
Endometriosis
Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing
ලිංගිකව සම්ප්‍රේෂණයවන ආසාදනයන් (Sexual Transmitted Infection ) හි ප්‍රතිඵලය වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝගයන්ට( Sexual Transmited Diseases ) මුහුණ දීමට සිදු වීමයි.
ලෝකයේ පවතින ලිංගිකව බෝ වන රෝග අතරින් ඉතා බහුල තත්වයන් ලෙස,
දැක්විය හැකිය
ක්ලැමීඩියා ආසාදිතයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට එය අසාදනය වන්නේ ශිෂ්ණය, යෝනිමාර්ගය, මුඛය හෝ ගුදය සම්බන්ධ කරගෙන සිදු කරන ලිංගික සබඳතා මතයි.
මේ අනුව මෙම රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව වන්නේ අනාරක්ෂිත ලිංගික සබඳතායි. මෙයට අමතරව
ක්ලැමීඩියා රෝගයේ පවතින අවධානම් තත්වය නම්, රෝගය මූලිකවම හඳුනාගෙන කඩිනම් ප්‍රතිකාර නොකළහොත් එවන් රෝගියෙකුට පහසුවෙන් HIV ( මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසය ) වැළඳීමේ අවධානම පවා ඇති කිරීමයි.
මෙහි මූලික ලක්ෂණ ලෙස හැඳින්විය හැකිය.
මෙම උපදංශය නමැති රෝගය ස්පිරොචෙට් ( Spirochaete) නමැති බැක්ටීරියා විශේෂය මගින් ඇති වෙයි. මෙම රෝගී තත්වය ලිංගික සබඳතා හැරුණු කොට,
පදනම් කරගෙන ඇති විය හැකිය.
උපදංශය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
මෙහිදී පසු උපදංශමය තත්වය යනු විදුරුමස්, ස්නායු සහ හෘද වාහිනී මගින් දක්වන තත්වයකි. මෙම උපදංශය නැමැති රෝගයේ සුවිශේෂ ලක්ෂණය නම් දුර්වල මෙන්ම ඉතා අඩු සනීපාරක්ෂක තත්වයක් යටතේ ජීවත් වන ප්‍රජාවන් තුළ ලිංගික නොවන සබඳතා මගින් ද සම්ප්‍රේෂණය වීමයි. පෙර සදහන් කළා මෙන් රුධිර පාරවිලයනය ද මෙයට හේතු වෙයි.
නිදසුනක් ලෙස, දින පහලවකට පසුවත් එන්නත් කරන් ලද ස්ථානය තුළ තුවාලයක් දිස් වෙයි.සති හයකට හෝ අටකට පසුව දෙවන අවදිය ඇති වන අතර මෙමගින් ශරීරයේ ඕනෑම ඉන්ද්‍රියකට බලපෑම් ඇති විය හැකිය. එමෙන් ම තෙවන උපදංශමය අවදිය වසර ගණනාවකට පසුව සම, අස්ථි සහ හෘද වාහිණීවලට බලපෑම් කරයි.
ගර්භණී කාන්තාවකට උපදංශය ආසාදනය වුවහොත් එම දරුවා මරණය පත් වීමට පවා ඉඩ ඇත. මෙහි රෝග ලක්ෂණ ලෙස,
මෙම වැඩුණු උකුණෙකු ප්‍රමාණයෙන් මිලිමීටර 1.1 ත් 1.8 ත් ප්‍රමාණයෙන් යුතු වෙයි. ඇතැම් විට ලිංගික ප්‍රදේශවල රෝමවලට අමතරව ඇහි බැමි, රැවුල, පපු ප්‍රදේශයේ රෝම, කිහිලි ආශ්‍රිත රෝමවල මෙම උකුණන් ආසාදනය වෙයි.
ප්‍රධාන වශයෙන්ම මෙහි බෝ වීම සිදු වන්නේ ලිංගික සබඳතා හරහාය.
විශේෂත්වය නම් ඔබ කොන්ඩම් භාවිත කළත් මෙම උකුණන් බෝ වීම වැළැක්වීමට නොහැකි වීමයි
ලිංගික උකුණන් බෝ වන ආකාර වශයෙන්,
අසාදනය විය හැකිය. මෙයට අමතරව ඔබට මෙවන් තත්වයක් ඇති වූ විට
මෙම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගය කාර්මික රටවල මිනිසුන් අතර සුලභව පවතියි.
මෙම වෛරසය ආසාදනය වන්නේ පුරුෂයන්ගේ මුත්‍රා මාර්ගය සහ පුරස්ථි ග්‍රන්ථය ඇසුරු කරගෙන සහ ස්ත්‍රීන්ගේ මුත්‍රා මාර්ගයේ පහල කොටස ඇසුරු කරගෙනයි.
මෙම වෛරසය ද ප්‍රධාන වශයෙන් ලිංගික සබඳතා හරහා ව්‍යාප්ත වෙයි.
නමුත් පිරිමි පාර්ශවය තුළ මෙම රෝග ලක්ෂණ පෙන්වන්නේ සුළුවෙන් ය.
ඔබට ට්‍රයිකොමෝනියාසිස් ආසාදනය වී ඇත්නම් ඔබට HIV වෛරසය ශරීරයට ඇතුළු වීමට වැඩි ඉඩක් ඇත.මෙම වෛරස තත්වය කාන්තාවන් අතර බහුල රෝගී තත්වයකි. එහි රෝග ලක්ෂණ ලෙස,
එසේම පිරිමින්ට මතු වන රෝග ලක්ෂණ ලෙස,
මෙම ආසාදිත තත්වය වසර ගණනාවක් වුව ද ඔබගේ ශරීරයේ පැවතිය හැකිය.
සුදු බිංදුම ලෙස හඳුන්වන මෙම රෝගය Neisseria Gonorrhea බැක්ටීරියාව ආසාදනය වීම නිසා ඇති වන ලිංගික සම්ප්‍රේෂණ රෝගයකි.
මෙම බැක්ටීරියාව මගින් ගැබ් ගෙල, ගර්භාෂය සහ පැලෝපීය නාල මෙන් ම කාන්තාවන් සහ පිරිමින්ගේ මුත්‍රා මාර්ගය ආසාදනය කරයි.
එසේම මුඛය, ගුදය, උගුර සහ ඇස ආශ්‍රිත ශ්ලේශ්මල පටලවලට මෙය ආසාදනය වෙයි
එය ලිංගික ප්‍රදේශයෙන් පිටත, උගුරේ සහ ගුද මාර්ගයේ අසාදනය වන වෛරසයකි
ගොනෝරියා ආසාදනය වීම මවගෙන් දරුවාට ඇති වන අතර දරුවන් බිහි කිරීමට සිටින මවු වරුන් අවධානය යොමු කළ යුතු තත්වයකි.මන්ද කුඩා දරුවාගේ සෞඛ්‍යයට ඉන් හානි කරයි.
එසේම ගොනෝරියා ආසාදිත රෝගීන්ට HIV ආසාදනය වීම පස් ගුණයකින් වැඩි වෙයි.එසේම එම වෛරසය මගින් කාන්තාවන් වඳ භාවයට ද පත් විය හැකිය. මෙම ගොනෝරියා තත්වය හේතුවෙන්,
සිදු වෙයි.
මෙම ලිංගික රෝගයේ ලක්ෂණ ලෙස,
දැක්විය හැකිය
හර්පීස් යනු ලිංගිකව සම්ප්‍රේෂණයවන පොදු රෝග තත්වයකි. මෙම හර්පීස් තත්වය ප්‍රධාන ආකාර දෙකක් ඔස්සේ දැකිය හැකිය.
මෙම මුඛ හර්පීස් තත්වය කෙල මාර්ගයෙන් බෝ විය හැකිය. එමෙන් ම ලිංගික හර්පීස් තත්වය යෝනි මාර්ගයෙන්, ගුද මාර්ගයෙන් හෝ මුඛ සංසර්ගයේ යෙදීම හේතුවෙන් වැළඳිය හැකිය.
හර්පීස් තුවාල බොහෝ විට ලිංගික අවයව, ගුද මාර්ගයේ හෝ මුඛය අවට එකක් හෝ කිහිපයක් ලෙස දිස් වෙයි.හර්පීස් රෝග ලක්ෂණ ලෙස,
මානව පැපිලෝමා වෛරසය ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණයවන රෝග අතරින් වඩාත් බහුලතම වෛරසස් තත්වයකි.එම වෛරසය ද අනෙක් ඒවා මෙන් ලිංගික සබඳතා සහ මුඛ සංසර්ගය හරහා ශරීරගත වෙයි. නමුත් පොදුවේ ගත් විට යෝනි මාර්ගය සහ ගුද මාර්ගය ආශ්‍රිතව වන සබඳතා නිසා මෙම බෝවීම සිදු වෙයි.
මෙම මානව පැපිලෝමා වෛරසය ආසාදනය වූ අයෙක් සමග ලිංගිකව එක් වීමෙන් වසර ගණනාවකට පසුව ද රොග ලක්ෂණ මතු වෙයි.වෙයි.එසේම ලිංගික ඉන්නන් සහ ගැබ් ගෙල පිළිකා වැනි ගැටළු ඇති විය හැකිය.
මෙම මානව පැපිලෝමා වෛරසයෙන් ආරක්ෂා වීමට වයස අවුරුදු 11 දී හෝ 12 දී එන්නත් කිරීම ආරම්භ කළ හැකිය. එසේම මෙම එන්නත් වයස අවුරුදු 26 දක්වා සෑම කෙනෙක්ටම එන්නත් කළ හැකිය.
මේ පිළිබඳ අපි නිකුත් කර ඇතිව ගැබ්ගෙල පිළිකා ලිපිය කියවීමෙන් මෙම මානව පැපිලෝමා වෛරසය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.
මෙම ලිංගික ඉන්නන් ඇතිවීම මානව පැපිලෝමා වෛරසයේ අතුරු ප්‍රතිඵලයකි. මෙම තත්වය පිරිමි සහ ගැහැනු දෙපාර්ශවයේම අතර පවතින අතර මෙහි ආසාදනය වීම් උග්‍ර ලෙස පවතින්නේ කාන්තා පාර්ශවය අතරයි. ලිංගික ඉන්නන් තත්වය සුව කළ හැකි වුවත් සුව කරන අතර වාරයේ දී පවා ලිංගික ඉන්නන් තත්වය මතු විය හැකිය
ලිංගික ඉන්නන් යනු ලිංගික අවයව මත ඇති වන මෘදු වර්ධකයකි. මෙම තත්වය නිසා අසාමාන්‍යය වේදනාව මෙන් ම අසාමාන්‍යය කැසීම ඇති විය හැකිය. මානව පැපිලෝමා වෛරසය ආසාදනය හේතුවෙන් මෙම තත්වය ගැබ්ගෙල පිලිකා තත්වයක් පවා ඇති කළ හැකිය.
මෙම ඉන්නන් විශේෂය වර්ධනය වන්නේ මුඛ, ගුද, සහ යෝනි මාර්ගය ආශ්‍රිත ලිංගික ක්‍රියාවන් සිදු කිරීම මගින් ය.
ලිංගික ඉන්නන් මිනිස් ඇසට නොපෙනෙන අතර සමේ වර්ණය මෙන් තරමක් තද පැහැයක් ගනියි. එහි වර්ධනයේ මුදුන වට්ටක්කා ගෙඩියකට සමාන විය හැකි අතර ස්පර්ශ කර බලන විට තරමක් සිනිඳු ගැටිති ස්වභාවයක් දැනෙයි. ඔවුන් ඉන්නන් පොකුරක් ලෙසින් වර්ධනය විය හැකි ය.
