කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය -IBS

මෙයට පෙර අපගේ “මොළ ගෙඩියට ගිණි දෙන බඩවැල්” ලිපියෙන් මිනිස් ශරීරයේ දෙවන මොළය පිළිබඳ සාකච්ඡා කර ඇත. එම දෙවන මොළයට බඩවැල්වලින් ඇති කරන බලපෑමක් පිළිබඳ අපි යම් ප්‍රමාණයක දැනුමක් ඔබට ලබා දී ඇත්තෙමු. ඒ අනුව බඩවැල් සම්බන්ධයෙන් ඇතිවන රෝගයන්ගෙන් එකක් වූ කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය පිළිබඳ මෙම ලිපියෙන් තව දුරටත් සාකච්ඡා කරනු ඇත.
සැබැවින්ම කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය යනු කුමක්ද?
ප්‍රධාන වශයෙන් එම තත්වය ඇති වන්නේ බඩවැල් රෝගී වූ විටයි. බඩවැල් රෝගී වීම යම් අයෙක්ව කායිකව පමණක් නොව මානසිකව රෝගී වීමට පවා හේතුවක් වෙයි.එසේම එය ආහාර ජීර්ණය වීම සම්බන්ධ රෝගයකි. ඇතැම්විට එය කාංසාවත් මානසික අවපීඩණයත් සමග ඍජුව සම්බන්ධ වූ තත්වය කි. මෙම රෝගී තත්වය පවතින පුද්ගලයන්ට බඩවැල් හරහා මොළයට එන සංවේදනාවන් පාලනය කිරීමට හැකියාවක් නොපවතියි. එහි ප්‍රතිථලයක් ලෙස
- බඩවැල්වල පිහිටීම වෙනස් වීම
- බඩවැල් ඉදිමීම සිදු වෙයි
- මන්දපෝෂණය මතු වීම
- ෆිටුලස් නැමති බඩවැල් බිත්ති හරහා විහිදෙන වණවීම්
- ආහාර ජීර්ණ පද්ධතියේ සිදුරු මතු වීම
- බඩවැල් කැඩීම සහ බඩවැල් අවහිරතා

කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය පවතින අයෙකු තුළ දක්නට ලැබෙන රෝග ලක්ෂණ මොනවාද?
ආහාර ජීර්ණය වීමේ ක්‍රියාවලිය නිවැරදි ආකාරයෙන් සිදු නොවීම මත ඇති වන
- පාචනය
- මලබද්ධය
- ආමාශය ආශ්රිත වේදනාව
- ආමාශය ඉදිමීම
- බඩ කැක්කුම
- සුළු ඔක්කාරය
- කටහඬ තුළ යම් වෙනසක් තිබීම
- අත්ල තෙත් වන ස්වභාවයක් දක්නට ලැබීම
- බඩ පිපීම
- මලපහ කිරීමේ දී ඇතැම් විට අපහසුවක් ඇති වීම
එයට හේතු වන්නේ කාන්තා ශරීරය තුළ නිපදවන හෝමෝන ශ්‍රාවයන් ය. එමෙන් ම ගර්භණී භාවයට ලක් වූ පසුව ශරීරයේ හෝමෝන වෙනස් වීම් සිදු වන අතර එ මඟින් මෙම රෝගී තත්වය ඇති වීමට ඉඩ පවති යි.
කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය වෙනත් රෝග ඇති වීම මත වර්ධනය විය හැකිද?
ඔවු,
- මලබ්සොප්ෂන් (Malabsorption) – කුඩා අන්ත්රය මඟින් ආහාර ද්‍රව්‍යයන් අසම්පූර්ණ ලෙස අවශෝෂණය කර ගැනීම නිසා ඇති වන තත්වයන්
- නිදන්ගත රෝග – ( ක්‍රොන්ගේ රෝගය,අල්සරටිව් කොලිටිස් (Ulcerative Colitis) රෝගය. එනම්, අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අසාමාන්‍යය ක්‍රියා කිරීම අපගේ මහා අන්ත්‍රයේ වණ වීම් ඇති කරයි)
- මානසික පීඩනය
- කොලිටස් – එහි ප්‍රතිථලයක් ලෙස බඩවැල් වණ වීම් සිදු වී කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමයට ලක් වෙයි
කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය වැඩි කරන තත්වයන් මොනවාද ?
- ආතතිය
- කාංසාව
- ඉරුවාරදය
- මහා අන්ත්රය සංවේදී භාවයෙන් වැඩි වීම
- ඉවසීම නොමැතිකම
- ග්ලූටන් සහ ලැක්ටොස් ආහාර
පුද්ගලයන්ට නිශ්චිත ආහාර වර්ගයක් මත බඩවැල් කුපිත වීම සිදු වන්නේ නැත. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.
එබැවින් ආමාශ රෝග විශේෂඥ වෛද්‍යයවරයෙකු, පෝෂණවේදියෙකු හෝ ආහාරවේදී විශේෂඥයෙකු ලවා ඔබගේ ආහාර රටාවන් පරීක්ෂා කර ගැනීම සුදුසු වෙයි.
නමුත් පොදුවේ කුපිත වූ බඩවැල් සින්ඩ්‍රෝමය සඳහා සුදුසු සහ නුසුදුසු ආහාර මොනවාද?
සුදුසු ආහාර
- කොමඩු
- කිවි
- ස්ට්‍රෝබෙරි
- ලැක්ටොස් රහිත කිරි
- බිත්තර
- ටොෆු
- සහල්
- බඩ ඉරිගු
- නැවුම් එළවළු, පළතුරු සහ බෙරි ඇට
- කොළ වර්ග
- සින්ක්, යකඩ අඩංගු ආහාර
- මේද මාළු
- තේ – ප්‍රති ඔක්සිකාරකයක් මෙන් ම මොළයට හිත කරයි
- අඳුරු චොක්ලට් – 70% කොකෝවා වැඩි බව විශාල ප්‍රති ඔක්සිකාරකයකි.
- ඔමේගා ත්‍රී අඩංගු මස් අම්ල ( බිම් හණ ඇට, චියා බීජ, සැමන්, වෝල්නට්)
- ප්‍රෝටීන් සහ කොලජන් ( මස් කටු සුප්)
- ප්‍රෝබයෝටෙක් – ( යෝගට්, ගෝවා, කොම්බුචා, කිම්චි වැනි පැසුණු ආහාර)
- නුසුදුසු ආහාර
- ඇස්පගරස්
- ආර්ටිකොක්
- හතු
- ළුෑණු
- සුදු ළූණු
- ඉගුරු
- කැෆේන් අඩංගු ආහාරපාන
- ෆෲටොක්ස් අධික ඉරිගු සිරප් ( HCFS)
- එළවළු සහ් බීජ තෙල් – සූරියකාන්ත, කුංකුම, කැනෝලා, තල, සෝයා බෝංචි,කහ ඇට
- නයිට්රේට්, BHA සහ BHT වැනි කල් තබා ගන්නා ද්‍රව්‍යය.
- කෘතිම ආහාර වර්ණක ( රතු 40, කහ 5)
- කෘතිම රසකාරක
මෙම ආහාර පිළිබඳ කතා කිරීමේ දී බඩවැල් පද්ධතියට ගුණ දෙන පැසුණු ආහාර සහ ප්‍රෝබයෝටෙක් වැනි සෞඛ්‍යයට සුදුසු ආහාර ගුණ දායක වේ. ප්‍රෝබයෝටෙක් යනු බඩවැල්වල ඇති අහිතකර බැක්ටීරියා නාශකයකි.
එසේම
- හැකි පමණ ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න
- මාංශපේශි ලිහිල් කිරීමේ ව්‍යායාම – ඉරුවාරදය, ආතතිය සමනය කිරීමට මෙය උපකාරී වේ
- මනස සන්සුන් කරන මෛත්‍රී භාවනාව – මෛත්‍රී කිරීම මඟින් ඔබේ ශරීරයේ විෂ දුරු කරයි
- විධිමත් උපදේශකවරයෙකුගේ යටතේ කරන යෝගා සහ ප්‍රාණායාම – යෝගා ව්‍යායාම සහ ප්‍රාණායාම ශරීරයේ විවිධ අවයව සුවපත් කිරීම වෙනුවෙන් නිර්මාණය වී ඇත.
- සැර සහ දැවිල්ල අධික ආහාරපාන ගැනීමෙන් වලකින්න
- තමන්ට ආතතිය ඇති කරන පුද්ගලයන් සහ සබඳතාවලින් ඈත් වන්න
- නිරතුරුව සමාව දෙන පුද්ගලයෙකු වන්න
- පරිසරයට සතා සීපාවාට ආදරය දක්වන පුද්ගලයෙකු වන්න
ODoc අපගේ වගකීම ඔබගේ කායික සහ මානසිකව නීරෝගීව තැබීමයි. එබැවින් ලොව ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක oDoc ඇප් එක හරහා ආමාශ ආන්ත්රික විශේෂඥ වෛද්‍යයවරයෙකුට කතා කර ඔබගේ සියලු ගැටළුවලට විසඳුම් ලබා ගන්න. අදම oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න.
ආශ්රිත කියවීම්
- කෝපයට පත් බඩවැල් සින්ඩ්‍රෝමය: එය ප්‍රකාශ කළ හැකි රෝග ලක්ෂණ, Emergency Live, www.emergency-live.com.
- කුපිත කළ හැකි බඩවැල් සින්ඩ්‍රෝමය ( IBS) පාලනය කර ගැනීමට හිතකර තත්වයක්, Emergency Live, www.emergency-live.com.
- බඩවැල් වඩාත් කණස්සල්ලට පත් වන විට, මා අසල සෞඛ්‍යය සම්පන්න ආහාර,support@healthy-food-near-me.com.
- ඉරුවාරදය, ආතති හිසරදය සහ කුපිත කරවන බඩවැල් සින්ඩ්‍රෝමය පොදු ජානමය සබඳතා, 2022,මහා බඩවැල් සෞඛ්‍යය, health-consultation.com.
- කොලිටස් සහ කෝපාවිෂ්ඨ බඩවැල් සින්ඩ්‍රෝමය, වෙනස කුමක්ද? සහ ඒවා අතර වෙනස හඳුනාගන්නේ කොහොමද?, Emergency Live, www.emergency-live.com.
- කෝපාවිෂ්ඨ බඩවැල් (IBS), හේතුව, රෝග ලක්ෂණ, වැලැක්වීම සහ ප්‍රතිකාර කිරීම, VONDT+NET, www.vondt.net.
Similar Articles...

Understanding Borderline Personality Disorder: Symptoms, Causes, and Treatment Options
Understanding Borderline Personality Disorder: Symptoms, Causes, and Treatment. Borderline Personality Disorder (BPD) is a mental health disorder characterised by instability in mood, behaviour, and relationships.

Panic Attack vs. Anxiety Attack: Symptoms, Causes, and Treatment Options
Panic Attack vs. Anxiety Attack: Everything you need to know. Anxiety and panic attacks are mental health conditions that can cause significant distress and interfere

Tired of the Blues? It Might Be a Clue for Depression.
Everyone feels the blues at several points in their life. In fact, feeling sad is a normal human reaction. At the same time, it’s normal