Categories
Blog Article

What is the pelvic floor and why is it so important?

ලිංගික ජීවිතය ආරක්ෂා කරන "මාංශපේශිය"

Shares

අප සියලු දෙනාටම පවුලක් ලෙස එකට ජීවත් වීමට නිවසක් පවතිනවා සේම ශරීරයේ උදරයෙන් පහළ කොටසට සෙවන දෙන්නට නිවසක් පවතියි. එය පහත රූපයේ ආකාරය ගන්නා නිවසකි. විද්‍යාව තුළ එම නිවසශ්‍රෝණිය” ලෙස හඳුන්වයි.

මෙම නිවස තුළ පවුලක් ලෙස,

මුත්‍රාශය, මුත්‍රා මාර්ගය සහ එහි සුශුම්නාව, ගුද මාර්ගය, ප්‍රජනක අභ්‍යන්තර අවයව ( ගර්භාෂය, ඩිම්බකෝෂ, නාල, කාන්තාවන්ගේ යෝනි මාර්ගය, පිරිමින්ගේ නම් පුරස්ථි ග්‍රන්ථිය පවතියි.

මෙම නිවසත් නිවසේ ජීවත් වන සාමාජික පිරිසත් අපගේ ශරීරය පවත්වා ගැනීමට එක ලෙස වැදගත් වෙයි.

ඕනෑම නිවසක් ශක්තිමත් වන්නේ එහි අත්තිවාරම ( Foundation ) අනුවය. එබැවින් මෙම ශ්‍රෝණිය නම් නිවසේ ජීවත් වන නිවැසියන්ට ශක්තිය සපයන්නේ පහත රූපයේ කොළ පාටින් සලකුණු කර ඇති මාංශපේශියයි. මේවා වෛද්‍යය විද්‍යාව තුළ ශ්‍රෝණි මාංශපේශි නොහොත් පැල්වික් පේශි ( Pelvic Floor ) ලෙස හඳුන්වයි

එසේනම් මෙම මාංශපේශියේ කාර්යය කුමක්ද?
  • ඔසප් චක්‍රය පහසු කිරීම
  • ගර්භණී කාලයේ දී කළලය ආරක්ෂා කිරීම
  • දරු ප්‍රසූතියේ දී ඇති වන ගැටළු වැලැක්වීම
  • ශ්‍රෝණිය ආශ්‍රිතව ඇති වන ගැටළු අවම කරයි.
  • රුධිර සංසරණය සාමාන්‍යය තත්වයට පත් කිරීමට උපකාරී වෙයි.
  • ස්වභාවික තෙතමනය වැඩි කරයි
  • ලිංගික සංසර්ගය පහසු කරයි
  • ලිංගික අවයවවල ක්‍රියාකාරීත්වය මැනවින් සිදු කරයි.
  • මුත්‍රා කිරීමේ දී ඇති වන දැවිල්ල තත්වයන් මෙන් ම මුත්‍රා පිට නොවීම පාලනය කරයි.
  • මළපහ වීම පහසු කරයි
මෙම ශ්‍රෝණි මාංශපේශියෙන් ශ්‍රෝණිය ඇතුළේ ඇති අවයවවලට වෙන සේවාව කුමක්ද?
  • මුත්‍රාශය ( අපගේ ශරීරයේ මුත්‍රා රඳවා ඇති මල්ල) රඳවා සිටීම
  • කාන්තාවන්ගේ ගර්භාෂය සහ යෝනි මාර්ගය ශරීරයේ රඳවා ගැනීම
  • පිරිමින්ගේ ප්‍රජනක පද්ධතියට සම්බන්ධ අවයවය ( පුරස්ථි ග්රන්ථිය) දරා සිටීම
  • ශරීරයේ ඇතුළත රසායන ද්‍රව්‍යයන් මුත්‍රාශය, බඩවැල් සහ ගර්භාෂය තුළට ගෙන යාමට උපකාර කිරීම
  • ගුද මාර්ගය ( සිරුරේ මළ අපද්‍රව්යය ගබඩා කරන මහ බඩවැලේ කෙළවරේ ඇති ප්රදේශය) ආරක්ෂා කිරීම
  • අපට කැස්ස ඇති වන අවස්ථාවක හෝ බර වස්තු ඔසවන අවස්ථාවක අපගේ ශරීරය ඇතුළේ ඇතිවන පීඩනය අවම කිරීම පහසු කරයි.
  • මළපහ කරන විට දී තැටඹීමක් සිදු කරන අවස්ථාවන්වල ශරීරයේ ඇතුළත අවයවවලට ආරක්ෂාව ලබා දීම
 මේ “ශ්‍රෝණි මාංශපේශිය” වෙනස් වීමට හෝ අඩපණ වීම විය හැකිද? ඒ ඇයි?

