oDoc

"මං අසනීප වෙලා ඉදිද්දි, පාන්දර 3 ට විතර වෛද්‍යවරයකු එක්ක කතා කරන්න අවස්ථාවක් හදලා දුන්නාට හච් වලට බොහොම ස්තූතියි. ඒ වෛද්‍යවරයාගෙන් බෙහෙත් තුණ්ඩුවක් ෆෝන් එකට ගෙන්නගන්නත් මට පුලුවන් උනා."
සුරංග - හච් පාරිභෝගිකයෙක්
"රුපියල් 99/- කට උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාගන්න පුලුවන් කියන්නේ ඇත්තටම පුදුමාකාර වාසියක්. මේ සේවාව නිසා මගේ බිරිඳට සහ දුවට, අපිට කවදාවත් රෝහලකට ගිහින් චැනල් කරගන්න බැරි මට්ටමේ වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය උපදෙස් ලබාගන්න පුලුවන් උනා."
විමල් - හච් පාරිභෝගිකයෙක්
"මගේ දියවැඩියාව සහිත දෙමව්පියන්ට දැන් දවසේ ඕනෑම වෙලාවකදි වෛද්‍යවරයක් එක්ක කතා කරන්න පුලුවන් කියලා හිතෙද්දි, මට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා."
චතුරිකා - හච් පාරිභෝගිකයෙක්

අදම oDoc ඩවුන්ලෝඩ් කරන්න.

ඔබට, නිතරම වෛද්‍යවරුන් හමුවීමට යාමට අවශ්‍ය වැඩිහිටි දෙමව්පියන් සිටීද? එසේ නම් මේ සේවාව ඔබ වෙනුවෙන්මයි. දවසේ පැය 24 පුරා, ඕනෑම වෙලාවක වෛද්‍යවරයකුට කතා කරන්න.

ලියාපදිංචි වීමට *6363# අමතන්න
ඔබේ කාර්යබහුලත්වය නිසා වෛද්‍යවරයකු හමුවීමට යාමට වත් වෙලාවක් නැති ද? එසේ නම් ඔබට පහසු වෙලාවක, සුවපහසු තැනක සිට වෛද්‍යවරයකු හා කතා කරන්න.


ලියාපදිංචි වීමට *6363# අමතන්න
නිරතුරුව ඔබේ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව විමසිල්ලෙන් සිටින්න.



ලියාපදිංචි වීමට *6363# අමතන්න
ඔබට දියවැඩියා රෝගී තත්වය හා රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට අවශ්‍ය ද? ඔබේ රුධිරගත සීනි මට්ටම හා රුධිර පීඩනය පාලනය කරගැනීම සඳහා ඕනෑම වෙලාවක වෛද්‍යවරයකු සමග කතා කරන්න.

ලියාපදිංචි වීමට *6363# අමතන්න

Frequently Asked Questions.

ඔබට ඕඩොක් ඇප් එකෙහි සිටින සියළුම රජයේ වෛද්‍යවරුන් සමඟ අසීමිත ලෙස සම්බන්ධ වීමට හැකියාව ලැබේ. මේ වෛද්‍යවරුන් හා සම්බන්ධ වීමට ඔබට වැය වන්නේ මිනිත්තු තුනක් වැනි ඉතා කුඩා කාලයකි.

*6363# අමතා අංක එබීමෙන් ඔබට මෙම සේවාව ක්‍රියාත්මක කරගත හැකිය.

ඔබට මෙම සේවාව සඳහා මසකට රුපියල් 99/- ක් හා අදාළ බදු අය කෙරේ.

ඔබට මෙම සේවාව සඳහා අදාළ මුදල අය කරගත් බවට හා ඔබ සාර්ථකව ඕඩොක් සමඟ ලියාපදිංචි වූ බව තහවුරු කරමින් කෙටි පණිවිඩ දෙකක් ලැබෙනු ඇත. ඔබ ඕඩොක් ඇප් එකට ලොග් වූ වහාම (ඕඩොක් ඇප් එක ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් හෝ ඇපල් ඇප් ස්ටෝර් වෙතින් ඩවුන්ලෝඩ් කරගත හැකිය) ඔබට නොමිලේම වෛද්‍යවරුන් සමඟ අසීමිත ලෙස සම්බන්ධ වීමේ අවස්ථාව හිමි වේ.

ඔව්! ඔබගේ හච් අංකයෙන් *6363# අමතා ඕඩොක් සේවාවට ලියාපදිංචි වීමෙන් පසු අංක 1 තෝරන්න. ඉන්පසුව ඕඩොක් හි වෛද්‍යවරයකුගෙන් ඔබට දුරකථන ඇමතුමක් ලැබෙනු ඇත.

