අපි දැනටමත් එය බොහෝ වාරයක් අසා ඇත්තෙමු. මුහුණු ආවරණයක් පළදින්න. සෑම විටම ඔබේ අත් සෝදන්න. සමාජීය දුරස්ථ භාවය රැකගන්න. ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වළකින්න. සමහර විට අපි සෞඛ්‍ය නීති රීති වලට ඇහුම්කන් දෙන්නේ නැති තරම්. නමුත් COVID-19 රෝගීන් ගණන ඉහළ යාම, වැඩි රෝගීන් පිරිසක් රෝහල්ගත වීම හා තරුණ රෝගීන් ගණන වැඩි වීමත් සමඟ, අපට නැවත අප දන්නා දෙය වෙත අවධානය යොමු කිරීමට වී තිබේ. COVID-19 එතරම් ලෙහෙසියෙන් පහව යන්නේ නැති අතර 3 වන රැල්ල දැනටමත් අපේ රටට වේගයෙන් බලපෑම් ඇති කර ඇත.
සැමවිටම මෙන්, COVID-19 පිළිබඳ නවතම තොරතුරු සහ ඔබ සහ ඔබගේ ආදරණීයයන් ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා හොඳම උපදෙස් ඔබට ලබා දීමට oDoc බැදී සිටී.