ඔවු. එසේ විය හැකිය. එයට හේතු ලෙස,

  • ශ්‍රෝණි ප්‍රදේශයට ( අවයව දරා සිටිනා නිවස – 1 රූපය ) කම්පන සහගත තුවාල සිදු වීම
  • මෝටර් රථ අනතුරුවලින් තුනටියෙන් පහල තුවාල වීම
  • ගැබ් ගැනීම
  • නිතර මළ බද්ධය ඇතිවීම
  • ශ්‍රෝණි සැත්කම්
  • ශරීරයේ බර අසාමාන්‍යය ලෙස වැඩි වීම
  • වැඩිහිටි වයසට පැමිණීම
ඒ කියන්නේ ගර්භණී භාවයට පත් වීම ශ්‍රෝණි පේශිය අක්‍රීය වෙන්න හේතුවක් වෙනවා ද?

ඔවු. නමුත් එය පොදු හේතුවකි. බොහෝ විට කාන්තාවන්ට ඔවුන්ගේ දරු ප්‍රසූතියෙන් අනතුරුව ශ්‍රෝණි පේශියේ ක්‍රියාවලිය අඩපණ වෙයි. එයට හේතුව වන්නේ කාන්තාවක් ගර්භණී වූ පසු ඇගේ තුනටියෙන් පහල ප්‍රදේශය සහ පටක ඉතාමත් වෙහෙසකට පත් වීමයි. එසේම ස්වභාවික දරු උපත්වල දී මෙම තත්වය මතු වෙයි.

නමුත් මෙවන් තත්වයන් 100% සියලු දෙනාටම එක ලෙස බලනොපාන අතර ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග කතා කිරීම මගින් මෙම තත්වයන්ට විද්‍යාත්මකව විසඳුම් ලබා ගත හැකිය.

ශ්‍රෝණි පේශිය ශක්තිමත් කිරීමට කෙගල් ව්‍යායාම (Kegel Excercises) සහ යෝගා ව්‍යායාම පවති යි. නමුත් ඒ සියලු ව්‍යායාම විධිමත් පුහුණුකරුවෙකු සමග සිදු කළ යුතු ය.

ශ්‍රෝණි පේශිය ශක්තිමත් කරන ආහාරපාන වර්ග මොනවාද ?
  • හැකි පමණ පිරිසිදු ජලය පානය කරන්න
  • අඩු ආම්ලික පළතුරු සහ එළවළු, අර්තාපල්, බෝංචි වැනි ආහාර මගින් මාංශපේශි සහ ස්නායු ක්‍රියාකාරීත්වය වැඩි කරයි
  • ඔමේගා ත්‍රී මේදය අඩංගු ආහාර, මාළු තෙල් මගින් මුත්‍රාශයේ ඇති වන දැවිල්ල අඩු කරයි
  • කැෆේන් අඩංගු නොවන ආහාර ගන්න
  • විටමින් ඩී අඩංගු ආහාර වැඩිපුර ගන්න ( විටමින් ඩී අඩු වීම මුත්‍රාශයේ ක්‍රියාවලියට බලපෑම් කරයි)
ශ්‍රෝණි පේශියට හානි කළ හැකි ආහාර රටාවන් මොනවාද ?
  • ඇසිඩ් අධික පලතුරු සහ එළවළු
  • අධික සැර ආහාර ( ඉඟුරු, අබ )
  • කෘතිම වර්ණක සහ රසකාරක අඩංගු ආහාර
  • ඇල්කොහොල් අඩංගු බීම වර්ග
  • මත්ද්‍රව්‍යයන්
  • වැරදි ආකාරයේ ව්‍යායාම ඉරියවු සහ වැරදි ලෙස සිදු කරන කෙගල් සහ යෝගා ව්‍යායාම

