oDoc

COVID-19 වාතය හරහා බෝවිය හැකිය.

ඔබ සහ ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කරන්නේ කෙසේද?

Shares

අපි දැනටමත් එය බොහෝ වාරයක් අසා ඇත්තෙමු. මුහුණු ආවරණයක් පළදින්න. සෑම විටම ඔබේ අත් සෝදන්න. සමාජීය දුරස්ථ භාවය රැකගන්න. ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වළකින්න. සමහර විට අපි සෞඛ්‍ය නීති රීති වලට ඇහුම්කන් දෙන්නේ නැති තරම්. නමුත් COVID-19 රෝගීන් ගණන ඉහළ යාම, වැඩි රෝගීන් පිරිසක් රෝහල්ගත වීම හා තරුණ රෝගීන් ගණන වැඩි වීමත් සමඟ, අපට නැවත අප දන්නා දෙය වෙත අවධානය යොමු කිරීමට වී තිබේ. COVID-19 එතරම් ලෙහෙසියෙන් පහව යන්නේ නැති අතර 3 වන රැල්ල දැනටමත් අපේ රටට වේගයෙන් බලපෑම් ඇති කර ඇත.

සැමවිටම මෙන්, COVID-19 පිළිබඳ නවතම තොරතුරු සහ ඔබ සහ ඔබගේ ආදරණීයයන් ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා හොඳම උපදෙස් ඔබට ලබා දීමට oDoc බැදී සිටී.

COVID-19 වාතය හරහා බෝවිය හැකිය

COVID-19 ශ්වසන ජල බිඳිති සහ එයරොසෝල් මගින් වාතය හරහා පැතිරෙයි. වෛරසයේ බෝවීමේ හැකියාව වැඩි කිරීමට එයරොසෝල් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. දුර්වල වාතාශ්‍රය සහිත ස්ථානවල මෙම කුඩා ජල බිඳිති පැය ගණනක් වාතයේ රැදී පවතී. විශාල ශ්වසන ජල බිඳිති තත්පර කිහිපයකින් බිමට වැටෙන අතර ආසාදිත නොවන පුද්ගලයෙකුට ආශ්වාස කිරීමේ අවස්ථාව අඩු කරයි.

ඔබ සුපිරි වෙළඳසැලකට යන බව සිතමු. සමහර විට ඔබ කාර්යබහුල නොවන සහ අවට බොහෝ පුද්ගලයින් නොමැති අවස්ථාවක වෙළඳ සැලට යනවා යැයි සිතන්න. ඔබේ මුහුණු ආවරණය ඉවත් කර ඇවිදින්න පුළුවන් යැයි ඔබට සිතෙනු ඇත. COVID-19 ආසාදිත පුද්ගලයෙකු පැය කිහිපයකට පෙර සුපිරි වෙළඳසැලේ සිටියා නම්, ඔවුන්ගේ ආසාදිත ශ්වසන ජල බිඳිති තවමත් වාතයේ තිබිය හැක. විශේෂයෙන් එම ස්ථානයේ දුර්වල වාතාශ්‍රයක් තිබේ නම් හා වාතය සංසරණය වීමට විවෘත කවුළු හෝ විදුලි පංකා නොමැති නම් වැඩි ප්‍රවනතාවක් තිබිය හැක. 

ඔබට පහසුවෙන් එම ජල බිඳිති ආශ්වාස කර COVID-19 ආසාදනය විය හැකිය. එබැවින් නිශ්චිත මොහොතක ගෘහස්ථ අවකාශයක ඔබ වටා වෙනත් කිසිවෙකු නොමැති වුවද, පැය කිහිපයකට පෙර එම අවකාශයේ සිටි ආසාදිත පුද්ගලයින් විසින් ඔබට තවමත් COVID-19 වැළඳිය හැකිය.

විශේෂයෙන් සංවෘත ගෘහස්ථ අවකාශයන් වලදී දැඩි ලෙස මතකයේ තබා ගත යුතු කරුණු:

ද්විත්ව මුහුණු ආවරණ! ශ්වසන කාන්දුවීම් සඳහා ඉඩක් නොමැතිව ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳ ඇති බවට වග බලා ගන්න. ඔබ KN95 හෝ N95 මුහුණු ආවරණ පැළඳ සිටී නම්, ඔබට මුහුණු ආවරණ දෙකක් අවශ්‍ය නොවේ.
ඔබ වෙනත් පුද්ගලයෙකු අසල සිටින විට පමණක් නොව නිවසින් බැහැරව සිටින සෑම විටම ඔබේ මුහුණු ආවරණය පළඳින්න.
බෝවන අංශු එළිමහනේ විසිරී යාමේ හැකියාව වැඩි බැවින් හැකි නම්, වෙනත් අය එළිමහනේ හමුවන්න. සබන් යොදා ඔබේ අත් සෝදන්න හෝ නිතරම අත් සනීපාරක්ෂක භාවිතා කරන්න. අඩි 6 ක භෞතික දුරස්ථභාවයක් පවත්වා ගන්න.

ඔබේ නිවසේ නොවන වෙනත් අය ඇතුළත් වන සංවෘත අවකාශවලට ඇතුළු වීමෙන් වළකින්න. ඔබට යම් ගෘහස්ථ ස්ථානයකට යෑමට අවශ්‍ය නම්, එම ස්ථානයේ වාතාශ්‍රය සඳහා විවෘත කවුළු කිහිපයකින් නිසි ලෙස වාතාශ්‍රය ඇති බවට වග බලා ගන්න. තවද එම ස්ථානයේ ගත කරන කාලය අවම කරන්න. ඔබ එම ස්ථානයේ ගත කරන කාලය, ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති කරයි!

ඔබ හෝ ඔබ ආදරය කරන කෙනෙකු කිසියම් COVID-19 රෝග ලක්ෂණ අත්විඳින්නේ නම්, ඔබේ රෝග ලක්ෂණ වඩා හොඳින් තේරුම් ගැනීමට oDoc යෙදුමේ අපගේ COVID-19 තක්සේරු කිරීමේ මෙවලම භාවිතා කරන්න. විකල්පයක් ලෙස, ඔබට COVID-19 තිබිය හැකි යැයි ඔබ විශ්වාස කරන්නේ නම් ඊළඟ පියවර තේරුම් ගැනීමට ඔබට oDoc හි වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගත හැකිය.

 

References:
https://www.thelancet.com/journals/lancet/article/PIIS0140-6736(21)00869-2/fulltext
https://www.bmj.com/content/373/bmj.n913
https://www.bmj.com/content/370/bmj.m3206
https://www.indiatoday.in/world/story/sri-lanka-new-covid-corona-variant-highly-transmissible-airborne-1794632-2021-04-24

Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Back to oDoc Blog

සිංහල
0
    0
    Your Cart
    Your cart is empty

    නවතම සෞඛ්‍යය උපදෙස් එසැණින් ඔබ වෙත ලබා ගන්න