නැහැ. ඔබ එක් වරක් ලියාපදිංචි වූ පසු, නැවත අවලංගු කරන තෙක් දිගටම ඔබට ඕඩොක් සේවාව හිමිවනු ඇත.

ඔබ නික්ම යෑමට තීරණය කිරීම අපිට කණගාටුවට කරුණක්!

ඕඩොක් සේවාව අවලංගු කිරීම සඳහා *6363# අමතා අංක 3 තෝරන්න. ඔබ සේවාව අවලංගු කළ නමුත්, ඒ මාසය සඳහා ඔබට ඉතිරිව ඇති කාලය පුරාම ඕඩොක් සේවාව ලබාගැනීමට ඔබට අවස්ථාව තිබේ.

බැහැ. මෙම සේවාව සාමාන්‍ය වෛද්‍යවරුන් හා සම්බන්ධ වීම සඳහා පමණයි. නමුත් ඔබට විශේෂඥ වෛද්‍යවරයෙකු හා කතා කිරීමට අවශ්‍ය නම්, ඒ අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරයාව තෝරා, අදාළ මුදල ගෙවීමෙන් පසු ඔබට එම වෛද්‍යවරයා සමග වෛද්‍ය හමුවක් වෙන්කරවා ගැනීමට හැකියාව තිබේ.

    • ඔබට ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් නම් ගූගල් ප්ලේ ස්ටෝර් එක වෙත හෝ ඇපල් දුරකථනයක් නම් ඇපල් ඇප් ස්ටෝර් එක වෙත හෝ යන්න.
    • oDoc ඇප් එක සර්ච් කරන්න
    • oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න
  1. ඔබට පහත ඇති ලින්ක් එක ඔස්සේ ද oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කරගත හැකිය :
    www.odoc.life/get

ප්‍රථමයෙන්ම ඔබ ඕඩොක් ඇප් එකේ ගිණුමක් සාදාගත යුතුය. ඉන්පසුව ඔබට ඇප් එක හරහා ඔබ කැමති වෛද්‍යවරයකු සමග වෛද්‍ය හමුවක් වෙන්කරවා ගත හැකිය. ඔබ වෙන්කරවා ගැනීම සිදුකළ වහාම එම වෛද්‍යවරයා සමග ඔබට චැට් බොක්ස් එකක් විවෘත වනු ඇත. ඔබට එහි ඔබේ අසනීපය හා සම්බන්ධ වාර්ථා, ඡායාරූප හා කෙටි පණිවිඩ යැවිය හැකිය. ඔබ වෙන්කරවා ගැනීම යොදාගත් වෙලාවට වෛද්‍යවරයා විසින් ඔබට දුරකථනය හරහා ඇමතුමක් ලබාදෙනු ඇත.

කැස්ස, හෙම්බිරිස්සාව,බඩේ රුදාව, ළමා රෝග, චර්ම රෝග, ආහාර පාලනය, පෝෂණය, කාන්තාවන්ගේ සෞඛ්‍යය ගැටළු, ලිංගික සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය ආශ්‍රිත වෛද්‍ය උපදෙස් ඔබට ඉතා පහසුවෙන් ලබාගත හැකිය.

    • අප වෛද්‍ය උපදෙස් ලබාදෙන්නේ මුහුණට මුහුණ හමුවී පරීක්ෂා කිරීම අවශ්‍ය නොවන අසනීප තත්ව සඳහා වේ.
    • වෛද්‍ය හමුවීම් වලින් 75% කටත් වැඩි ප්‍රමාණයක් ඉතාමත් සාර්ථකව දුරකථනය හරහා සිදුකළ හැකි බවට විවිධ පරීක්ෂණ හා අධ්‍යයන මගින් සනාථ වී ඇත.
    • ඔබේ අසනීප තත්වය සඳහා වෛද්‍යවරයකු විසින් ඔබව මුහුණට මුහුණ හමුවී රෝග නිර්ණය, පරීක්ෂාව හා ප්‍රතිකාර කිරීම අවශ්‍ය නම්, අපේ වෛද්‍යවරුන් විසින් ඔබට ඒ පිළිබඳව දන්වනු ඇත.
    • වෛද්‍ය හමුවක් වෙන්කරවා ගැනීම සඳහා ඇප් එකෙහි ඇති “See a Doctor” බට්න් එක ක්ලික් කරන්න
    • ඊළඟට “Confirm Purchase” බට්න් එක ක්ලික් කරන්න.
    • එසේ කළ පසු චැට් බොක්ස් එකක් විවෘත වනු ඇත. වෛද්‍යවරයා විසින් ඔබව අමතන තෙක් ඔබේ අසනීපය හා සම්බන්ධ විස්තර හා ඡායාරූප ඒ හරහා වෛද්‍යවරයා වෙත යවන්න.
    • ඔබ වෛද්‍ය හමුව යොදාගත් වේලාවට වෛද්‍යවරයා විසින් ඔබට දුරකථන ඇමතුමක් ලබාදෙනු ඇත. (දුරකථන ඇමතුම ලබාගත හැක්කේ වෛද්‍යවරයාගෙ දෙසින් පමණි)

වෛද්‍ය හමු ටැබ් එක වෙත යන්න.

එහි ඔබ සමග වෛද්‍ය හමුව සිදුකළ වෛද්‍යවරයාගෙ නම සොයාගෙන, ඔහුත් සමග චැට් බොක්ස් එකක් විවෘත කරගන්න.

ඔබේ ඖෂධ වට්ටෝරුව එම චැට් බොක්ස් එකේ තිබෙණු ඇත.

ඇමතුම සම්බන්ධ නොවීමට හේතූ කිහිපයක් තිබිය හැකිය :

  • ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මන්දගාමී විය හැකිය
    • ඔබේ දුරකථනය 4G හෝ වයිෆයි සඳහා සම්බන්ධ වී ඇත්දැයි නැවත පරීක්ෂා කර බලන්න. සම්බන්ධ වී නැතිනම් 4G සබඳතාවය තිබෙන තැනකට දුරකථනය රැගෙන යන්න, නැතිනම් වයිෆයි හා සම්බන්ධ වන්න.
  • ඔබේ දුරකථනයේ කැමරාව, මයික්‍රපෝනය, storage සහ දුරකථන ඇමතුම් ලබාගැනීම සඳහා ඔබ විසින් oDoc ඇප් එකට අවසර ලබාදී නැත.
    • ඔබට ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් නම් පහත පියවර අනුගමනය කරන්න :
      settings 
      වෙත යන්න
      Apps / Applications 
      තෝරන්න
      ඊළඟට oDoc ඇප් එක තෝරාගන්න
      එහි ඇති Permissions කොටසට යන්න
      ඉහත සඳහන් අවසර 4ම ලබාදී ඇත්දැයි බලන්න, ලබාදී නැතිනම් අවසර ලබාදෙන්න
        1.  
    • ඔබට ඇත්තේ ඇපල් දුරකථනයක් නම් පහත පියවර අනුගමනය කරන්න :
        1. settings වෙත යන්න
        2. එහි oDoc ඇප් එක තෝරන්න
        3. දුරකථනයේ කැමරාව, මයික්‍රපෝනය, background app refresh සහ මොබයිල් ඩේටා සඳහා අවසර ලබාදී ඇත්දැයි බලන්න, ලබාදී නැතිනම් අවසර ලබාදෙන්න

කොළඹ 1-15 හා තදාසන්න ප්‍රදේශ වලට පැය 02 ක් ඇතුලත ඖෂධ ගෙනැවිත් දෙන බවට oPharma විසින් සහතික වේ.

රු. 1,000/- ට වඩා වැඩි ඖෂධ ලැයිස්තු වලින්, ගෙනැවිත් දීමේ ගාස්තු අය නොකෙරේ. අපගේ අනිකුත් ඖෂධ බෙදාහැරීමේ කණ්ඩායම් වලද ගෙනැවිත් දීමේ වෙලාව හා මුදල පමණක් වෙනස් වන අතර, ආවරණය කරන දුර ඉහත පරිදිම වේ.

විකල්පය A (ඔබ දැනටමත් oDoc හරහා වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබා ඇත්නම්) :

  • වෛද්‍ය හමු ටැබ් එක වෙත යන්න.
  • ඉන් ඔබ සමග වෛද්‍ය හමුව සිදුකළ වෛද්‍යවරයාව සොයාගන්න
  • එහි ඖෂධ වට්ටෝරුව යට ඇති නිල් පැහැති බට්න් එක එබීම මගින් oPharma හෝ වෙනත් විකල්පයක් හරහා ඖෂධ ඔබේ නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඉල්ලීමක් සිදුකළ හැකිය.

විකල්පය B (ඔබට ඇත්තේ ඕඩොක්–නොවන ඖෂධ වට්ටෝරුවක් නම්) :

  • Online ටැබ් එකෙහි ඇති “Get Medicine Delivered” මත ක්ලික් කරන්න
  • ඔබේ ඖෂධ වට්ටෝරුවේ ඡායාරූපයක් අප්ලෝඩ් කරන්න නැතිනම් ඔබට අවශ්‍ය ඖෂධ එහි ටයිප් කරන්න
  • oPharma හෝ වෙනත් විකල්පයක් හරහා ඖෂධ ඕර්ඩර් කරන්න
සිංහල
0
    0
    Your Cart
    Your cart is empty