 තමන්ගේ ශරීරයේ බාහිර ස්වරූපය රඳා පවතින්නේ ශරීරයේ අභ්‍යන්තර නිරෝගීබව මතයි. මෙවන් අවස්ථාවක ඔබට ඇති වන සියලුම ගැටලු වෙනුවෙන් oDoc සේවාව පැ 24 පුරා විවෘතව ඇත. ඉතින්,  ලෝකයේ ඕනෑම තැනක සිට ඔබට ඇතිවන සියලුම ගැටළු නිරාකරණය කර ගැනීමට oDoc ප් එකෙන් ප්රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග කතා කරන්න

 ආශ්‍රිත කියවීම්

  1. Pelvic Floor Dysfunction & Your diet Pro touch – Physical Treatment, com
  2. Pelvic Floor Anatomy, The Pelvic Floor – overview and Function,www.physio- pedia.com
  3. The Pelvic Floor, Sophie Fidoe, March 21-2021,teachmeanatomy.info
  4. Pelvic Floor Dysfunction,Cleveland Clinic, my.clevelandclinic.org
  5. දරු ප්‍රසූතියෙන් පසු ලිහිල් වූ යෝනි මාර්ගය නැවත ශක්තිමත් කරන ව්‍යායාම, සඳුනි රණසිංහ, සැප්තැම්බර් 8 – 2021,smartlady.lk
  6. ශ්‍රෝණි මහලේ මාංශපේශි ශක්තිමත් කිරීම සඳහා අභ්‍යාස – සෞඛ්‍යය හා පවුලේ සහජීවනය පිළිබඳ සහතිකයක්,com
Shares

Similar Articles...

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

Your little boy’s shift from squeaky to deep! – Parents, here’s what your teen needs to know

පුතා දැන් ලොකු ළමයෙක්

Shares

අපේ කොල්ලා දැන් ලොකුයි නේ, ඉතින් දැන් ඉස්සර වගේ නෙමෙයි. කවුරු හරි ආවම කාමරේට රිංග ගන්නවා…”

දැන් ඉස්සර වගේ නෙමෙයි, කර ඳඬු උස් මහත් උනාම මුන්ට අම්මා තාත්තවත් මතක නැහැ. එකට එක කියනවා..”

ඉහත සඳහන්ව ඇත්තේ තම පුතණුවන් පිළිබඳව මවු-පිය අදහස් කිහිපයකි. ලංකාව තුළ ගැහැනු දරුවෙකුගේ වැඩිවියට පැමිණීම පිළිබඳ විශේෂයෙන් කතා කළත් පිරිමි දරුවන්ගේ වැඩිවියට පැමිණීම පිළිබඳව කතා කරන්නේ ඉතාමත් අල්ප වශයෙන් ය.

එයට හේතුව වන්නේ ලාංකික සමාජය තුළ පිරිමි දරුවා යනු ගැහැනු දරුවන් මෙන් එතරම් විශේෂ සැලකිල්ලක් දැක්වීමට අවශ්‍යය පුද්ගලයන් පිරිසක් නොවන බවට ඇති මතයයි. එසේනම්,

පිරිමි දරුවෙකු වැඩිවියට පත් වීම යනු කුමක්ද?