පිරිමි පාර්ශවය අතර නම් ලිංගික ඉන්නන් ඇති වන්නේ,
කාන්තාවන්ට නම් යෝනි මාර්ගය ආශ්‍රිතව හෝ ගුදය ඇතුළත, ඇතැම් විට ගැබ්ගෙල මත ද ආසාදනය විය හැකිය.
යම් පුද්ගලයෙකුට ලිංගික ඉන්නන් පවතින බවට ලක්ෂණ ලෙස,
එසේම යම් අයෙකු
පවා හේතු විය හැකිය.
කාන්තාවන්ට මෙම ඉන්නන් පරීක්ෂා කිරීම පැප් පරීක්ෂාව හරහා සිදු කළ හැකිය.
HIV යනු, මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසයයි. එනම් මෙම ලිංගික සම්ප්‍රේෂණ වෛරසය මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර දෙන වෛරසයකි.මෙම HIV වෛරසය සඳහා ප්‍රතිකාර නොකළහොත් එය AIDS ( ප්‍රතිශක්තිකරණ ඌණතා සින්ඩ්‍රෝමය ඇති විය හැකිය.
මෙම HIV වෛරසය ආසාදනය වන ආකාර පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු කළ හොත් එය වලක්වා ගත හැකිය.
HIV ආසාදිත ලක්ෂණ
ඇතැම් පුද්ගලයන්ට ආසාදනය වී සති 2 සිට සති 4 දක්වා කාලය තුළ උණ වැනි රෝග ලක්ෂණ පවතියි.මෙම රෝග ලක්ෂණ දින කිහිපයක් හෝ සති කිහිපයක් පැවතිය හැකිය.
HIV වෛරසය ආසාදනය වීම ආකාර කිහිපයකට සිදු වෙයි
බොහෝ විට අවුරුදු 8 ත් 10 ත් වන තුරු රෝග ලක්ෂණ මතු නොවේ. එම රෝග ලක්ෂණ ලෙස
දැකිය හැකිය.
මෙම වෛරසය
නමුත් සිප ගැනීම, අතට අත දීම, කිවිසුම් යාමේදී පිට වන කෙල, එකම වැසිකිළිය භාවිතය මගින් මෙම වෛරසය ආසාදනය නොවෙයි.
මෙවන් තත්වයන් වලක්වා ගැනීමට කල් තියා ඔබට ආරක්ෂාකාරී විය හැකිය.
යන ආරක්ෂක උපක්‍රම අනුගමනය කළ හැකිය.
මෙවන් තත්වයකට මුහුණ දුන් පුද්ගලයා විශාල පීඩනයකට පත් වෙයි. එය කායික මෙන්ම මානසික පීඩනයකි. වෛද්‍යවරයෙකු හමු වී රෝගය පරීක්ෂා කර ගැනීමට යාමට සිදු වීම නිසා බොහෝ අවස්ථාවන්වල එම රෝගය සඟවා ගනිමින් ජීවත් වීමට ආසාදිත පුද්ගලයන් කටයුතු කරයි.
යම් අවස්ථාවක ඔබත් මෙවන් තත්වයකට මුහුණ දෙන්නේ නම්, oDoc අපගේ ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍යයවරයෙකු මගින් නිවසේ සිටම, රහසිගතව පරීක්ෂා කර ගැනීමේ හැකියාව පැය විසි හතර පුරාවටම ඔබ වෙනුවෙන් ලබා දෙනු ඇත.
ODoc අපි ඔබ සමග නිරන්තරයෙන්
ආශ්‍රිත ග්‍රන්ථ
Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing
When you think of exercise, you might think focusing on muscle groups such as the abs, legs, back and arms. While all those areas are
Sexually Transmitted Infections And Diseases: What You Need To Know What are STIs and STDs? Sexually Transmitted Infections (STI) and Sexually Transmitted Diseases (STD) are
නවතම සෞඛ්‍යය උපදෙස් එසැණින් ඔබ වෙත ලබා ගන්න