oDoc

OPEN POSITION

සිංහල Content Writer

අපේ oDoc කණ්ඩායමට සම්බන්ධ වීම සඳහා සිංහල Content ලියන්නෙකු අවශ්‍ය වී ඇත. බ්ලොග් සටහන් ලිවීම, ලිපි ලිවීම, වෙබ් පිටුවේ ප්‍රධාන මුහුණතෙහි අන්තර්ගතයන් ලිවීම, නිෂ්පාදනයෙහි (ඇප් එකෙහි) කොපි ලිවීම සහ අමතරව අලෙවිකරණ අන්තර්ගතයන් ලිවීම, එම ලියන්නාට ලැබෙන වගකීම් වේ.

මෙම රාජකාරියෙහි සාර්ථක අයෙකු වීම සඳහා, ලියන්නා හට ලාංකීය පොදු වෙළෙඳපොළ පිළිබඳ අවබෝධ කරගැනීමට සහ oDoc හි පාරිභෝගිකයන් දිගටම රඳවා ගැනීමට හා නව පාරිභෝගිකයන් සම්බන්ධ කරගැනීම උදෙසා අදහස් ලබාදීමට මෙන්ම, ආකර්ෂණීය හා සිත් ඇද බැඳ ගන්නා සුළු අන්තර්ගතයන් (Content) ලිවීමට හැකියාව තිබිය යුතුය.

වගකීම් :

  • සිතට වදින බ්ලොග් සටහන්, ලිපි, වෙබ් පිටුවෙහි සටහන්, වීඩියෝ සඳහා පිටපත්, සමාජ මාධ්‍යය ලිපි, නිෂ්පාදන කොපි සහ පොදු වෙළෙඳපොළ ඉලක්ක කරගත් ඊමේල්ස් ලිවීම.
  • සිංහල කතා කරන ජනයා නිතර ගැටෙන සෞඛ්‍ය හා සුවතාවය සම්බන්ධ මාතෘකා සහ තේමා පිළිබඳව පර්යේෂණය කිරීම.
  • සමාජ මාධ්‍යය ලිපි, වීඩියෝ සහ වෙනත් අලෙවිකරණ අන්තර්ගතයන් ලෙස ඔබ ලියන දෑ ආකර්ෂණීය නිර්මාණ සහ ග්‍රැපික්ස් ලෙස නිර්මාණය කිරීම සඳහා ග්‍රැපික් නිර්මාණකරු සමග එක්ව වැඩ කිරීම. 
  • අලෙවිකරණ උපක්‍රම හරහා පොදු වෙළෙඳපොළ වෙත ළඟා විය හැකි සහ එයත් සමග හොඳින් සම්බන්ධ විය හැකි අර්ථවත් ක්‍රම පිළිබඳව අදහස් නිර්මාණය කිරීම.  
  • oDoc විසින් නව නිෂ්පාදන හා සේවාවන් නිකුත් කරන විට, නව පාරිභෝගිකයන් පිරිසක් වෙත ළඟා විය හැකි පරිදි, සංකීර්ණ සංකල්ප සරළ ආකාරයකින් පැහැදිලි කර දීම.

අවශ්‍යතා :

  • වේගවත්-රාජකාරි පරිසරයක වැඩ කිරීමට ඇති හැකියාව සහ ප්‍රතිපෝෂණ වලට නියමිත වෙලාවට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව
  • වැඩක් අවසන් කිරීමට ඇති කාලය කෙටි වුවත්, ඉක්මණින් එය අවසන් කර ලබා දීමේ හැකියාව.
  • කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ගේ ඉතා සුළු අධීක්ෂණයක් යටතේ, තනිවම සිතා, තනිවම නව අදහස් ඉදිරිපත් කරන්නෙකු, තනිවම නව වැඩ ආරම්භ කරන්නෙකු විය යුතුය.
  • සිංහලෙන් ලිවීම සම්බන්ධයෙන් අති විශිෂ්ට කුසලතා
  • සෞඛ්‍ය අංශ ගැන ඇති උනන්දුව
  • හොඳ සන්නිවේදන කුසලතා

මෙය සම්පූර්ණයෙන්ම දුරස්ථව සිට වැඩ කිරීමට ඇති රැකියාවකි.

Email your CV to hr@odoc.life
සිංහල
0
    0
    Your Cart
    Your cart is empty