පිරිමි දරුවෙකුගේ ශරීරය සහ මනස හෝමෝන වෙනස්කම්වලට ලක් වීම වැඩිවියට පැමිණීමේ අර්ථයයි. එනම්,

  • වෘෂණ කෝෂ සක්‍රීය වීම
  • ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ශ්‍රාවය වීම
  • හැසිරීම වෙනස් වීම සහ ශරීර වර්ධනයයි

ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව එහි අර්ථය නම්, ළමා කාලයත් වැඩිහිටි අවධියටත් අතරමැදි අවස්ථාවට එළඹීමයි.

සාමාන්‍යයයෙන් පිරිමි දරුවන් වයස අවුරුදු 9 ත් 14 ත් අතර කාලයේ දී වැඩිවියට පත් වෙයි.පිරිමි දරුවන්ගේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ක්‍රියා කිරීම ආරම්භ වීම එයට හේතුවයි.

සරලවම දරුවා පිය පදවිය ලැබීමට සූදානම් කිරීමේ ශාරීරික, මානසික සැකසීම මෙමගින් සිදු වෙයි.

පිරිමි දරුවෙකු වැඩිවියට පැමිණි බවට ඇති ශාරීරික ලක්ෂණ මොනවාද ?
  • ශරීරය උසින් සහ බරින් වැඩි වීම
  • මුහුණේ කුරුලෑ ඇති වීමට පටන් ගැනීම
  • කිහිලි, ලිංගේන්ද්‍රය සහ පපුවේ රෝම මෙන් ම මුහුණේ රැවුල ඇති වීම
  • ශුක්ර මෝචනය ආරම්භ වීම
  • ලිංගික අවයව විශාල වීම
  • ස්වරාලය ඉදිරියට නෙරා ඒම
  • කටහඬ ගොරෝසු වීම
  • උරහිස පළල් වීම සහ මස්පිඬු වර්ධනය
 පිරිමි දරුවෙකු වැඩිවියට පත් වීමත් සමග ඔහුගේ සිතුවිලි සහ හැසිරීමේ වෙනස්කම් මොනවාද ?
  • විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ෂණය වීම
  • යහළුවන් සමග මිත්‍රකම් වැඩි වීම
  • දෙමාපියන්ගේ අදහස්වලට වඩා මිතුරන්ගේ අදහස් පිළිගැනීම
  • කුතුහලය
  • තනිව සිටීමට ඇති කැමැත්ත
  • තනි තීරණ ගැනීම
  • දෙමාපියන් නුරුස්සන බව
  • අවධානම් ක්‍රියාවලට යොමු වීමට ඇති කැමැත්ත
  • වගකීම් ගැනීමට ඇති සූදානම

 

යොවුන් පිරිමි දරුවන්ගේ “තෙත් සිහින” යනු මොනවාද ?

 තෙත් සිහින යනු, ශුක්‍ර මෝච්නය වන ආකාරයේ ලිංගිකත්වය මත පදනම් සිහින දැකීමයි. මෙය දරුවාගේ වරදක් නොවේ.එය අතිශය ස්වභාවික කාරණාවකි.

මෙවන් අවස්ථාවන්වල සිය දරුවාට අමතර ඇඳ ඇතිරිලි ලබා දීම මෙන් ම ශාරීරික පිරිසිදු භාවය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වෙයි.

වැඩිවියට පත් වූ පිරිමි දරුවෙකුට අවශ්‍යය පෝෂණ අවශ්‍යයතා මොනවාද ?
  • නැවුම් එළවලු සහ පළතුරු ආහාරයට ලබා දීම
  • තත්තුමය ආහාර වැඩිපුර කෑම වේලට එකතු කර ගැනීම ( ආහාර දිරවීමට මෙන් ම මල පහ පිට වීමට උපකාර කරයි)
  • මස්පිඬු වර්ධනයට අවශ්‍යය ප්‍රෝටීන් බහුල ආහාර ප්‍රමාණවත් අයුරින් ආහාරයට එකතු කර ගැනීම ( මස්, මාලු, කිරි, බිත්තර, ධාන්‍යය වර්ග)
  • අස්ථි වර්ධනයට අවශ්‍යය කැල්සියම් සහ විටමින් බහුල ආහාර ලබා දීම
  • ප්‍රමාණවත් අයුරින් ව්‍යායාම සහ ක්‍රීඩාවල නිරත වීම
  • දිනකට අවශ්‍යය පැය 9 ත් 12 ත් අතර නින්දක් ලබා ගැනීම
  • ප්‍රමාණවත් අයුරින් ජලය පානය කිරීම
  • දරුවන්ට ප්‍රෝටීන් සහ විටමින් ලබා දීමේ දී නියමිත වෛද්‍යය උපදෙස් මත ලබා දිය යුතු අතර හිතුමතයට විටමින් වර්ග ලබා දීමන් අතුරු ආබාධ මතු විය හැකිය.
යෞවනත්වයට පත්ව ඇති දරුවන් සිටින දෙමාපියන්ගේ යුතුකම් මොනවාද ?
  • හෝමෝන වෙනස්කම් හේතුවෙන් දරුවාගේ දහඩිය දැමීම සහ දුර්ගන්ධයන් මතු විය හැකිය

එවන් අවස්ථාවක දී,

  1. සුදුසු ඩියෝඩ්‍රන් වර්ගයක් ලබා දීම
  2. සිරුර පිරිසිදු කර ගැනීමට අවශ්‍යය පිරිසිදුකාරක ලබා දීම
  3. දිනපතා යට ඇඳුම් සහ ටී – ශර්ට් මාරු කරන බව සොයා බැලීම
  4. කපු හෝ වෙනත් ස්වභාවික කෙඳි අඩංගු යට ඇඳුම් ලබා දීම සිදු කළ හැකිය
  • දරුවාගේ ශුක්‍රාණු නිපදවීමේ හැකියාව හේතුවෙන් ලිංගික ආශාවන් කෙරෙහි ඇල්මක් දක්වයි. එවන් අවස්ථාවලදී තම දරුවා සමච්චලයට ලක් කිරීමෙන් වලකින්න
  • දරුවාගේ ආහාර මෙන් ම සනීපාරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන්න
රුවාට අවශ්‍යය කරන පුද්ගලිකත්වය ( Privacy ) ලබා දෙන්න
පිරිමි දරුවෙකු වැඩිවියට පැමිණීම ප්‍රමාද විය හැකි ද? ඒ ඇයි?

 ඔවු. පිරිමි දරුවෙකු වැඩිවියට පත් වීම ප්‍රමාද විය හැකිය. ඒ සඳහා ප්‍රධාන හේතු තුනක් පවතියි. එනම්,

  • පවුලේ ජානමය බලපෑම
  • පිටියුටරි ග්‍රන්ථියෙන් හෝමෝන ශ්‍රාවය කිරීම ප්‍රමාද වීම
  • වෘෂණ කෝෂවල පවතින ගැටලුකාරී තත්වයන්

මෙවන් අවස්ථාවක් ඔබ ඔබේ දරුවා පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු අවස්ථාවක් වන අතර ඔබට එවන් වෙනසක් දැනුණ වහාම නියමිත ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු වෙත දරුවා යොමු කළ යුතු ය.

