ලංකාව සහ බොහෝ ආසියාතික සමාජයන් තුළ සමානාත්මතාවය පිළිබඳ සාකච්ඡා කිරීමට බොහෝ දෙනා පෙළඹී ඇත. නමුත් අප සමානාත්මතාවය යන වචනය භාවිත කිරීමට උත්සාහ කරන්නේ රැකියාව, තනතුරු යනාදී භෞතික දේවල් අත් කර ගැනීමටයි. සමාජයක ගැහැනියක් නම් මෙසේ සිතිය යුතුයි, පිරිමියෙක්නම් මෙසේ සිතිය යුතුයි යන රාමුවල සිර වී සිටින අප ගොඩාක් තැන්වල දී ‘ ඒ ගෑනි හැසිරෙන්නේ තනිකරම පිරිමියෙක් වගේ‘ , ඒ මිනිහා කතා කරන්නේ තනිකරම ගෑනියෙක් වගේ’ යන වචන අසා ඇත්තෙමු. නමුත් යථාර්ථය නම් හැඟීම්වලින් අප සියලු දෙනාම එකම මිනිසුන් කොටසක් බවයි. මෙයට අමතරව
- පිරිමියෙකු රෝස පැහැයට කැමති වීම
- පිරිමියෙකු හැඩීම
- පිරිමියෙකු භරත, කථක් වැනි නර්තන කලාවන් හැදෑරීම
- පිරිමියෙකු රැකියාවක් ලෙස රූපලාවණ්‍යය ක්ෂේත්රය තෝරා ගැනීම
- පිරිමියෙකුට ලජ්ජා සිතීම
- පිරිමියෙකු ඉවුම් පිහුම් කරමින් දරුවන් රැක බලා ගැනීම
- පිරිමියෙකුට සිය රැවුල වර්ධනය හෙමින් සිදු වීම
ඔහුගේ පෞරුෂයේ තිබෙන අඩුපාඩුකමක් ලෙස සලකයි.
නමුත් සමාජයේ දැනට තිබෙන බොහෝ බෙදීම් වැරදි වැටහීම්වලට හේතුව අප පරම්පරා ගණනාමව තිස්සේ ගෙන එන වැරදි විශ්වාසයන් ය. ඔබ අවබෝධ කර ගත යුතු දෙය නම් ඔබේ පුතා, පෙම්වතා, පියා, සහෝදරයා, ස්වාමිපුරුෂයා යන සියලු දෙනාම
- මානසිකව කඩා වැටීම්වලට ලක් වෙයි
- සිත් රිදීම්වලට ලක් වෙයි
- බිය වීමට ලක් වෙයි
- දිවිනසා ගැනීමට පෙළඹීමට ඉඩ ඇති බවයි
මේ අනුව බොහෝ පුරුෂයන්ට සන්ත්‍රාස කාංසාව ( Panic Attack ) ඇතිවීමට ඉඩ කඩ පවතියි. මෙම ලිපිය තුළ මින් ඉදීරියට මේ පිළිබඳව දැනුවත් කරනු ඇත.