oDoc

කොරෝනා අතරට පැමිණි ඩෙංගු වසංගතය

Shares

 Dengue seemed to have taken a back seat in the news the last year but it is fast becoming  a household concern, yet again. With  9,669* dengue patients being reported in Sri Lanka so far in 2021, it is safe to say that dengue ‘is back’ (not like it ever went away though). So we at oDoc are breaking it down for you. We go into detail about the causes, treatment and prevention of dengue, so keep reading!

What is dengue and how is it caused?

Dengue is a mosquito-borne disease. Dengue viruses spread among people through the bite of an infected Aedes species mosquito. These are the same types of mosquitoes that spread Zika and chikungunya viruses. These mosquitoes breed and lay eggs in still water (in buckets and pots in your garden which has collected water). These eggs can even survive up to 1 year and can withstand dry conditions till they are in water again.

Is dengue contagious?

Dengue is not contagious so you cannot catch the virus via contact with an infected person. However, an infected mother can pass the virus to her fetus during pregnancy or around the time of birth. In the case of infected breastfeeding mothers, it is encouraged that they continue breastfeeding their infant due to the benefits of breastfeeding. So far, there has only been 1 case of the virus passing to the infant via breast milk.

 

What are the symptoms of dengue?

It is said that 1 out of 4 people who are infected with the dengue virus will get sick and can show mild to severe symptoms.  Mild symptoms include high fever along with a combination of aches and pain in muscles and joints, rashes and nausea. Symptoms last about 2–7 days. Most people will recover after about a week. Severe cases of dengue usually require hospitalisation. Symptoms and warning signs include:
  • Belly pain, tenderness
  • Vomiting (at least 3 times in 24 hours)
  • Bleeding from the nose or gums
  • Vomiting blood, or blood in the stool
  • Feeling tired, restless, or irritable

කොවිඩ් 19 වසංගත තත්වය මේ වන විට ශ්‍රී ලංකාවේ විශාල මරණ සංඛ්‍යාවකට හේතු වී ඇත. මෙම තත්වය මත ඩෙංගු වසංගතය හිස ඔසවා ඇති අතර ඩෙංගු රෝගීන් ප්‍රමාණය ද ඉහල ගිය හොත් අපට රටක් වශයෙන් විශාල අර්බුදයකට මුහුණ පාන්නට සිදු වනු නොඅනුමාන ය.

ඩෙංගු රෝගය වසර 50ක් දක්වා ඈතට දිව යයි. දැනට ලංකාව තුළ මදුරු වර්ග 150 ක් පමණ සංඛ්‍යාවක් සිටින අතර ඊඩ්ස් ඊජිප්ටි( Aedes Aegypti ) සහ ඊඩ්ස් ඇල්බොපික්ටස් ( Aedes Albopictus) යන මදුරුවන් වර්ග දෙක රෝග වාහක මදුරු විශේෂ දෙකක් ලෙස හඳුන්ව යි. මෙම ඊඩ්ස් මදුරුවාගේ බිත්තර කිසිම දේශගුණික තත්වයක් මත විනාශ වන්නේ නැත. එනම්, ඒවා ඕනෑම පාරිසරික තත්වයකට ඔරොත්තු දෙයි. එහෙයින් ඊඩ්ස් මදුරු බිත්තර විනාශ කළ නොහැකි දෙය කි. හිරු පායා පැය කිහිපයක් ගත වන කාලයේ මෙන් ම හිරු බැසීමට පැය කිහිපයක් ගත වීමට ආසන්න වන මොහොතේ දී ඊඩ්ස් මදුරුවන් දෂ්ඨ කිරීම ආරම්භ කර යි. ඊඩ්ස් ඊජිප්ටි මදුරුවා දෂ්ඨ කිරීමෙන් අනතුරුව දින 3 ත් දින 14 ත් අතර කාලයක් වෛරසය ශරීරයේ පවති යි. අනතුරුව ඇතිවන උණ අවධිය දින 2 ත් 10 ත් අතර කාලයේ පවතින අතර ඒ අවධිය වෛරසය ප්‍රතික්‍රියා කරන අවධිය යි.

මදුරුවන් ස්වභාවිකව වෛරස් රැගෙන නොය යි. තව ද මදුරුවන් රෝගය බෝ කරන්නේ වෛරස ආසාදිත පුද්ගලයන්ට දෂ්ඨ කිරීමෙන් ය.ඔවුන් නැවත දෂ්ඨ කළ විට වෛරසය ඊළග පුද්ගලයාට සම්ප්‍රේෂණය විය හැකි ය. මදුරුවන්ගෙන් බෝ වන රෝග ව්‍යාප්ත වන ප්‍රධාන ආකාරය වන්නේ මෙය යි.මිනිසුන්ට දෂ්ඨ කරන්නේ ගැහැනු මදුරුවන් පමණක් බැවින් වෛරසය පැතිර විය හැක්කේ ගැහැනු මදුරුවාට පමණ කි. ඩෙංගු (Dengue), සිකා(Zika), චිකුන්ගුන්‍යා(Chikungunya) සහ කහ උණ (Yellow Fever ) හි ප්‍රධාන සම්ප්‍රේක්ෂකයා වන්නේ ඊඩ්ස් ඊජිප්ටි මදුරුවා ය.

මෙම ඊඩ්ස් මදුරුවා අප්‍රිකාවේ ඉපදුණ නමුත් ලොව පුරා නිවර්තන සහ උප නිවර්තන කලාපයන් හරහා ලොව පුරා ව්‍යාප්තව ඇත. 15 සහ 19 සියවස අතර කාලයේ දී සිදු කළ වහල් වෙළඳාම හරහා මදුරුවන් පිටතට ව්‍යාප්ත වී ඇත. එසේම 18 ත් 19 ත් යන සියවස් අතර ආසියාව තුළ සිදු වූ වෙළඳාම් හරහා මදුරු පැතිරීම වූ අතර පසුව නැවතත් දෙවන ලෝක යුද්ධ සමයේ දී හමුදා භට කණ්ඩායම් සමග ව්‍යාප්ත විය.

මෙම ඩෙංගු රෝගය වැළඳීම අතිශය භයානක තත්වය කි. මෙම තත්වය ප්‍රධාන අවධි දෙකක් ගනි යි. එනම් ඩෙංගු උණ තත්වය සහ ඩෙංගු රක්තපාත තත්වයයි. ඩෙංගු උණ රෝගයේ දී අධික හිසරදය සමග ඇති වන උණ තත්වය ඇතිවෙ යි. එමෙන් ම හංදි සහ පේශිවල වේදනාව සහ ශරීරයේ ඇතිවන දද ස්වභාවයන් දැක්විය හැකි ය. ඇතැම් අවස්ථාවල දී විදුරුමස් නාසය සහ ශ්ලේෂ්මල පටල මෙන් ම සමෙන් ද රුධිරය වහනය වීමට ඉඩ ඇත.ඩෙංගු රක්තපාත උණ තත්වය රෝගය උත්සන්න වූ විට ඇතිවන තත්වය කි. එය අවධි තුනක් ඔස්සේ පැහැදිලි කළ හැකිය.

  • දින හතකට අඩුවෙන් පවතින තද උණ සහිත කාලය.මෙය උණ සහිත අවධිය ලෙස හඳුන්ව යි.
  • උණ් බැස යාමත් සමග ඇතිවන රුධිර වහනය පවතින අවධානම් අවධිය, මෙම තත්වය දින 1 ත් 2 ත් අතර කාලයක් පවතියි.
  • රෝගියාගේ කෑම රුචිය වර්ධනය වී හෘද ස්පන්දනය අඩු වන අවධිය තෙවන අවස්ථාව යි. එය සුව වන අවධිය ලෙස හඳුන්ව යි. මෙම කාලයේ දී රතු පැහැති පසුබිමේ සූදු පැහැ ලප ඇතිවීම ශරීරය පුරා ඇතිවෙන කැසීම මුත්‍රා වැඩි වශයෙන් පහ වීම සිදු වෙයි.

නමුත් උණ බැසයන අවස්ථාවේ දී යම් රෝගියෙකු තද පිපාසය, බඩේ කැක්කුම, නොනවත්වා වමනය කිරීම, ආහාර ප්‍රතික්ෂේප කිරීම, අධික නිදිමත සහ සිහි මද බව, අසාමාන්‍යය ලේ ගැලීම එනම් ඔසප් වීම නියමිත කාලයට පෙර හෝ ඊට පසුව සිදුවීම, අත් සහ පාද සුදුමැලි වීම සහ සීතල බව නොසන්සුන් බව, සමේ පැහැය වෙනස් වීම, හැසිරී මේ වෙනස්කම්, සිහි මද ගති ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වහාම වෛද්‍යය උපදෙස් පිළිපැදිය යුතු ය. ඩෙංගු වෛරසය ශරීරගතව ඇතිබව තහවුරු කිරීමට සිදු කරන NS 1 සහ ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවන් මගින් ඩෙංගු උණ සහ ඩෙංගු රක්තපාත උණ වෙන් කර හඳුනා ගත හැකිය. එසේම, ඩෙංගු රෝගියෙකු සුදු රුධිරාණු අඩුවීම, රුධිර පට්ටිකා සහ රුධිරයේ ඝන භාවය වැඩිවීම පිළිබඳ අවධානය යොමු කළයුතු ය. සියලු රෝගීන් උණ් වැළඳී තෙවන දිනයේ රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීම අවශ්‍යය වේ. ගර්භනී කාන්තාවන්, වයස අවුරුද්දට අඩු දරුවන්, මහලු පුද්ගලයන් යන අය පලමු දිනයේ දී ම රුධිර පරීක්ෂාවක් කර ගත යුතු ය. විශේෂයෙන් මෙම ඩෙංගු තත්වය පවතින රෝගියෙකු පිටස්තර ඖෂධ ගැනීමේදී අතිශය සැලකිලිමත් විය යුතු ය. මෙම රෝගීන්ට පැරසිටමෝල් ඖෂධයක් පවා ලබා ගත හැක්කේ වෛද්‍ය උපදෙස් මත පමණි. මෙෆනෙමික් ඇසිඩ් ( Mefenamic Acid ) ඇස්ප්‍රින් (Asprin) ඩිස්ටොෆෙනැක් ( Distoenac)ඉබියුප්‍රොෆෙන් ( Ibuprofen)යන කාණ්ඩ ඖෂධ කිසි විටකත් භාවිත නොකළ යුතු ය. මෙබඳු ඖෂධ භාවිතයෙන් රුධිර වහනය උග්‍ර වෙයි.

රුධිර පට්ටිකා ප්‍රමාණය ≥150,000/ mm3 නම් දිනකට දෙවරක් සම්පූර්ණ රුධිර පරීක්ෂාවට යොමු විය යුතු ය. නමුත් රුධිර පට්ටිකා ප්‍රමාණය ≥100,00/ mm3 වන අවස්ථාවලදී රෝගියා රෝහලකට
ඇතුළත් කිරීම අනිවාර්ය වේ.

ඩෙංගු රෝගියෙකු විසින් ඉතා සැහැල්ලු සහ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගත යුතු ය. යම් ආකාරයකින් දින දෙකකට වඩා පවතින උණ තත්වය ඇති පුද්ගලයෙකු රෝහල් ගතවීම සුදුසු ය. ඩෙංගු රෝගියෙකු හොඳින් විවේක ගැනීම කළ යුතු අතර මහන්සි වීම තෙහෙට්ටු වීම නුසුදුසු ය. වැඩිපුර දියර වර්ග පානයට ගැනීම, නිදසුනක් ලෙස කිරි කැඳ, පළතුරු යුෂ, තැඹිලි, සුප් ආදී ද්‍රව්‍යයන් භාවිතයට සුදුසු ය.රෝගියාට ආහාර රුචිය ඇත්නම් ඝන ආහාර ලබා දිය හැකි අතර බීට් රූට් චොකලට් රත් පැහැයට හුරු පැණි බීම වර්ග ලබා දීමෙන් වැළකිය යුතු ය. මෙය මලපහ පිටවීමේ දී රුධිරය යාමේ තත්වය හඳුනා ගැනීමට බාධාවක් වෙයි.ඩෙංගු රක්තපාත අවධියේ දී වකුගඩු අක්මාව අකර්මණ්‍ය වීම මොළයට බලපෑම් සිදුවීම විය හැකිය.

මෙම මදුරුවාගේ බෝ වීම සිදුවන්නේ වතුර පිරුණු ටයර්, පොල්කටු, ප්ලාස්ටික් බඳුන්, යෝගට් කෝප්ප, පොල් සහ තැඹිලි කෝම්බ, වැහි පීළි, වතුර කාණු, ශීතකරණ තැටි, පොල් ලෙලි වලවල් යනාදී ස්ථානවල යි. ඔබ නිරන්තරයෙන් ඔබගේ නිවස සහ වත්ත පිටිය පිරිසිදුව තබා ගත යුත්තේ එබැවින් ය. මදුරුවන් දෂ්ඨ කිරීම් වලක්වා ගැනීම සඳහා පැඟිරි තෙල්, මදුරුදැල් භාවිතය, ශරීරය ආවරණය වන ඇඳුම් ඇඳීම වැනි ක්‍රම භාවිත කළ හැකි ය. පවතින කොරෝනා උවදුර හමුවේ මෙම ඩෙංගු උවදුරින් හැකි තරම් ආරක්ෂා වීමට ඔබට හැකියාව ඇත. ඔබ මේ වන විටත් පවතින ඇඳිරිනීතිය හමුවේ නිවසට වී සිටින අයෙක් නම් තම නිවස පිරිසිදුව තබා ගැනීමට ඔබට කාල වේලාව පවතියි. එබැවින් හැකිතාක් මෙම තත්වයෙන් ආරක්ෂා වීමට කටයුතු කරන්න.

ලෝකයේ රටවල් එක්ව ඩෙංගු මර්දනයට ‘වොල්බැකියා බැක්ටීරියාව’ යොදා ගත් ආකාරය පිළිබඳ ලිපිය මීළඟට බලාපොරොත්තු වන්න.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

  • Comprehensive guidelines for prevention and control of Dengue and Dengue Haemorrhagic Fever, WHO
  • Dengue, Guideline for diagnosis, treatment prevention and control, WHO
  • Dengue and severe dengue, WHO
  • ඩෙංගු මදුරුවා, National Dengue Control Unit, Sri Lanka
  • World mosquito program, Sri Lanka
  • කොවිඩ් 19 මැද ඩෙංගු අවදානමක්: ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි, BBC සිංහල

If you are showing any of these symptoms or warning signs, seek medical attention immediately. It is also important to note that these warning signs usually begin 24–48 hours after your fever has gone away.

What’s the treatment for dengue?

Unfortunately, there is still no specific treatment to cure dengue. However, it is vital that you rest as much as possible and keep yourself hydrated by taking a lot of fluids if you are diagnosed with dengue. You can also take paracetamol (do not take aspirin or ibuprofen) to help with the fever and body aches and pains. 

It is advised to seek medical advice rather than self-diagnosing and opting for self-treatment. 

What can you do to prevent dengue?

  • Keep neighborhoods clean and free of still water 
  • Frequently clean garden, pots, vases and balconies
  • Wear clothes that cover the body and minimize exposure to mosquito bites
  • Always use mosquito repellents
  • Use mosquito nets
  • Installing net screens on doors and windows.

In these difficult times, it is vital we look after ourselves and our loved ones. If you or anyone you know is suffering from any of the above-mentioned symptoms you can speak to an on-demand doctor on oDoc from the comfort of your home.

Stay indoors. Stay safe.

*At day of writing (13th July 2021)

Sources

  1. Epidemiology Unit – Ministry of Health. (2021, July 13). Dengue update. Epidemiology Unit – Ministry of Health Sri Lanka. https://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=171%3Adengue-update&catid=51%3Amessage-for-public&Itemid=487&lang=en
  2. Content source: Centers for Disease Control and Prevention. (2021, June 28). Dengue | CDC. Centers for Disease Control and Prevention (CDC). https://www.cdc.gov/dengue/index.html
  3. Dunkin, M. A. (2010, July 26). Dengue Fever. WebMD. https://www.webmd.com/a-to-z-guides/dengue-fever-reference
  4. WHO. (2019, July 8). Preventing Dengue in Sri Lanka. World Health Organization. https://www.who.int/srilanka/news/detail/08-07-2019-preventive-action-is-vital-to-curtail-dengue-outbreaks-in-sri-lanka

 

Shares

Back to oDoc Blog

සිංහල

Get the latest health tips delivered straight to your inbox!

Get the latest health tips delivered straight to your inbox!