
සරලවම එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය යනු කුමක්ද?
අපගේ ගර්භාෂයේ ඇති පටක මාස් පතා බිඳ වැටීම හේතුවෙන් ඔසප් චක්‍රය සිදු වන බව අප කවුරුත් දන්නා විද්‍යාත්මක සත්‍යයකි. එම බිඳවැටීමට ලක් වන පටක යෝනි මාර්ගය හරහා පිටව යයි.
එහෙත් ගර්භාෂය ඇතුළත බිත්තියේ පවතින පටක සිරුරේ වෙනත් ස්ථානයන් හි හටගත්තොත්?
එවිට එම පටක බිඳ වැටෙන විට ඒවා රුධිරය හරහා පිටව යෑමට මාර්ගයක් නොමැති වුව හොත් එම පටක මිශ්‍ර රුධිරය අපව රෝගී තත්වයට පත් කරයි. අපි එය එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය ලෙස හඳුන්වමු.
බොහෝ විට එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය ඩිම්බකෝෂ, පැලෝපීය නාල,ගර්භාෂයෙන් පිටත පෘෂඨයේ බඩවැල්, උදර කුහරය තුළ ඇති වෙනත් අවයව තුළ හට ගනියි. එසේම ඉතා කලාතුරකින් උදර කුහරයෙන් පිටත එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය මතු විය හැකි ය
ශෝචනීය තත්වය නම් කාන්තාවන්ට සිය ජීවිත කාලය පුරාවටම මෙම රෝගී තත්වය පැවතිය හැකි වීම යි.එනම් ඊස්ට්‍රජන් හෝමෝනය ශරීරයේ නිපදවීමේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය උත්සන්න වෙන අතර ඔසප් චක්‍රය නැවතී ඇති අයෙකු තුළ මෙම තත්වය නොපවතින බව වෛද්‍යය අදහස යි.

එසේනම් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය පවතින කාන්තාවන් තුළ පෙන්වන ලක්ෂණ මොනවාද?
- දිගු කාලයක් තිස්සේ පවතින සුව නොවන උදර වේදනාව
- ඔසප් වන විට සාමාන්‍යය වේදනාව ඉක්මවා පවතින අධික වේදනාව
- ලිංගික සංසර්ගයේ දී සහ ඉන් පසුව කොන්දේ සහ උකුලේ ඇති වන වේදනාත්මක තත්වයන්
- අක්‍රමවත් ඔසප් චක්‍රය
- ශරීරයේ බර අඩු වීම
- මලබද්ධය හෝ අතීසාරය
- බඩ පිපුම හෝ ක්‍රමවත් අයුරින් මලපහ නොවීම
- වැසිකිළි යාමේ දී මතු වන වේදනාව
- මදසරුබව – දරු පිළිසිඳගැනීම් සිදු නොවීම
වැනි තත්වයන් මතු විය හැකි වුවත් යම් කාන්තාවකට ඉහත ලක්ෂණ කිසිවක් නොපෙන්වා වුව ද එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය පැවතිය හැකිය. එබැවින් මෙම රෝගී තත්වය මුල් අවධියේ හඳුනා නොගැනීම මඟින් කාන්තාවන්ව තරමක් අවධානම් තත්වයකට පත් කරයි.
මෙම එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය පවතින කාන්තාවක්ගේ ශරීරයට සිදු වන්නේ කුමක්ද?
- ගර්භාෂයේ බිත්ති මත හට ගන්නා පටක වෙනත් ස්ථානයක ඇති වීම හේතුවෙන් එහි ක්‍රියාවලිය ගර්භාෂය තුළ සිදු වූ ක්‍රියාවලියට සමානව සිදු වීම. එනම් නොකඩවා ඔසප් වීම සිදු වීම
- උකුලේ පටකවලින් එහාට ගොස් ඩිම්බකෝෂ දක්වා වර්ධනය වීම
එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය වැළඳීමට වැඩි අවධානමක් ඇත්තේ කාටද?
- වැඩිවියට පැමිණි කාන්තාවන්ට
- පරම්පරාවෙන් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය පැමිණීම
- ඔසප් චක්‍රය දින 28 ට අඩුවෙන් සිදු වන කාන්තාවන්ට
- ඔසප් වීම දින හතක් පවතින කාන්තාවන්ට
- වයස අවුරුදු 12 ට පෙර වැඩිවියට පත් වූ කාන්තාවන්ට
- විවාහා වී වසරක් ගත වුව ද ( උපත් පාලන ක්රමයන්ගෙන් වැළකී වසරක කාලයක් සාමාන්‍යය ලිංගික කටයුතුවල නිරත වූ) ගැබ් ගැනීමක් නොතිබුණු කාන්තාවන්ට
- ඔසප් රුධිරය ගලා යාම අවහිර වන සේ පිහිටා ඇති, ගර්භාෂයේ,ගැබ් ගෙලහි හෝ යෝනි මාර්ගයේ අසාමාන්‍යය හැඩය
එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය වලක්වා ගැනීමට කළ යුතු දේවල් මොනවාද?
- අපගේ ශරීරයේ රසායනික තත්වයන්, පටක ස්වභාවයන්, ශරීර අවයවවල සංකූලතා බොහොමයක් ඇති වන්නේ අපගේ මානසික සමබරතාවය ගිලිහී ගිය විට ය. එබැවින් මූලික වශයෙන් ඔබ කාන්තාවක් නම් ඔබගේ මානසික සුවතාවය පිළිබඳව මනා අයුරින් සිතිය යුතු ය.
- සමබර ආහාර වේල් ගැනීමට හැකි පමණ උත්සාහ කරන්න. ඔබගේ ගෙවත්තේ තිබෙන මැල්ලුම්, එළවළු වර්ග, පළතුරු හැකි පමණ ආහාරයට එකතු කර ගන්න. රසායනික තෙල් පොහොර අඩංගු ආහාරවලින් වැළකී සිටින්නට උත්සාහ කරන්න
- හොඳින් ජලය පානය කරන්න
- දිනකට විනාඩි තිහක් වත් සැහැල්ලු ව්‍යායාමවල නිරත වන්න
- ප්‍රමාණවත් ලෙස නින්ද ලබා ගන්න
- මානසික ආතතිය අවම කරන යෝගා ව්‍යායාම සහ භාවනා කිරීමට විනාඩි කිහිපයක් හෝ උත්සාහ කරන්න
ඔබ හෝ ඔබගේ ආදරණීයයන් මෙවන් රෝග ලක්ෂණවලින් පෙළෙන බවට සලකුණු පවතී නම් ඉතාමත් පහසුවෙන් නිවසේ සිට oDoc ඇප් එක හරහා ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග සම්බන්ධ විය හැකි ය. ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක කතා කරන්න, අදම oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න
ආශ්රිත කියවීම්
- එන්ඩොමෙට්‍රියෝසිස්,org.au, sinhala, assets.jeanhailes.org.au
- Endometriosis – එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ගැන රුධිර සාකච්ඡාව, Dr.Chaminda Mathota, Youtube.
- එන්ඩොමෙට්‍රියෝසිස් සහ මදසරු භාවය, හශිනි නිමන්තිකා, සුවහස්,wordpress.com
- එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ගැන ටිකක් දැනගනිමු, සුවසෙවන, සැප්තැම්බර්,2017,www.suwasewana.com
- කාන්තාවන්ට අධිකව වද දෙන එන්ඩොමෙට්‍රියෝසිස්, 2019 අගෝස්තු 10, දේශය, www.deshaya.lk
Similar Articles...

Endometriosis
Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

පුංචි දුවගේ ඔසප් දවස
Your Little Girl’s First Period Wonder what to tell your child about periods? Here’s some help to get you started. The earlier you have the

අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් බෝ වන රෝග ලක්ෂණ
Sexually Transmitted Infections And Diseases: What You Need To Know What are STIs and STDs? Sexually Transmitted Infections (STI) and Sexually Transmitted Diseases (STD) are