Categories
Blog Article

මොකක්ද මේ COVID - 19 බූස්ටර් මාත්‍රාවක් කියන්නේ??

මොකක්ද මේ COVID - 19 බූස්ටර් මාත්‍රාවක් කියන්නේ??

Shares

 ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් වසංගතය මැඩ පැවැත්වීම සඳහා දියත් කර ඇති බූස්ටර් මාත්‍රා වැඩසටහන පිළිබඳව ඔබට ඇති වන ගැටළු වෙනුවෙන් පිළිතුරු ලබා දීමට අපි බැඳී සිටින්නෙමු.

පලමුවෙන්ම, මොකක්ද බූස්ටර් කියන්නේ?

බූස්ටර් කිරීමක් යනු, මුල් මාත්‍රාවන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම වෙනුවෙන් අතිරේකව ලබා දෙන මාත්‍රාව හඳුන්වන නමකි.මුල් මාත්‍රාවන් මගින් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට  ලබා දුන් ආරක්ෂාව තව දුරටත් පවත්වා ගැනීම මෙහි එකම අරමුණයි.

ඒත් මම දැනටමත් මාත්‍රා දෙකක්ම අරගෙන තියෙද්දි තවත් මාත්රාවක් මොකටද ?

 එංගලන්තයේ  මහජන සෞඛ්‍යය පිළිබඳව සිදු කරන ලද පර්යේෂණයක් මගින් ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දෙකක් සහ ෆයිසර් මාත්‍රා දෙකක් ලබා ගත් අය සඳහා එන්නත්වල තිබූ කාර්යක්ෂමතාවය වෙනස් වන ආකාරය පිළිබඳව අදහස් දක්වා ඇත.

දෙවැනි මාත්‍රාවෙන් සති විස්සකට පමණ පසු,

  • කෝවිඩ් රෝග ලක්ෂණ පැවති පුද්ගලයන්ට ලබා දුන් ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් මාත්‍රාවන් ගේ ඵලදායිතාවය සසඳා බැලූවිට ඇස්ට්‍රාසෙනිකා 50% ක් වූ අතර ෆයිසර් ක්‍රියාකාරීත්වය 70% ක් විය
  • එසේම, කෝවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගත වූ අයට ඇස්ට්‍රාසෙනිකා සහ ෆයිසර් මගින් ලබා දුන් ක්‍රියාකාරීත්වයෙන් 80% ක් ඇස්ට්‍රාසෙනිකා මගින් ලබා දුන් අතර 95% ක ක්‍රියාකාරීත්වයක් ෆයිසර් මගින් ලබා දෙන ලදියි
බූස්ටර් ප්‍රභේද කියන්නේ මොනවාද ?

පසුගිය වකවානුවල ඩෙල්ටා ප්‍රභේදය විසින් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ඇති කළ සංහාරය දුටුවෙමු. අප පලමුවෙන් සිදු කළ යුත්තේ මෙම වෛරසයන් බිහි වීම වලක්වාලීමයි. නමුත් වෛරසය සමාජය තුළ පැතිරීමට පටන් ගත් පසු එය මැඩ පවත්වා ගැනීමට එන්නත් කිරීම විශාල කාර්යය භාරයක් ඉටු කරයි.මෙම ෆයිසර් සහ මොඩර්නා මෙන් ම mRNA එන්නත් ඩෙල්ටා සහ ඇල්ෆා ප්‍රභේදයන්ට එරෙහිව විශාල මෙහෙයක් ඉටු කර ඇත.

අගෝස්තු මාසයේ දී එන්නත් සම්බන්ධයෙන් එංගලන්තයේ සිදු කළ අධ්‍යයනයක සඳහන් වුණේ, ෆයිසර් එන්නත් මාත්‍රා දෙකකින් ලැබෙන ආරක්ෂාව ඇල්ෆා වෛරසයට ප්‍රභේදයට එරෙහිව  94% ක් සහ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව 88% ක් දක්වා පහත වැටෙන බවයි.

එම අධ්‍යයනයේම සඳහන් පරිදි ඇල්ෆා ප්‍රභේදයට එරෙහිව ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දෙකකින් ලබා දෙන ආරක්ෂාව  74.5% සිට 67% දක්වා පහත වැටෙන බවයි.

බූස්ටර් මාත්‍රාවන් ලබා දීම සිදු කරන්නේ කුමන ආකාරයට ද?

 ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව පුරා බූස්ටර් කිරීම සිදු වන්නේ දෙවන මාත්‍රාව ලබා ගැනීමෙන් මාස 6 කට පසුවයි

ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා ගත හැක්කේ කාටද?

 මෙම ලිපිය ලියන අවස්ථාව වන විටත් සෞඛ්‍යය අමාත්‍යාංශය කෝවිඩ් බූස්ටර් මාත්‍රා වැඩසටහන දියත් කරමින් සිටියි

  • සෞඛ්‍යය අමාත්‍යාංශයේ සේවකයන්ට සහ ආයතනවල අත්‍යාවශ්‍ය සේවකයන්ට
  • වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට
  • ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු මට්ටමක පවතින පුද්ගලයන්ට
ශ්‍රී ලංකාව තුළ බූස්ටර් මාත්‍රාවක් ලෙස ලබා දෙන එන්නත් වර්ගය කුමක්ද?

ශ්‍රී ලංකාව තුළ බූස්ටර් මාත්‍රාවන් ලෙස ෆයිසර් , BioNTech, mRNA යන වර්ගයන්ගෙන් මිලිග්රැම් 30 බැගින් ලබා දෙයි.මෙම එන්නත් මිශ්‍ර කර ලබා දීමේ ක්‍රමය මෙයට පෙර ඉබෝලා වෛරසය පැතිරුණු කාලවලදී ද සිදු කර ඇත.

නමුත් මම මගේ පලමු එන්නත් මාත්‍රාවන් දෙක ලෙස ඇස්ට්‍රාසෙනිකා ලබාගෙන ඉන්නකොට මේ මිශ්‍ර මාත්‍රාවන් එන්නත් කිරීම සුදුසු ද?

