oDoc

ජීවිතය සදා අනතුරේ දමන දිගු කොරෝනා (Long COVID)

Shares

තවමත් නිශ්චිත හේතු මත නිගමනයකට එළඹීමට නොහැකි වූ දිගු කොරෝනා රෝගය අතිශය භයානක ස්වරූපයක් ගනියි. කොරෝනා සුව වීමෙන් අනතුරුව ඇතිවන මෙම තත්වය පිළිබඳ මේ වන විටත් නිගමනයකට පැමිණීමට ලෝක සෞඛ්‍යය සංවිධානය අපොහොසත් වී ඇත. එයට හේතුව වන්නේ, විවිධ ස්වරූපයෙන්ගෙන් මතුවන භයානක රෝග ලක්ෂණ ‍යි. මේ වන විටත් ඔබ කොරෝනා පිළිබඳ සැහැල්ලු මානසිකත්වයකින් සිටින්නේ නම් මෙම ලිපිය කියවීමෙන් විශ්මයට පත් වනවා නොඅනුමාන ය.

ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව දිගු කොවිඩ් රෝගය සඳහා ජාත්‍යන්තර නිර්වචනයක් නොමැත. සාර්ස් වෛරසය (SARS) , මර්ස් වෛරසය ( MERS – මැදපෙරදිග ස්වසන පද්ධතිය ආශ්‍රිත කොරෝනා වෛරසය) සහ 2003 වර්ෂයේ දී මතු වූ කොරෝනා වෛරසය සහ ඒවායේ බලපෑම පිළිබඳ සිදුකළ පර්යේෂණයන්ට අනුව දිගු කොරෝනා රෝගය පිළිබඳ නිගමනයන්ට එළඹීමට සිදුව ඇත. මන්ද වසංගත රෝගී තත්වයක් සහමුලින් මිනිස් ශරීරයෙන් තුරන් කිරීමට ඇති නොහැකියාව යි. කොවිඩ් සුව වුවත් එම රෝගියෙකු තුළ ස්නායු ප්‍රශ්න දැකිය හැකිය. එසේම උග්‍ර ලෙස ව්‍යාප්ත වූ මොළය ඉදිමීමේ රෝගය, උග්‍ර රක්තපාත රෝගය, කාංසාව, මානසික අවපීඩණය මෙම දිගු කොවිඩ් තත්වයේ භයානක ලක්ෂණ යි. තව ද මානසික ආබාධ සඳහා මෙහි වැඩි අවධානමක් පවති යි.ලෝක සෞඛ්‍යය සංවිධානයේ එක් අධ්‍යයනයක් මගින් පෙන්වා දී ඇත්තේ, මාස විසි හතරක් තුළ සාර්ස් රෝගයෙන් දිවි ගලවාගත් අයගේ ව්‍යායාම කිරීමේ ධාරිතාවයේ සැලකිය යුතු දුර්වලතාවයක් දක්නට ලැබුණු බව යි. එසේම සාර්ස් ‍රෝගයෙන් 40% කට එම එය සුව වී වසර තුනහමාරක් ගත වූ පසුවත් නිධන්ගත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට විය. සාර්ස් සහ මර්ස් රෝගීන් සුව වී රෝහලෙන් පිට වී මාස හයක් ගතවීමට පෙර සිට ඔවුන්ගේ ශරීර අක්‍රමිකතාවලින් පෙළෙන්නට විය. නිදසුනක් ලෙස පෙනහළු ක්‍රියාකාරීත්වයේ අසාමාන්‍යතා, මානසික දුර්වලතා දැක්විය හැකි ය. මෙහි භයානකම තත්වය වන්නේ, දිගු කාලීන රෝගී තත්වයන් නොමැතිව වුව ත් තරුණ වැඩිහිටි හා ළමුන් තුළ වුව ද දිගු කොවිඩ් ලක්ෂණයන් ඇති කළ හැකි වීම යි. හුස්ම ගැනීමේ අපහසුව, වේගවත් හෝ නොගැඹුරු හුස්ම ගැනීම, මවුකිරි දීමට නොහැකි වීම, නිල් පැහැ ගත් තොල් සහ මුහුණු, පපුවේ වේදනාව හෝ පීඩනය, නින්දෙන් අවධි වීමට නොහැකි වීමේ තත්වය මේ අතර ප්‍රධාන වේ. කොරෝනා රෝගී තත්වය පවතින පුද්ගලයෙකු වැඩි වශයෙන් ඹෟෂධ භාවිත කිරීම සහ සායනික ඔක්සිජන් ක්‍රියාවලිය සිදු කර යි.එසේම නිරන්තරයෙන් රෝහල්ගත වීම හේතුවෙන් කොවිඩ් 19 ඇති පුද්ගලයන්ට නින්ද සම්බන්ධ ගැටළු පිළිබඳ අවධානමට මුහුණ දීමට සිදු වේ. කොවිඩ් 19 රෝගය මිනිසුන් ව්‍යාකූලත්වයකට පත් කර යි. මරණය පිළිබඳ පවතින අවධානම, සිය පවුලේ අයට රෝග බෝ වේ යැයි පවතින අවදානම මෙන් ම පවුලේ සාමාජිකයන් තනිකිරීම පිළිබඳ ශෝකය මෙයට ප්‍රධාන හේතුව යි. අසනීපව මිය යාමට පවතින බිය මෙහි දී මානසිකව බලපෑම් ඇති කර යි. එය ද දිගු කාලීන කොවිඩ් අවධානමට පසුබිම සකස් කිරීමකි. ප්‍රධාන වශයෙන් දිගු කොවිඩ් තත්වය ඕනෑම පුද්ගලයෙකු අබල කළහැකි රෝගී තත්වය කි. රුධිරය කැටි ගැසීම වැඩි කිරීම, ශරීර අවයවවලට හානි කිරීම යන දරුණු තත්වවලට මුහුණ දීමට සිදුවෙයි. ඒ අතර හදවත, පෙනහලු , මොළය ප්‍රධාන වේ. කොවිඩ් වසංගත රෝගයෙන් පීඩා විඳිනු ලැබූ ඉංදියාව මේ වන විට කලු දිලීරය ( Black fungus ) නමැති රෝගයකින් පීඩා විඳියි. මෙම දිලීර රෝගය දුර්ලභ ගණයේ ආසාදනය වීමකි. ආශ්වාස කිරීමේ දී නාසයෙන් ඇතුළුව පෙනහළුවලට ගමන් කරන දිලීරය සිරුරේ රුධිර නාල පවා ආක්‍රමණය කරන බව සොයාගෙන ඇත. කොරෝනා ආසාදනය වූ විට අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වන අතර එම දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආක්‍රමණය කිරීම කළු දිලීර රෝගයේ ලක්ෂණයක් වේ. එය අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් හා සමාන ය. මෙම දිලීර රෝගය මොළය, වකුගඩු, පෙනහළු ආශ්‍රිතව බහුලව වර්ධනය වන අතර බහුලව අවදානමට ලක් වන්නේ පිළිකා රෝගීන් සහ අවයව බද්ධ කළ රෝගීන් ය. ආමාශය සම පමණක් නොව, ශරීරය පුරා වුව ද පැතිරී යාමේ අවධානම ඇත. මෙම තත්වය ඉන්දියාව තුළ දීර්ඝ කොවිඩ් අවධානමක් කරා ගෙන ගොස් තිබෙ යි. මියුකොමයිකොසිස් (Mucormycosis) නම් මෙම දිලීරය වැළඳුණු අයගෙන් 50% පමණ මරණයට පත්වීමේ අවධානම ඇත. දිගු කොවිඩ් රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමක පසුවන්නන් වැඩිහිටියන් ය. එසේම මෙය ස්ත්‍රී පාර්ශවය අතර ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවනතාවක් තිබේ. ලෝක සෞඛ්‍යය සංවිධානය දක්වන ආකාරයට දිගු කොවිඩ් 19 ඇති පුද්ගලයන් 78% කට හෘදයාබාධ ඇති වී ඇත. මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය ලෙස,
  • හිසරදය
  • ගඳ සුවඳ නොදැනීම
  • නොනවතින කැස්ස
  • පපුවේ වේදනාව
  • කෙටි හුස්ම ගැනීම
  • මාංශපේෂිවල පවතින වේදනාව
  • පාචනය සහ උදර වේදනාව
  • අමතක වන සුළු තත්වය ඇතිකරන විශාදය
  • කුෂ්ඨ රෝග සහ උණ ගතිය වේ.
ඉහත රෝග ලක්ෂණ කොවිඩ් සුව වීමෙන් සති හතරකට පසුව ඇති විය හැකි රෝග ලක්ෂණ ලෙස හඳුන්වා දිය හැකි ය. එක්සත් රාජධානියේ රෝහල්ගතව සිටි රෝගීන්ගෙන් කොවිඩ් සුව වී දින හැටකට පසුව එම රෝගීන්ගෙන් 68% කට අධික තෙහෙට්ටුවත් 57% කට නින්දට බාධා ඇතිවීමත් සිදු විය. ඒ අතරින් 32% කට හුස්ම ගැනීමේ පැවති අපහසුතා ප්‍රධාන වේ. ප්‍රංශයේ අධ්‍යයන වාර්තාවල සඳහන් වන්නේ, රෝහල්ගත වූ රෝගීන්ගෙන් 40% ක් තුළ රෝග ලක්ෂණ සුව වී දින හැටකට පසුවත් 30% කට හුස්ම ගැනීමේ අපහසුතා පැවති බව යි. ඉතාලියේ රෝහල් ගත කරන ලද රෝගීන් එකසිය හතලිස් තුනක් අතරින් දින හැටකට පසු රෝග ලක්ෂණ තුනක් හෝ වැඩි ගණනක් ඇති 13% ක් වාර්තා වී ඇත. මේ අතර අලුතින් ඇතිව තිබූ හෘද වාහිණී රෝග තුන් ගුණයකින් ද ශ්වසන රෝග විසි හත් ගුණයකින් ද දියවැඩියාව 1.5 ගුණයකින් ද වැඩිවී ඇති බව වාර්තා වෙයි. ඇමරිකා එක්සත් ජනපදය තුළ රෝහලෙන් පිට වී දින හැටක් ඇතුළත නැවත රෝහල්ගත වූ පුද්ගලයන් අතර නියුමෝනියාව 3.1% කින් සහ හෘදයාබාධ 3.1% කින් වැඩි වී ඇතිබව සොයාගෙන ඇත. චීනයේ රෝහල්ගත කළ පුද්ගලයන් ගෙන් ( 737 ක් අතරින්) 23% ක් දෙනාට සාංකාව සහ මානසික අවපීඩණය ඇති වී ඇත. එම නැවත ඇතුළත් වූ පුද්ගලයන් තුළ පෙනහළු සහ පපුවේ අසාමාන්‍යය රූප සටහන් දැකිය හැකි වූ බව වාර්තා වේ. ස්වීඩන් හි වයස අවුරුදු 12 දක්වා වූ ළමුන් පස් දෙනෙකුට මාස හයත් අටත් අතර කාලයක් රෝග ලක්ෂණ පැවතී ඇත. පොදුවේ ගත් විට ළමුන් 11% කට චර්ම අභ්‍යන්තර ( සම් ඇතුළත) රෝග ලක්ෂණ සමූහයක් තිබුණි. මෙම දිගු කොවිඩ් තත්වය උග්‍ර අවධියේ දී කටහඬ ගොරෝසු වීම, ශරීරයේ බර වෙනස් වීම, ශ්‍රවණ ආබාධ මෙන් ම පෙනහළු ආබාධ වැඩි වශයෙන් දැකිය හැකි ය. මෙම තත්වයට නිශ්චිත පිළියමක් දැනට සොයාගෙන නැත. එනමුත් අප සියලු දෙනා හැකි අයුරින් මානසික සහ කායික සෞඛ්‍යය වෙනුවෙන් ක්‍රියා කළ යුතු ය. ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව, නිවසේ දී ස්පන්ධන ඔක්සිමීටරයක් ( Plus Oximetry Monitoring ) මගින් ඇති විය හැකි දරුණු රෝග කලින් හඳුනාගත හැකි ය. එනම් තම ශරීරයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය නිතර පරීක්ෂා කිරීම අත්‍යාවශ්‍ය වේ. දිගු කොවිඩ් රෝගියෙකුට මනෝ විද්‍යාත්මක ප්‍රථමාධාර ලබා දිය යුතු ය. රෝගයන් විනිශ්චය කිරීම, පවුලේ ගැටලු, සමාජය හෝ රැකියා ආශ්‍රිත ගැටලු මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා විමසා බැලිය යුතු ය. හොඳින් සවන් දී ඔවුන් තේරුම් ගැනීමට උත්සහ කිරීමෙන් ඔවුන්ගේ මානසික ආතතිය දුරු වෙයි. එසේම ඔවුන්ට අවශ්‍යය සම්පත් සහ සේවාවන් සඳහා සම්බන්ධ වීමට උපකාර කළ යුතු ය. සුදුසු ආකාරයෙන් සිය ආදරණීයයයන් සමග ඔවුන්ට කතා කිරීමට ඉඩකඩ සපයා දීම අත්‍යවශ්‍ය ය. ගර්භනී මවුවරුන්ට ද මෙම මානසික තත්වය බහුලව බලපෑම් කළ හැකි ය. මානසික සෞඛ්‍යයන්ට ප්‍රතිකාර කිරීම පමණක් නොව වැළැක්වීම සම්බන්ධ සේවාවන් ද තිබිය යුතු ය. දෙමාපියන්ගෙන් වෙන් වී හුදකලා වූ දරුවන්ට සමාජීය සහ චිත්තවේගවල දියුණුව, ඉගෙනීම සහ හැසිරීම සැලකිල්ලට ගනිමින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා සුදුසු ලෙස අනුගත විය යුතු ය. තනි පුද්ගල පුනරුත්ථාපනයක් ( Individualized Rehabilitation) ලබා දීම මෙහි දී ප්‍රධාන වේ. මාංශපේෂි දුර්වලතා, තෙහෙට්ටුව, ස්නායු ප්‍රශ්න පවතින පුද්ගලයන්ට යම් කාලයක් යන තෙක් තනිව සිය කටයුතු සිදු කර ගැනීමට නොහැකි ය. ඒ සඳහා තව කෙනෙකුගේ සහය ලබා ගැනීමට සිදු වෙයි. එබඳු පුද්ගලයන්ට ADL පුහුණුව ලබා දීම ( Activities of Daily Living ), අවශ්‍යය පරිදි නිවෙස් වෙනස් කිරීම ( ස්නානයේ දී හෝ වැසිකිළි භාවිතයේ දී අවශ්‍යය පහසුකම්, පඩිපෙළ දිගේ අත් පටි ආධාරක සැපයීම) කළ යුතු ය. එසේම ශාරීරික විකෘති වීම සහ මාංශපේෂි දුර්වලතාවයෙන් පෙළෙන රෝගීන් දෛනික ක්‍රියාකාරකම් යථා තත්වයට පත් කිරීමට උපකාරී වන ව්‍යායාමවලින් පටන්ගත යුතු ය. එසේම මතක අභ්‍යාස ප්‍රෙහෙලිකා ක්‍රියා මෙහිදී ප්‍රධාන වෙයි. මේ රෝගය හරහා රැකියාවල නියුක්ත වන අයට නැවත රැකියාවලට යා නොහැකි තත්වයක් ඇති කරයි. එබඳු පුද්ගලයන් වෙනුවෙන් ස්වයං රැකියා අවස්ථා නිර්මාණය කිරීම රටේ ආර්ථිකයට අත්වැලක් වෙයි. ස්පාඤ්ඤයේ මෙබඳු රෝගීන් වෙනුවෙන් ප්‍රජා සත්කාර ආයතන පවා පිහිටුවා ඇත. “කොවිඩ් පරාජය කළ අපි” යන තේමාව යටතේ සමාජ මාධ්‍යය කණ්ඩායම් පවා නිර්මාණය වී ඇත. එක්සත් රාජධානිය සහ බ්‍රිතාන්‍යය පෙනහළු පදනම එක්ව මෙම සංකල්පය තවදුරටත් සංවර්ධනය කර ඇත. මෙම ව්‍යසනය රටක් ලෝකයක් වශයෙන් එක්ව මුහුණ දීමට සිදුවන අවස්ථාව කි. ඇතැම් අවස්ථාවක අපට මෙය ස්වභාවධර්මය දුන් දඬුවමක් විය හැකි ය. කැලෑ ගිනි තැබීම්, සතා සීපාවා විනාශ කිරීම, ඇළදොළ, ගංගා, සාගර දූෂණය කිරීම හි ප්‍රතිඵල මෙසේ නොවිසඳුණු ගැටලුවක් බවට පත් වී ඇත. බ්‍රසීලය තුළ හටගත් “ඇමර්සන් ගින්නට” ප්‍රධාන හේතුව වූයේ, එරට ගව මාංශ නිශ්පාදනය යි. ගවයන් ඇතිකිරීම වෙනුවෙන් බ්‍රසීල ගොවියන් වන විනාශය කිරීමට පටන් ගන්නා ලදී. එය එක් නිදසුනක් වුව ත් මේ වන විට ස්වභාවධර්මය විසින් මිනිසාට කොන්දේසි විරහිතව පහර ගසමින් සිටි යි. හැකිතාක් පරිසරය සහ සතා සීපාවා ආරක්ෂා කරගන්න, ආදරය කරන්න. හැකිතාක් ව්‍යසනයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන්න. ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
  • Clinical long term effects of COVID – 19 – Corona Virus update 54 , WHO
  • COVID – 19 Clinical Management, Living guidance, 25 January 2021, WHO
  • Global COVID – 19 Clinical platform, Case report from ( CFR) for post COVID condition ( Post COVID – 19 CRF), WHO
  • Support for Rehabilitation self – management after COVID – 19. Related illness, WHO
  • In the wake of the pandemic, preparing for long COVID, WHO
  • ඩෙල්ටා ප්ලස් බිහිසුණු වේවි ද?,ලිපිය, BBC, සිංහල පුවත්දි
  • දීගු කාලීන කොවිඩ් යනු කුමක්ද?, රෝග ලක්ෂණ මොනවාද ප්‍රතිකාර තිබේද? ලිපිය , BBC සිංහල
  • මොකක්ද මේ කළු දිලීර ආසාදනය? හැදෙන්නේ කොහොමද? ශ්‍රී ලංකාවට අනතුරක් තිබේ ද?, BBC සිංහල
  • කොවිඩ් 19 සුලභ රෝග ලක්ෂණවලට අමතරව සුලභ නොවන රෝග ලක්ෂණ ගැනත් පැහැදිලිව දැනගනිමු, ලිපිය, වෛද්‍යය වජිර රාජපක්ෂ, මවුබිම පුවත්
  • ඉන්දියාව දණින් වට්ටන කොරෝනාවත් සමඟ ආ කළු දිලීර රෝගය, ලිපිය, Roar Media
Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

si_LKසිංහල

Get the latest health tips delivered straight to your inbox!

Get the latest health tips delivered straight to your inbox!