oDoc

Book unlimited appointments with a doctor by choosing
a monthly subscription plan that suits your needs.

Choose a plan which is suitable for your projects.

oDoc Kids

රු.

3999

/ මසකට

  • Unlimited
    Paediatrici
    of one
  • 24/7 A
    to
    Paericians

oDoc Pro

රු.

1499

/ මසකට

  • Unlimited constions with
    Odemand GPs
    for the prof one
  • 24/7 cess
    to o-mand GPs
    3 inutes

oDoc Mind

රු.

3999

/ මසකට

  • Unlimited consultatioith
    Mental Heaoctors
    for the price e
  • 24/7 Accs
    to ntal
    Health ssionals
Frequently Asked Question
oDoc විසින් ඔබට වෛද්‍යවරයා විසින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ අත්සන කොට, නිල මුද්‍රාව තැබූ ඖෂධ වට්ටෝරුවක් ලබා දෙනු ඇත. මෙම ලේඛනය මගින් 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත අරුත් ගැන්වෙන පරිදි විද්‍යුත් වාර්තාවක් සංස්ථාපනය කරන අතර වෛද්‍යවරයා විසින් මෙය නිකුත් කිරීමෙන් අනතුරුව ඉහත සඳහන් පනතේ 5 වන කොටසෙහි විස්තර කළ ඇති ආකාරයට එම ලේඛනය මුල් පිටපතක් ලෙස සැළකෙනු ඇත. ඖෂධ වට්ටෝරුව දින 7 ක් දක්වා වලංගු වේ. ඖෂධ වට්ටෝරුව (ලබාදුනහොත්) ඇප් එක වෙත එවනු ඇති අතර එය "Consultations" ටැබ් එක යටතේ ඇති, වෛද්‍යවරයාගේ චැට් එක තුලින් සොයාගත හැකිවනු ඇත. ඔබට මෙය ඕනෑම ඔසු හලකට ලබාදී, ඔබේ ඖෂධ මිලදී ගත හැකිය. ඒ වගේම ඔබට ඇප් එක තුල ඇති oPharma විශේෂාංගය භාවිතා කර ඔබේ ඖෂධ නිවසටම ගෙන්වා ගත හැකිය.
අප දැනට ජංගම රසායනාගාර පහසුකම් ලබාදෙන්නේ කොළඹ සහ තදාසන්න පෙදෙස් වලට පමණි. ඔබට oDoc හරහා පරීක්ෂණයක් නිර්දේශ කළ පසුව ජංගම රසායනාගාරයක් ඉල්ලුම් කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන්න :
  1. "Consultations" ටැබ් එක මත ක්ලික් කරන්න.
  2. ඔබ ජංගම රසායනාගාරයක් හරහා සිදුකිරීමට කැමති පරීක්ෂාවන් සඳහන් කර ඇති, ඒවා නිර්දේශ කළ වෛද්‍යවරයා සමග සිදුකළ චැට් එක මත ක්ලික් කරන්න.
  3. එම චැට් එක තුල ඇති "Investigations" ලේඛනය යටතේ ඇති නිල් පැහැති "Request Collection" බොත්තම මත ක්ලික් කරන්න.
  4. ඉන්පසු පැමිණෙන ප්‍රකාශය පහතින් ඇති "Confirm" බොත්තම මත ක්ලික් කරන්න.
මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කළ වහාම, ඔබේ ලිපිනය සහ ඔබ ජංගම රසායනාගාරයක් වෙනුවෙන් කළ ඉල්ලීම තහවුරු කරගැනීම සඳහා oLabs හි නියෝජිතයකු විසින් ඔබට ඇමතුමක් ලබා දෙනු ඇත.

පස්වරු 7.00 ට පෙර කරන ඇණවුම් සඳහා එදිනම ඊට අදාළ නියැදි එකතු කරන අතර ඇණවුම් කිරීමෙන් පැය 2-3 ඇතුලත ඒවා එකතු කිරීම සිදු කරනු ඇත. පස්වරු 7.00 න් පසු කරන ඇණවුම් සඳහා ඊළඟ දිනයේදී නියැදි එකතු කරනු ඇත.