 පිළිතුර – ඔවු

තව දුරටත් පැවසුවහොත්,

2021 මැයි මාසයේ දී එක්සත් ‍රාජධානියේ දි සහභාගී වන්නන් 830 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ මිශ්‍ර එන්නත් ලබා දීමේ පර්යේෂණයට අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගත් පසු ෆයිසර් මාත්‍රාව ලබා ගත් අය තුළ තෙහෙට්ටුව, හිසරදය, මාංශපේශි වේදනාව වැනි තත්වයන් පෙන්නුම් කළ ද මෙම අතුරු ආබාධ වැනි තත්වයන් පැවතියේ පැය 48 ක් වැනි කාලයක් පමණකි. එම පර්යේෂණය දී රෝහල්ගත වීම් හෝ අහිතකර ප්‍රතිඵල නිසා රෝහල්ගත වීම් කිසිවක් වාර්තා වී නොමැත.

එතකොට සයිනොෆාම් ?

mRNA එන්නත් සයිනොෆාම් සමග මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශිත අධ්‍යයනයක් නොමැත. කෙසේවෙතත් ජූනි මාසයේ දී ෆයිසර් සමග සයිනොෆාම් මාත්‍රා දෙකක් ලෙස වැඩි කිරීමට පටන් ගත්තේය.

එන්නත් මිශ්‍ර කර ගලපන එකම රට ශ්‍රී ලංකාව විතරද?

නැහැ, එක්සත් රාජධානිය, ඇමරිකාව, කැනඩාව, ඊශ්‍රායලය වැනි ප්‍රධාන රටවල වෙනත් එන්නත් ලබා ගත් අය සඳහා ෆයිසර් සහ මොඩර්නා බූස්ටර් මාත්‍රා ලෙස අනුමත කර ඇත.

හරි මම බූස්ටර් එන්නත ලබා ගත්තට පස්සේ COVID -19වලට එරෙහිව මගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ?

2021 මැයි මාසයේ දී ස්පාඤ්ඤයේ පුද්ගලයන් 663 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ මිශ්‍ර එන්නත් අත්හදා බැලීමට අනුව වාර්තා කළේ

ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා දෙකක් ලබා ගැනීමෙන් සති 8 කට  පසුව ශරීරයේ ක්‍රියාත්මක වූ ප්‍රතිශක්තිකරණයට වඩා ඇස්ට්‍රාසෙනිකා පලවෙනි මාත්‍රාව ලබා ගැනීමෙන් සති 8 කට පසුව ෆයිසර් බූස්ටර් මාත්‍රාවක් ලබා ගත් අය තුළ ඉහල ප්‍රතිශක්තිකරණ මට්ටමක් පැවතුණි.එසේම ඇස්ට්‍රාසෙනිකා එන්නත් මගින් ශරීරයට ලබා දෙන ආරක්ෂාව බූස්ටර් මාත්‍රා මගින් වැඩි දියුණු කරන අතර එය ශරීරයේ ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කිරීමට දිගු කාලයක් පවතියි.

කෙසේ වෙතත්, වෛරසය සඳහා ලබා දෙන එන්නත්කරණයෙන් පසුව mRNA එන්නතක් ලබා දීමෙන් වෛරසය ශරීරය තුළ ප්‍රතික්‍රියා කිරීමේ දී ශරීරයේ ක්‍රියාකාරීත්වය මදකින් වැඩි කරයි. මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමට හේතු වෙයි.

මෙම වසංගතය අවසන් වෙනකන් අපි බූස්ටර් මාත්‍රා කීයක් ගන්න ඕනද?

 වසංගතය අවසන් කර ගැනීම වෙනුවෙන් අපට විශාල කාර්යය භාරයක් පැවරී ඇත. අපගේ හැසිරීම අනුව වසංගතයේ නව ප්‍රභේද බිහි වීම සිදු වෙයි. වෛරසයක පැතිරීම වැඩි වන විට නව ප්‍රභේද නිර්මාණය වීම සිදු වන අතර මෙම තත්වය වලක්වා ගැනීමට නම් අප විසින් නිවැරදි ආකාරයෙන් COVID – 19 මාර්ගෝපදේශ අනුව ක්‍රියා කිරීම වැදගත් වෙයි. එවිට බූස්ටර් මාත්‍රා අවශ්‍යය නොවෙයි.එසේම එන්නත් කිරීම මගින් පුද්ගල ජීවිත ආරක්ෂාකාරී වන අතර එන්නත් කළ පුද්ගලයන්ට එන්නත් නොකළ පුද්ගලයන්ට මෙන් පහසුවෙන් වෛරසය වැළදෙන්නේ නැත. එබැවින් එන්නත් ලබා ගන්නා පුද්ගලයන් ප්‍රමාණය වැඩි වන තරමට පැතිරීම අඩු වන අතර ඉක්මණින් අපට මෙම වසංගතය අවසන් කළ හැකිය.ඔබට මෙම බූස්ටර් මාත්‍රාවන් පිළිබඳ තවත් ගැටළු පවතිනවා ද? ඔබට පවතින රෝග, භාවිත කරන ඖෂධ සම්බන්ධයෙන් මෙම බූස්ටර් එන්නතෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ගැටළු පවතී නම් oDoc ඇප් එක මගින් අපගේ වෛද්‍යවරයෙකු සමග කතා කරන්න.

ODoc ඔබ සමග නිරන්තරයෙන්

Sources

  • Booster Shots and Third Doses for COVID19 Vaccines: Everything You Need to Know. (2021)., Johns Hopkins Medicine
  • Callaway, E (2021), Mix-and-match COVID vaccines trigger potent immune response., Nature.
  • Shaw, R et al (2021)., Heterologous prime-boost COVID19 vaccination: initial reactogenicity data., The Lancet., 397:2043-2046
  • Duration of protection of COVID-19 vaccines against clinical disease. (2021) Public Health England
  • Bernal et al (2021)., Effectiveness of COVID-19 vaccines against the Delta variant., NEJM., 385:585-594
Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

Back to School – A Battle Between Education and COVID-19

Back to School - A Battle Between Education and COVID-19

Students are finally returning to school. But as parents, many are worried about COVID-19 safety. But while preparing to return to school, it is also essential to think about the other ways to keep your children safe and build an environment inclusive of everyone. 

Here are a few tips to help protect your children from this virus.

covid safety children school

If you have any questions regarding your child’s health or would like some medical advice you can consult a paediatrician or a general physician from the comfort of your home via the oDoc app. Click here to download oDoc now.

References:

  1. What Do Students Need This Back-to-School Season?, Raliance (2021)
  2. Be Back-to-School Ready, Weill Cornell Medicine (2021)

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

Children, COVID19 and Multisystem Inflammatory Syndrome – The What’s What

Children, COVID19 and Multisystem Inflammatory Syndrome - The What’s What

Shares

Parents around the world, including Sri Lanka, have been concerned about Multisystem Inflammatory Syndrome or MIS-C appearing in children who have been diagnosed with COVID19. In this article, we break down what’s known, what remains unknown and the steps to take if you suspect your child could be suffering from MIS-C.

What is MIS-C?

MIS-C is a condition where different parts of the body can become inflamed including the heart, lungs, brain, eyes, kidneys or gastrointestinal tract. 

It appears in children who have had or been around someone who has been diagnosed with COVID19. It’s considered to be a potentially serious condition, developing as a delayed complication of COVID19. Data shows that it usually develops two to six weeks after children have recovered from the virus. It can even develop in those children who were asymptomatic to COVID19. 

What are the symptoms of MIS-C?

Call your regular paediatrician or an on-demand paediatrician or family doctor at anytime on the oDoc app if your child is experiencing:

  • A fever and any of the following symptoms:
    • Abdominal pain
    • Bloodshot eyes
    • Chest tightness/pain
    • Diarrhoea
    • Extra fatigue or feeling unusually weak or dizzy
    • Headache
    • Low blood pressure
    • Neck pain
    • Rash 
    • Vomiting

If your child is showing any of the following signs, please seek emergency care immediately

  • Difficulty in breathing
  • Continuous pain or pressure in the chest
  • Inability to stay awake or alert
  • Pale, grey or blue coloured skin, lips or nail bed

This is not an exhaustive list of symptoms, please call a medical professional immediately if any other signs or symptoms appear that are severe or concerning to you. 

Please call 1990 for the Suwa Seriya ambulance service.

Can MIS-C be treated?

Doctors will conduct diagnostics tests on your child to look for inflammation and other signs of disease. Once diagnosed, doctors will closely monitor your child and use a variety of medications to reduce inflammation and protect the affected organs. 

It is vital to seek medical care at the earliest indication of MIS-C. 

What are the unknowns?

There are still a lot of questions out there such as why do some recovered children develop MIS-C and others do not? What health factors could contribute to MIS-C? 

Scientists are working hard to answer these questions and we will update this blog as and when new research is published. 

And finally…

The best way to protect your child from MIS-C is to protect your household from COVID19, this includes:

  • Getting all adults in the household vaccinated at the first opportunity to do so
  • Continuing to mask when interacting with others from different households
  • Washing hands often with soap and water
  • Conducting play dates within a social bubble and in an outdoor environment

If you are concerned about COVID19 or MIS-C and would like medical advice, please consult a pediatrician or family doctor on the oDoc app. Click here to download the app.

Sources

  1. For Parents: Multisystem Inflammatory Syndrome in Children (MIS-C) associated with COVID-19, CDC.gov website (2021)

  2. Multisystem Inflammatory Syndrome in Children (MIS-C), Boston Children’s Hospital (2021)

  3. MIS-C and COVID-19: Rare Inflammatory Syndrome in Kids and Teens, Johns Hopkins Medicine (2021)

Shares

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

ජීවිතය සදා අනතුරේ දමන දිගු කොරෝනා (Long COVID)

ජීවිතය සදා අනතුරේ දමන දිගු කොරෝනා (Long COVID)

Shares

තවමත් නිශ්චිත හේතු මත නිගමනයකට එළඹීමට නොහැකි වූ දිගු කොරෝනා රෝගය අතිශය භයානක ස්වරූපයක් ගනියි. කොරෝනා සුව වීමෙන් අනතුරුව ඇතිවන මෙම තත්වය පිළිබඳ මේ වන විටත් නිගමනයකට පැමිණීමට ලෝක සෞඛ්‍යය සංවිධානය අපොහොසත් වී ඇත. එයට හේතුව වන්නේ, විවිධ ස්වරූපයෙන්ගෙන් මතුවන භයානක රෝග ලක්ෂණ ‍යි. මේ වන විටත් ඔබ කොරෝනා පිළිබඳ සැහැල්ලු මානසිකත්වයකින් සිටින්නේ නම් මෙම ලිපිය කියවීමෙන් විශ්මයට පත් වනවා නොඅනුමාන ය.

ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව දිගු කොවිඩ් රෝගය සඳහා ජාත්‍යන්තර නිර්වචනයක් නොමැත. සාර්ස් වෛරසය (SARS) , මර්ස් වෛරසය ( MERS – මැදපෙරදිග ස්වසන පද්ධතිය ආශ්‍රිත කොරෝනා වෛරසය) සහ 2003 වර්ෂයේ දී මතු වූ කොරෝනා වෛරසය සහ ඒවායේ බලපෑම පිළිබඳ සිදුකළ පර්යේෂණයන්ට අනුව දිගු කොරෝනා රෝගය පිළිබඳ නිගමනයන්ට එළඹීමට සිදුව ඇත. මන්ද වසංගත රෝගී තත්වයක් සහමුලින් මිනිස් ශරීරයෙන් තුරන් කිරීමට ඇති නොහැකියාව යි. කොවිඩ් සුව වුවත් එම රෝගියෙකු තුළ ස්නායු ප්‍රශ්න දැකිය හැකිය. එසේම උග්‍ර ලෙස ව්‍යාප්ත වූ මොළය ඉදිමීමේ රෝගය, උග්‍ර රක්තපාත රෝගය, කාංසාව, මානසික අවපීඩණය මෙම දිගු කොවිඩ් තත්වයේ භයානක ලක්ෂණ යි. තව ද මානසික ආබාධ සඳහා මෙහි වැඩි අවධානමක් පවති යි.ලෝක සෞඛ්‍යය සංවිධානයේ එක් අධ්‍යයනයක් මගින් පෙන්වා දී ඇත්තේ, මාස විසි හතරක් තුළ සාර්ස් රෝගයෙන් දිවි ගලවාගත් අයගේ ව්‍යායාම කිරීමේ ධාරිතාවයේ සැලකිය යුතු දුර්වලතාවයක් දක්නට ලැබුණු බව යි. එසේම සාර්ස් ‍රෝගයෙන් 40% කට එම එය සුව වී වසර තුනහමාරක් ගත වූ පසුවත් නිධන්ගත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. සාර්ස් සහ මර්ස් රෝගීන් සුව වී රෝහලෙන් පිට වී මාස හයක් ගතවීමට පෙර සිට ඔවුන්ගේ ශරීර අක්‍රමිකතාවලින් පෙළෙන්නට විය. නිදසුනක් ලෙස පෙනහළු ක්‍රියාකාරීත්වයේ අසාමාන්‍යතා, මානසික දුර්වලතා දැක්විය හැකි ය. මෙහි භයානකම තත්වය වන්නේ, දිගු කාලීන රෝගී තත්වයන් නොමැතිව වුව ත් තරුණ වැඩිහිටි හා ළමුන් තුළ වුව ද දිගු කොවිඩ් ලක්ෂණයන් ඇති කළ හැකි වීම යි. හුස්ම ගැනීමේ අපහසුව, වේගවත් හෝ නොගැඹුරු හුස්ම ගැනීම, මවුකිරි දීමට නොහැකි වීම, නිල් පැහැ ගත් තොල් සහ මුහුණු, පපුවේ වේදනාව හෝ පීඩනය, නින්දෙන් අවධි වීමට නොහැකි වීමේ තත්වය මේ අතර ප්‍රධාන වේ. කොරෝනා රෝගී තත්වය පවතින පුද්ගලයෙකු වැඩි වශයෙන් ඹෟෂධ භාවිත කිරීම සහ සායනික ඔක්සිජන් ක්‍රියාවලිය සිදු කර යි.එසේම නිරන්තරයෙන් රෝහල්ගත වීම හේතුවෙන් කොවිඩ් 19 ඇති පුද්ගලයන්ට නින්ද සම්බන්ධ ගැටළු පිළිබඳ අවධානමට මුහුණ දීමට සිදු වේ. කොවිඩ් 19 රෝගය මිනිසුන් ව්‍යාකූලත්වයකට පත් කර යි. මරණය පිළිබඳ පවතින අවධානම, සිය පවුලේ අයට රෝග බෝ වේ යැයි පවතින අවදානම මෙන් ම පවුලේ සාමාජිකයන් තනිකිරීම පිළිබඳ ශෝකය මෙයට ප්‍රධාන හේතුව යි. අසනීපව මිය යාමට පවතින බිය මෙහි දී මානසිකව බලපෑම් ඇති කර යි. එය ද දිගු කාලීන කොවිඩ් අවධානමට පසුබිම සකස් කිරීමකි. ප්‍රධාන වශයෙන් දිගු කොවිඩ් තත්වය ඕනෑම පුද්ගලයෙකු අබල කළහැකි රෝගී තත්වය කි. රුධිරය කැටි ගැසීම වැඩි කිරීම, ශරීර අවයවවලට හානි කිරීම යන දරුණු තත්වවලට මුහුණ දීමට සිදුවෙයි. ඒ අතර හදවත, පෙනහලු , මොළය ප්‍රධාන වේ. කොවිඩ් වසංගත රෝගයෙන් පීඩා විඳිනු ලැබූ ඉංදියාව මේ වන විට කලු දිලීරය ( Black fungus ) නමැති රෝගයකින් පීඩා විඳියි. මෙම දිලීර රෝගය දුර්ලභ ගණයේ ආසාදනය වීමකි. ආශ්වාස කිරීමේ දී නාසයෙන් ඇතුළුව පෙනහළුවලට ගමන් කරන දිලීරය සිරුරේ රුධිර නාල පවා ආක්‍රමණය කරන බව සොයාගෙන ඇත. කොරෝනා ආසාදනය වූ විට අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වන අතර එම දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආක්‍රමණය කිරීම කළු දිලීර රෝගයේ ලක්ෂණයක් වේ. එය අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් හා සමාන ය. මෙම දිලීර රෝගය මොළය, වකුගඩු, පෙනහළු ආශ්‍රිතව බහුලව වර්ධනය වන අතර බහුලව අවදානමට ලක් වන්නේ පිළිකා රෝගීන් සහ අවයව බද්ධ කළ රෝගීන් ය. ආමාශය සම පමණක් නොව, ශරීරය පුරා වුව ද පැතිරී යාමේ අවධානම ඇත. මෙම තත්වය ඉන්දියාව තුළ දීර්ඝ කොවිඩ් අවධානමක් කරා ගෙන ගොස් තිබෙ යි. මියුකොමයිකොසිස් (Mucormycosis) නම් මෙම දිලීරය වැළඳුණු අයගෙන් 50% පමණ මරණයට පත්වීමේ අවධානම ඇත. දිගු කොවිඩ් රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමක පසුවන්නන් වැඩිහිටියන් ය. එසේම මෙය ස්ත්‍රී පාර්ශවය අතර ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවනතාවක් තිබේ. ලෝක සෞඛ්‍යය සංවිධානය දක්වන ආකාරයට දිගු කොවිඩ් 19 ඇති පුද්ගලයන් 78% කට හෘදයාබාධ ඇති වී ඇත. මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය ලෙස,
  • හිසරදය
  • ගඳ සුවඳ නොදැනීම
  • නොනවතින කැස්ස
  • පපුවේ වේදනාව
  • කෙටි හුස්ම ගැනීම
  • මාංශපේෂිවල පවතින වේදනාව
  • පාචනය සහ උදර වේදනාව
  • අමතක වන සුළු තත්වය ඇතිකරන විශාදය
  • කුෂ්ඨ රෝග සහ උණ ගතිය වේ.
ඉහත රෝග ලක්ෂණ කොවිඩ් සුව වීමෙන් සති හතරකට පසුව ඇති විය හැකි රෝග ලක්ෂණ ලෙස හඳුන්වා දිය හැකි ය. එක්සත් රාජධානියේ රෝහල්ගතව සිටි රෝගීන්ගෙන් කොවිඩ් සුව වී දින හැටකට පසුව එම රෝගීන්ගෙන් 68% කට අධික තෙහෙට්ටුවත් 57% කට නින්දට බාධා ඇතිවීමත් සිදු විය. ඒ අතරින් 32% කට හුස්ම ගැනීමේ පැවති අපහසුතා ප්‍රධාන වේ. ප්‍රංශයේ අධ්‍යයන වාර්තාවල සඳහන් වන්නේ, රෝහල්ගත වූ රෝගීන්ගෙන් 40% ක් තුළ රෝග ලක්ෂණ සුව වී දින හැටකට පසුවත් 30% කට හුස්ම ගැනීමේ අපහසුතා පැවති බව යි. ඉතාලියේ රෝහල් ගත කරන ලද රෝගීන් එකසිය හතලිස් තුනක් අතරින් දින හැටකට පසු රෝග ලක්ෂණ තුනක් හෝ වැඩි ගණනක් ඇති 13% ක් වාර්තා වී ඇත. මේ අතර අලුතින් ඇතිව තිබූ හෘද වාහිණී රෝග තුන් ගුණයකින් ද ශ්වසන රෝග විසි හත් ගුණයකින් ද දියවැඩියාව 1.5 ගුණයකින් ද වැඩිවී ඇති බව වාර්තා වෙයි. ඇමරිකා එක්සත් ජනපදය තුළ රෝහලෙන් පිට වී දින හැටක් ඇතුළත නැවත රෝහල්ගත වූ පුද්ගලයන් අතර නියුමෝනියාව 3.1% කින් සහ හෘදයාබාධ 3.1% කින් වැඩි වී ඇතිබව සොයාගෙන ඇත. චීනයේ රෝහල්ගත කළ පුද්ගලයන් ගෙන් ( 737 ක් අතරින්) 23% ක් දෙනාට සාංකාව සහ මානසික අවපීඩණය ඇති වී ඇත. එම නැවත ඇතුළත් වූ පුද්ගලයන් තුළ පෙනහළු සහ පපුවේ අසාමාන්‍යය රූප සටහන් දැකිය හැකි වූ බව වාර්තා වේ. ස්වීඩන් හි වයස අවුරුදු 12 දක්වා වූ ළමුන් පස් දෙනෙකුට මාස හයත් අටත් අතර කාලයක් රෝග ලක්ෂණ පැවතී ඇත. පොදුවේ ගත් විට ළමුන් 11% කට චර්ම අභ්‍යන්තර ( සම් ඇතුළත) රෝග ලක්ෂණ සමූහයක් තිබුණි. මෙම දිගු කොවිඩ් තත්වය උග්‍ර අවධියේ දී කටහඬ ගොරෝසු වීම, ශරීරයේ බර වෙනස් වීම, ශ්‍රවණ ආබාධ මෙන් ම පෙනහළු ආබාධ වැඩි වශයෙන් දැකිය හැකි ය. මෙම තත්වයට නිශ්චිත පිළියමක් දැනට සොයාගෙන නැත. එනමුත් අප සියලු දෙනා හැකි අයුරින් මානසික සහ කායික සෞඛ්‍යය වෙනුවෙන් ක්‍රියා කළ යුතු ය. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව, නිවසේ දී ස්පන්ධන ඔක්සිමීටරයක් ( Plus Oximetry Monitoring ) මගින් ඇති විය හැකි දරුණු රෝග කලින් හඳුනාගත හැකි ය. එනම් තම ශරීරයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය නිතර පරීක්ෂා කිරීම අත්‍යාවශ්‍ය වේ. දිගු කොවිඩ් රෝගියෙකුට මනෝ විද්‍යාත්මක ප්‍රථමාධාර ලබා දිය යුතු ය. රෝගයන් විනිශ්චය කිරීම, පවුලේ ගැටලු, සමාජය හෝ රැකියා ආශ්‍රිත ගැටලු මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා විමසා බැලිය යුතු ය. හොඳින් සවන් දී ඔවුන් තේරුම් ගැනීමට උත්සහ කිරීමෙන් ඔවුන්ගේ මානසික ආතතිය දුරු වෙයි. එසේම ඔවුන්ට අවශ්‍යය සම්පත් සහ සේවාවන් සඳහා සම්බන්ධ වීමට උපකාර කළ යුතු ය. සුදුසු ආකාරයෙන් සිය ආදරණීයයයන් සමග ඔවුන්ට කතා කිරීමට ඉඩකඩ සපයා දීම අත්‍යවශ්‍ය ය. ගර්භනී මවුවරුන්ට ද මෙම මානසික තත්වය බහුලව බලපෑම් කළ හැකි ය. මානසික සෞඛ්‍යයන්ට ප්‍රතිකාර කිරීම පමණක් නොව වැළැක්වීම සම්බන්ධ සේවාවන් ද තිබිය යුතු ය. දෙමාපියන්ගෙන් වෙන් වී හුදකලා වූ දරුවන්ට සමාජීය සහ චිත්තවේගවල දියුණුව, ඉගෙනීම සහ හැසිරීම සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සුදුසු ලෙස අනුගත විය යුතු ය. තනි පුද්ගල පුනරුත්ථාපනයක් ( Individualized Rehabilitation) ලබා දීම මෙහි දී ප්‍රධාන වේ. මාංශපේෂි දුර්වලතා, තෙහෙට්ටුව, ස්නායු ප්‍රශ්න පවතින පුද්ගලයන්ට යම් කාලයක් යන තෙක් තනිව සිය කටයුතු සිදු කර ගැනීමට නොහැකි ය. ඒ සඳහා තව කෙනෙකුගේ සහය ලබා ගැනීමට සිදු වෙයි. එබඳු පුද්ගලයන්ට ADL පුහුණුව ලබා දීම ( Activities of Daily Living ), අවශ්‍යය පරිදි නිවෙස් වෙනස් කිරීම ( ස්නානයේ දී හෝ වැසිකිළි භාවිතයේ දී අවශ්‍යය පහසුකම්, පඩිපෙළ දිගේ අත් පටි ආධාරක සැපයීම) කළ යුතු ය. එසේම ශාරීරික විකෘති වීම සහ මාංශපේෂි දුර්වලතාවයෙන් පෙළෙන රෝගීන් දෛනික ක්‍රියාකාරකම් යථා තත්වයට පත් කිරීමට උපකාරී වන ව්‍යායාමවලින් පටන්ගත යුතු ය. එසේම මතක අභ්‍යාස ප්‍රෙහෙලිකා ක්‍රියා මෙහිදී ප්‍රධාන වෙයි. මේ රෝගය හරහා රැකියාවල නියුක්ත වන අයට නැවත රැකියාවලට යා නොහැකි තත්වයක් ඇති කරයි. එබඳු පුද්ගලයන් වෙනුවෙන් ස්වයං රැකියා අවස්ථා නිර්මාණය කිරීම රටේ ආර්ථිකයට අත්වැලක් වෙයි. ස්පාඤ්ඤයේ මෙබඳු රෝගීන් වෙනුවෙන් ප්‍රජා සත්කාර ආයතන පවා පිහිටුවා ඇත. “කොවිඩ් පරාජය කළ අපි” යන තේමාව යටතේ සමාජ මාධ්‍යය කණ්ඩායම් පවා නිර්මාණය වී ඇත. එක්සත් රාජධානිය සහ බ්‍රිතාන්‍යය පෙනහළු පදනම එක්ව මෙම සංකල්පය තවදුරටත් සංවර්ධනය කර ඇත. මෙම ව්‍යසනය රටක් ලෝකයක් වශයෙන් එක්ව මුහුණ දීමට සිදුවන අවස්ථාව කි. ඇතැම් අවස්ථාවක අපට මෙය ස්වභාවධර්මය දුන් දඬුවමක් විය හැකි ය. කැලෑ ගිනි තැබීම්, සතා සීපාවා විනාශ කිරීම, ඇළදොළ, ගංගා, සාගර දූෂණය කිරීම හි ප්‍රතිඵල මෙසේ නොවිසඳුණු ගැටලුවක් බවට පත් වී ඇත. බ්‍රසීලය තුළ හටගත් “ඇමර්සන් ගින්නට” ප්‍රධාන හේතුව වූයේ, එරට ගව මාංශ නිශ්පාදනය යි. ගවයන් ඇතිකිරීම වෙනුවෙන් බ්‍රසීල ගොවියන් වන විනාශය කිරීමට පටන් ගන්නා ලදී. එය එක් නිදසුනක් වුව ත් මේ වන විට ස්වභාවධර්මය විසින් මිනිසාට කොන්දේසි විරහිතව පහර ගසමින් සිටි යි. හැකිතාක් පරිසරය සහ සතා සීපාවා ආරක්ෂා කරගන්න, ආදරය කරන්න. හැකිතාක් ව්‍යසනයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන්න. ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
  • Clinical long term effects of COVID – 19 – Corona Virus update 54 , WHO
  • COVID – 19 Clinical Management, Living guidance, 25 January 2021, WHO
  • Global COVID – 19 Clinical platform, Case report from ( CFR) for post COVID condition ( Post COVID – 19 CRF), WHO
  • Support for Rehabilitation self – management after COVID – 19. Related illness, WHO
  • In the wake of the pandemic, preparing for long COVID, WHO
  • ඩෙල්ටා ප්ලස් බිහිසුණු වේවි ද?,ලිපිය, BBC, සිංහල පුවත්දි
  • දීගු කාලීන කොවිඩ් යනු කුමක්ද?, රෝග ලක්ෂණ මොනවාද ප්‍රතිකාර තිබේද? ලිපිය , BBC සිංහල
  • මොකක්ද මේ කළු දිලීර ආසාදනය? හැදෙන්නේ කොහොමද? ශ්‍රී ලංකාවට අනතුරක් තිබේ ද?, BBC සිංහල
  • කොවිඩ් 19 සුලභ රෝග ලක්ෂණවලට අමතරව සුලභ නොවන රෝග ලක්ෂණ ගැනත් පැහැදිලිව දැනගනිමු, ලිපිය, වෛද්‍යය වජිර රාජපක්ෂ, මවුබිම පුවත්
  • ඉන්දියාව දණින් වට්ටන කොරෝනාවත් සමඟ ආ කළු දිලීර රෝගය, ලිපිය, Roar Media
Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලාංකික ළමා පරපුර

කොවිඩ් 19 හමුවේ ශ්‍රී ලාංකික ළමා පරපුර

Shares

දරුවෙකු යනු, අනාගතය උදෙසා සිදුකරන ආයෝජනය කි. කුඩා කළලයක් කෙමෙන් වර්ධනය වී අනතුරුව විශාල සමාජයට ඇතුළුවන තෙක් ම අප ඔවුන්ව රැකබලා ගත යුතු ය. ආදරය, අවධානය ලබා දෙමින් අනාගත ලෝකය වෙනුවෙන් අපේ දරුවන් සූදානම් කිරීම අප සතු වගකීමක් මෙන් ම යුතුකම කි. ලොව පුරා බිලියන 2.2 ක් සිටින ළමා ජනගහනයෙන් බිලියන දෙකක් පමණ ළදරුවන් ජීවත් වන්නේ සංවර්ධන වෙමින් පවත්නා රටවල්වල යි.

මේ අනුව, ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වසංගත තත්වය හමුවේ අපගේ ළමා පරපුර මුහුණ දෙන මානසික, සමාජීය සහ අධ්‍යාපනික තත්වයන් විශාල වශයෙන් වෙනසට බඳුන්ව ඇත.

 

ලොව ඕනෑම ව්‍යසනයක දී වැඩි වශයෙන් පීඩාවට ලක් වූයේ දරුවන් ය. අවතැන් වීම, දුප්පත්කම හේතුවෙන් ශාරීරික දුබලතා පවතින දරුවන් විශාල වශයෙන් අසරණ භාවයට ලක් වෙයි. ශ්‍රී ලංකාව තුළ මිලියන හතරක පමණ දරුවන් කොවිඩ් 19 තත්වය නිසා පාසල් නොයයි. ඔවුන් වැඩිදෙනා ජාලගත ( Online) අධ්‍යාපනයට නැඹුරුව ඇත. එහි අතුරුඵලයක් ලෙසින්, ඔන්ලයින් අන්තර්ජාල වැඩසටහන් නිසා ළමා අපචාර සහ හිංසනයන් විශාල වශයෙන් වැඩි වී ඇතිබව EURPOL වාර්තා මගින් පෙන්වා දෙයි. යුනිසෙෆ් ( UNISEF) සංවිධානය පවසන්නේ, මාර්තු මස 19 වැනිදා සිට අප්‍රේල් 7 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු ළමා අපයෝජන පැමිණිලි ගණන 292 ක් බවත් ඉන් 121ක් දරුණු වද හිංසාවලට ලක්ව ඇතිබවත් ය.

ශ්‍රී ලංකාව තුළ පාසල් දරුවන් සිටින පවුල්වලින් 66% කට අන්තර්ජාල පහසුකම් නැත. දරුවන් දෙදෙනෙකුට වඩා සිටින පවුල්වල මෙම තත්වය විශාල ගැටළුවක් ව පවති යි. එයට අමතරව දෙමාපියන් ද නිවසේ සිට වැඩකිරීමට පටන්ගත් පසු මෙම තත්වය තවත් උග්‍ර අතට හැරුණු බව බීබීසී ප්‍රවෘත්ති සේවය පවසයි.

සැබැවින්ම මෙම දුරස්ථ අධ්‍යාපනය හරහා ධනාත්මක මෙන් ම සෘණාත්මක ප්‍රතිචාර මතු කරයි. ආසියාතික සමාජය තුළ කුඩා දරුවන් මුහුණ දෙන බරපතල ගැටලු පවුල් පසුබිම සමග ගොඩනැගෙයි.
කොවිඩ් වසංගත තත්වය පටන් ගැනීමත් සමග, බොහෝ පුද්ගලයන් ආර්ථික කඩාවැටීමකට ලක් විය. එමෙන් ම බොහෝ දරුවන්ගේ දෙමාපියන් රැකියා විරහිත භාවයට ලක් වූ ආකරය ඛේදජනක ය. මානසික ආතතිය, කුසගින්න හමුවේ දරුවන්ට මනෝ සාමාජීය ගැටලුවලට මුහුණ දීමට සිදු විය. ඇතැම් අවස්ථාවල දී සිය අධ්‍යාපනය අතරමග නවතා ළමා ශ්‍රමිකයන් ලෙස පවුලේ ජීවන සටනට උරදීමට පෙළඹුණු අවස්ථා ඇත. මෙබඳු තත්වයන් තුළ ඔටිසම්(Autism) හෝ වෙනත් විශේෂ අවශ්‍යතා පවතින දරුවන් අපහසුතාවයට ලක් වීම නොවැළැක්විය හැකි තත්වය කි. ගම්බද අඩු ආදායම්ලාභී පවුල් අතර ආර්ථික ගැටළු මුල් කරගෙන ඇතිවන අඬදබර හේතුවෙන් දරුවන් විශාල මානසික පීඩාවන්ට ලක් වෙයි. ඇතැම් අවස්ථාවන්හි දී එම තත්වය විශාදමය අවස්ථාවක් ( Depression Situation) දක්වා වර්ධනය විය හැකි ය . දෙමාපියන් වෙන්වීම නිසා ඔවුන් දෙදෙනා සමග විටෙන් විට කාලය ගත කිරීමට ලැබුණු අවස්ථාවන් පවා දරුවන්ට කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අහිමි විය.

පාසල තුළ සිය යහළු හිතමිත්‍රාදීන් ඇසුරු කිරීම, ගුරුවරුන් – ශිෂ්‍යයන් අතර පැවති සබඳතා දුරස් වීම නිසා දරුවන් මානසික ව්‍යාකූල තත්වයකට පත්ව සිටි යි. එබැවින්, පාසල යනු, “ගෘහස්ථ හිංසනයට ලක් වන දරුවන්ගේ ක්ෂේම භූමිය යි”. අධ්‍යාපනයට දක්ෂතා දැක් වූ දරුවන් පාසල හැර යාම හරහා කායික අපයෝජන, චිත්තවේග (සිතුවිලි) අපයෝජන, ළමා මෙහෙකරුවන් ලෙස යෙදවීම මෙන් ම ලිංගික අපයෝජනයන් ද මෙහි අතුරු ප්‍රතිථලයන් ලෙස දැක්විය හැකි ය.

නමුත් දෙමාපියන් වැඩිහිටියන් වශයෙන් දරුවෙකුගේ ළමාවිය සංවර්ධනය පිළිබඳ නිසි අවබෝධයකින් කටයුතු කළ යුතු ය. කුඩා දරුවෙකු ගේ සියුම් මාංශපේෂි වර්ධනය වීමට අවශ්‍යය ක්‍රියාකාරකම් රාශියක් ඇත. ඒ අතරින් මැටි ඇනීම, බෝල පොඩි කිරීම, කඩදාසි බෝල සෑදීම වැනි දෑ පවති යි. මෙම සියුම් මාංශපේශි වර්ධනය නොවුවහොත් දරුවෙකුට අකුරක් ලිවීමට පැන්සලක් අල්ලා ගැනීමටවත් හැකියාවක් නොලැබෙනු ඇත. නිවස තුළ සිටින තම දරුවා කෙරෙහි දෙමාපිය අවධානය වැඩි වශයෙන් යොමු විය යුතු වන්නේ එබැවින් ය.

මෙයට වසර සියයකට පමණ පෙර කොරෝනා හා සමාන දරුණු වසංගතයක් ඇති විය. එය මාරක ක්ෂය රෝගයයි. මෙම අවධියේ දී කුඩා දරුවන් විශාල වශයෙන් රක්තහීනතාවයට සහ මන්දපෝෂණයට ලක් විය. 1921 පමණ කාලය වන විට, ජර්මනිය සහ බෙල්ජියම තුළ එළිමහන් අධ්‍යාපනය පිළිබඳ සංකල්පය ඇතිවූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ය. දරුවන්ගේ මානසික ශාරීරික සෞඛ්‍යය එළිමහන් අධ්‍යාපනය හරහා ගොඩනැගීම එහි අරමුණ විය. සැබැවින්ම හිරු එළිය, පිරිසිදු වාතය ඕනෑම සත්වයෙක් ලද ශ්‍රේෂ්ඨතම ධනයයි. මේ අයුරින් ළමා මානසික සෞඛ්‍යය නගා සිටුවීමට ගොඩනැගුණු තවත් සංකල්පයක් ලෙස ෆින්ලන්තයේ, “වනගැබ පිහිටි පාසල් පිහිටුවීම” හඳුන්වා දිය හැකිය. වනාන්තර සහ සංස්කෘතිය ඔවුන්ගේ ප්‍රධාන අධ්‍යාපන කේන්ද්‍රයයි. තව ද ස්කැන්ඩිනේවියානු රටවල මෙම එළිමහන් පාසල් සංකල්පය “udeskole” ලෙස හඳුන්වයි. එ බැවින් දරුවන්ගේ මානසික සෞඛ්‍යය වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණාත්මක ක්‍රියා සිදු කිරීමට දායක කරගත යුතු ය. යුනිසෙෆ් සංවිධානයට අනුව, වසංගත සමයේ පාසල් වසා දැමීම නිසා වැඩිහිටියන් ඔවුන් සමඟ වැඩිවශයෙන් කාලය ගත කළයුතු ය. නව යොවුන්වියේ දරුවන්ට ඇතිවන කායික වෙනස්කම්, මානසික වෙනස්කම් දෙමාපියන් සමග හුවමාරු කරගැනීමේ අඩිතාලම සැකසිය යුත්තේ එබැවින් ය. එසේම දරුවෙකුට සිය තරහා පාලනය කරගනීමට 1 සිට 10 දක්වා ත් 10 සිට 1 දක්වාත් ගණන්කිරීම මගින් මානසික සුවයක් ඇතිකර යි. දරුවන්ට අවංක වෙමින් විවෘත වෙමින් වැඩිහිටියන්ගේ අදහස් හුවමාරු කරගතයුතු ය. පවතින කොවිඩ් සමය තුළ ඔවුන්ව ධනාත්මක අරමුණුවලට යොමු කළයුතු වන්නේ එම හේතුව නිසා ය.

මෙයට අමතරව දරුවන්ගේ කායික සුවතාවය වර්ධනය කිරීම සඳහා ආරක්ශිත අයුරින් එන්නත්කරණය සිදුකිරීම, මුඛ ආවරණ නිසි අයුරින් භාවිත කිරීම මෙන් ම නිවසින් පිටත ස්ථානවල දී මීටරයේ පරතරය පවත්වා ගනිමින් කටයුතු කිරීමේ වැදගත් වෙයි. ශාරීරිකව ශක්තිමත් වීමට අවශ්‍යය ව්‍යායාම සහ ක්‍රීඩා කරමින් හැකි අයුරින් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම ප්‍රතිශක්තිකරණය සඳහා අනිවාර්ය වෙයි. යම් හෙයකින් කොවිඩ් වැළඳුණහොත්, එම අවස්ථාවේදී ස්වයං නිරෝධායනය වීම, නියමිත මුඛ ආවරණ පැළැඳීම මෙන් ම අනෙක් පුද්ගලයන්ට බෝ නොවන ආකාරයෙන් කටයුතු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ මත ක්‍රියා කළ යුතු ය. එසේම නියමිත ආකාරයෙන් නිවාස තුළ නිතර ස්පර්ශ වන දොර අගුල්, ශීතකරණ දොරවල් යනාදී දෑ සැනිටයිසර් යොදා ගනිමින් පිරිසිදු කිරීම ප්‍රධාන වෙයි.

අවසාන වශයෙන්, පවතින කොවිඩ් සමය තුළ ඍණාත්මක නොවී ධනාත්මක අයුරින් එකිනෙකාගේ වගකීම් ඉටු කිරීම වැදගත් වෙයි. එබැවින් ලොකු කුඩා සියලු දෙනා එකිනෙකාගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කළයුතු ය. එවිට නොබෝ දිනකින් නැවතත් සියලු දෙනාටම නිදහස් වටපිටාවක් සහිත ජීවිතයක් උරුමවනු නොඅනුමාන ය.

ආශ්‍රිත ග්‍රන්ථ
 
1. කොවිඩ් 19 අපේ දරුවන්ට කරනු ලබන බලපෑම් සහ අපේ කාර්යභාරය, කැපිටල් ලෝ චැම්බර්ස් – ( ලිපිය)

2. ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් 70 ක්, 21 මීඩියාවිශන් – (පුවත්)

3. ඩිජිටල් උත්තේජනය: සිහින ලොවක ළමා මනස අතරමං වන හැටි, BBC, සිංහල පුවත්

4. දකුණු ආසියාවේ කොවිඩ් 19 පැතිරීම, ලෝක සෞඛ්‍යය සංවිධානය – 2020

5. අවුරුදු සියයකට පෙර වසංගතයකින් බේරීමට එළිමහන් පාසල් යොදාගත්තේ කෙලෙස ද?, BBC සිංහල – පුවත්

6. “පාසල් දරුවන් සිටින පවුල්වලින් 66% කට ඉන්ටර්නෙට් නැහැ”, ශ්‍රී ලංකාවේ ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථක වෙයි ද?, BBC සිංහල – පුවත්

7. තරඟ විභාග නැති ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය, BBC සිංහල , BBC සිංහල – පුවත්.

8. දරුවා තාක්ෂණයට ඇබ්බැහි වෙලා ද?, Risingchildren.lk- (ලිපිය)

9. ළමා අපයෝජන සහ කොවිඩ් 19 සහ 2020, රාවය පුවත්පත

10. අන්තර්ජාලය හරහා සිදුවන ළමා අපයෝජන අවම කරමු, Sinhalanews.lk

11. කොරෝනා ව්‍යසනය සහ අර්බුදයට ලක් වන ළමා පරපුර, Vivaranews.com

12. මනස විනිවිද දුටු තෙවැනි ඇස: සිග්මන් ෆ්‍රොයිඩ්, roarmeadia

13. යුනිසෙෆ් ශ්‍රී ලංකා (UNICEF – Sri Lanka), වාර්ෂික වාර්තාව 2020

14. ස්කැන්ඩිනේවියාවේ “Udeskole” සංකල්පය, Children and nature network, Childrenandnature.org

15. කොවිඩ් 19 සමයේ අන්තර්ජාලය මගින් සිදුවන ළමා අපයෝජන 2020, වාර්තාව, EUROPOL.

Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog