රී ලංකාව තුල සංවේදී ගැටළු සඳහා වෘත්තීමය උපදේශකවරුන්ගෙන් උපදෙස් ලබාගැනීම යනු මේ මොහොත වන විටත් නොසළකා හරින, පහත් කොට සළකන හා සමාජයෙන් ගර්හාවට ලක් කරන කාරණාවයි . එය ඔබේ විවාහ ජීවිතය ගැන සම්බන්ධ කරුණක් වේවා, ආදර ජීවිතයෙහි අඬදබර වේවා, රැකියාවේ ඇති ආතතිය ගැන වේවා, මානසික පීඩනය සම්බන්ධ දෙයක් වේවා, මේ කුමන කරුණක් සඳහා උපදේශන සේවාවක් ලබාගත්තා වුණත් තවමත් අප රට තුල එය සැළකෙන්නේ බියසුළු, අගෞරව කළයුතු දෙයක් ලෙසයි . මෙලෙස උපදේශන වෙත යොමුවන අය හට එල්ල කරන අපහාස නිසාම, ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් සිය මානසික සෞඛ්‍යය ගැන අවධානය යොමු කිරීම මගහැර ඇත.
මෙම තෙරපි, එසේත් නැතිනම් චිකිත්සා වෙත සමාජයෙන් එල්ල වෙන ගර්හාවන් නිසාම, එම චිකිත්සාවන් වටා විශාල වශයෙන් දුර්මත හා මිත්‍යා මත ගොඩ නැගී ඇත. අප පැමිණ සිටින්නේ එම මිත්‍යාවන් විනාශ කොට, සත්‍ය තොරතුරු ඔබ හමුවේ දිගහැරීමටයි!