oDoc

ජීවිතයට වින කරන මානසික ආතතිය හඳුනාගමු

Shares

මෙයට පෙර අපගේ ලිපි තුළින් මානසික ආතතියේ බලපෑම් මත ඇති වන රෝග තත්වයන් පිළිබඳ සාකච්ඡා කළෙමු. සාමාන්‍යය ජන වහර තුළ මෙම මානසික ආතතිය ටෙන්ෂන් ( Tension) ලෙස හඳුන්වයි.  

අතීත මිනිසුන් සාමුහික ජීවිතයක් ගත කිරීම හේතුවෙන් ඔවුන්ට මානසික ගැටළු ඇති නොවී ය. එසේ ඇති වූවා නම් එය කලාතුරකින් ජාන සම්බන්ධ ගැටළු මත ඇති වූ බව දක්නට ඇත. නමුත් වර්තමානයේ මිනිසුන් ගත කරන ඒකාකාරී ජීවිතය හේතුවෙන් නොයෙකුත් මානසික ගැටළු තත්වයන් මතු වී ඇත.

එම තත්වයේ ප්‍රතිථලයක් ලෙස මානසික ආතති වර්ග කිහිපයක් වෛද්‍යය විද්‍යාව තුළ ප්‍රධාන ලෙස අවධානයට ලක් කරයි. ඒවානම්,

  • ධනාත්මක ආතතිය
  • ඍණාත්මක ආතතිය
  • ක්ෂණික ආතතිය
  • දිගු කාලීන ආතතිය

ආතතිය ඇති වන අවස්ථාවන්හි දී අපගේ ශරීරයෙන් පිට කරන ‘ඇඩ්‍රිනලීන්’ ධනාත්මක ආතතිය ඇති වූ අවස්ථාවක ශරීරයට හිත කර ආකාරයෙන් පිට වෙයි

  • නිතර දුක දැනීම
  • අවධානය යොමු කිරීමට නොහැකියාව

යම් පුද්ගලයෙකු මානසික ආතතියට පත් වී ඇති බව පෙන්වන ලක්ෂණ මොනවාද?

  • හෘද ස්පන්ධනය වේගවත් වීම
  • රුධිර පීඩනය වැඩි වීම
  • ගල නාලයේ සහ ආමාශයේ ක්‍රියාකාරීත්වය වැඩි වීම
  • ආමාශයේ අසාමාන්‍යය ක්‍රියාකාරීත්වය හේතුවෙන් බඩවැල් තුවාල වීම
  • බඩ පිපීම සිදු වීම
  • නිතර මුත්‍රා පිට වීම
  • නිතර මලපහ කිරීමට යාම
  • මස්පිඬු තද ගතියක් ඇති වීම
  • මස්පිඬුවල වේදනාව
  • ඔළුවේ කැක්කුම
  • එක තැනක එක ඉරියවුවකින් සිටීමට නොහැකි වීම
  • නිතර අනිසි බියක් ඇති වීම
  • කෑම අරුචිය  

මෙම ලක්ෂණ පොදුවේ පවතින ලක්ෂණ වන අතර ඇතැම් විට පුද්ගල ශරීර ස්වභාවයන් මත වෙනස් වෙයි. බොහෝ අවස්ථාවන්වල අවුරුදු 16 ත් 24 ත් අතර වයසේ පසුවන පුද්ගලයන්ට, වයස අවුරුදු 40 ත් 50 ත් අතර වයසේ පසුවන කාන්තාවන්ට මෙන් ම වයස අවුරුදු 60 ට වැඩි සියලු වැඩිහිටියන්ට මෙම ආතතිය මතු වීමේ අවධානම වැඩි වේ. එයට හේතු වන්නේ

  • තරුණ වයසේ දී ශරීරයේ නිපදවන හෝර්මෝන වෙනස්කම්
  • ඔසප් චක්‍රයේ වෙනස් වීම
  • වියපත් භාවයට පත් වීම

වැනි හේතූන් ය.පුද්ගලයෙක් ආතතියට පත් වන විට ශරීරයේ ඇඩ්‍රිනලීන් හෝර්මෝනය ශ්‍රාවය වීමේ ස්වභාවය ඉහල මට්ටමක පවතින බව අප පෙර සඳහන් කළෙමු. එම තත්වය මත යම් පුද්ගලයෙකුට කල් යාමේ දී

  • හෘද රෝග
  • දියවැඩියාව
  • පිළිකා

වැනි තත්වයන්ට ලක් විය හැකි ය. එබැවින් හැකි පමණ ආතතිය ඇති කරන තත්වයන්ගෙන් ඈත් වීම සුදුසු වෙයි.

යම් අයෙක් ආතතියට පත් විය හැකි ආකාර මොනවාද?

  • සමීපතමයෙක් වෙන් වීම
  • නිරතුරුව අනුන් මත සිය ජීවිතයේ වටිනාකම තීරණය කිරීම
  • අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කර ගැනීමට යාම
  • සේවය කරන ආයතනයේ හෝ අසල්වාසී හෝ සමීපතමයන් සමඟ කිසිඳු වටිනාකමක් නොමැති මාතෘකා වෙනුවෙන් වාද කර ගැනීම
  • සිත රිදෙන ආකාරයේ දේවල් කියන කරන අය ඇසුරු කිරීම
  • නිරතුරුව තරහ ගැනීම
  • විවේකයක් නොමැතිව වැඩ කිරීම
  • තමන්ට කවුරුන්වත් නොමැති බව නිතර සිතීම
  • ගැටළුවක් කතා කිරීමට තරම් විශ්වාසවන්ත අයෙකු නොමැති වීම
  • ණය බර සහ පවුලේ වගකීම්
  • ව්‍යායාම මදිකම
  • මුදල් ගැටළු
  • ගර්භණී බවට පත් වීම නිසා ශරීරයේ සිදු වන හෝමෝන වෙනස්කම්

මෙම තත්වයන්ට අමතරව තවත් දේවල් පැවතිය හැකි අතර පුද්ගලයන්ට පවතින දරා ගැනීමේ ශක්තිය මත ඒවාගේ පීඩනයන් තීරණය වෙයි.

යම් අයෙක් ආතතියෙන් පසු වනවානම් ඉන් මිදීමට සිදු කළ යුතු දේවල් මොනවාද?

  • නිරතුරුව කිසියම් වැඩක යෙදෙන්න උත්සාහ කරන්න

එනම් ප්‍රධාන ලෙස තමන්ගේ නිවසේ වැඩ, වත්ත පිටියේ වැඩ මෙන් ම විනෝදාංශ ක්‍රියාකාරකම් ය. මේ අතරින් හැකි සෑම විටම පරිසරය මූලික කරගත් විනෝදාංශ තම ජීවිතයට එකතු කර ගැනීම වැදගත් වේ.

  • නිති පතා ව්‍යායාම කරන්න – ( දියවැඩියාව සහ අධි රුධිර පීඩනය පවතී නම් වෛද්‍යය උපදෙස් මත ව්‍යායාම කරන්න)
  • තමන්ට ප්‍රශ්නයක් ඇති වූ විට විශ්වාසවන්ත ළඟම කෙනෙක් සමඟ එම සිදුවීම බෙදා ගන්න
  • සෞඛ්‍යය සම්පන්න සමබර ආහාර ගන්න සැම විටම උත්සාහ කරන්න
  • යතාර්ථය තුළ ජීවත් වෙන්න
  • තමන් වෙනුවෙන් කාලය ගත කරන්න
  • නිරන්තරයෙන් ධනාත්මක ලෙස සිතන්න

මානසික ආතතිය ඇති වීම ලොව ඕනෑම මනුෂ්‍යයෙකුට ඇති විය හැකි තත්වය කි. ආතතිය මානසික රෝගයක් නොවෙයි. එනමුත් මානසික ආතතිය දිගින් දිගටම පැවතීම කාංසාව සහ විශාදය වැනි තත්වයන් කරා යාමට හේතු විය හැකි ය.

අප රෝගයන් ඇති වීමට පෙර එහි මූලය දුරු කරමු. ඔබ තනි වූ පුද්ගලයෙක් වුවත් ජංගම දුරකථනය මඟින් මනෝ වෛද්‍යයවරයෙක් සමඟ සම්බන්ධ වන්න, අදම oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න.

ආශ්‍රිත කියවීම්

  1. මානසික ආතතිය හා බැඳුණ ලෙඩරෝග පිළිබඳව ඔබ දැනුවත් ද?,කැළණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍යය පීඨය වෙබ් අඩවිය.
  2. දැනෙන නොදැනෙන මානසික ආතතිය, මවුබිම, ආර්‍යා විශේෂාංගය
  3. මානසික ආතතිය නිසා ඇති වන කායික ලක්ෂණ, තඹරු විජේසේකර, 13 මාර්තු 2017, roar media.
  4. මානසික ආතතිය අඩු කිරීම සඳහා ඍණාත්මක ස්වයං අර්ථකථනය ( Negative self talk) නවත්වන්න, quantum.lk.
  5. මානසික ආතතිය නිසා ගැස්ට්‍රයිටීස්, ප්‍රෙශර් ඇති වන්නට පුළුවන්, ජාතික මානසික සෞඛ්‍යය විද්‍යායතනය, මනෝ වෛද්‍යය විශේෂඥ ජයාන් මෙන්ඩිස්,ආරෝග්‍යා අතිරේකය, දිනමින පුවත්පත.
  6. පීඩාකාරී මානසික ආතතිය නිසා දරුවාගේ මොළයේ සිදුවන වෙනස්කම් ගැන ගුරුවරුන් ලෙස ඔබ දැනුවත් ද , සාරංගි රන්පටබැඳි, 03 ජනවාරි 2022,lk
  7. ආතතියෙන් මිදෙන්නේ කෙසේද?, 2022 ධනාත්මක චින්තනය, positive.lk

 

Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

සිංහල
0
    0
    Your Cart
    Your cart is empty

    නවතම සෞඛ්‍යය උපදෙස් එසැණින් ඔබ වෙත ලබා ගන්න