- අපේ පවුලේ අය සහ යහලු මිත්‍රාදීන් සමග වැඩියෙන් කතා කරමු
කොරෝනා සමයේදී අපි විශාල ලෙස ජංගම දුරකථන, පරිගණකවල සිර වුණෙමු. එයට පෙර සිට වුව ද අප පවත්වන්නා වූ ආදර සබඳතා හේතුවෙන් අප සියලු දේවල් ජංගම දුරකථනයකට සීමා කළෙමු. නමුත් සියලු දෙය වෙනස් වුවත් මේ ලෝකයේ සදාකාලික පැවැත්ම රඳා පවතින්නේ අන්තර් පුද්ගල සබඳතා මතයි ( Inter relationships ) අම්මා-තාත්තා, සහෝදර-සහෝදරියන් මිතුර-මිතුරියන්, සැමියා-බිරිඳ සමගින් ගෙවන කාලය ඔබව කායික සහ මානසිකව සුවපත් කරයි.
අතීතයේ ජනයා විශාල වශයෙන් සාමූහිකව බැඳී සිටි අතර ඔවුන්ට කිසිම දිනෙක විශාදය, කාංසාව වැනි මානසික ගැටලු නොවීය. එසේම ඔවුන්ගේ ගතිගුණ සහ ආකල්ප අතින් බොහෝ පොහොසත් මිනිසුන් විය.
- සුදුසු ව්‍යායාම සහ සමබර ආහාර රටාවකට හුරු වෙමු
බොහෝ පුද්ගලයන් තමන්ට දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය වැනි රෝග වැළඳීමෙන් අනතුරුව ව්‍යායාම සහ කෑම පාලනය කිරීම නවත්වයි. නමුත් ඉහත රෝගී තත්වයක් පවතින පුද්ගලයෙකුට වුවත් නියමිත වෛද්‍යය උපදෙස් මත සිදු කළ යුතු ව්‍යායාම පවතියි.එසේම තමන්ගේ ශරීරය කෙට්ටු කිරීමට හෝ මහත් කිරීමට තමන්ගේ ප්‍රධාන ආහාර රටාවන් හිතුමතයට වෙනස් කිරීම විවිධ රෝග තත්වයන් මතු කළ හැකිය. එවන් අවස්ථාවක ඉතාමත් පහසුවෙන් තම ජංගම දුරකථනයෙන් oDoc ඇප් එක හරහා වෛද්‍යය උපදෙස් ලබා ගැනීමට ඔබට පහසුකම් පවතියි.
- පරිගණක සහ ජංගම දුරකථන ඉදිරියේ ගත කරන කාලය සීමා කරමු
නූතන මවු වරුන් තම දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ජංගම දුරකථන ලබා දීමට කටයුතු කරයි. බොහෝ විට වීඩියෝ ක්‍රීඩාවලට දරුවා හුරු කරවන අතර ඇතැම් ක්‍රීඩා මගින් දරුවාගේ මොළය පමණක් නොව සිතුවිලි ද වෙනස් කරවයි.
මෑතක දී එක තරුණ මවක් සිය අවුරුදු 6 දරුවා වීඩියෝ ක්‍රීඩා කරන ආකාරය පිළිබඳ පැවසූයේ,
“බලන්න අද කාලේ දරුවන්ගේ දක්ෂකම. එයාම තනියෙන් වීඩියෝ ගේම් ඩවුන්ලෝඩ් කරගෙන හරි දක්ෂ විදියට සෙල්ලම් කරනවා” යනුවෙනුයි.
නමුත් මොබයිල් ඩෝපමීන් ( Mobile Dopamine ) මගින් ඔබේ දරුවා මානසික ඇබ්බැහි කරුවෙක් කර විනාශ කිරීමක් සිදු කරයි. එහි විපාකය වැටහෙන විට ඔබ බොහෝ ප්‍රමාද වී සිටිය හැකිය. එබැවින් හැකිතාක් දරුවන්ව ජංගම දුරකථනවලින් ඈත් කරන්න.
එසේම එය කුඩා දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ට පවා බලපෑම් කරයි.
- මානසික සුවය වෙනුවෙන් කාලය වෙන් කරවා ගමු
සියලු මානසික ගැටලුවලට ප්‍රධානතම හේතුව වන්නේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, සැකයයි. මෙම ඍණාත්මක දේවල් ශරීරයට විශ ලෙස ක්‍රියා කරන අතර පසු කාලීනව අපව රෝගීන් බවට පත් කරයි. එබැවින් නිරතුරුව භාවනා ක්‍රම මෙන්ම ධනාත්මක සිතුවිලි ඇති පුද්ගලයන් ඇසුරු කිරීමට යොමු වන්න. එසේම ඔබ යෝගා ව්‍යායාමවලට යොමු වනවා නම් නිවැරදි ලෙස ගුරුවරයෙකු යටතේ සිදු කළ යුතු වන අතර අන්තර්ජාලයේ පවතින යෝගා ව්‍යායාම හිතුමතේට සිදු කිරීමෙන් වලකින්න.
එසේම නිරන්තරයෙන් ඉක්මණින් සමාව දෙන නම්‍යශීලී පුද්ගලයෙකු වන්න. සියලු පුද්ගලයන්ට කරුණාවන්ත වීම මගින් ඔබගේ මනස සුවපත් කරයි.
- ප්‍රමාණවත් ලෙස ජලය පානය කරමු
ශරීරයට අවශ්‍යය කරන නියමිත ජල පරිමාව ලෙස වැඩුණු පිරිමියෙකු දිනකට ජලය ලීටර් 3.7 ක් ද වැඩුණු ගැහැණු කෙනෙකු දිනකට ලීටර් 2.5 ක් ද ශරීරයට ගත යුතු ය. ශරීරයට දිනකට ලැබිය යුතු ජල ප්‍රමාණය මගින් ඔබේ සම සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය පහසු කරවයි.
- අපි අපගේ දන්ත සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වෙමු
බොහෝ පුද්ගලයන්ට පවතින ගැටලුවක් ලෙස දත් මැදීමෙන් අනතුරුව මුඛයේ ඇතිවන දුර්ගන්ධය තත්වය දැකිය හැකිය. එවන් විට ඇතැම් අය චුයින්ගම් වැනි දේවල් දුර්ගන්ධයෙන් අවම කිරීමට භාවිත කරයි. නමුත් එමගින් ඔබගේ දත් සහ දත් මුල් තව තවත් රෝගී වෙයි. බොහෝ මුඛයන්හි ඇති වන දුර්ගන්ධයන්ට හේතුව වන්නේ දත් මුල් දිය වීමයි.
වෛද්‍යය උපදෙස් නොමැතිව ජනප්‍රිය දන්තාලේප සහ මුඛ සේදුම් ( Mouth Wash) භාවිත කිරීම හේතුවෙන් ඔබ නොසිතූ අයුරින් ගැටලු මතු විය හැකිය.
එබැවින් ඔබ මාස හයකට වරක්වත් දන්ත වෛද්‍යයවරයෙකු ලවා ඔබගේ දත් පරීක්ෂා කර ගැනීම අනිවාර්යය වෙයි. මෙවන් අවස්ථාවක ඔබට ඇතිවන ඕනෑම ගැටලුවකට දවසේ ඕනෑම වේලාවක oDoc මගින් දන්ත වෛද්‍යය සහය ලබා ගත හැකිය.
අලුත් අවුරුද්දේ අපේ කාලය ශ්‍රමය ඉතිරි කර ගමු, අලුත් අවුරුද්ද අර්ථවත් ලෙස ගත කරමු
රෝගයක් ඇති වීම හෝ රෝග සම්බන්ධයෙන් නිශ්චිත වේලවක් නැත. එබැවින් ඔබට පැය 24 තුළ ඕනෑම වේලාවක දී වෛද්‍යයවරයෙකු සමග කතා කිරීමේ අගනා පහසුකම oDoc ඇප් එක මගින් ලබා ගත හැකිය.
ආශ්‍රිත කියවීම්
- How to tell if you could be addicted to your phone, Thimothy J. Legg.Phd, Healthline, www.healthline.com
- Sugar – free foods can be dangerous, Anand Holla, Nov 15,2017, timesofindia.com
- Top tips for healthy living, Nothambria Healthcare, www.nothambria.nhs.uk
- Beginner’s Guide to Healthy Eating, Healthline, 2021
- 5 Tips for Healthy Skin, Mayo Clinic, 2019