
මොකක්ද මේ COVID - 19 බූස්ටර් මාත්‍රාවක් කියන්නේ??
As Sri Lanka rolls out its COVID19 booster program, we break down the answers to your most pressing questions. Firstly, what is a booster? A
නිදි මරමින් පාඩම් කිරීම, රැකියා කිරීම මිනිසුන් අතර සුලභ තත්වයක් මෙන් ම එම ක්‍රියාව අගය කරන කොටසක් ද සිටියි. නැතහොත් නිදිමැරීම ද එක්තරා විලාසිතාවක් බවට පත්ව ඇත. හොඳ අධ්‍යාපනයක් ලබන දරුවෙක් නම් රාත්‍රිය පහන් වන තුරු පාඩම් කටයුතු කළ යුතු බවටත් මහන්සියෙන් මුදල් උපයන පුද්ගලයන් නොනිදමින් රැකියාවන්වල නිරත විය යුතු බවටත් සමාජය පුහු මතයන් දරයි.
නමුත් යම් පුද්ගලයෙක් මුළු රාත්‍රිය පුරා නිදා ගන්නට අමතර උත්සහයක් ගැනීමට සිදු වී වෙහෙසට පත් වෙයි ද එබඳු පුද්ගලයෙක්ට ඉන්සොම්නියා ( Insomnia ) නම් රෝගී තත්වය වැළදී තිබිය හැකිය.
එය සරලවම නිදිමතක් නොදැනීම හෝ දිගු නින්දක් ලබා ගැනීමට අපහසු වීම මත ඇතිවන ආබාධයකි. එම තත්වය කෙටි කාලයක සිට දිගු කාලයක් දක්වා වර්ධනය විය හැකිය.
මෙම තත්වය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එක හා සමානව පවතිනවා ද?
පර්යේෂණ දත්ත වාර්තා අනුව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම එක හා සමාන ලෙස ඉන්සොම්නියා තත්වය ඇති වීමට හැකි වුවත් මෙම තත්වය කාන්තාවන්ට ඇති වීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතියි.
එයිනුත් වයස අවුරුදු 60 ට වැඩි පිරිසට ඉන්සොම්නියා තත්වය බලපෑම් කළ හැකිය.
එනම් ප්‍රධාන වශයෙන් නින්ද අහිමි වීම මත පමණක් ඇති වන තත්වයයි.
එනම් ඇදුම, විශාදය, පිළිකා වැනි බාහිර රෝග මුල් වීමෙන් ඇති වන තත්වයයි
යෞවනයන්ට වැඩිපුර ඇතිවන නින්ද සම්බන්ධ රෝගී තත්වයක් ලෙස ‘ ප්‍රමාද වූ නින්ද සම්බන්ධ ආබාධ තත්වය’ ( Delayed Sleep Phase Syndrome ) පසු කාලයක දී ඉන්සොම්නියා තත්වයක් කරා ගමන් කිරීමට පවතින අවධානම ඉතා ඉහළ මට්ටමක පවතියි.
ගර්භණී භාවයට පත් වූ විට මවක් තුළ ඇති වන හෝර්මෝන වෙනස්කම් හේතුවෙන් අවසාන මාස කිහිපය තුළ මවුවරුන්ට ප්‍රමාණවත් නින්දක් නොලැබී යයි. එවන් විටක ද ඉන්සොම්නියා තත්වය බලපෑම් කළ හැකි අතර ප්‍රසව හා නාරි වෛද්‍යයවරයා සමඟ මේ තත්වයට පිළියම් සාකච්ඡා කළ හැකිය.
විශේෂයෙන්ම ඉන්සොම්නියා රෝගයෙන් පෙළෙන්නන්ගේ මොළයේ නීරෝගී ස්නායු සෛල ඉවත් වීම හේතුවෙන් ‘ ඇල්සයිමර්ස්'(Alzheimer’s Disease) වැනි රෝගවලට ගොදුරු වීමේ අවධානම ඉතා ඉහල මට්ටමක පවතියි. එබැවින් මූලික අවස්ථාවන්හි දී රෝගී තත්වය හඳුනා ගැනීම ඉතා වැදගත් තත්වයකි.
ඔබ හෝ ඔබගේ සමීපතමයන් මෙවන් තත්වයන්ට මුහුණ දී සිටී නම් oDoc ඇප් එක හරහා සාමාන්‍යය වෛද්‍යයවරයෙකුගේ සිට මනෝ රෝග විශේෂඥ වෛද්‍යයවරයෙකු සමඟ පහසුවෙන් සම්බන්ධ විය හැකිය. දවසේ පැය 24 පුරාවට ලෝකයේ ඕනෑම ස්ථානයක සිට ඔබට ඇතිවන සියලු ගැටළුවලට විසඳුම් ලබා ගන්න. අදම oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න
As Sri Lanka rolls out its COVID19 booster program, we break down the answers to your most pressing questions. Firstly, what is a booster? A
Did you know that gestational diabetes mellitus, also known as GMD, is one of the most common medical complications of pregnancy? What is GMD? Why
With the cost of living rising rapidly by the day, the currency devaluing, and the country falling into economic decline, it is no surprise that
නවතම සෞඛ්‍යය උපදෙස් එසැණින් ඔබ වෙත ලබා ගන්න