oDoc

5 myths about therapy

තෙරපි(චිකිත්සාව) සම්බන්ධව ඇති මිත්‍යා මත 5 ක්

“You don’t need therapy, it’s all in your head...”

"මේ ඔක්කොම ඔයා හිතින් හදාගත්ත දේවල්,ඕකට කිසිම ප්‍රතිකාරයක් ඕනේ නෑ ..."

Shares

Seeking out professional help to discuss emotional issues, be it relationship conflicts, job stresses or strong feelings of depression, is still stigmatized heavily in Sri Lanka. The taboo around therapy is immense and the hushed preconceived notions towards people who seek out therapy heavily deters people from prioritizing their mental health. 

With the heavy stigma surrounding therapy, many misconceptions and myths about therapy have arisen and we’re here to give you the facts!

රී ලංකාව තුල සංවේදී ගැටළු සඳහා වෘත්තීමය උපදේශකවරුන්ගෙන් උපදෙස් ලබාගැනීම යනු මේ මොහොත වන විටත් නොසළකා හරින, පහත් කොට සළකන හා සමාජයෙන් ගර්හාවට ලක් කරන කාරණාවයි . එය ඔබේ විවාහ ජීවිතය ගැන සම්බන්ධ කරුණක් වේවා, ආදර ජීවිතයෙහි අඬදබර වේවා, රැකියාවේ ඇති ආතතිය ගැන වේවා, මානසික පීඩනය සම්බන්ධ දෙයක් වේවා, මේ කුමන කරුණක් සඳහා උපදේශන සේවාවක් ලබාගත්තා වුණත්  තවමත් අප රට තුල එය සැළකෙන්නේ බියසුළු, අගෞරව කළයුතු දෙයක් ලෙසයි . මෙලෙස උපදේශන වෙත යොමුවන අය හට එල්ල කරන අපහාස නිසාම, ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් සිය මානසික සෞඛ්‍යය ගැන අවධානය යොමු කිරීම මගහැර ඇත. 

 මෙම තෙරපි, එසේත් නැතිනම් චිකිත්සා වෙත සමාජයෙන් එල්ල වෙන ගර්හාවන් නිසාම, එම චිකිත්සාවන් වටා විශාල වශයෙන් දුර්මත හා මිත්‍යා මත ගොඩ නැගී ඇත. අප පැමිණ සිටින්නේ එම මිත්‍යාවන් විනාශ කොට, සත්‍ය තොරතුරු ඔබ හමුවේ දිගහැරීමටයි!

1. Therapy is only for “crazy” people or those who have been diagnosed with a mental disorder

Untrue. The typical person who goes to therapy struggles with many of the same issues that we all struggle with on a daily basis; self-doubt, self-confidence, work stress, relationship conflicts, life transitions, loneliness, depression and anxiety. Therapy is more than just treatment; it is a journey of personal growth and overcoming challenges.

Your therapist helps you develop healthy coping mechanisms when dealing with stressful situations so you can live a happier, more productive life.

1. “චිකිත්සාවන් ඇත්තේ ‘පිස්සන්’ සඳහා හෝ මානසික රෝගයක් ඇති අයට ප්‍රතිකාර කිරීම සඳහා පමණක් වේ.”

කිසිසේත්ම සත්‍යය නොවේ. චිකිත්සාවක් සඳහා යන පුද්ගලයෙකු මුහුණ දෙන්නේත්, අප සැවොම එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන තමන් ගැන තමන් තුල ඇති විශ්වාසය සහ අවිශ්වාසය, රැකියාවෙහි ඇති පීඩනය, විවාහ ජීවිතයේ ගැටළු, සාමාන්‍ය ජීවිතය තුල ඇති වන වෙනස් වීම්, තනිකම, මානසික පීඩනය සහ සාංකාව වැනි අභියෝග වලටම වේ. වෙනස නම් චිකිත්සාවක් වෙත යන පුද්ගලයා හට එම අභියෝග සමග සටන් කිරීම පහසු වීමයි. එනම් චිකිත්සාවක් යනු හුදෙක් ප්‍රතිකාරයකට එහා ගිය ජීවිතය වඩාත් යහපත් කරගැනීම සඳහා සහය වන මාර්ගයක් වේ. 

 ඔබේ චිකිත්සකවරයා විසින් ඔබට පීඩනකාරී අවස්ථා වලට මුහුණ දීමට හා ඒවා හොඳින් පාලනය කරගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය ගොඩනැගීමට සහය වනු ඇත. ඒ හරහා ඔබට වඩාත් ඵලදායි හා සතුටුදායක දිවියක් ගෙවීමට හැකිවනු ඇත.

2. Going to therapy is considered a sign of weakness.

Untrue. In a culture like ours, seeking help is often equated with weakness as we’ve been forced to believe that we can and should fix all our problems ourselves. In reality, acknowledging that we are not okay and asking for help shows great strength and courage. We don’t consider having a fever, breaking a bone, or getting acne as weaknesses and speaking to specialist doctors about such issues as failures. The same should be true for our mental health, be it stress, anxiety, addiction or any other obstacle that’s hurting us.

2. “චිකිත්සාවක් වෙත යෑම දුර්වල ක්‍රියාවකි.”

සත්‍ය නොවේ. අප සංස්කෘතිය තුල අපේ ප්‍රශ්න අපම විසඳාගත යුතු යැයි මතයක් පවතී. ඒ අනුව ප්‍රශ්නයකදි අන් අයෙකුගේ සහය පතන අයව අප සමාජය විසින් දුර්වලයන් ලෙස හංවඩු ගසයි. නමුත් යථාර්ථය නම්, අප සිටින්නේ හොඳින් නොවන බව හා අපට යම් ගැටලුවක් ඇති බව හඳුනාගැනීමත්, ඒ සඳහා සහය පැතීමත් යනු අපේ ධෛර්යය හා ශක්තිය පිළිඹිබු කරන ක්‍රියාවන් වේ. අපට උණක්, හෙම්බිරිස්සාවක් සෑදුණු විට, අපේ අස්ථියක් බිදුණු විට හෝ සම මත කුරුලෑවක් පැමිණි විට අප එය අපේ දුර්වලතාවයක් ලෙස සළකන්නේවත්, ඒවාට ප්‍රතිකාර ලබාගැනීම පරාජයක් ලෙස ගන්නේවත් නැහැ. අපේ මානසික සෞඛ්‍යයත් ඒ හා සමාන ඉතා සාමාන්‍ය දෙයකි. අප පීඩාවට පත් කරන ආතතිය, සාංකාව, ඇබ්බැහියන් හෝ වෙනත් එවැනි බාධාවන් ඉවත් කිරීමට සහාය පැතීම අතිශයින්ම සාමාන්‍ය වේ.

3. The doctor prescribes “crazy pills”

Untrue. Many forms of therapy start off with talk therapy and this may serve as your primary method of treatment. Depending on your specific issues, your doctor may prescribe medication which can play a part in helping you become healthier. If a doctor diagnoses a mild case of depression, for example, and believes that this may be short lived, they tend to stay away from prescribing antidepressants and focus on other forms of treatment such as counselling and lifestyle changes.

Both talk therapy and medication are effective ways of treating a range of mental health conditions. Your doctor will consider factors, including your symptoms, severity of symptoms, past experiences, and both you and your doctor can decide on the type of treatment that best suits you and helps your recovery process.

3. “වෛද්‍යවරුන් විසින් ‘පිස්සු පෙත්තක්’ ලියා දෙයි.”

අතිශයින්ම අසත්‍ය කරුණකි. චිකිත්සාවන් බහුතරයක් ආරම්භ වන්නේ සංවාද ලෙසින් ය. සාමාන්‍යයෙන් ඔබේ ප්‍රාථමික ප්‍රතිකාර ක්‍රමය ලෙස ඔවුන් කරන්නේ ඔබත් සමග හොඳින් කතා කිරීමයි. නමුත් ඔබේ ගැටළුවට ගැළපෙන පරිදි සමහර අවස්ථා වල පමණක් ඔබේ වෛද්‍යවරයා විසින් ඔබට ඖෂධ නිර්දේශ කරනු ඇත. එම ඖෂධ ඔබව වඩාත් සෞඛ්‍යය සම්පන්න අයෙක් බවට පත් කිරීමට සහය වනු ඇත. උදාහරණයක් ලෙස වෛද්‍යවරයකු විසින් මානසික පීඩනයෙහි මූලික ලක්ෂණ නිර්ණය කොට, එය කෙටිකාලීන එකක් වනු ඇති බවට විශ්වාස කරයි නම්, ඔහු ඒ සඳහා මානසික පීඩනය සඳහා වූ ඖෂධ නිර්දේශ නොකොට, කවුන්සිලින්, ජීවන විලාසිතාව වෙනස් කිරීම වැනි අනෙකුත් විධි වලින් ප්‍රතිකාර කිරීම වෙත අවධානය යොමු කරනු ඇත. 

 සංවාද චිකිත්සා සහ භාවනාව යන දෙකම මානසික සුවය ළඟා කරගැනීම සඳහා ඇති ඵලදායි ප්‍රතිකාර ක්‍රමයන් වේ. ඔබේ රෝග ලක්ෂණ, රෝග ලක්ෂණ වල සංකීර්ණතාව, ඔබේ පෙර අත්දැකීම් වැනි දෑ සළකමින් ඔබේ මානසික සුවය නැවත ඔබ වෙත ළඟා කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමය කුමක්ද යන්න පිළිබඳව ඔබ හා ඔබේ වෛද්‍යවරයා යන දෙදෙනාටම එකතු වී තීරණය කළ හැකිය.

4. “I don’t need to speak to a therapist, I have my family and friends”

While having strong relationships with family and friends is an influential part of mental health, they don’t necessarily solve specific emotional problems. There is a difference in confiding to a loved one versus speaking to someone who is professionally trained in listening, problem-solving and providing objective, non-biased guidance to improve your well-being.

4. “මට කතා කිරීම සඳහා මගේ පවුලේ අය සහ යහලුවන් සිටී, එබැවින් මට චිකිත්සකවරයකුගේ සහය අවශ්‍ය නැහැ”

පවුලේ සාමාජිකයන් සහ යහලුවන් සමග ශක්තිමත් සබඳතාවක් පැවතීම ඔබේ මානසික සුවතාවට මග කියන සාධකයක් වුවත්, සමහරක් සුවිශේෂී සංවේදි කරුණු එසේ යහලුවන්ට හෝ පවුලේ අයවලුන් හට විසඳිය හැකි ඒවා නොවේ. ඔබේ ආදරණීයන් හට ඔබේ ගැටළු පවසනවාට වඩා වෘත්තීමය උපදේශකවරයකු හට ඒවා පැවසීම අතර විශාල වෙනසක් තිබේ. වෘත්තීමය උපදේශකවරයකු යනු ඒ වෙනුවෙන්ම පුහුණු වූ, ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති, එවැනි ගැටළු විසඳීමට හැකි සහ ඔබේ යහ පැවැත්ම සඳහා අපක්ෂපාතී උපදේශන හා මාර්ගෝපදේශන ලබා දෙන අය වේ.

5. If you wait a little while, you will feel better soon

When experiencing emotional pain, we are conditioned to wait for it to go away on its own or suppress our feelings and try to continue with life as usual. Just like a cavity needs dental treatment sooner rather than later and chest pain needs to be discussed with a cardiologist immediately, our emotional trauma needs to be addressed with and given treatment, be it through regular counselling and if necessary, medication.

5. “ඔබ කාලයට ඉඩ දී බලා සිටියහොත්, සියල්ල හොඳින් සිදුවනු ඇත.”

අප හට සිත තුල වේදනාවක් ඇති වූ විට, එය ඉබේම පහව ගොස් අප යළිත් ඉබේම යථා තත්වයට පැමිණෙනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව අපේ එදිනෙදා ජීවිතයේ වැඩ වල නිරත වීමට අප උත්සාහ කරයි. නමුත් සත්‍ය නම් දතේ කැක්කුමකට ප්‍රමාද වී ප්‍රතිකාර කිරීමට වඩා කලින්ම දන්ත වෛද්‍යවරයකු හමුවට යෑම හොඳ වෙන්නේ යම් සේද, පපුවේ අමාරුවක් සඳහා පුලුවන් ඉක්මණින් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට යන්නේ යම් සේද, එසේම මනසේ ඇති කම්පන සඳහා ද ඉක්මණින්ම වෛද්‍ය සහය පැතිය යුතු වේ. එවිට එයට කවුන්සිලින් හරහා හෝ අවශ්‍ය නම් ඖෂධ නිර්දේශ කිරීමෙන් හෝ ඔබේ මානසික සුවය, යළිත් ඔබ වෙත රැගෙන එනු ඇත.

Seeking professional help from mental health professionals is a brave first step to recovery. You can get in touch with psychiatrists, counsellors or psychologists on the oDoc app who provide a safe space for you to talk about your feelings. You can even purchase an oMind subscription package which gives you unlimited access to mental health professionals so you have a doctor by your side, always.

ඔබේ මානසික සුවය වෙනුවෙන් වෘත්තීමය උපදේශකවරුන්ගේ සහය පැතීම නිර්භීත ක්‍රියාවකි. එය ඔබේ මානසික සුවය වෙනුවෙන් ඔබ තබන පළමු පියවරයි. oDoc විසින් ඔබට මනෝ චිකිත්සකවරුන්, මනෝ වෛද්‍යවරුන් හෝ මනෝ උපදේශකවරුන් සමග ඔබේ සිතැඟි නිදහසේ පැවසීමට අවශ්‍ය සුරක්ෂිත මාර්ගයක් සකසා දී ඇත. ඔබට oDoc ඇප් එක හරහා ඔබේ සිතුවිලි කිසිදු සැකයකින් තොරව ඔවුන්ට පැවසිය හැකිය. ඊට අමතරව ඔබට oMind මාසික පැකේජයේ ග්‍රාහකයකු බවට පත්වීම මගින් වෘත්තීමය උපදේශකවරුන් සමග අසීමිත ලෙස සම්බන්ධ වීමේ හැකියාව ලබාගත හැකිය. එවිට නිතරම ඔබ වෙනුවෙන්, ඔබේ පසෙකින් වෛද්‍යවරයකු සිටිනු ඇත.

Shares

Similar Articles...

Channel a doctor in just three taps

இப்போதே oDoc ஐ டவுன்லோட் செய்க

Back to oDoc Blog

Back to oDoc Blog

தமிழ்
0
    0
    உங்கள் தெரிவுகள்
    Your cart is empty

    இப்போது மருத்துவ குறிப்புகளை உடனுக்குடன் உங்கள் இன்பாக்ஸ் இல் பெற்றுக்கொள்ளுங்கள்.