පරීක්ෂාව අවසන් කොට ඔබේ නියැදි ලබාගත් පසු, ඔබට මුදල් හෝ credit/debit කාඩ් පතක් මගින් ගෙවීම් සිදුකළ හැකිය.
අප දැනට ඖෂධ ගෙනැවිත් දෙන්නේ කොළඹ, මීගමුව සහ ඒවායේ තදාසන්න පෙදෙස් වලට පමණි. ඔබට oDoc හරහා නිර්දේශ කළ ඖෂධ ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්, පහත සඳහන් පියවර අනුගමනය කරන්න :
  1. 1. "Consultations" ටැබ් එක මත ක්ලික් කරන්න.
  2. ඔබ ළඟටම ගෙන්වා ගැනීමට අවශ්‍ය ඖෂධ ඔබ හට නිර්දේශ කළ වෛද්‍යවරයා සමග ඇති චැට් එක මත ක්ලික් කරන්න.
  3. එම චැට් එක තුල ඇති 'Prescription' ලිපිගොනුව යටතේ ඇති නිල් පැහැති 'Request Delivery' බොත්තම මත ක්ලික් කරන්න.
  4. ඉන්පසු පැමිණෙන ප්‍රකාශය පහතින් ඇති "Confirm" බොත්තම මත ක්ලික් කරන්න.
මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කළ වහාම, ඔබේ ලිපිනය සහ ඔබ ඖෂධ ගෙන්වා ගැනීම වෙනුවෙන් කළ ඉල්ලීම තහවුරු කරගැනීම සඳහා oPharma හි නියෝජිතයකු විසින් ඔබට ඇමතුමක් ලබා දෙනු ඇත.

කරුණාකර කොළඹ 1-15 ප්‍රදේශය තුල, ඖෂධ එදිනම ගෙනැවිත් බාරදෙන්නේ පස්වරු 5.00 ට පෙර සිදු කරන ඇණවුම් සඳහා පමණක් බව සිහි තබා ගන්න. කොළඹ 1-15 ප්‍රදේශයෙන් පිටත පෙදෙස් වලට ඖෂධ එදිනම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පස්වරු 3.00 ට පෙර ඇණවුම් කළ යුතුය. ඉහත කී වෙලාවෙන් පසු කරන ඇණවුම් සඳහා ඖෂධ ගෙනැවිත් දෙන්නේ ඊටපසු දිනයේදී වේ.

මීට අමතරව ඔබට රු. 250/- ක් ගෙවා කොළඹ 1-15 ප්‍රදේශය තුල පැය 2 ක් ඇතුලත ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇති අතර කොළඹ 1-15 ප්‍රදේශයෙන් පිටත පෙදෙස් වලට එම මුදල රු. 450/- කි.

ඖෂධ ඔබේ නිවසටම ගෙනැවිත් බාරදුන් පසු, ඔබට මුදල් හෝ credit/debit කාඩ් පතක් මගින් ගෙවීම් සිදුකළ හැකිය.
ඔබ ඇමතුමක් හරහා හෝ වීඩියෝ ඇමතුමක් හරහා හෝ සිදුකරන වෛද්‍ය හමුවේ මිල තීරණය කරන්නේ ඔබ වෛද්‍ය උපදෙස් ලබාගන්නා වෛද්‍යවරයා විසිනි. ඔබට වෛද්‍ය හමුවක් වෙන්කරවා ගැනීමට පෙර ඒ සඳහා වැයවන මුදල නැරඹිය හැකිය. මිල රු. 300/- හි සිට ආරම්භ වේ.

නැත. oDoc නිර්මාණය කොට ඇත්තේ හදිසි නොවන අවස්ථා පාලනය කිරීමට වේ. ඔබට හදිසි අවස්ථාවක් ඇති වුවහොත් කිසිම විටක oDoc භාවිතා නොකළ යුතුය.

oDoc හිදි අපි උපරිම ප්‍රමුඛතාව ලබාදෙන්නේ ඔබේ දත්ත වල සුරක්ෂිත බව රැකගැනීමටයි. අපි පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු වලට උපරිම රහස්‍යභාවය හා ආරක්ෂාවක් ලබාදෙන්නෙමු.

ඔබ oDoc හි වෛද්‍යවරුන්ට ලබාදෙන තොරතුරු සම්පූර්ණයෙන්ම පුද්ගලික හා රහසිගත අයුරින් ආරක්ෂා වේ. oDoc කිසිම විටක ඔබේ පෞද්ගලික තොරතුරු කිසිදු තුන්වන පාර්ශ්වයක් වෙත ලබාදෙන්නේ හෝ විකුණන්නේ නැත.

ආරක්ෂාකාරී දත්ත හුවමාරුව, තොරතුරු කේතනය, ආරක්ෂාකාරී ජාල ආකෘති සහ පරිශීලකයන් වෙත මෘදුකාංගයේ පාලනය ලබා දීමේදී ආරක්ෂාකාරී මාර්ග ඔස්සේ එය ලබා දීම වැනි බැංකු මට්ටමේ ආරක්ෂණ ස්ථර විශාල ප්‍රමාණයක් ඇතුලත් කොට oDoc නිර්මාණය කර ඇත.

දත්ත ගබඩා වන්නේ HIPPA පැමිණිලි සර්වර් තුල වේ. (මෙය ඇමෙරිකා එක්සත් ජනපදය තුල පෞද්ගලික සෞඛ්‍යය තොරතුරු ගබඩා කිරීමේදී දැඩිව අනුගමනය කළයුතු ප්‍රමිතිය වේ.)

ඔව්. ඔබට ඕනෑම වෙලාවක ඇප් එක හරහා ඔබේ වෛද්‍ය ඉතිහාසය සහ අනෙකුත් තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ හැකියාව ඇත.

ඔව්. ඔබේ මිලදී ගැනීම තහවුරු කිරීමට පෙර ඔබට 'book for someone else' විකල්පය තෝරාගත හැකිය.

oDoc විසින් ඔබට මුද්‍රණය කළ හැකි සහ විශාල රක්ෂණ සමාගම් බහුතරයක් විසින් බාර ගනු ලබන විද්‍යුත් කුවිතාන්සියක් ලබා දෙනු ඇත. කරුණාකර ඔබේ රක්ෂණ සමාගම සම්බන්ධ කරගෙන මෙය තහවුරු කරගන්න.

ඔබට ඇප් එක එක හරහා oDoc වෛද්‍ය හමු අවලංගු කළ හැකිය. නමුත් ඔබෙන් අවලංගු කිරීමේ ගාස්තුවක් අය වනු ඇත.

oDoc විසින් ඔබට ඊළඟට සිටින වෛද්‍යවරයා සමග වෛද්‍ය හමුවක් ලබාදෙනු ඇත. නැතිනම් ඔබට අවශ්‍ය නම් ඔබ ගෙවූ මුදල සම්පුර්ණයෙන්ම ආපසු ලබාගත හැකිය.        

කරුණාකර අපට අසම්පූර්ණ වෛද්‍ය හමුවෙන් පැය 24 ක් ගතවීමට පෙර ඔබේ නම, දුරකථන අංකය හා මුදල් ආපසු ලබාගැනීමට අවශ්‍ය හේතුව සඳහන් කරමින්, refunds@odoc.life හරහා විද්‍යුත් පණිවිඩයක් ලබාදෙන්න.

ඔබ යළිත් සම්බන්ධ වන තුරු වෛද්‍යවරයා විසින් මිනිත්තු 2 ක් බලා සිටිනු ඇත. තවද ඔහු ඔබට නැවත ඇමතීමට ද උත්සාහ කරනු ඇත. ඔබව නැවත සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත් හා පණිවිඩ ඔස්සේ ඔබට ළඟාවිය නොහැකි වුවහොත් වෛද්‍යවරයා විසින් වෛද්‍ය හමුව අවසන් කරනු ඇත.

ඔබේ ඇමතුම හෝ වීඩියෝ ඇමතුම නැවත සම්බන්ධ වන්නේ නැතිනම්, වෛද්‍ය හමුව වෙනත් වෙලාවක සිදුකිරීම ගැන විමසමින් වෛද්‍යවරයා හට පණිවිඩයක් යැවිය හැකිය. එසේ වෙනත් වෙලාවකට යොදාගැනීම වෛද්‍යවරයාගේ අභිමතය පරිදි සිදුවේ.

වෛද්‍යවරයා හට වෙනත් වෙලාවක වෛද්‍ය හමුව සිදුකිරීමට නොහැකි නම්, එවිට ඔබෙන් අසාධාරණ ලෙස මුදල් අයවී ඇතැයි කියා ඔබට සිතේ නම්, කරුණාකර පැය 24 ක් ගතවීමට පෙර අප වෙත ඔබේ නම, දුරකථන අංකය හා මුදල් ආපසු ලබාගැනීමට අවශ්‍ය හේතුව සඳහන් කරමින්, refunds@odoc.life හරහා විද්‍යුත් පණිවිඩයක් ලබාදෙන්න.

සිංහල
0
    0
    Your Cart
    Your cart is empty