ආදී දේවල් වෙයි. නමුත් මානව පැපිලෝමා වෛරසය ආසාදනය වීමෙන් (HPV) ඇතිවන ගැබ්ගෙල පිළිකා මෙන් නොව පියයුරු පිළිකාවල වර්ධනයට සම්බන්ධ බැක්ටීරියාවන් හෝ වෛරස ආසාදන නොමැත. සැබැවින්ම පියයුරු පිළිකාවක් හට ගැනීමට බලපවත්වන හේතු මොනවාද ?
- ජාතික පිළිකා මර්දන ආයතනයට අනුව පියයුරු පිළිකා ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව කාන්තාවක් වීමයි. කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම පිරිමින්ට වඩා සිය ගුණයකින් වැඩිය. කාන්තාවන් සහ පිරිමි අතර පියයුරු පිළිකා අවධානම 100 : 1 කි.
- වයස්ගත වීම සමග වැඩිවන පියයුරු පිළිකා අවධානම.
- පරම්පරා ගතව උරුම වන ජානමය තත්වයන් මත 5% හෝ 10% අතරේ ඇතිවන පියයුරු පිළිකාවලට ජානමය හේතු බලපායි. මෙම ජාන BRCA1,BRCA2,tp53 ලෙස හඳුන්වයි
- යම් අයෙකුගේ පවුලේ ඉතිහාසය මත ඇතිවන ඩිම්බකෝෂ පිළිකා වැනි තත්වයන්
- ඔසප් චක්‍රයේ වෙනස් කම් නිසා සිදුවන අඩු වයසින් වැඩිවියට පත් වීම ( වයස අවුරුදු 12 පෙර) හෝ ආර්තවහරණය පමා වීම ( අවුරුදු 55 වන තුරු)
- පලමු දරු ප්‍රසූතිය වයස 30 පසුව සිදු වූ කාන්තාවන්
- දරුවන් නොමැති කාන්තාවන්
- මවු කිරි ලබා නොදීම
- දීර්ඝ කාලීනව උපත් පාලන පෙති ලබා ගත් කාන්තාවන්
- තරබාරු බව – ආර්තවහරණය ( ඔසප් වීම නැවතුණ පසුව) මත තරබාරු වන කාන්තාවන්
- මධ්‍යසාර භාවිතය
- විකිරණ සඳහා නිරාවරණය වූ කාන්තාවන් එනම් පූර්ව පිළිකා තත්වයන්වල දී විකිරණ ප්‍රතිකර්මවලට නිරාවරණය වූ කාන්තාවන්
- මින් පෙර පියයුරුවල රෝගී තත්වයන් පැවති කාන්තාවන් ( පියයුරු පිළිකා වැළඳී තිබුණු )
පියයුරු පිළිකාවක් කලින් හඳුනා ගැනීම තුළින් එ මගින් ඇති වන අවදානම් තත්වය මගහරවා ගත හැකි ය. ජාතික පිළිකා මර්දන ඒකකය සඳහන් කරන පරිදි
- ස්වයං පියයුරු පරීක්ෂාව
- සායනික පියයුරු පරීක්ෂාව ( පුහුණු සෞඛ්‍යය නිලධාරියෙකු විසින් සිදු කරන පියයුරු පරීක්ෂාව )
- මැමෝග්‍රැෆි ( Mammography) , අති ධ්වනි තරංග පරීක්ෂාව ( Ultra Sound)
විශේෂ ස්ථානයක් ගනි යි. ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කිරීම ඔසප් වීමෙන් සතියකට පසුව සිදු කිරීම වඩාත් සුදුසු වෙයි. මේ සඳහා තමාට සුදුසු ස්ථානයක් තෝරාගෙන සිදු කළ හැකි ය. මෙම අවස්ථාවන්හිදී ගැටිත්තක ස්වභාවයක් ගත හොත් වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගත යුතුය. එමෙන් ම පියයුරුවල ඇති වන සෑම ගැටිති තත්වයක්ම පිළිකා ස්වභාවයක් නොවේ.
සායනික පියයුරු පරීක්ෂාව අවුරුදු 20 ත් 40 ත් අතර කාන්තාවන් සෑම වසර තුනකට වරක් සිදු කළ යුතු ය. අවුරුදු 40 ට වැඩි කාන්තාවක් නම් සෑම වසර එකකට වරක් ද අවුරුදු 40 ට පෙර වයසේ පිළිකා වැළඳුණු ලේ ඥාතීන් ඇත්නම් වසරකට වරක් ද පරීක්ෂා කිරීම සුදුසු ය. මේ සඳහා ඕනෑම රජයේ රෝහලක්, සුවනාරී සායනයක්, පෞද්ගලික රෝහලක් හෝ පිළිකා කලින් හඳුනා ගැනීමේ සායනයට ( ජාතික පිළිකා මර්දන වැඩසටහන, නාරාහේන්පිට ) යොමු වීම සුදුසු ය.
මැමෝග්‍රැෆි ( Mammography) පරීක්ෂණය X කිරණ සුළු ප්‍රමාණයක් යොදාගෙන සිදු කරයි.
පියයුරු පිළිකාවක් ඇති වූ අයෙකුට එම තත්වයෙන් මිදීමට සිදු කළ හැකි පිළියම් වශයෙන් ශල්‍යකර්මයක් මගින් අදාළ පිළිකා තත්වය ඇති වූ පියයුර ඉවත් කිරීම, විකිරණ ප්‍රතිකර්ම, ඖෂධ, හෝමෝන චිකිත්සාව, රසායනික චිකිත්සාව හෝ වෙනත් ජීව විද්‍යාත්මක ප්‍රතිකාර සිදු කළ හැකි ය.
- මෙබඳු පිළිකා තත්වයකින් මිදීමට නම් ඔබගේ ශරීරය පූර්ව සූදානමින් තැබීම වැදගත් වෙයි. එනම්,
දිගු කිරි දීම - ව්‍යායාම සිදු කිරීම
- ශරීරයේ බර පාලනය කිරීම
- මත්පැන්/ මත්ද්‍රව්‍යය භාවිතයෙන් වැළකීම
- දුම්වැටි දුම්කොළවලට නිරාවරණය වීම වැළැක්වීම
- අනවශ්‍ය ලෙස හෝර්මෝන ශරීරයට භාවිත කිරීම වැළැක්වීම
- අධිකව විකිරණවලට නිරාවරණය වීම වැළැක්වීම
වැනි දේවල් පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. පෝෂ්‍යදායී ආහාර රටාවක් මගින් ශරීරයේ අවධානම් තත්වයන් මග හරවා ගත හැකි ය. දිවට රසයක් ගෙනෙන සියල්ල ශරීරයට ගුණාත්මක නොවේ. මෙය ජීවිතය තුළ ඔබට ඇතිවන සියලු ගැටලුවලින් මිදීමට ඇති සර්වකාලීන පදනමයි.
අවසාන වශයෙන් පිළිකාව කුමන අයුරින් හට ගත්ත ද එය එම පුද්ගලයාටත් සමීපතමයන්ටත් වේදනාවක් ඇති කරයි. නමුත් ජීවිතයේ කුමන හෝ අවස්ථාවක ඔබ පිළිකා රෝගියෙකු බව හඳුනාගත හොත් ඔබ විසින් අවබෝධ කර ගත යුතු විශේෂ දෙයක් ඇත. එනම් ඔබ තුළ පවත්වා ගත යුතු නොසෙල්වෙන ආත්ම විශ්වාසයයි.ඔබේ ආත්ම විශ්වාසටත් ධනාත්මක සිතුවිලිවලටත් සුව කළ නොහැකි කිසිවක් නැත. ආත්ම විශ්වාසයෙන් ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න. ජීවිතය ජය ගන්න.
ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
1. Cancer, WHO
2. Breast Cancer, WHO
3. පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීම, ජාතික පිළිකා මර්දන වැඩසටහන, සෞඛ්‍යය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
4. ජාතික පිළිකා මර්දන වැඩසටහන, සෞඛ්‍යය අමාත්‍යාංශය, 2012, පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමේ අත් පොත.
5. පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්, BBC සිංහල , 21 ඔක්තෝබර් 2017