 යොවුන් පිරිමි දරුවෙකු සිටින දෙමාපියන් ඔවුන් සමග කටයුතු කළ යුත්තේ කෙසේද?
  • සුළු වරදටත් දරුවාට බැන වැදීමෙන් වලකින්න.
  • වරදක් පෙන්වා දෙන විට එම වරද පමණක් වැරදි වන අතර දරුවා වැරදි නොවන බව ඔවුන්ට දැනෙන්නට හරින්න
  • දරුවා කුතුහලයෙන් අසන ප්‍රශ්නවලට ඉවසීමෙන් උත්තර දෙන්න ( පැහිච්චකම, පණ්ඩිතකම වැනි වචන භාවිත කරමින් අවමානයට ලක් නොකරන්න)
  • දරුවා පිළිබඳ දෙමාපියන්ගේ පිළිගැනීම සහ ගෞරවය දරුවාට දැනෙන්නට සලස්වන්න
  • අලුත් දේවල් ඉගෙනීමට උදවු කරන්න
  • යහලු යෙහෙළියන් සමග කාලය ගත කිරීමට ඉඩ හරින්න
  • දරුවාගේ ආත්ම ගෞරවය නිරන්තරයෙන් ආරක්ෂා කරන්න
  • දරුවාට අණ කිරීම් සිදු කරන පාලකයෙකු නොවී මිත්‍රයෙකු වන්න
  • දරුවාට සවන් දෙන්න
  • දරුවාගේ නිර්මාණශීලීභාවයට ඉඩ දෙන්න
  • සැම විටම කුඩා දෙය වුව ද අගය කරන්න
  • දරුවාට ඳඬුවමක් ලබා දීමට පෙර ඔබගේ කෝපය පාලනය කර ගන්න
  • දරුවාගේ අඩුපාඩුකම් පිට මිනිසුන් ඉදිරියේ විවේචනය කිරීමෙන් වලකින්න
  • ඔවුන් මානසික ගැටලුවකට මුහුණ දී සිටින බව හැඟේ නම් සුදුසු මනෝ වෛද්‍යයවරයෙකු වෙත යොමු කරන්න
  • දරුවාගේ විශ්වාසය දිනා ගන්න

 දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම ඉතා සියුම් අයුරින් සිදු කළ යුතු ය. ඔබගේ දරුවාගේ පුද්ගලිකත්වය සහ රහස්‍යය භාවය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම නිවසේ සිට වුව ද කළ හැකි බව ඔබ දන්නවා ද? oDoc ඇප් එක මගින් නිවසේ සිට පැය 24 පුරා වෛද්‍යයවරුන්ගේ සහය ලබා ගන්න. ඔබගේ කාලය, ශ්‍රමය ඉතිරි කර ගන්න.

ආශ්‍රිත කියවීම්

  • Nutrition and pubertal development, Ashray Soliman – Vineerzo De Sanctis – Rania Elalaily, Indian Journal of Endocrinology and Metabolism
  • Puberty, John Hopkins All Children Hospital, www.hopkinsallchildrenhospital.org
  • Adolescent health, WHO, www.who.int
  • The stages of Puberty in Boys, 23 May 2020, Barbara poncelet
  • වැඩිවියට පැමිණියොත් ඔබේ පුතාට උදවු කරන්නේ කෙසේද? , ජෙනිෆර් ඕ ඩොනෙල්, drafare.com
  • මල්වරය පමා වුණොත් පිරිමි ළමයින්ටත් අතුරු ආබාධ, 31 මාර්තු 2018, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමුදු නිමාලි සෙනෙවිරත්න, සිළුමිණ
  • ගුරු හඳින් යොවුන් සිතට, 2011, පවුල් සෞඛ්‍යය කාර්යංශය, සෞඛ්‍යය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, health.gov.lk
Shares
Categories
Blog Article

හිතුමතේට බෙහෙත් බොන්නේ බලාගෙනයි

හිතුමතේට බෙහෙත් බොන්නේ බලාගෙනයි

Shares

වෛද්‍යය විද්‍යාව අදටත් රඳා පවතින්නේ ප්‍රතිජීවක ( Antibiotic) ඖෂධ මත ය. ප්‍රතිජීවක ඖෂධයක් යනු, බැක්ටීරියා මර්දනය කිරීමට ශරීරයට ලබා දෙන ඖෂධයි. බොහෝ විට මෙම ප්‍රතිජීවක ඖෂධයන් සෙම්ප්‍රතිශ්‍යාව, පාචනය වැනි ලෙඩ රෝගවලට ලබා නොදෙන අතර නිරන්තරයෙන් වෛද්‍යය නිර්දේශය මත එම ඖෂධ භාවිත කිරීමට සියලු දෙනාම සිහි තබා ගත යුතු ය.

ප්‍රතිජීවක ඖෂධවල ඉතිහාසය

1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින් මහතා විසින් ප්‍රථම වතාවට පෙනිසිලීන් නම් ප්‍රතිජීවක ඖෂධය සොයා ගන්නා ලදී. එයින් අනතුරුවත් ප්‍රතිජීවක ඖෂධ විශාල ප්‍රමාණයක් අලුතින් එකතු වූ අතර පසු කලක දී  එම බැක්ටීරියා විසින් ඖෂධවලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කර ගන්නා ලදී. එනම් නොනැසී තම ජීවිතය පවත්වා ගැනීමට බෙහෙත්වලට එරෙහිව බැක්ටීරියා සටන් කිරීමට පටන් ගන්නා ලදී. එය ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව ශරීරයේ ක්‍රියා කිරීමක් ( Antibiotic resistance ) දක්වා වර්ධනය වීමට පටන් ගන්නට විය.

 මොකක්ද මේ ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව බැක්ටීරියා සටන් කිරීමක් ( Antibiotic resistance ) කියන්නේ?

 ඔබ විසින් ඔබගේ ශරීරයේ ඇතිවන බැක්ටීරියා, වෛරස් ආසාදන විනාශ කිරීමට ප්‍රතිජීවක ඖෂධ වර්ග භාවිත කරයි.

සාමාන්‍යයයෙන් එම ඖෂධ භාවිතයෙන් පසුව එම බැක්ටීරියාවන් විනාශ විය යුතු බව ඔබ සිතුවත් ප්‍රතිජීවක ඖෂධවලින් බැක්ටීරියාව මරණයට පත් වීම සිදු නොවිය හැකිය.

 මෙම තත්වය මත විශබීජවලින් ඇතිවන ආසාදනවලට ප්‍රතිකාර කිරීම අපහසුය. බොහෝ විට මෙවන් තත්වයක දී යම් පුද්ගලයෙක්ට මිල අධික ඖෂධවලට මාරු වීමට, වෛද්‍යයවරුන් සොයා යාමට සහ සැර මෙන් ම ශරීරයට විශ බෙහෙත් ද්‍රව්‍යයන් භාවිතයට පවා යොමු වීමට සිදු වෙයි.

මෙම බැක්ටීරියාවන් බලවත් වීම සියලු දෙනාටම බල පෑ හැකිද ?

 ඔවු.

එය ඕනෑම අවධියක මිනිසුන්ට , සෞඛ්‍යය සේවා, පශු වෛද්‍යයසේවා, කෘෂිකාර්මික කර්මාන්තවලට බලපෑම් කිරීමේ හැකියාව ඇත. එබැවින් ලෝකයේ පවතින බරපතලම මහජන ගැටලුව වන්නේ මෙයයි.

එසේම  බැක්ටීරියාවන් බලවත් වීමේ අවධානම නිදන්ගත රෝග තත්වයන් පවතින පුද්ගලයන්ට අනෙක් අයට වඩා තදින් බලපෑ හැකිය.

එබැවින් ප්‍රතිජීවක ඖෂධවල කාර්යක්ෂමතාවය නැති වුව හොත් මහ ජනතාවට විශාල ගැටලු තත්වයන් මතු විය හැකිය. එසේම වෛද්‍යය විද්‍යාවේ දියුණුව රඳා පවතින්නේ මෙම ප්‍රතිජීවක ඖෂධවල ක්‍රියාකාරීත්වය මතයි. එබැවින්

  • සන්ධි ප්‍රතිස්ථාපනය කිරීම
  • අවයව බද්ධ කිරීම
  • පිළිකා ප්රතිකාර
  • දියවැඩියාව
  • ඇදුම

යනාදී රෝග සුව කර ගැනීමට ප්‍රතිජීවක ඖෂධ විශාල සහයක් ලබා දෙයි.

 මෙම බැක්ටීරියා එරෙහි වීම හේතුවෙන් දිගු කාලයක් ඖෂධ වර්ග භාවිත කිරීමට සිදු වන අතර ඉක්මන් සුවයක් බලාපොරොත්තු වීමට පවා අපහසු වෙයි. එය ගෝලීය ගැටලුවක් බවට පත්ව ඇති අතර මෙම තත්වය මග හරවා ගැනීමට අනුගමනය කළ හැකි ආකාර කිහිපයක් දැක්විය හැකිය

  • නිවැරදි මාත්‍රාවට අනුව නිවැරදි වේලාවට ඖෂධ ගන්න
  • සෑම විටම වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ඖෂධ භාවිත කිරීමට යොමු වන්න
  • ඔබගේ රෝගය සුව අතට හැරුණු සැණින් බෙහෙත් ගැනීම නතර නොකළ යුතු ය. අවසාන මාත්‍රාව දක්වාම ඖෂධ භාවිතා කිරීම සිදු කරන්න
  • ඔබට එකම රෝග ලක්ෂණය නිරන්තරයෙන් මතු වුවත් එකම බෙහෙත් වර්ගය වෛද්‍යය නිර්දේශයෙන් තොරව භාවිත නොකළ යුතු ය
 ප්‍රතිජීවක ඖෂධවලට එරෙහිව බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා මිනිසුන්ට ඇති විය හැකි ආබාධ මොනවාද ?
  • ඉතා දරුණු මට්ටමේ ආසාත්මිකතා ( Allergies – ඉදිමීම, කැසීම, පලු දැමීම, දැවිල්ල)
  • හුස්ම ගැනීමට අපහසු වීම
  • රුධිර පීඩනය අඩු වීම
  • කලාන්තය සහ ඇද වැටීම

වැනි  ලක්ෂණ දැක්විය හැකිය.

තවදුරටත්,

මෙම බැක්ටීරියාවන් බලවත් වීම සිදු විය හැකි ආකාර අතර මිනිස් හැසිරීම, සතුන්, පරිසරය ( පස්, ජලය) හේතු විය හැකිය.

 මිනිස් හැසිරීම්

එනම්, ඇතැම් විට මෙම තත්වය විශබීජ මාර්ගයෙන් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙක්ට ඇතිවිය හැකිය. එසේම අපිරිසිදු ජලය මගින් ව්‍යාප්ත විය හැකිය

සතුන්,

ආහාර සහ සතුන් මාර්ගයෙන් මිනිසුන්ට දරුණු බැක්ටීරියා ආසාදනය වීමක් සිදු විය හැකිය නිදසුනක් ලෙස සැල්මොනෙල්ලා බැක්ටීරියාව දැක්විය හැකිය

පරිසරය

පරිසරය හරහා ද ( සුළඟ, පස්, ජලය) බැක්ටීරියාවන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති කළ හැකිය.

එබැවින් නිවැරදිව සෞඛ්‍යය ක්‍රමවේද අනුගමනය කළ යුතු ය.

 මේ සම්බන්ධයෙන් ඔබට පවත්නා ගැටලු සම්බන්ධයෙන් කතා කිරීමට ලෝකයේ ඕනෑම තැනක සිට oDoc ඇප් එක හරහා වෛද්‍යයවටරයෙකුට කතා කරන්න.

ආශ්‍රිත කියවීම්

  • Antibiotic resistance, WHO
  • What you need to know about Antibiotic Resistance, Jeniffer Rainey Marquez, www.webmed.com
  • Antibiotic/ Antimicrobial Resistance ( AR/AMR), about antibiotic resistance, Centers for Diseases Control and Prevention
  • World Antimicrobial Awareness Week,WHO
  • Antibiotics – ප්‍රතිජීවක ඖෂධ කියන්නේ මොනවාද ? December, 21, Dewmal’s Health Blog, blog.dewmal.com
Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog