Categories
Blog Article

Endometriosis

ගැබ් ගැනීම ප්රමාද කරවන එන්ඩොමෙට්රියෝසිස් තත්වය

Shares
සරලවම එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය යනු කුමක්ද?

 අපගේ ගර්භාෂයේ ඇති පටක මාස් පතා බිඳ වැටීම හේතුවෙන් ඔසප් චක්‍රය සිදු වන බව අප කවුරුත් දන්නා විද්‍යාත්මක සත්‍යයකි. එම බිඳවැටීමට ලක් වන පටක යෝනි මාර්ගය හරහා පිටව යයි.

එහෙත් ගර්භාෂය ඇතුළත බිත්තියේ පවතින පටක සිරුරේ වෙනත් ස්ථානයන් හි හටගත්තොත්?

එවිට එම පටක බිඳ වැටෙන විට ඒවා රුධිරය හරහා පිටව යෑමට මාර්ගයක් නොමැති වුව හොත් එම පටක මිශ්ර රුධිරය අපව රෝගී තත්වයට පත් කරයි. අපි එය එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය ලෙස හඳුන්වමු.

බොහෝ විට එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය ඩිම්බකෝෂ, පැලෝපීය නාල,ගර්භාෂයෙන් පිටත පෘෂඨයේ බඩවැල්, උදර කුහරය තුළ ඇති වෙනත් අවයව තුළ හට ගනියි. එසේම ඉතා කලාතුරකින් උදර කුහරයෙන් පිටත එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය මතු විය හැකි ය

 ශෝචනීය තත්වය නම් කාන්තාවන්ට සිය ජීවිත කාලය පුරාවටම මෙම රෝගී තත්වය පැවතිය හැකි වීම යි.එනම් ඊස්ට්‍රජන් හෝමෝනය ශරීරයේ නිපදවීමේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය උත්සන්න වෙන අතර ඔසප් චක්‍රය නැවතී ඇති අයෙකු තුළ මෙම තත්වය නොපවතින බව වෛද්‍යය අදහස යි.

එසේනම් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය පවතින කාන්තාවන් තුළ පෙන්වන ලක්ෂණ මොනවාද?
  • දිගු කාලයක් තිස්සේ පවතින සුව නොවන උදර වේදනාව
  • ඔසප් වන විට සාමාන්‍යය වේදනාව ඉක්මවා පවතින අධික වේදනාව
  • ලිංගික සංසර්ගයේ දී සහ ඉන් පසුව කොන්දේ සහ උකුලේ ඇති වන වේදනාත්මක තත්වයන්
  • අක්‍රමවත් ඔසප් චක්‍රය
  • ශරීරයේ බර අඩු වීම
  • මලබද්ධය හෝ අතීසාරය
  • බඩ පිපුම හෝ ක්‍රමවත් අයුරින් මලපහ නොවීම
  • වැසිකිළි යාමේ දී මතු වන වේදනාව
  • මදසරුබවදරු පිළිසිඳගැනීම් සිදු නොවීම

වැනි තත්වයන් මතු විය හැකි වුවත් යම් කාන්තාවකට ඉහත ලක්ෂණ කිසිවක් නොපෙන්වා වුව ද එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය පැවතිය හැකිය. එබැවින් මෙම රෝගී තත්වය මුල් අවධියේ හඳුනා නොගැනීම මඟින් කාන්තාවන්ව තරමක් අවධානම් තත්වයකට පත් කරයි.

මෙම එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය පවතින කාන්තාවක්ගේ ශරීරයට සිදු වන්නේ කුමක්ද?
  • ගර්භාෂයේ බිත්ති මත හට ගන්නා පටක වෙනත් ස්ථානයක ඇති වීම හේතුවෙන් එහි ක්‍රියාවලිය ගර්භාෂය තුළ සිදු වූ ක්‍රියාවලියට සමානව සිදු වීම. එනම් නොකඩවා ඔසප් වීම සිදු වීම
  • උකුලේ පටකවලින් එහාට ගොස් ඩිම්බකෝෂ දක්වා වර්ධනය වීම
එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය වැළඳීමට වැඩි අවධානමක් ඇත්තේ කාටද?
  • වැඩිවියට පැමිණි කාන්තාවන්ට
  • පරම්පරාවෙන් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය පැමිණීම
  • ඔසප් චක්‍රය දින 28 ට අඩුවෙන් සිදු වන කාන්තාවන්ට
  • ඔසප් වීම දින හතක් පවතින කාන්තාවන්ට
  • වයස අවුරුදු 12 ට පෙර වැඩිවියට පත් වූ කාන්තාවන්ට
  • විවාහා වී වසරක් ගත වුව ද ( උපත් පාලන ක්‍රමයන්ගෙන් වැළකී වසරක කාලයක් සාමාන්‍යය ලිංගික කටයුතුවල නිරත වූ) ගැබ් ගැනීමක් නොතිබුණු කාන්තාවන්ට
  • ඔසප් රුධිරය ගලා යාම අවහිර වන සේ පිහිටා ඇති, ගර්භාෂයේ,ගැබ් ගෙලහි හෝ යෝනි මාර්ගයේ අසාමාන්‍යය හැඩය
එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය වලක්වා ගැනීමට කළ යුතු දේවල් මොනවාද?
  • අපගේ ශරීරයේ රසායනික තත්වයන්, පටක ස්වභාවයන්, ශරීර අවයවවල සංකූලතා බොහොමයක් ඇති වන්නේ අපගේ මානසික සමබරතාවය ගිලිහී ගිය විට ය. එබැවින් මූලික වශයෙන් ඔබ කාන්තාවක් නම් ඔබගේ මානසික සුවතාවය පිළිබඳව මනා අයුරින් සිතිය යුතු ය.
  • සමබර ආහාර වේල් ගැනීමට හැකි පමණ උත්සාහ කරන්න. ඔබගේ ගෙවත්තේ තිබෙන මැල්ලුම්, එළවළු වර්ග, පළතුරු හැකි පමණ ආහාරයට එකතු කර ගන්න. රසායනික තෙල් පොහොර අඩංගු ආහාරවලින් වැළකී සිටින්නට උත්සාහ කරන්න
  • හොඳින් ජලය පානය කරන්න
  • දිනකට විනාඩි තිහක් වත් සැහැල්ලු ව්‍යායාමවල නිරත වන්න
  • ප්‍රමාණවත් ලෙස නින්ද ලබා ගන්න
  • මානසික ආතතිය අවම කරන යෝගා ව්‍යායාම සහ භාවනා කිරීමට විනාඩි කිහිපයක් හෝ උත්සාහ කරන්න

 ඔබ හෝ ඔබගේ ආදරණීයයන් මෙවන් රෝග ලක්ෂණවලින් පෙළෙන බවට සලකුණු පවතී නම් ඉතාමත් පහසුවෙන් නිවසේ සිට oDoc ඇප් එක හරහා ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග සම්බන්ධ විය හැකි ය. ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක කතා කරන්න, අදම oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න

 ආශ්‍රිත කියවීම්

  • එන්ඩොමෙට්‍රියෝසිස්,org.au, sinhala, assets.jeanhailes.org.au
  • Endometriosis – එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ගැන රුධිර සාකච්ඡාව, Dr.Chaminda Mathota, Youtube.
  • එන්ඩොමෙට්‍රියෝසිස් සහ මදසරු භාවය, හශිනි නිමන්තිකා, සුවහස්,wordpress.com
  • එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ගැන ටිකක් දැනගනිමු, සුවසෙවන, සැප්තැම්බර්,2017,www.suwasewana.com
  • කාන්තාවන්ට අධිකව වද දෙන එන්ඩොමෙට්‍රියෝසිස්, 2019 අගෝස්තු 10, දේශය, www.deshaya.lk

 

Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

ඔබත් පුංචි දඟයට නිතර සැර කරන කෙනෙක්ද?

ඔබත් පුංචි දඟයට නිතර සැර කරන කෙනෙක්ද?

Shares
  • Improves their problem-solving skills

You can use this opportunity to teach your child the importance of responsibility. Your little ones may not always live upto your standards but involving them while cleaning up the mess, putting their toys back into the box and arranging the mess might help them with problem-solving skills as it consists of thinking and intelligent work.

ආසියානු සමාජය තුළ දෙමාපියන් තම දඟකාර දරුවා කෙරෙහි හිට්ලර් පාලනයක් ගෙන යයි. කුඩා කාලයේ සිටම පුංචි පැටියාට බැණීම සහ ගුටි දීම එම දරුවාගේ නිර්මාණශීලීබව සහ පෞරුෂය මොට කිරීමට හෙතු වෙයි. එයම කල් යන විට දෙමාපියන් සම්බන්ධයෙන් ද දරුවා අනුගමනය කිරීමට පෙළඹෙන අතර වැඩිහිටි වියට පත් වූ විට ආවේග පාලනය කර ගැනීමට අපොහොසත් මිනිසෙකු බවට පත් වෙයි.

නමුත් ඔබ අවබෝධයෙන් යුතු දෙමාපියන් ලෙස දරුවාගේ දඟවැඩ යහපත වෙනුවෙන් යොදාගත හැකි වන්නේ කෙසේද යන්න විමසා බලමු.

නොනවතින දාංගලය – එක් තැනක නොසිටිමින් සෑම තැනකම දිවීම, බඩු මුට්ටු විසි කිරීම

දරුවෙකුගේ මෙම ක්‍රියාවන් දළ චාලක ක්‍රියාවන් නමින් ළමාවිය සංවර්ධන අවධීන්වල හඳුන්වයි. මෙමගින්,

  • දරුවාගේ අත් පාවල ඇඟිලි සම්බන්ධ ස්නායු මැනවින් ක්‍රියා කරයි
  • තමන්ට ඇති වන හොඳ සහ නරක සිතුවිලි සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව ඉගෙනගනියි.
  • හැඟීම් ප්‍රකාශ කරන ආකාරය ඉගෙනගනියි
  • ගැටළු විසඳා ගන්නා ආකාරය ඉගෙන ගනියි.

යම් දෙයක් ඉල්ලා කෑ මොර දී හැඬීම

මෙබඳු  අවස්ථාවන්වල දෙමාපියන් අනෙක් මිනිසුන්ගේ අවධානය තමන් වෙතට පැමිණේ යැයි ලැජ්ජාවෙන් ඉල්ලන ඕනෑම දෙයක් ලබා දීමට පෙළඹෙයි. නමුත් එවන් අවස්ථාවක දරුවා හඬන්නේ අත්‍යාවශ්‍ය නොවන දෙයක් වෙනුවෙන් නම් ඔබගේ හදිසි වීම දරුවාට අවැඩක් කරයි.

එවන් අවස්ථාවක පොදු ස්ථානයක වුවත් දරුවාට හඬන්නට ඉඩ දෙන්න. එමගින් දරුවා,

  • යම් දෙයක් නොලැබී ගිය අවස්ථාවක එය දරාගත නොහැකි තැනකට පත් වන්නේ නැත

 

පාට කූරුවලින් බලි රූප හැඳීම

බොහෝ දෙමාපියන් නොරුස්නා තත්වයක් නම් දරුවන් නිවසේ බිත්තිවල කුරුටු බලි ඇඳීම යි. නමුත් එම ක්‍රියාවන්වල සැඟවුණු අර්ථයක් ඇත. මෙමගින් දරුවන්ගේ

  • නිර්මාණශීලීබව වැඩි වීම
  • වර්ණ හඳුනා ගැනීමට යොමු වීම
  • සිතීමේ හැකියාව වර්ධනය වීම
  • දෑත්වල සංවේදී බව වැඩි වීම සිදු වෙයි.

 වැඩිහිටියන්ගේ ඇඳුම් ඇඳීම, රූපලාවණ්‍ය  ආම්පන්න භාවිත කිරීම, වැඩිහිටියෙකු ලෙස හැසිරෙන්න උත්සාහ කිරීම

කුඩා දරුවන් වැඩිපුර ප්‍රිය කරන්නේ තම දෙමාපියන් ලෙස අනාගතයට සූදානම් වීමයි. දරුවෙකුගේ පලමු සමාජ ප්‍රතිරූපය තම මව සහ පියා වේ. එබැවින් දෙමාපියන් ලෙස තම දරුවා අනාගතයට උචිත ලෙස සංවර්ධනය කිරීම වටියි.

වැඩිහිටියන්ගේ කතා හොරෙන් අසා සිටිමින් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම

 බොහෝ දරුවන් ඉතා කුතුහලයෙන් සිටියි. ලෝකය පිළිබඳ අවබෝධ කර ගැනීමට ඔවුන් තුළ විශාල කුතුහලයක් පවතියි. එම කුතුහලය පසුකාලීනව ඔවුන්ගේ අධ්‍යාපනයට, දැනුමට, අවබෝධයට හේතු වෙයි.

එකම ගීතය, පොත, වීඩියෝපටය විශාල වාරයක් නැරඹීමට ප්‍රිය කිරීම

 එය ඇතැම්විට ඔබට අනවශ්‍යය කරදරයක් ලෙස සිතුණත් එමගින්

  • දරුවාගේ භාෂා හැකියාව වර්ධනය වීම සිදු වේ. දරුවන් ඉගෙන ගන්නේ ඉතා සිමින් ය. මෙමගින් කථනයේ දී මෙන් ම අධ්‍යාපනයේ දී වැදගත් වන භාෂා හැකියාවන් වර්ධනය වීම සිදු වේ.
  • කුඩා දරුවාව එක් අරමුණක පිහිටුවා ගැනීමට හැකියාව ලැබේ.
  • දරුවාට සුව පහසු නින්දක් ලබා ගැනීමට එම මානසික තෘප්තිය හේතු වෙයි.

දරුවන්ට ඇති වන හදිසි කෝපය

 මෙය කෝපය ලෙස හැඳින්වීමට වඩා සුළු දෙයටත් දුක සිතීම ලෙස ද හැඳින් වීමට හැකිය.  කුඩා දරුවෙකු තම වැඩිහිටියන් සතුට, දුක ප්‍රකාශ කරන ආකාරයන් සියුම්ව ඉගෙන ගනියි. එබැවින් කිසිම අවස්ථාවක දරුවෙක්ගේ වරදකට පහර දීම, වරෙන්, පලයන් වැනි දන් සහ පරුෂ වචනවලින් බැණ වැදීම සිදු නොකරන්න. ඒ වෙනුවට කරුණාවෙන් හොඳ සහ නරක කියා දෙන්න. විශේෂයෙන්ම

  • බබාට තරහ ගියොත් අම්මිට/තාත්තිට දුක හිතෙනවා
  • මගේ පුතා/දුව කවදාවත් තරහ ගන්නේ නැහැ

වැනි සියුම් වදන්වලින් අමතන්න. එවිට දරුවා

  • දයාවෙන් කරුණාවෙන් මිනිසුන්ට කතා කිරීමට ඉගෙනගනී
  • යම් ගැටළුවක් පැමිණි විටක පලමුව තම තරහ පිට කිරීම නොකරයි
  • කුඩා කාලයේ පටන් ඉවසීමේ බීජ රෝපණය කරයි
  • මව සහ පියා යන චරිත පිළිබඳ ධනාත්මකව සිතීමට පටන් ගනියි.

නිරතුරුව වැළඳගනිමින්, හුරතල් වීමට උත්සාහා කිරීම

 වෙහෙස වී වැඩ කරන දෙමාපියන් වුව ද තම දරුවන් සිප වැළදගැනීමට කාලය වෙන් කළ යුතු ය. ශරීරයට – ශරීරය ස්පර්ෂ වන ආකාරයට වැළඳගැනීමෙන් දරුවාට මානසිකව විශාල තෘප්තිමත් බවක් ඇති වෙයි. එවිට

  • නිරතුරු මිත්‍රශීලි අදහස් ඇතිව කටයුතු කිරීම
  • දයාව කරුණාව ඉගෙන ගැනීම
  • සහයෝගය, එකමුතුකම ඉගෙන ගැනීම සිදු වෙයි.

නිරන්තරයෙන් ඔබේ දරුවාගේ කායික මෙන් ම මානසික සුවය පිළිබඳව සැලකිලිමත් වන්න. දරුවාගේ සෞඛ්‍යය පිළිබඳව යම් කිසි ගැටළුවක් ඇති වූ විට oDoc ඇප් එක හරහා ළමා රෝග විශේෂඥ වෛද්‍යයවරයෙක්ට කතා කරන්න.

 ආශ්‍රිත කියවීම්

  • මුල් ළමා විය සංවර්ධනය,සංකල්ප,මැදිහත් වීම්, ඇගයිම් සහ ගැටළු, ප්‍රාථමික සෞඛ්‍යය නිලධාරීන් සඳහා වූ අත් පොත, 2014,http://www.fhb.health.gov.lk
  • 7 annoying things toddlers do that are actually good for them,pickanytwo.net
  • Why do toddlers want to read the book over and over again, Today’s parent, todaysparent.com

 

Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article මානසික සෞඛ්‍යය

ජීවිතයට වින කරන මානසික ආතතිය හඳුනාගමු

ජීවිතයට වින කරන මානසික ආතතිය හඳුනාගමු

Shares

මෙයට පෙර අපගේ ලිපි තුළින් මානසික ආතතියේ බලපෑම් මත ඇති වන රෝග තත්වයන් පිළිබඳ සාකච්ඡා කළෙමු. සාමාන්‍යය ජන වහර තුළ මෙම මානසික ආතතිය ටෙන්ෂන් ( Tension) ලෙස හඳුන්වයි.  

අතීත මිනිසුන් සාමුහික ජීවිතයක් ගත කිරීම හේතුවෙන් ඔවුන්ට මානසික ගැටළු ඇති නොවී ය. එසේ ඇති වූවා නම් එය කලාතුරකින් ජාන සම්බන්ධ ගැටළු මත ඇති වූ බව දක්නට ඇත. නමුත් වර්තමානයේ මිනිසුන් ගත කරන ඒකාකාරී ජීවිතය හේතුවෙන් නොයෙකුත් මානසික ගැටළු තත්වයන් මතු වී ඇත.

එම තත්වයේ ප්‍රතිථලයක් ලෙස මානසික ආතති වර්ග කිහිපයක් වෛද්‍යය විද්‍යාව තුළ ප්‍රධාන ලෙස අවධානයට ලක් කරයි. ඒවානම්,

  • ධනාත්මක ආතතිය
  • ඍණාත්මක ආතතිය
  • ක්ෂණික ආතතිය
  • දිගු කාලීන ආතතිය

ආතතිය ඇති වන අවස්ථාවන්හි දී අපගේ ශරීරයෙන් පිට කරන ‘ඇඩ්‍රිනලීන්’ ධනාත්මක ආතතිය ඇති වූ අවස්ථාවක ශරීරයට හිත කර ආකාරයෙන් පිට වෙයි

  • නිතර දුක දැනීම
  • අවධානය යොමු කිරීමට නොහැකියාව

යම් පුද්ගලයෙකු මානසික ආතතියට පත් වී ඇති බව පෙන්වන ලක්ෂණ මොනවාද?

  • හෘද ස්පන්ධනය වේගවත් වීම
  • රුධිර පීඩනය වැඩි වීම
  • ගල නාලයේ සහ ආමාශයේ ක්‍රියාකාරීත්වය වැඩි වීම
  • ආමාශයේ අසාමාන්‍යය ක්‍රියාකාරීත්වය හේතුවෙන් බඩවැල් තුවාල වීම
  • බඩ පිපීම සිදු වීම
  • නිතර මුත්‍රා පිට වීම
  • නිතර මලපහ කිරීමට යාම
  • මස්පිඬු තද ගතියක් ඇති වීම
  • මස්පිඬුවල වේදනාව
  • ඔළුවේ කැක්කුම
  • එක තැනක එක ඉරියවුවකින් සිටීමට නොහැකි වීම
  • නිතර අනිසි බියක් ඇති වීම
  • කෑම අරුචිය  

මෙම ලක්ෂණ පොදුවේ පවතින ලක්ෂණ වන අතර ඇතැම් විට පුද්ගල ශරීර ස්වභාවයන් මත වෙනස් වෙයි. බොහෝ අවස්ථාවන්වල අවුරුදු 16 ත් 24 ත් අතර වයසේ පසුවන පුද්ගලයන්ට, වයස අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන කාන්තාවන්ට මෙන් ම වයස අවුරුදු 60 ට වැඩි සියලු වැඩිහිටියන්ට මෙම ආතතිය මතු වීමේ අවධානම වැඩි වේ. එයට හේතු වන්නේ

  • තරුණ වයසේ දී ශරීරයේ නිපදවන හෝර්මෝන වෙනස්කම්
  • ඔසප් චක්‍රයේ වෙනස් වීම
  • වියපත් භාවයට පත් වීම

වැනි හේතූන් ය.පුද්ගලයෙක් ආතතියට පත් වන විට ශරීරයේ ඇඩ්‍රිනලීන් හෝර්මෝනය ශ්‍රාවය වීමේ ස්වභාවය ඉහල මට්ටමක පවතින බව අප පෙර සඳහන් කළෙමු. එම තත්වය මත යම් පුද්ගලයෙකුට කල් යාමේ දී

  • හෘද රෝග
  • දියවැඩියාව
  • පිළිකා

වැනි තත්වයන්ට ලක් විය හැකි ය. එබැවින් හැකි පමණ ආතතිය ඇති කරන තත්වයන්ගෙන් ඈත් වීම සුදුසු වෙයි.

යම් අයෙක් ආතතියට පත් විය හැකි ආකාර මොනවාද?

  • සමීපතමයෙක් වෙන් වීම
  • නිරතුරුව අනුන් මත සිය ජීවිතයේ වටිනාකම තීරණය කිරීම
  • අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කර ගැනීමට යාම
  • සේවය කරන ආයතනයේ හෝ අසල්වාසී හෝ සමීපතමයන් සමඟ කිසිඳු වටිනාකමක් නොමැති මාතෘකා වෙනුවෙන් වාද කර ගැනීම
  • සිත රිදෙන ආකාරයේ දේවල් කියන කරන අය ඇසුරු කිරීම
  • නිරතුරුව තරහ ගැනීම
  • විවේකයක් නොමැතිව වැඩ කිරීම
  • තමන්ට කවුරුන්වත් නොමැති බව නිතර සිතීම
  • ගැටළුවක් කතා කිරීමට තරම් විශ්වාසවන්ත අයෙකු නොමැති වීම
  • ණය බර සහ පවුලේ වගකීම්
  • ව්‍යායාම මදිකම
  • මුදල් ගැටළු
  • ගර්භණී බවට පත් වීම නිසා ශරීරයේ සිදු වන හෝමෝන වෙනස්කම්

මෙම තත්වයන්ට අමතරව තවත් දේවල් පැවතිය හැකි අතර පුද්ගලයන්ට පවතින දරා ගැනීමේ ශක්තිය මත ඒවාගේ පීඩනයන් තීරණය වෙයි.

යම් අයෙක් ආතතියෙන් පසු වනවානම් ඉන් මිදීමට සිදු කළ යුතු දේවල් මොනවාද?

  • නිරතුරුව කිසියම් වැඩක යෙදෙන්න උත්සාහ කරන්න

එනම් ප්‍රධාන ලෙස තමන්ගේ නිවසේ වැඩ, වත්ත පිටියේ වැඩ මෙන් ම විනෝදාංශ ක්‍රියාකාරකම් ය. මේ අතරින් හැකි සෑම විටම පරිසරය මූලික කරගත් විනෝදාංශ තම ජීවිතයට එකතු කර ගැනීම වැදගත් වේ.

  • නිති පතා ව්‍යායාම කරන්න – ( දියවැඩියාව සහ අධි රුධිර පීඩනය පවතී නම් වෛද්‍යය උපදෙස් මත ව්‍යායාම කරන්න)
  • තමන්ට ප්‍රශ්නයක් ඇති වූ විට විශ්වාසවන්ත ළඟම කෙනෙක් සමඟ එම සිදුවීම බෙදා ගන්න
  • සෞඛ්‍යය සම්පන්න සමබර ආහාර ගන්න සැම විටම උත්සාහ කරන්න
  • යතාර්ථය තුළ ජීවත් වෙන්න
  • තමන් වෙනුවෙන් කාලය ගත කරන්න
  • නිරන්තරයෙන් ධනාත්මක ලෙස සිතන්න

මානසික ආතතිය ඇති වීම ලොව ඕනෑම මනුෂ්‍යයෙකුට ඇති විය හැකි තත්වය කි. ආතතිය මානසික රෝගයක් නොවෙයි. එනමුත් මානසික ආතතිය දිගින් දිගටම පැවතීම කාංසාව සහ විශාදය වැනි තත්වයන් කරා යාමට හේතු විය හැකි ය.

අප රෝගයන් ඇති වීමට පෙර එහි මූලය දුරු කරමු. ඔබ තනි වූ පුද්ගලයෙක් වුවත් ජංගම දුරකථනය මඟින් මනෝ වෛද්‍යයවරයෙක් සමඟ සම්බන්ධ වන්න, අදම oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න.

ආශ්‍රිත කියවීම්

  1. මානසික ආතතිය හා බැඳුණ ලෙඩරෝග පිළිබඳව ඔබ දැනුවත් ද?,කැළණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍යය පීඨය වෙබ් අඩවිය.
  2. දැනෙන නොදැනෙන මානසික ආතතිය, මවුබිම, ආර්‍යා විශේෂාංගය
  3. මානසික ආතතිය නිසා ඇති වන කායික ලක්ෂණ, තඹරු විජේසේකර, 13 මාර්තු 2017, roar media.
  4. මානසික ආතතිය අඩු කිරීම සඳහා ඍණාත්මක ස්වයං අර්ථකථනය ( Negative self talk) නවත්වන්න, quantum.lk.
  5. මානසික ආතතිය නිසා ගැස්ට්‍රයිටීස්, ප්‍රෙශර් ඇති වන්නට පුළුවන්, ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය, මනෝ වෛද්‍යය විශේෂඥ ජයාන් මෙන්ඩිස්,ආරෝග්‍යා අතිරේකය, දිනමින පුවත්පත.
  6. පීඩාකාරී මානසික ආතතිය නිසා දරුවාගේ මොළයේ සිදුවන වෙනස්කම් ගැන ගුරුවරුන් ලෙස ඔබ දැනුවත් ද , සාරංගි රන්පටබැඳි, 03 ජනවාරි 2022,lk
  7. ආතතියෙන් මිදෙන්නේ කෙසේද?, 2022 ධනාත්මක චින්තනය, positive.lk

 

Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය -IBS

කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය -IBS

Shares

මෙයට පෙර අපගේ “මොළ ගෙඩියට ගිණි දෙන බඩවැල්” ලිපියෙන් මිනිස් ශරීරයේ දෙවන මොළය පිළිබඳ සාකච්ඡා කර ඇත. එම දෙවන මොළයට බඩවැල්වලින් ඇති කරන බලපෑමක් පිළිබඳ අපි යම් ප්‍රමාණයක දැනුමක් ඔබට ලබා දී ඇත්තෙමු. ඒ අනුව බඩවැල් සම්බන්ධයෙන් ඇතිවන රෝගයන්ගෙන් එකක් වූ කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය පිළිබඳ මෙම ලිපියෙන් තව දුරටත් සාකච්ඡා කරනු ඇත.

සැබැවින්ම කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය ‍යනු කුමක්ද?

ප්‍රධාන වශයෙන් එම තත්වය ඇති වන්නේ බඩවැල් රෝගී වූ විටයි. බඩවැල් රෝගී වීම යම් අයෙක්ව කායිකව පමණක් නොව මානසිකව රෝගී වීමට පවා හේතුවක් වෙයි.එසේම එය ආහාර ජීර්ණය වීම සම්බන්ධ ‍රෝගයකි. ඇතැම්විට එය කාංසාවත් මානසික අවපීඩණයත් සමග ඍජුව සම්බන්ධ වූ තත්වය කි. මෙම රෝගී තත්වය පවතින පුද්ගලයන්ට බඩවැල් හරහා මොළයට එන සංවේදනාවන් පාලනය කිරීමට හැකියාවක් නොපවතියි. එහි ප්‍රතිථලයක් ලෙස

  • බඩවැල්වල පිහිටීම වෙනස් වීම
  • බඩවැල් ඉදිමීම සිදු වෙයි
  • මන්දපෝෂණය මතු වීම
  • ෆිටුලස් නැමති බඩවැල් බිත්ති හරහා විහිදෙන වණවීම්
  • ආහාර ජීර්ණ පද්ධතියේ සිදුරු මතු වීම
  • බඩවැල් කැඩීම සහ බඩවැල් අවහිරතා

කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය පවතින අයෙකු තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවාද?

ආහාර ජීර්ණය වීමේ ක්‍රියාවලිය නිවැරදි ආකාරයෙන් සිදු නොවීම මත ඇති වන

  • පාචනය
  • මලබද්ධය
  • ආමාශය ආශ්රිත වේදනාව
  • ආමාශය ඉදිමීම
  • බඩ කැක්කුම
  • සුළු ඔක්කාරය
  • කටහඬ තුළ යම් වෙනසක් තිබීම
  • අත්ල තෙත් වන ස්වභාවයක් දක්නට ලැබීම
  • බඩ පිපීම
  • මලපහ කිරීමේ දී ඇතැම් විට අපහසුවක් ඇති වීම

එයට හේතු වන්නේ කාන්තා ශරීරය තුළ නිපදවන හෝමෝන ශ්‍රාවයන් ය. එමෙන් ම ගර්භණී භාවයට ලක් වූ පසුව ශරීරයේ හෝමෝන වෙනස් වීම් සිදු වන අතර එ මඟින් මෙම රෝගී තත්වය ඇති වීමට ඉඩ පවති යි.

කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය වෙනත් රෝග ඇති වීම මත වර්ධනය විය හැකිද?

ඔවු,

  • මලබ්සොප්ෂන් (Malabsorption) – කුඩා අන්ත්‍රය මඟින් ආහාර ද්‍රව්‍යයන් අසම්පූර්ණ ලෙස අවශෝෂණය කර ගැනීම නිසා ඇති වන තත්වයන්
  • නිදන්ගත රෝග – ( ක්‍රොන්ගේ රෝගය,අල්සරටිව් කොලිටිස් (Ulcerative Colitis) රෝගය. එනම්, අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසාමාන්‍යය ක්‍රියා කිරීම අපගේ මහා අන්ත්‍රයේ වණ වීම් ඇති කරයි)
  • මානසික පීඩනය
  • කොලිටස් – එහි ප්‍රතිථලයක් ලෙස බඩවැල් වණ වීම් සිදු වී කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමයට ලක් වෙයි

කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය වැඩි කරන තත්වයන් මොනවාද ?

  • ආතතිය
  • කාංසාව
  • ඉරුවාරදය
  • මහා අන්ත්‍රය සංවේදී භාවයෙන් වැඩි වීම
  • ඉවසීම නොමැතිකම
  • ග්ලූටන් සහ ලැක්ටොස් ආහාර

පුද්ගලයන්ට නිශ්චිත ආහාර වර්ගයක් මත බඩවැල් කුපිත වීම සිදු වන්නේ නැත. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.

එබැවින් ආමාශ රෝග විශේෂඥ වෛද්‍යයවරයෙකු, පෝෂණවේදියෙකු හෝ ආහාරවේදී විශේෂඥයෙකු ලවා ඔබගේ ආහාර රටාවන් පරීක්ෂා කර ගැනීම සුදුසු වෙයි.

නමුත් පොදුවේ කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය සඳහා සුදුසු සහ නුසුදුසු ආහාර මොනවාද?

සුදුසු ආහාර

  • කොමඩු
  • කිවි
  • ස්ට්රෝබෙරි
  • ලැක්ටොස් රහිත කිරි
  • බිත්තර
  • ටොෆු
  • සහල්
  • බඩ ඉරිගු
  • නැවුම් එළවළු, පළතුරු සහ බෙරි ඇට
  • කොළ වර්ග
  • සින්ක්, යකඩ අඩංගු ආහාර
  • මේද මාළු
  • තේ – ප්‍රති ඔක්සිකාරකයක් මෙන් ම මොළයට හිත කරයි
  • අඳුරු චොක්ලට් – 70% කොකෝවා වැඩි බව විශාල ප්‍රති ඔක්සිකාරකයකි.
  • ඔමේගා ත්‍රී අඩංගු මස් අම්ල ( බිම් හණ ඇ, චියා බීජ, සැමන්, වෝල්නට්)
  • ප්‍රෝටීන් සහ කොලජන් ( මස් කටු සුප්)
  • ප්‍රෝබයෝටෙක් – ( යෝගට්, ගෝවා, කොම්බුචා, කිම්චි වැනි පැසුණු ආහාර)
  • නුසුදුසු ආහාර
  • ඇස්පගරස්
  • ආර්ටිකොක්
  • හතු
  • ළුෑණු
  • සුදු ළූණු
  • ඉගුරු
  • කැෆේන් අඩංගු ආහාරපාන
  • ෆෲටොක්ස් අධික ඉරිගු සිරප් ( HCFS)
    • එළවළු සහ් බීජ තෙල්සූරියකාන්ත, කුංකුම, කැනෝලා, තල, සෝයා බෝංචි,කහ ඇට
    • නයිට්රේට්, BHA සහ BHT වැනි කල් තබා ගන්නා ද්‍රව්‍යය.
    • කෘතිම ආහාර වර්ණක ( රතු 40, කහ 5)
    • කෘතිම රසකාරක

මෙම ආහාර පිළිබඳ කතා කිරීමේ දී බඩවැල් පද්ධතියට ගුණ දෙන පැසුණු ආහාර සහ ප්‍රෝබයෝටෙක් වැනි සෞඛ්‍යයට සුදුසු ආහාර ගුණ දායක වේ. ප්‍රෝබයෝටෙක් යනු බඩවැල්වල ඇති අහිතකර බැක්ටීරියා නාශකයකි.

 

එසේම

  • හැකි පමණ ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න
  • මාංශපේශි ලිහිල් කිරීමේ ව්‍යායාම – ඉරුවාරදය, ආතතිය සමනය කිරීමට මෙය උපකාරී වේ
  • මනස සන්සුන් කරන මෛත්‍රී භාවනාව – මෛත්‍රී කිරීම මඟින් ඔබේ ශරීරයේ විෂ දුරු කරයි
  • විධිමත් උපදේශකවරයෙකුගේ යටතේ කරන යෝගා සහ ප්‍රාණායාම – යෝගා ව්‍යායාම සහ ප්‍රාණායාම ශරීරයේ විවිධ අවයව සුවපත් කිරීම වෙනුවෙන් නිර්මාණය වී ඇත.
  • සැර සහ දැවිල්ල අධික ආහාරපාන ගැනීමෙන් වලකින්න
  • තමන්ට ආතතිය ඇති කරන පුද්ගලයන් සහ සබඳතාවලින් ඈත් වන්න
  • නිරතුරුව සමාව දෙන පුද්ගලයෙකු වන්න
  • පරිසරයට සතා සීපාවාට ආදරය දක්වන පුද්ගලයෙකු වන්න

 ODoc අපගේ වගකීම ඔබගේ කායික සහ මානසිකව නීරෝගීව තැබීමයි. එබැවින් ලොව ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක oDoc ඇප් එක හරහා  ආමාශ ආන්ත්‍රික විශේෂඥ වෛද්‍යයවරයෙකුට කතා කර ඔබගේ සියලු ගැටළුවලට විසඳුම් ලබා ගන්න. අදම oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න.

ආශ්‍රිත කියවීම්

  • කෝපයට පත් බඩවැල් සින්ඩ්‍රෝමය: එය ප්‍රකාශ කළ හැකි රෝග ලක්ෂණ, Emergency Live, www.emergency-live.com.
  • කුපිත කළ හැකි බඩවැල් සින්ඩ්‍රෝමය ( IBS) පාලනය කර ගැනීමට හිතකර තත්වයක්, Emergency Live, www.emergency-live.com.
  • බඩවැල් වඩාත් කණස්සල්ලට පත් වන විට, මා අසල සෞඛ්‍යය සම්පන්න ආහාර,support@healthy-food-near-me.com.
  • ඉරුවාරදය, ආතති හිසරදය සහ කුපිත කරවන බඩවැල් සින්ඩ්‍රෝමය පොදු ජානමය සබඳතා, 2022,මහා බඩවැල් සෞඛ්‍යය, health-consultation.com.
  • කොලිටස් සහ කෝපාවිෂ්ඨ බඩවැල් සින්ඩ්‍රෝමය, වෙනස කුමක්ද? සහ ඒවා අතර වෙනස හඳුනාගන්නේ කොහොමද?, Emergency Live, www.emergency-live.com.
  • කෝපාවිෂ්ඨ බඩවැල් (IBS), හේතුව, රෝග ලක්ෂණ, වැලැක්වීම සහ ප්‍රතිකාර කිරීම, VONDT+NET, www.vondt.net.

  

Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

Insomnia – Everything You Need To Know

නිදි මරන්න ගිහින් ඔබේ මොළේ මරාගන්න එපා

Shares
female with insomnia struggling to sleep at night

නිදි මරමින් පාඩම් කිරීම, රැකියා කිරීම මිනිසුන් අතර සුලභ තත්වයක් මෙන් ම එම ක්‍රියාව අගය කරන කොටසක් ද සිටියි. නැතහොත් නිදිමැරීම ද එක්තරා විලාසිතාවක් බවට පත්ව ඇත. හොඳ අධ්‍යාපනයක් ලබන දරුවෙක් නම් රාත්‍රිය පහන් වන තුරු පාඩම් කටයුතු කළ යුතු බවටත් මහන්සියෙන් මුදල් උපයන පුද්ගලයන් නොනිදමින් රැකියාවන්වල නිරත විය යුතු බවටත් සමාජය පුහු මතයන් දරයි.

මනුෂ්‍යයෙක්ට නින්ද වැදගත් වන්නේ ඇයි? 

  • ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය යහපත්ව පවත්වා ගන්නට
  • ශරීරය වර්ධනයට
  • මොළයේ ක්‍රියාකාරීත්වයට

සාමාන්‍යයයෙන් පුද්ගලයෙකුට දිනකට පැය කීයක නින්දක් අවශ්‍යය ද? 

  • වැඩිහිටියෙකුට පැය 7 ත් 9 ත් අතර
  • දරුවන්ට පැය 9 ත් 13 ත් අතර
  • බිළිඳු දරුවන්ට පැය 12 ත් 17 ත් අතර නින්ද අවශ්‍යය වෙයි

නමුත් යම් පුද්ගලයෙක් මුළු රාත්‍රිය පුරා නිදා ගන්නට අමතර උත්සහයක් ගැනීමට සිදු වී වෙහෙසට පත් වෙයි ද එබඳු පුද්ගලයෙක්ට ඉන්සොම්නියා ( Insomnia ) නම් රෝගී තත්වය වැළදී තිබිය හැකිය.

ඉන්සොම්නියා ‍යනු කුමක්ද?

එය සරලවම නිදිමතක් නොදැනීම හෝ දිගු නින්දක් ලබා ගැනීමට අපහසු වීම මත ඇතිවන ආබාධයකි. එම තත්වය කෙටි කාලයක සිට දිගු කාලයක් දක්වා වර්ධනය විය හැකිය.

මෙම තත්වය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එක හා සමානව පවතිනවා ද?

පර්යේෂණ දත්ත වාර්තා අනුව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එක හා සමාන ලෙස ඉන්සොම්නියා තත්වය ඇති වීමට හැකි වුවත් මෙම තත්වය කාන්තාවන්ට ඇති වීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතියි.

එයිනුත් වයස අවුරුදු 60 ට වැඩි පිරිසට ඉන්සොම්නියා තත්වය බලපෑම් කළ හැකිය.

යම් පුද්ගලයෙකු ඉන්සොම්නියා ‍රෝගී තත්වයට පත් වීමට බලපාන හේතු මොනවාද ? 

  • බොහෝ විට තමන් පුරුදු පරිසරයෙන් වෙනත් පරිසරයකට මාරු වීම, අධික ශබ්ධ සහ පරිසර උෂ්ණත්වය නැමති කාරණා
  • තමන්ගේ ජීවිතයට තදින් සම්බන්ධ වූ යම් කෙනෙක් හෝ දෙයක් අහිමි වීමේ වේදනාව
  • තමන් දෛනිකව කරමින් තිබූ කාර්යයන් රාත්‍රී කාලයේ සිදු කිරීමට පටන් ගැනීම
  • කැෆේන්, ඇල්කොහොල්, දුම්කොළ අඩංගු දෑ නින්දට පෙර භාවිත කිරීම
  • නින්දට පෙර ඉතා ඝන ආහාර ගැනීම
  • අධික ඖෂධ වර්ග භාවිතය

මෙම ඉන්සොම්නියා රෝගය ප්‍රභේද දෙකක් යටතේ පවතියි.

ඉන් පලමුවැන්නප්‍රාථමික ඉන්සොම්නියා තත්වයයි

එනම් ප්‍රධාන වශයෙන් නින්ද අහිමි වීම මත පමණක් ඇති වන තත්වයයි.

දෙවැන්න නම් – ද්වීතික ඉන්සොම්නියා තත්වයයි

එනම්  ඇදුම, විශාදය, පිළිකා වැනි බාහිර රෝග මුල් වීමෙන් ඇති වන තත්වයයි

එසේනම් ඉන්සොම්නියා රෝගී තත්වය යම් කෙනෙක්ට වැළදිය හැකි බාහිර රෝගී තත්වයන් මොනවාද?

  • යම් පුද්ගලයෙකු උග්‍ර හෝ මධ්‍යම විශාදයෙන් පෙළෙන අයෙක් වීම
  • කාංසාව පවතින අයෙක් වීම
  • සෙම්ප්‍රතිශ්‍යාව සහ ඇදුම දීර්ඝ කාලයක් පැවතීම
  • නින්ද සම්බන්ධයෙන් පවතින ආබාධ

යෞවනයන්ට වැඩිපුර ඇතිවන නින්ද සම්බන්ධ රෝගී තත්වයක් ලෙස ‘ ප්‍රමාද වූ නින්ද සම්බන්ධ ආබාධ තත්වය’ ( Delayed Sleep Phase Syndrome ) පසු කාලයක දී ඉන්සොම්නියා තත්වයක් කරා ගමන් කිරීමට පවතින අවධානම ඉතා ඉහළ මට්ටමක පවතියි.

  • වයසට යන විට ඇතිවන ශරීර වේදනාවන්
  • වේදනාත්මක කකුල් ආබාධයන් ( Restless Legs Syndrome )
  • නින්ද සම්බන්ධ ආබාධ තත්වයන් ( Sleep Apnea)
  • තයිරොයිඩ් සම්බන්ධ රෝගී තත්වයන් ( Hyperthyrodism) හෝ වෙනත් අන්තරාසර්ග පද්ධතිය සම්බන්ධ ‍රෝග තත්වයන්
  • පිළිකා වැළඳිම හේතුවෙන් ලබා දෙන කීමෝ ප්‍රතිකාර

ගර්භණී භාවයට පත් වූ විට මවක් තුළ ඇති වන හෝර්මෝන වෙනස්කම් හේතුවෙන් අවසාන මාස කිහිපය තුළ මවුවරුන්ට ප්‍රමාණවත් නින්දක් නොලැබී යයි. එවන් විටක ද ඉන්සොම්නියා තත්වය බලපෑම් කළ හැකි අතර ප්‍රසව හා නාරි වෛද්‍යයවරයා සමඟ මේ තත්වයට පිළියම් සාකච්ඡා කළ හැකිය.

 

මෙම තත්වයට ඔබ හෝ ඔබගේ සමීපතමයෙක් මුහුණ දී ඇති බව හඳුනා ගත හැකි ලක්ෂණ මොනවාද?
  • දිවා කාලයේ ඇති වන අධික නිදිමත තත්වය
  • නිතර වැඩ නොකළ ද තමන්ට මහන්සි ගතියක් දැනීම
  • කේන්ති යන ස්වභාවය වැඩි වීම
  • යම් වැඩකට එක දිගට අවධානය යොමු කිරීමට අපහසු වීම
  • මතක ශක්තිය පිළිබඳව ගැටළු මතු වීම
ඉන්සොම්නියා ‍රෝගය නිසා මතු විය හැකි රෝගී තත්වයන් මොනවාද?
  • හුස්ම ගැනීමට පවතින අපහසුතා මතු වීම ( Asthma වැනි රෝගී තත්වයන්)
  • හදවත් රෝග මතු වීම { රුධිර පීඩණය, හදවත අඩපණ වීම, ( Arrhythmia වැනි රෝග තත්වයන්)}
  • මානසික රෝග තත්වයන් මතු වීම
  • නිදන්ගත රෝග තත්වයන් මතු වීම
  • ප්‍රසූතියේ දී ගැටළු මතු වීම
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත ගැටළු මතු වීම
  • වකුගඩු ආශ්‍රිත ‍රෝගී තත්වයන් මතු වීම ( Metabolism )

විශේෂයෙන්ම ඉන්සොම්නියා ‍රෝගයෙන් පෙළෙන්නන්ගේ මොළයේ නීරෝගී ස්නායු සෛල ඉවත් වීම හේතුවෙන් ‘ ඇල්සයිමර්ස්'(Alzheimer’s Disease) වැනි රෝගවලට ගොදුරු වීමේ අවධානම ඉතා ඉහල මට්ටමක පවතියි. එබැවින් මූලික අවස්ථාවන්හි දී රෝගී තත්වය හඳුනා ගැනීම ඉතා වැදගත් තත්වයකි.

මෙම තත්වය මඟහරවා ගැනීමට කළහැකි දේවල් මොනවාද?

  • නිදාගැනීමට සහ අවදි වීමට නිශ්චිත වෙලාවක් තබා ගන්න
  • දිවා කාලය අතරතුර නිදා ගැනීම අවම කිරීම
  • නින්දට යාමට පෙර හෝ නින්දට ‍යන තුරු ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප් භාවිත නොකිරීම (නින්දට පැයකටවත් පෙර එවා ඉවත් කරන්න)
  • කැෆේන්, දුම්කොළ, මත්පැන්, මත්ද්‍රව්‍යයන් හැකිතාක් ඉවත් කරන්න
  • දිනපතා අවම වශයෙන් විනාඩි 30 ක් වත් ව්‍යායාම කරන්න ( ඔබට ලෙඩ රෝග පවතියි නම් වෛද්‍යය උපදෙස් මත ව්‍යායාම කරන්න)
  • රාත්‍රියට සැහැල්ලු ආහාර ගන්න
  • නින්දට පෙර මෛත්‍රී භාවනාව හෝ අනිත්‍යය භාවනාව වඩන්න ( විනාඩි 5 ක් වත් අප අවට පවතින සියලු දේ සහ සියලු සිතුවිලිවල පවතින අනිත්‍යය බව සිහි කරන්න. එය ඔබගේ සිත නිදහස්ව පවත්වා ගන්නට උපකාර කරයි.)
  • වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව හැකි පමණ පාලනය කර ගන්න. එබඳු සිතුවිලි ඇති වන්නේ අප යතාර්ථයෙන් එපිට ජීවිත ගෙවීමට උත්සාහ කරන බැවින් වෙයි.

ඔබ හෝ ඔබගේ සමීපතමයන් මෙවන් තත්වයන්ට මුහුණ දී සිටී නම් oDoc ඇප් එක හරහා සාමාන්‍යය වෛද්‍යයවරයෙකුගේ සිට මනෝ රෝග විශේෂඥ වෛද්‍යයවරයෙකු සමඟ පහසුවෙන් සම්බන්ධ විය හැකිය. දවසේ පැය 24 පුරාවට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ඔබට ඇතිවන සියලු ගැටළුවලට විසඳුම් ලබා ගන්න. අදම oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න

ආශ්‍රිත කියවීම්
  • සුව නින්ද අහිමි කරන ඉන්සොම්නියා ( Insomnia) ගැන දැනුවත් වෙමු, ඔක්තොම්බර් 19,2020,lifie.lk
  • නින්දේ ආබාධ වර්ග, රෝග ලක්ෂණ,හේතු සහ ප්‍රතිකාර, 2022,warbletoncouncil
  • අනිද්‍රාව ( Insomnia) සම්පූර්ණයෙන් වලක්වා ගතහැකි, සුව නින්දක් ලබා ගතහැකි ක්‍රමවේද 8 ක්, චන්දි සමරවීර, ජූලි 14,2017,womanly.lk
  • ගැබිණි සමයේ ඇති වන ඉන්සොම්නියා තත්වයට පිළියම්, අගෝස්තු 3,2020,babyandme.lk
  • ප්‍රමාද වූ නින්ද අවධියේ දී සින්ඩ්‍රෝමය ‍යෞවනයන්ට බලපෑම් කරයි, බ්රැන්ඩන් පීටර්ස්
  • Insomnia, National Heart, Lung and Blood Institute, www.hhibi.nih.gov
  • Insomnia, Mayo Foundation for Medical Education and research( MFMER), www.mayoclinic.org
  • Insomnia, National Health Service, England, www.nhs.uk
Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog