණිය යි. එය ක්‍රමයෙන් මුහුකුරා ගොසින් මේ වන විට ඇය මුදල් ඉපයීමේ කාර්ය භාරයට උර දෙමින් සිටි යි. මෙවන් වූ තත්වයක් තුළ දරුවෙකු බිහි කිරීමට මාස නවයක කාලයක් ශරීරයෙන් සූදානම් වීම, තම වගකීම් සහ කාර්යභාරයන් නොපිරිහෙලා ඉටු කිරීම මෙන් ම සිය විවාහ ජීවිතය පවත්වා ගැනීමට සැමියාට ආදරණීය බිරිඳක් වීම යන සිද්ධීන් හි මානසික අරගලයන් කිරීමට සිදු වෙයි. මෙබඳු තත්වයක් ‘ බේබි බ්ලූස් -Baby Blues ‘ හෝ පසු ප්‍රසව විශාදමය තත්වය – ( Postpartum Depression ) ඇති වීමට මග සලසවයි.

රු ප්‍රසූතියකින් අනතුරුව මවක් ඉතාමත් විඩාබර තත්වයකට පත් වේ. බොහෝ අවස්ථාවල දරු ප්‍රසූතියට පසුව විඳි අත්දැකීම් හේතුවෙන් මෙන් ම සාමාන්‍යය ජීවිතයක සිට වගකීම් සහගත ජීවිතයකට ගමන් කිරීම වැනි කරුණු හේතු කොට ගෙන යම් ස්ත්‍රීයක් මානසික ව්‍යාකූල තත්වයකට පත්ව සිටිය හැකිය. බොහෝ අවස්ථාවල,

  • තමන්ට අවශ්‍යය ආකාරයේ ප්‍රමාණවත් නින්දක් නොලැබීම
  • දරුවා බිහි කිරීමේ දී සිදු කළ සැත්කම් සහ ප්‍රසූතියේ දී මතු වූ වේදනාවන්
  • දරු ප්‍රසූතිය සිදු කිරීමේ දී ලද අත්දැකීම් සිහි වීමේදී ඇති වන කම්පනයන්
  • දරුවා සම්බන්ධයෙන් මතු වන වගකීම්
  • ගර්භනී කාලයේ දී සහ දරුවා බිහි කිරීමෙන් අනතුරුව ශරීරයේ සිදු වන හෝර්මෝන වෙනස්කම්

වැනි හේතු නිසා ඇති වන කම්පනය බේබි බ්ලූස් තත්වයන් මතු වීමට හේතු වෙයි

දරුවා ලැබීමෙන් අනතුරුව තමන්ගේ සිතුවිලි තුළ නිතර ඇතිවන දුක, බිය, කාංසාව මෙන් ම මානසික ආතතිමය තත්වයන් බේබි බ්ලූස් තත්වයන් ලෙස හඳුන්වයි. බොහෝ කාන්තාවන්ට සිය දරු ප්‍රසූතියෙන් පසුව සති එකත් දෙකත් අතර කාලයේ දී මෙම තත්වය පවතින අතර පසුව එය සුව වී යයි. දරු ප්‍රසූතියකින් අනතුරුව බොහෝ මවුවරුන් 80% පමණ දෙනා තමන්ගේ ප්‍රසව වේදනාව සමගින් මතු වන දුක, දරු ප්‍රසූතියකින් පසුව පලමු දින 15 තුළ අත්විඳිනු ඇත. මෙම බේබි බ්ලූස් අවධිය මෘදු සංක්‍රාන්තික අවස්ථාවක් ලෙස හඳුන්වයි. බොහෝ විට එය වෛද්‍යය උපදෙස්වලින් තොරව සුව විය හැකි ය. කාන්තාවක් තුළ දරුවෙකු වෙනුවෙන් සිදු වන කායික සහ මානසික, හෝර්මෝන වෙනස්කම් මෙන් ම දරු ප්‍රසූතියෙන් අනතුරුව ශරීරය යථා තත්වයට පත් වීම අතර දෝලනය වීම මෙයට හේතු වෙයි. නමුත් මෙම බේබි බ්ලූස් තත්වය ඔබගේ දෛනික කාර්යයන්ට බාධා නොකරයි. එනම් බේබි බ්ලූස් යනු ඔබව නැවත සකස් කිරීමේ සංක්‍රාන්තික තත්වයකි.

 නමුත් යම් කිසි කාන්තාවක් දිගින් දිගටම මෙවැනි සිතුවිලි සමගින් මානසික ව්‍යාකූලත්වයකට පත්ව සිටිනවා නම් එම තත්වය පසු ප්‍රසව විශාදමය තත්වය යටතට ගැනෙයි ( Postpartum Depression )

මොකක්ද මේ පසු ප්‍රසව විශාදය?

මෙය මානසික අවපීඩණයෙ දරුණු අවස්ථාවන් ඇති කළ හැකි විශාදමය තත්වයකි. යම් අයෙකු සිය දරුවා බිහි කිරීමෙන් අනතුරුව ගත වන සති තුනක් සහ හතරක් අතර කාලය මෙන් ම වසරක් ගත වන තෙක් මෙම පසු ප්‍රසව විශාද තත්වය ඇති විය හැකි ය. තම දරුවා කෙරෙහි ආදරය, සෙනෙහස ඇති නොවීම මෙහි ප්‍රධාන ලක්ෂණය වන අතර එම වරදකාරී හැඟීම හේතුවෙන් පශ්චාත්තාපයට පත් වීම මෙම රෝගයේ ස්වභාවය යි. පසු ප්‍රසව විශාදමය තත්වය ඇති වීමට මූලික හේතු ගණනාවක් ඇත. එනම්,

  • ඔබගේ පවුලේ හෝ පවුල් ඉතිහාසය ගත් විට විශාදය, මානසික ආතතිය වැනි රෝග ලක්ෂණ පැවතී තිබීම
  • පසු ප්‍රසව ආතතිය
  • මවු කිරි දීමේ දුෂ්කරතා
  • දරුවෙක් බිහි කිරීම පිළිබඳව පෙර සැලසුමක් නොමැතිව අනපේක්ෂිතව සිදු වූ ගැබ් ගැනීම්
  • දිගු කාලයක් තිස්සේ මත්පැන්, මත්ද්‍රව්‍යය පානයට යොමු වීම
  • රැකියාව අහිමි වීම වැනි ගැටලු හේතුවෙන් ඇති වන ආර්ථික අපහසුතා
  • තම ස්වාමිපුරුෂයාගෙන් හෝ පවුලේ වෙනත් අයගෙන් දරුවා රැක බලා ගැනීම වෙනුවෙන් ප්‍රමාණවත් සහය නොලැබීම

යනාදී තත්වයන් පසු ප්‍රසව විශාදමය තත්වය ඇති වීමට හේතු වෙයි.

මෙම මානසික ව්‍යාකූලතාවය හේතුවෙන් දරුවාට හානි කරන සිතුවිලි පවා ඇති වීමට හැකි වෙයි. ප්‍රමාණවත් නින්දක් නොමැතිව නිරන්තරයෙන් සිය දරුවා පිළිබඳ බිය ජනක සිතුවිලි ඇති කර ගන්නා මෙම මවුවරුන් සියදිවි නසා ගැනීමේ තත්වයකට වුව ද පත් විය හැකි ය. බොහෝ විට මෙම පසු ප්‍රසව විශාදමය තත්වයට හේතු වන කාන්තාවන් අතර ගබ්සාවක් කළ හෝ අනපේක්ෂිතව සිය දරුවා ගබ්සා වූ කාන්තාවන් දැකිය හැකිය. ඇතැම් අවස්ථාවල දී මෙම තත්වය පියවරුන් තුළ වුව ද දැකිය හැකි ය.

බොහෝ අවස්ථාවන්හි දී මෙම පසු ප්‍රසව විශාදමය තත්වය සති තුනත් හයත් අතර කාලයේ දී සුව වන බව අසන්නට ලැබුණත් එහි රෝග ලක්ෂණවල බරපතලකම අනුව සුව වීමට කාලයක් ගත විය හැකිය. එසේම පසු ප්‍රසව විශාදය පිලිබඳ ප්‍රචලිත අසත්‍යයක් නම්, එම මවුවරුන්ගේ දරුවන් උපතේ දී බර අඩු වී ඉපදීම යන කරුණ යි. එය ප්‍රායෝගික නොවන නමුත් ඔබ දුකින් කල් ගත කිරීම ඔබේ කලලයට බලපාන අතර එම හේතුවෙන් නොමේරු දරු උපතක් ඇති විය හැකි ය.

අපගේ ශරීරවල සිදු වන හෝර්මෝනවල විපර්යාසයන් අපට තනිව පාලනය කළ නොහැකි ය. මෙම මානසික තත්වය මැඩ පවත්වා ගැනීම ඔබ විසින් කල්පනාකාරීව සිදු කළ යුතුය. නිදසුනක් ලෙස,

ඔබගේ ස්වාමි පුරුෂයා සහ ඔබ අතර ඇති සම්බන්ධයට මෙම පසු ප්‍රසව විශාදමය තත්වය තදින්ම බලපෑ හැකිය. ඔබ නිරන්තරයෙන් හුදකලාව සිටිමින් සහකරු ප්‍රතික්ෂේප කිරීම ඔබ දෙදෙනාගේ සම්බන්ධයට අහිතකර ලෙස බලපෑ හැකි ය.

මෙම පසු ප්‍රසව විශාදමය තත්වය කාන්තාවක් තමන්ගේ දෙවන හෝ තෙවන දරුවා බිහි කිරීමෙන් අනතුරුව වුව ද මතු විය හැකි අතර, මෙබඳු තත්වයක දී ඔබගේ අනෙකුත් දරුවන්ට ද සිය මවගේ ස්නේහය අහිමි වී යා හැකි ය. පසු ප්‍රසව විශාදය දරුවන්ගේ චිත්තවේග වර්ධනයට දිගු කාලීනව බලපෑම් කළ හැකි බව වෛද්‍යය අදහසයි.

එසේම , බොහෝ ස්ත්‍රීන් විවාහයට පෙර සිටම සැමියාගේ ඥාතීන් සම්බන්ධව තද පිළිවෙතක් අනුගමනය කිරීම දැකිය හැකිය. නමුත් තමන්ට උපකාර කරන ඥාතීන් හිත මිතුරන් ගෙන් ඈත් වෙමින් තමන්ට තනිව පවුල් ජීවිතයක් ගෙන යා නොහැකි බව සිහි තබා ගන්න. ඔවුන් සමග සමගියෙන් කටයුතු කරන්න.

මෙම් තත්වය සුව කර ගත හැක්කේ කෙසේද?

 දරු උපතකින් සති දෙකකට පමණ පසුවත් ඔබට සහනයක් නොදැනෙන්නේ නම්, වෛද්‍යයවරයෙකු වෙත යොමු වන්න. නමුත්, ඔබට මෙම රෝගයෙන් පූර්ණ සුවය ලබා ගැනීමට නම් වෛද්‍යයවරයාට අවංක විය යුතු ය. මන්ද මෙම පසු ප්‍රසව විශාදමය තත්වය ඔබගේ මොළයට පමණක් නොව ඔබගේ මුළු ශරීරයටම බලපෑම් ඇති කරන බැවින් ය.

 ලෝක සෞඛ්‍යය සංවිධානය දක්වන ආකාරයට මෙම පසු ප්‍රසව විශාදය සුව කරන ප්‍රතිකර්ම පිළිබඳව නිවැරැදි පර්යේෂණ සිදු කර ඇත. ඒ අතරින්

  • ‍ඊස්ට්‍රජන් චිකිත්සාව
  • සම්බාහන චිකිත්සාව
  • දීප්තිමත් ආලෝක චිකිත්සාව
  • විද්‍යුත් විච්ජේදන චිකිත්සාව

හඳුන්වා දී ඇත. මෙම විද්‍යුත් විච්ජේදන චිකිත්සක ක්‍රමය දැඩි මානසික අවපීඩණයෙන් පෙළෙන ගැබිණි කාන්තාවන්ට හඳුන්වා දී ඇත. එසේම,

  • ඖෂධ ලබා දීම
  • නිවැරදි උපදේශන වෙත යොමු කිරීම
  • ව්‍යායාමවල නිරත වීම
  • මනස සන්සුන්ව තබා ගැනීමට භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම

ප්‍රධාන තැනක් ගනි යි.

මවක් වීම, වගකීම් දැරීම, ජීවිතයේ ඉදිරියට යන විට ඇති වන ගල් මුල් යන සියල්ල අප සියලු දෙනාටම පොදු ධර්මතාවය කි. ජීවිතය අනපේක්ෂිත සිදුවීම් රැසක් සමගින් ඉදිරියට ගලා යයි. නමුත්, ඔබ, මම, අප සියලු දෙනාගේ ගමනාන්තය තීරණය වන්නේ අප ඒවාට දක්වන ප්‍රතිචාර මතයි. දරුවෙකු බිහි කිරීමෙන් ඔබට නව ජීවියෙකු ලෝකයට දායාද කළ හැකිය. නෙල්සන් මැන්ඩෙලා, ස්ටීව් ජොබ්ස්, වංගරි මාතායි, මලාලා යූසෆ්සායි, ග්‍රේටා තුන්බර්ග්, වැනි වටිනා දරුවන් මේ ලොවට බිහි වීමේ වටිනාකම හේතුවෙන් ලෝකය ධනාත්මක  මාවතකට යොමු විය. ජීවිතයේ සියලු වේදනාවන් ධනාත්මක ලෙස දකින්න. එවිට සියල්ල ඔබට සුබථල ගෙන එනු ඇත.

මෙවන් අවස්ථාවක දී මානසික වෛද්‍යවරයෙකුගේ සහය ඉතාමත් වැදගත් වන අතර oDoc සේවාව පැය විසිහතරේම ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි. නිවසේ සිට වෛද්‍යවරයා සමග සම්බන්ධ වීමට තිබෙන පහසුකම හේතුවෙන් ඔබගේ පුද්ගලිකත්වය ද ආරක්ෂාකාරී වනු ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ

  • Postpartum Depression : Literature Review of Risk Factors and Interventions, WHO
  • පශ්චාත් කාලීන අවපාතයේ වර්ග මොනවාද ?, ReoVeme
  • වැදූ ගෙයි සන්නිය නැත්නම් පසු ප්‍රසව විශාදය කියන්නේ මොකක්ද , Baby and Me
  • පශ්චාත් ප්‍රසව මානසික අවපීඩණය : මිනිසුන් තවමත් විශ්වාස කරන මෝඩ මිත්‍යාවන් පහක්, මා අසල සෞඛ්‍යය සම්පන්න ආහාර
  • පශ්චාත් ප්‍රසව අවපාතය, අද මවුවරු
  • පශ්චාත් ප්‍රසව මනෝ චිකිත්සාව : එය සමග කටයුතු කළ යුතු ආකාරය දැනගැනීමට එය දැන සිටීම, Emergency live
  • පසු ප්‍රසව ආතතිය කොපමණ කාලයක් තියනවාද?එය අවම කරගත හැකිද ? ,Hadakari.com
Shares

Similar Articles...

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

අලුත් අම්මලාට තියන ප්‍රශ්න

අලුත් අම්මලාට තියන ප්‍රශ්න

Shares

 

පුංචි දරුවෙකු මෙලොව එළිය දැකීමෙන් අනතුරුව සාමාන්‍යය සමාජයට මුහුණ දෙන තෙක් ම දෙමාපියන් බොහෝ අවධානයෙන් කටයුතු කරයි. දරුවා තුළ පෙන්වන කුඩා වෙනස්කම් පවා දෙමාපියන් වේදනාවට පත් කරනු ඇත. මෙම ලිපිය රචනා කිරීමේ දී අලුත් මවුවරුන් දහතුන් දෙනෙකුගේ සහය ලබා ගත් අතර බොහෝ මවුවරුන් වේදනාවට පත් වීම පිළිබඳව නිශ්චිත හේතුවක් ද නොතිබිණි.

අනේ මන්දා ළමයා ලෙඩ වුණා කියන්නෙම මගේ මුළු ලෝකෙම කඩා වැටුණා වගෙයි. සමහර වෙලාවට ළමයා මදුරුවෙක් කනවා දැක්කත් මම ගොඩාක් කලබල වෙනවා’

 ඉහත ඇත්තේ මවුවරුන් තමන්ගේ දරුවන් පිළිබඳව දක්වන සෙනෙහසේ සුළු පැතිකඩකි. මෙම ලිපිය මගින් අලුත් මවකට දරුවා සම්බන්ධයෙන් ඇති වන බොහෝ ගැටලුවලට විසඳුම් ලබා දෙනු ඇත.

මගේ පැටියා නිතරම අඬන්නේ ඇයි ? 

පුංචි කිරි දරුවෙකු නිවසට ගෙනා පසු ලාංකික අපි චාරිත්‍රයක් ලෙස ‘බාලගිරි දෝෂය අද නොවේ හෙට’ යන දැන්වීම නිවසට ඇතුළු වන තැනත් නිවසින් පිට වන තැනත් දර්ශනය වන ආකාරයෙන් සඳහන් කරන්නෙමු.  නමුත් කිරි දරුවෙකුගේ හැඬීම සිදු වන්නේ මිථ්‍යා විශ්වාසයන් නිසා නොවේ. ඔබ අලුත් මවක් නම් කල් යත්ම දරුවාගේ සියලු හැසිරීම් තුළින් පවසන ඕනෑ එපාකම් තේරුම් ගත හැකි මට්ටමකට පැමිණෙයි. එතෙක් ඔබේ දරුවාගේ හැඬීමට හේතු විය හැකි ලක්ෂණ කිහිපයක් නම් මෙසේය,

  • නිවසේ පිරිස වැඩි වීම නිසා පරිසරය කලබලකාරී වීම
  • කුඩා දරුවාට බඩගිනි දැනීම
  • නිදිමත, තෙහෙට්ටුව හෝ පාළු ස්වභාවයක් දරුවාට දැනීම
  • මළ මූත්‍රා පිට වුණ අවස්ථාවන්වල
  • බබා නාවන අවස්ථාවන්වල
  • නින්දෙන් අවදි වූ විට
  • මව, පියා හෝ දරුවාට සමීප කිසිවෙක් ළඟ නොමැති අවස්ථාවන්වල

 මේ ආදී විවිධ හේතු කුඩා දරුවෙකු ගේ හැඬීමට හේතු විය හැකිය.

නමුත් පුංචි දරුවෙකුගේ එකම සන්නිවේදන මාර්ගය හැඬීමයි. ඇතැම් විට මාස නවයක් කුස තුළ සිට නව පරිසරයකට පැමිණි විට එම තත්වයට අනුවර්තනය වීමේ දී ටික දිනක් යන තුරු ඔවුන් කඳුළු සලයි. දරුවාගේ සංවේදී බව සහ අදහස් ප්‍රකාශ කිරීමේ ආකාරයක් ලෙසට හැඬීම ගත හැකිය.

චූටි බබා වමනේ දැමීම

පුංචි බිළිඳා ඉපදී පලමු මාස කිහිපය තුළ ඔවුන් ගන්නා සියලු දේවල් වමනය කිරීමට පෙළඹෙයි. එයට හේතු වන්නේ කුඩා දරුවාගේ උදරය සහ උගුර සම්බන්ධ වන නාලයට අදාළ කපාටය වර්ධනය වී නොමැති වීමයි. අලුත උපන් බිළිඳුන් වමනය කිරීමට හේතු විය හැකි කරුණු කිහිපයක් දැක්විය හැකිය.

  • ආහාර දිරවීමේ අපහසුතා
  • දරුවා අධිකව හැඬීම
  • දරුවාට කැස්ස ඇති වීම
  • සෙම්ප්‍රතිශ්‍යාව
  • කන ආශ්‍රිතව ඇති වන ආසාදන
  • ආහාර මගින් ඇති වන ආසාත්මිකතා
  • මුත්‍රා ආසාදන
  • වාහනවල ගමන් කිරීමේදී ඇති වන වමනය

නමුත් දෙමාපියන් වශයෙන් ඔබ නිරතුරුව තම දරුවාගේ වමනය ස්වභාවය පිළිබඳව අවධානය යොමු කළ යුතු අතර දරුවාගේ වමනය සම්බන්ධයෙන් අනතුරුදායක අවස්ථා හතරක් අපට ඔබේ අවධානය වෙනුවෙන් ඉදිරිපත් කළ හැකිය.

  • දරුවාගේ වමනය වේගවත් වීම ( වමනය කහ පාට හෝ කොළ පාට තත්වයක් ගන්නේ නම් එය Volvulus තත්වයක් විය හැකිය )
  • දරුවා පැය අටක කාලයක් මුත්‍රා නොකිරීම
  • රතු පැහැති ජෙලි ස්වභාවයෙන් යුතු මලපහ පිට කිරීම ( මෙම තත්වය දරුවාට Intussusception නම් තත්වයක් නිසා ඇතිවීමට ඉඩ ඇත )
  • කුඩා දරුවා නිල් පැහැයක් ගැනීම

චූටියට ගුඩුස් යවන්නේ කොහොමද ?

 

චූටි පැටියට ගුඩුස් ගියේ නැත්නම් අම්මලා ඉන්නේ ගොඩාක් සිත් තැවුලෙන්. නමුත් මවුකිරි දීමේ දී නිවැරදිව බබාගේ කට පියයුරට සම්බන්ධ කර ගන්නවා නම්, මවුකිරි දීමේ දී අනුගමනය කළ යුතු නිවැරදි පියවරයන් ඔබ සිදු කරනවා නම් ගුඩුස් යැවීම අනිවාර්ය නැත.

නමුත් මෙම ඉරියව්ව අපේ මව්වරු සියයට සියයක් නිවැරදි ආකාරයෙන් අනුගමනය කරනවාද? යන ගැටලුව මත දරුවාට ගුඩුස් යවන ආකාරය පිළිබඳව නිසි අවබෝධයක් තිබිය යුතුය.

මෙම ගුඩුස් යැවීමේ වාසිය නම් ඊළග කිරි වේලට චූටි පැටියාගේ බණ්ඩිය සූදානම් කිරීම යි.  

  • පැරණිතම ඉරියව්ව නම් පුංචි පැටියාව රූපයේ සඳහන් පරිදි කරට ඔසවා ගැනීම. මෙසේ ඔසවා ගැනීමේ දී පුංචි බබාගේ උදරය මවගේ උරහිසට තද වෙයි. නමුත් බබගේ මුහුණ නොපෙනෙන නිසා මෙම ඉරියව්ව භාවිත කිරීමට මවුවරු බිය වෙයි
  • නමුත් ඉතාමත් සරල සහ පහසු ඉරියව්වක් ලෙස මේ දෙවන ඉරියව්ව හැඳින්විය හැකිය. පුංචි බබාව ඉන්දවා ඇඟට හේත්තු කරගෙන මවගේ අත බබාගේ බණ්ඩිය උඩින් තබා සුළැගිල්ලෙන් බබාගේ ආමාශයට පුංචි තෙරපුමක් දිය හැකිය. මෙම ක්රමය මගින් බබා අඬන අවස්ථාවන්හි දී නලවා ගන්නට පහසු වෙයි.
  • තෙවන ඉරියව්ව තමයි බබාව දණහිස උඩින් තබා දරුවාගේ මුහුණ තමන්ගේ අත උඩ තබා ගනිමින් බබාගේ පිට පෙදෙස අතගෑම. එවිට කටින් හෝ ගුඳ මාර්ගයෙන් බබාගේ ගුඩුස් පිට වෙයි. 

බබා කිරි බීලා අමාරුවෙන් නිදි කරවගත්තට පස්සේ බබාව නින්දෙන් ඇහැරවලා ගුඩුස් යවන්න ඕනද?”

 කියන දෙය ගොඩාක් අම්මලාට තියන ප්‍රශ්නයක්. නමුත් ඔබ දුක් වෙන්න අවශ්‍යය නැත. බබාව පැත්තකට හරවා කොට්ටයක් තබන එක එවන් අවස්ථාවක වැදගත් වෙයි. පසුව බබා අවදි වීමෙන් අනතුරුව ඔබට ගුඩුස් යැවීම සිදු කළ හැකිය.

බබාගේ පෙකිනියෙන් රුධිර වහනය වෙන්නේ ඇයි ?

මෙම තත්වය බොහෝ විට බිළිඳු ගැහැනු දරුවන් අතර දැකිය හැකි තත්වයකි. නමුත් මෙය සාමාන්‍යය තත්වයක් ලෙස සලකා නොසිටින්න. මන්ද පෙකිනියෙන් රුධිරය වහනය වීම වෙනත් හේතුන් නිසා ද ඇති විය හැකි තත්වයකි. ඇතැම් විට කුඩා දරුවාට එමගින් විෂබීජ පවා ඇතුළු  විය හැකිය.

කොච්චර උත්සහ කළත් මගේ බබා දොයියන්නේ නැත්තේ ඇයි ?

 මෙම තත්වය බොහෝ මවුවරුන්ව වෙහෙසට පත් කරන දෙයකි. කුඩා දරුවෙකු නිදි කරවීම සිතන අයුරින් පහසු කටයුත්තක් නොවෙයි. ඇතැම්විට මව, පියා යන දෙදෙනාම මෙම තත්වය හේතුවෙන් මානසිකව පීඩනයට ලක් වීමට පවා ඉඩ  ඇත. දරුවාගේ නින්ද කාල සටහනකට අනුව කලමනාකරණය කිරීම ඔබ විසින් සිදු කළ යුතුය. රාත්‍රියේ එක් වේලාවකට දරුවෙකු නිදි කිරීමට හුරු කරවීම මගින් එම දරුවා මධ්‍යම රාත්‍රියේ දී අවදි වී හඬා වැටීම සිදු කරන්නේ කලාතුරකින් ය. බොහෝ විට කුඩා දරුවන් ඉතා පුංචි ශබ්ධයකට වුව ද සංවේදී වෙයි.

මෙම කුඩා දරුවන්ගේ නින්ද සම්බන්ධයෙන් බොහෝ බටහිර රටවල මවුවරුන් අනුගමනය කරන සූදුරු ප්‍රතිකාර ක්‍රමවේදය දරුවාගේ නින්දට පමණක් නොව ආහාරජීරණ පද්ධතියට පවා විශාල රුකුලක් ලබා දෙයි. ඒ සඳහා

  • සූදුරු ඇට පහක්
  • මහදුරු ඇට පහක්
  • එනසල් ඇට තුනක්
  • කුරුඳු පොතු කැබැල්ලක්

 භාවිත කරයි. මෙම ද්‍රව්‍යයන් දමා කුඩා කොට්ට උරයක් ආකාරයේ පොට්ටනියක් සකසා ගන්නා අතර එය තොටිල්ලේ හෝ බබා නිදාගන්නා ඇඳේ සිව් කොණේ එල්ලා තැබීමක් සිදු කරයි. බටහිර රටවල අදහසට අනුව දරුවාට ඇතිවන විශබීජ, ක්ෂුද්‍රජීවීන් සම්බන්ධ ගැටලු මෙන් ම බොහෝ බෝ වන රෝගයන්ගෙන් වන හානීන් මෙමගින් වලක්වා ගත හැකි ය.

එසේම අපේ මවුවරුන් අතීතයේ දී කුඩා පෙරුම්කායම් කැබැල්ලක් මාස තුනක් පමණ වන බිලිඳු දරුවාගේ පාදයේ ගැටගසයි. පෙරුම්කායම් යනු ඉතාමත් හොඳ විශබීජ නාශකයකි. බෝ වන රෝගවලින් ආරක්ෂා වීමට අතීතයේ පටන් මිනිසුන් පෙරුම්කායම් භාවිත කරන ලදී.

තවද දෙහි කොළ, පැඟිරි ලෙලි වියලා, කුඩා පොට්ටනියක් ආකාරයෙන් සාදා දරුවා නිදා ගන්නා තොටිල්ල හෝ ඒ ආසන්නයේ තැබීමට මවුවරු පෙළඹෙයි. මෙම ඖෂධ ඉතා වටිනා විෂබීජ නාශක හෙයින් කුඩා දරුවාව කායික සහ මානසික සුවයට ලක් වනු ඇත. මෙයට අමතරව

  • දරුවා නින්දට යන අවස්ථාවේ ශබ්ද ඇති කිරීමෙන් වැළකීම
  • රාත්‍රියට මද ආලෝක තත්වයක් සහිත ස්ථානයක දරුවා නිදි කිරීම

 සිදු කළ හැකිය.

බබාගේ ලිංගේන්ද්‍රය විශාලව පෙනීම

පුංචි පිරිමි දරුවෙකුගේ ලිංගේන්ද්‍රය ඉපදුණ ගමන් විශාලත්වයෙන් ‍යුතු ස්වභාවයක් ගැනීම සාමාන්‍යය තත්වයකි.  උපතේදී සිදු වන හෝමෝන වෙනස්කම් හේතුවෙන් මෙසේ සිදු වෙයි. ඇතැම් අවස්ථාවන්වල දී ලිංගේන්ද්‍රය ඉදිමුණු ස්වභාවයක් දක්නට ලැබීම ජලය පිරීම නිසා ඇති වන තත්වයක් විය හැකිය. දරුවෙකු ඉපදීමෙන් මාස හයක් පමණ කාලයක් ගත වන තුරු ශිෂ්ණය කුඩා බවින් යුතු වෙයි.

එසේම මුල් මාස කිහිපය තුළ කුඩා දරුවන්ගේ ලිංගේන්ද්‍රය ඉතාමත් මෘදු සබන් විශේෂයක් භාවිතයෙන් පිරිසිදු කිරීමට කටයුතු කරන්න

චූටි බබාගේ සම ගැලවී යාම සහ සම රළු වීම

දරුවෙකු කුසේ සිටින කාලය තුළ පිටත පරිසරයට අවශ්‍ය ආකාරයෙන් වර්ධනය නොවෙයි. එනම් දරුවන්ගේ පිට සම වර්ධනය වන්නේ උපතින් අනතුරුවයි. කුස තුළ දරුවා වැඩෙන විට  කුඩා පටලයක් දරුවාගේ සමේ ආරක්ෂාවට වර්ධනය වන අතර සම යථා තත්වයට පත් වීම සෙමින් සිදු වෙයි

බබාගේ හිසේ හැඩය පැතලි ස්වභාවයක් ගැනීම

බොහෝවිට සාමාන්‍යය දරු ප්‍රසූතියකින් අනතුරුව කුඩා දරුවෙකු ගේ හිසෙහි හැඩයේ යම් වෙනසක් දැකිය හැකිය. නමුත් කල් යත්ම එම ස්වභාවය සාමාන්‍යය තත්වයට පත් වෙයි. සිසේරියන් සැත්කමකින් බිහි වූ දරුවන් අතර මෙම තත්වයන් දකින්නට නැත.

චූටි බබාගේ මුහුණ පුරා රතු පාට බිබිලි මතු වීම

මෙම තත්වය බිලිඳු කුරුලෑ තත්වය ලෙස හඳුන්වයි. මවගේ හෝමෝන දරුවාගේ ශරීරයේ තිබීම මෙයට හේතුවක් ලෙස පැවසෙයි. නමුත් දරුවාගේ රෙදි සේදීමේදී ඉතා මෘදු  සේදුම්කාරක භාවිත කිරීම, කුඩා දරුවාව නිරන්තර පිරිසිදුව තබා ගැනීම මේ තත්වය මග හරවා ගැනීමට සිදු කළ හැකි විසඳුම් වේ.

නව ජීවියෙකු පරිසරයට අනුවර්තනය කිරීමේ කාර්යය ඉතා බැරෑරුම් මෙන්ම වගකීම් සහගත තත්වයකි. දරුවෙකු රෝගී තත්වයට පත් වන නිශ්චිත වේලාවක් නැත. මෙවන් අවස්ථාවක පැය විසි හතර පුරාවටම අවශ්‍යය වෛද්‍යය සහය oDoc වෛද්‍යය කණ්ඩායම මගින් ලබා ගන්න. ආරක්ෂාකාරී, විශ්වසනීය මෙන් ම ථලදායී වෛද්‍යය සේවාවක පහසුකම ඔබත් අත්විඳින්න.

ODoc – අපි ඔබ සමග නිරන්තරයෙන්…

ආශ්‍රිත ග්‍රන්ථ

  1. ගුඩුස් යැවීම සහ කිරි වමනය යාම, babycentre.lk
  2. මවු කිරි දීම ගැන වැදගත් කරුණු හතරක්, BBC සිංහල
  3. අලුත් බබෙක් ඉන්න අම්මෙකුට මගහැරෙන නින්ද ලබා ගන්නා ක්‍රම, www.lifie.lk
  4. අලුත් අම්මලා ගැන සමාජයේ මුල් බැසගෙන ඇති මිථ්‍යා මත හතරක්, goodhousekeeping.lk
  5. නිවැරැදිව බබාට ගුඩුස් යවන්නේ කොහොමද?, baby.lk, Youtube
  6. බබා නිදි කරවගන්න පහසු වෙන්න අපෙන් ටිප්ස් ටිකක්, www.babyandne.lk
  7. නිදි නැති බබාලා නිදි කරවන මන්තරය, www.ada.lk
  8. ළදරුවන්ගේ නින්ද ගැන මවුවරු දැනුවත් විය යුතු කරුණු ඔබ දන්නවා ද?,www.parenting.lk
  9. අලුත උපන් බිළිඳා ගැන දැන ගත යුතුම කරුණු හතක්, familylife.lk
  10. අලුත උපන් කිරි කැටියා ගැන ඔබ දැන සිටිය යුතු දේවල්. lk.theasianparent.com
Shares

Similar Articles...

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog